• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීන ණය නොගෙව්වොත් හිලව්වට දේපොළ

October 22, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
චීන ණය නොගෙව්වොත් හිලව්වට දේපොළ
Share on WhatsAppShare on Facebook

චීනයේ ජනාධිපති ෂී ජින්පින් විසින් 2013 වසරේදී කසකස්ථානයේදී, ‘එකම තීරුවක් එකම මාවතක්’ වැඩපිළිවෙළ ආරම්භ කරන ලද අතර, එවිට චීනය විසින් එය සඳහන් කරනු ලැබුවේ ‘ශත වර්ෂයේ ව්‍යාපෘතිය’ ලෙසිනි. චීනය මෙම එකම තීරුවක් සහ එකම මාවතක් වැඩපිළිවෙළ ගැන තවදුරටත් කියා සිටින්නේ, එය වෙළෙඳාම සහ ආයෝජනය දියුණු කරවන වැඩපිළිවෙළක් බවත්, ඒ මගින් එම ව්‍යාපෘතිය සිදුකෙරෙන රටවල ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවන බවත්ය. කෙසේ හෝ මින් පෙර චීනයේ ජනාධිපතිව සිටි ඩෙන්ග් ෂියෝපින්ග් මෙම ව්‍යාපෘතියේ ධාරිතාවන් සහ පොහොසත්කම් එළිපිට පෙන්නන්නට ගියේ නැත. එහෙත් දැන් එම ක්‍රියාවලියේ සම්පත් සහ හැකියාවන් බොහෝ ‘දෘෂ්‍යමානව’ පෙනෙන්නට ඇත.
එකම තීරුවක්, එකම මාවතක් වැඩපිළිවෙළ යටතේ මේ වන විට චීනය විසින් සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති අතර, ඒ යටතේ වරාය, මහාමාර්ග, දුම්රිය, විදුලිබලාගාර සහ පාලම් වැනි ක්‍ෂේත්‍රවල එම කටයුතු සිදුකෙරෙයි. චීනයේම ඇති සුවිශාල රාජ්‍ය බැංකු මගින් ණය පහසුකම් ලබාගෙන, චීනයේ සමාගම් සහ රැකියා විරහිත ජනතාව මෙම ව්‍යාපෘති තුළින් යහපත් මෙහෙවරකට යොමුකර ඇත. කෙසේ හෝ මෙම චීන ව්‍යාපෘතීන් ආවරණය වී තිබෙන්නේ ආර්ථික, දේශපාලනික සහ ක්‍රමෝපායික උනන්දුව යන කඩතුරාව විසිනි. එසේම දිනෙන් දින ඉහළ යන චීනයේ අධිරාජ්‍යවාදී බලාපොරොත්තුද ඔවුන්ට සඟවා තබා ගැනීමට නොහැකිය.
ලෝකයේ බොහෝ ප්‍රදේශ ආවරණය වන ලෙස චීනය ඊගඍගෂග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, එහිදී ඔවුන් එම රටවල ඇති ක්‍රමෝපායික වරායන්ගේ පාලනය, ස්වාභාවික සම්පත් පාලනය, මෙන්ම ඉඩම් කටයුතු පාලනයන්ද තමන්ට නතුකර ගැනීමට කටයුතු කර ඇත. එසේම මෙම කටයුතු සිදුකෙරෙන අතරතුරදී චීනය විසින් එම දුප්පත් රටවල් ණය උගුලටද නතුකරගෙන ඇත. ආර්ථිකමය වශයෙන් දුර්වල මෙම රටවලට චීනය ණය මුදල් ලබා දී ඇත්තේ ඉතාමත් ඉහළ පොලී අනුපාතයන්ටය ඒ අතර, තාක්‍ෂණය හුවමාරුව, කූට ණය යෝජනා ක්‍රම, දූෂණයට පහසුකම් සැලැසීම ආදී ක්‍රියාවලීන් තුළින්ද චීනය විසින් මෙම රටවල් දැඩි ආකර්ශනයකට නතුකරගෙන ඇත. එසේම ඒ අතරම එම රටවල අභ්‍යන්තර කටයුතුවලටද චීනය ඇඟිලි ගසති. චීනයේ මෙම කූට පරමාර්ථ ගැන නිසියාකාරව තතු නොදත් දුප්පත් රටවල් මෙම ඊගඍගෂග ව්‍යාපෘතියේ ගොදුරු බවට පත්වෙයි. චීනය විසින් ණය ආධාර ලබාදීමේදී මෙම රටවල් මහත් අකරතැබ්බයකට පත්වෙයි. එනම් ලබාගත හැකි කාලය, ගෙවිය යුතු පොළී අනුපාතය ආදී කරුණුවලදී මෙම රටවල් චීනයේ කොල්ලකාරී උපක්‍රමවල ගොදුරක් බවට පත්වෙයි.
