• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නොකරපු වරදකට ඈ දුක් විඳින්නේ – මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ…

October 22, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
නොකරපු වරදකට ඈ දුක් විඳින්නේ – මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ…
Share on WhatsAppShare on Facebook

මේ කියන්නට යන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රදීපිකා සුදර්ශනීට අත්වු ඉරණම වගේම අනෙකුත් ඇඟලුම් සේවකයින්ට වුණු අසාධාරණය ගැනය. පසුගිය සති දෙක ඇතුළත ඇය පිළිබඳ මේ රටේ කථාකළ කෙනෙක් නොමැති තරම්ය. ප්‍රදීපිකා අසරණය, අහිංසකය. ඒ අහිංසකකමට මිනිස්සු නොකියු කථාවක් නොමැති තරම්ය. පසුගිය දවස්වල මෙරට පමණක් නොව මුළු ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇයට කියු කටකථා බොහෝය.
මාරාන්තික දෙවැනි කොරෝනා රැල්ලේ මුලින්ම ප්‍රසිද්ධියට පත් ආසාදිත තැනැත්තිය වශයෙන් ඇගේ චරිතයට සිදුවු හානිය සුළුපටු නොවේ. කොවිඞ්-19 වෛරසය මුළු ලෝකය ගිල ගත් අවස්ථාවක මෙවැනි කථා කීම සාධාරණද යන්න සියලුදෙනා යළි යළිත් සිතා බැලිය යුතුය. ඇය කොරෝනාව බලෙන් වැළඳගත්ත කෙනෙක් නොව එය මෙරට පමණක් නොව ලොව පුරාම සංසරණය වන වෛරසයක් බව ඕනෑම කෙනෙක් දන්නා කරුණකි.
කටකථා නිසා පෞද්ගලික චරිතයකට, පුද්ගලයෙකුට, සමාජයට වන හානිය මෙපමණයැයි කියන්නට කාටවත් බැරිය. සමහර අවස්ථාවල තම පවුල් ජීවිතය පවා අවුල් වීමට යන්නේ ඉතා සුළු මොහොතකි. පසුගිය සති දෙකක කාලය ඇතුළත ප්‍රදීපිකා සුදර්ශනීට වූයේ ඒවැනි සිදුවීමකි. නමුත් ප්‍රදීපිකා සුදර්ශනීගේ ස්වාමියා වන ගයාන් අමරසිංහ මහතා ඇගේ සත්‍ය ජීවිතය තේරුම් නොගත්තා නම් ඇයට සිදුවන්නේද එවැනි බලපෑමකි. යම් අවස්ථාවක ජීවිතයෙන් පළා යෑමටද ඇතමුත් තීරණය කරන්නේද මෙවැනි කටකථා නිසාය. කටකථා නිසා පවුල් අවුල් සහගත තත්ත්වයකට ඇදවැටෙන්නට ඉඩ ඇති අවස්ථාද බොහෝය. කාන්තාවකගේ චරිතය ඝාතනය කිරීමෙන් ලබන තෘප්තිය කුමක්ද යන්න සියල්ලන්ම වටහා ගතයුතුය. සමාජ මාධ්‍ය ජාලාවල නොයෙකුත් කථා කියන්නට ඇත. නමුත් ඇය නිවැරදිය.
සමාජ මාධ්‍ය ජාලා මේ සිද්ධිය විකෘති කර ඇගේ ජීවිතය විනාශකාරී තත්ත්වයට පත්කළේය. කොරෝනා වෛරසය තමන් බලෙන් වැළඳගත් රෝගයක් ලෙස විකෘතිකර ප්‍රචාරය කළේය.
ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සුපරික්ෂකවරියක් ලෙස සේවය කරන අතරතුර මෙම රෝගය ආසාදනය විය. එහිදී අසනීප තත්ත්වය උග්‍ර වී ඇයම රෝහල වෙත ගියාය. ඇයට මේ චෝදනා ඒල්ල වුණේ ඒ නිසාය. ඒ වන විටත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ විශාල පිරිසකට මෙම රෝගය අසාදනය වී ඇති බව ජනතාව නොදැන සිටින්නට ඇත. මෙසේ කටකථා චෝදනා එල්ල කිරීම අසාධාරණය. රටේ ආරක්ෂක අංශයේ නිලධාරීන් ඇයට සැලකුවේද ඇය රෝගය බලෙන් වැළඳගත් ලෙසය. එය ඒඞ්ස් වැනි මාරාන්තික සමාජ රෝගයක් ආකාරයට සිතා පහත් ලෙස ඇයට කථාකර ඇති බවද වාර්තා වෙයි. රටක ආරක්ෂක අංශ නිලධාරීන් යනු මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව මෙන්ම මානුෂීය හැඟිම්වලින් යුතුව ක්‍රියාකළ යුතු පුද්ගලයින් බව අපගේ හැඟීමය.
