20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැක්වූ විරෝධතාවලදී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ඉල්ලීම හැර අන් ඉල්ලීම් සියල්ලම දිනා ගැනීමට හැකි වූ බවත්, ඒ හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ආදී පක්ෂ 20ට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බවත් එම පක්ෂවල නියෝජිතයින් මීට ටික වෙලාවකට පෙර මාධ්‍ය හමුවක් කැඳවමින් දැනුම් දෙන ලදී.
තමාගේ දෙවැනි පදවි ප්‍රාප්තියට එනම් 2021 නොවැම්බර් මසට පෙර තුන්වැනි ජනරජ ව්‍යවස්ථාව හදුන්වා දෙන බව තම පාර්ශවයන්ට පොරොන්දු වූ බවත්, එහිදී ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තිබෙන බාධකය යළිත් පනවන බවට ජනපතිවරයා පොරොන්දු වූ බවත් එම පාර්ශව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.
ඒ සම්බන්ධයෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ තුන්වන වර කියවීමේදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට සහතිකයක් ලබා දෙන බවද මෙම පාර්ශව වැඩිදුරටත් සඳහන් කරන ලදී.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය ගෙන එන ලැබුවේ තමන්ව ඉලක්ක කරගෙන බැවින් එය මේ අවස්ථාවේදී ඉවත් කිරීමට තමාට එකඟ විය නොහැකි බවද ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බව එම පාර්ශව මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන ලදි.