තත්ත්වය කෙසේ වුවත් මේ වන විට ලෝකයේ රටවල් රාශියක්ම චීනයේ වංචනික ක්‍රමෝපායට හසුවී හමාරය. මෙහිදී වැඩපිළිවෙල සඳහා සහභාගී වන රටවල්වල ඇති සාමාජයීය ආර්ථික තත්ත්වය බිඳ දැමීමටද චීනය සමත් වෙයි. මානව හිමිකම් හේතු මත අනෙක් රටවල් විසින් අත්හරින සහ කොන්කරන ලද රටවලටද චීනය බොහෝ පහසුවෙන් සමීප වෙයි. මානව හිමිකම් මෙන්ම ආගමික සහ අන්තවාදය ඇති රටවල් කෙරෙහිද චීනය ඉතා පහසුවෙන් සමීප වෙයි. චීනය මෙම දුප්පත් රටවල්වලට ඉතා පහසුවෙන් ණය ආධාර ලබා දීම සිදුකරයි. මෙම වැඩපිළිවෙළ යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි ඉතාමත් සැඟවුණු ගනුදෙනු සහිත දූෂිත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටද චීනය කටයුතු කරයි. ඒ අනුව ලෝකයේ රටවල් රැසකම විවිධ දේශපාලනික නායකයන් ආශ්‍රිත කරගනිමින් මූල්‍යමය වංචාවන් රැසක් සිදුවී ඇත. පසුගිය කාලයේ පාකිස්තානයේ, කිරිකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේද එවැනි වංචනික ක්‍රියාවන් සිදුවුණි.
දකුණු ආසියාවේ රටවල් අතරින් ඉන්දියාව සහ භූතානය හැරෙන්නට අනෙක් රටවල් සියල්ලම මේ වන විට චීනයේ ආකර්ශණයට ගොදුරක් වී හමාරය. ශ්‍රී ලංකාවද මෙම රටවල් අතරට අයත් අතර, පසුගියදා ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේ, චීනයට හම්බන්තොට වරාය ලබා දීම ගැන තමන් කණගාටුවට පත්වන බැව්ය. ඊගඍගෂග ව්‍යාපෘති ක්‍රියාත්මක වන බොහෝ රටවල තිබෙන පොදු ප්‍රශ්නය වන්නේ මූල්‍යමය වංචාව සහ දූෂණයයි. එසේම විනිවිදභාවය නැති වීම, සමාජ උද්ගතය, ප්‍රමාදය, අධික වැය ආදී විවිධ කරුණුද මෙම ව්‍යාපෘතිවල අකර්මන්‍යතාවය සඳහා බලපායි. මෑත කාලයේ ඊගඍගෂග ව්‍යාපෘති යටතේ ඉතාමත් සුවිශාල මුදලක් චීනය විසින් ආයෝජනය කර ඇත්තේ පාකිස්තානයේ යටිතල පහසුකම් සඳහාය. එලෙස පාකිස්තානයේ සුවිශාල ව්‍යාපෘති කිහිපයක් සඳහා චීනය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 62ක මුදලග් මේ වන විට වැයකර ඇත.
කෙසේ හෝ මේ වන විට මෙම අතිවිශාල ණය මුදල චීනයට නැවැත ගෙවීමට පාකිස්තානයට නොහැකි වී ඇත. චීනය ලබාදුන් ණය මුදලින් වැඩි මුදලක් වැයකර ඇත්තේ පාකිස්තානයේ ග්වාඩාර් වරාය ඉදිකිරීම සඳහාය. මෙලෙස පාකිස්තානයට ණය ගෙවා ගැනීමට අපහසු වූ නිසා, චීනය බලකරමින් ප්‍රකාශ කර ඇත්තේ, ග්වාඩාර් වරාය තමන්ට වසර 40කට චීනයට බදු දීමට පාකිස්තානයට සිදුවිය. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායටද සිදුවූයේ මෙවැනිම සිදුවීමකි. කෙසේ හෝ මේ වන විට පාකිස්තානයේ විවිධ චීන ව්‍යාපෘතිවල චීන ජාතිකයන් 85,000ක් සේවය කරති. මෙලෙස අධික ලෙස චීනයෙන් ණය මුදල් ලබා ගැනීම හේතුවෙන් මේ වන විට පාකිස්තානය චීනයේ රූකඩයක් බවට පත්වී ඇත. එහෙත් පාකිස්තානයත්, චීනයත් අතර තිබෙන්නේ ‘සර්ව – කාලගුණ’ මිත්‍රත්වයක් යැයිද ප්‍රකාශ වෙයි. පාකිස්තානය එහෙත් චීනයේ බැළ රාජ්‍යයක් බවට පත්වී තිබෙයි.

පරිවර්තනය – වසවත් මාර

SendShareShare
Previous Post

20ට එකඟයි: විමල්-වාසු-උදය යූටර්න් එකක් ගහයි

Next Post

නොකරපු වරදකට ඈ දුක් විඳින්නේ – මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ…

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.