ඇය සේවයට යන්න ඇත්තේ ඇගේ පුංචි පවුල වන පුතුන් තිදෙනාගේ සහ දියණියගේ කුසගින්න නිවාගන්නය. ජීවිතය ගැටගහගන්නය. ඒ ඇගේ ස්වාමියාගේ වළං වෙළෙඳාමෙන් හා ත්‍රිවීල් රථයෙන් පමණක් ලැබෙන සොච්චම් මුදල පස් හයදෙනකු නඩත්තු කරන්න හරිහමන් මුදලක් නොවන බැවිනි. ඇය මාසික පඩියෙන් ගෙවල් කුලී ගෙවා එදා වේල පිරිමහගන්නේද බොහොම අමාරුවෙන් විය. රට්ටු මේ කාරණා කිසිවක් නොදකින්නට ඇත. නමුත් සත්‍ය තත්ත්වය එයයි. ඇය ආදරේ කළේ ඇගේ දරු පවුලටය. ස්වාමියාටය. දිනක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ උත්සවයක් පැවැත්වුණි. එදිනද ඇය එම උත්සවයට නොගොස් ඒ කාලයද වැයකළේ තම දරු පවුල සමඟයි. ප්‍රදීපිකා හා ගයාන් විවාහ වී විසිඑක් වසරක් වුවත් කෙදිනක හෝ බහින්බස් වීමක් සිදුව නැත. යම් පවුලක එක් අයෙකු රැකියාව කිරීමෙන් මේ රටේ ආර්ථිකය හා සටන් වදින්නට නොහැකිය. ඔවුන් මුහුණ දෙන්නේද ඒ ඉරණමටය. මේ රටේ මිනිසුන්ට ඇඟලුම් ආයතනයක සේවය කරනවා යැයි කී විට එය සලකන්නේ ඉතාම පහත් රැකියාවක් ලෙසය. නමුත් අප රටේ ප්‍රධාන විදේශ විනිමය ලබාදෙන මාර්ගයක් ලෙස ඇඟලුම් නිෂ්පාදනය හැඳින්විය හැක. ඒ ගැනවත් සිතන්නේ නැතිව මෙවැනි කටකථා කීම සාධාරණද යන්න ආයතනයක බලධාරීන් මෙන්ම කළමනාකාරිත්වයද, රට්ටුද සිතා බැලිය යුතුය. ඒ වගේම ඇගේ දියණිය මාස කිහිපයකින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිතය. ඇය තම මවට එල්ල කරන මේ චෝදනා ගැන කම්පා වෙන්න ඇති. මේ නිසා ඇගේ මානසිකත්වය පහත වැටෙන බව නොඅනුමානය. ඇගේ අම්මා වගේ අය ඒ අපහාස කරන අයගේ පවුල්වල නැද්ද කියා දහස් වරක් ඇය හිතන්නට ඇත. ඇය අවුරුදු දහසයක තරුණ දිවියට පා තබන යුවතියකි. තව අවුරුදු කිහිපයකින් ඇයද විවාහ දිවියට පත්පත්වන්නීය. ඇයට සමාජයෙන් අත්වන ඉරණම කුමක් වේදැයි සිතිය යුතුය.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිලධාරින්, කළමනාකාරිත්වය තම සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මීට වඩා සොයා බැලුවානම් මෙවැනි බෝවීමක්, පැතිරයාමක් සිදුනොවන්නට ඉඩ නොතිබුණි. ආයතනයක බලධාරින්, සේවකයින්ට අසනීප නම් හොඳින් ඉන්නවාට වඩා වැඩියෙන් සොයා බලන්න අවශ්‍යයයි. නමුත් සිදුවුයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඇය ආයතනයෙන් අසනීප වූ වහාම ඇයට පැනඩෝල් දෙකක් ගෙන නැවැත වැඩකරන්න කීම කොයිතරම් අසාධාරණද? ආයතනයෙන් අසනීප වී ගෙදර ගියාට පසුව ඇය ගැන කිසිම විමසීමක්ද කර නැත. කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඇයට නැඟූ චෝදනා බොහෝය. ඒ වගේම ඇය ඉන්දියානුවෙක් හා සම්බන්ධතාවක් පැවැත්වූවා යැයි තම ආයතනයෙන්ම චෝදනා එල්ල කිරීම සාධාරණද? මේ කට කථා රටේ පිළිගත් ඇඟලුම් ආයතනයක් වශයෙන් කීම සුදුසුද යන්න බලධාරීන් සිතා බැලිය යුතුය. ඔවුන්ට අවශ්‍ය මුදල් පමණක්මද? ඇය සේවය කළේ රටට විදේශ විනිමය උපයා දිමටය. ඒ පිළිබඳ කවරෙකු සිතන්නට නැතුව ඇති.
අවසානයේ කියන්නට තිබෙන්නේ මුදල් පසුපස හඹායන සමාජයක මනුස්සකම දූවිල්ලක් තරම් නොදැනෙන සමාජයක මිනිසුන්ට ජිවත්වීමට සිදුව ඇති බවය. අප රට වැනි බෞද්ධ දර්ශනයෙන් පෝෂිත රටක මෙවැනි පහත්, නින්දිත වැඩ සිදුවිය හැක්කේ කෙසේද? අද වගේම හෙට දිනයේද ප්‍රදීපිකාලා මේ රටේ බිහිවෙන්ට පුළුවන. නමුත් කෙනෙකු අසනීප වුණාම ඇයට හෝ ඔහුට ආදරය, කරුණාව දැක්විය යුතුය. මනුෂ්‍යයන්ට, තිරිසන් සතුන්ට ලෙස නොසැලකිය යුතුය. ඔවුන්ගේ ආත්ම ගෞරවයට අපහාස වන ලෙස කටයුතු නොකළ යුතුය. මිනිසුන්ට ජීවිතේ වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම ලබාදිය යුතුය. මනුස්සකමෙන් පිරිපුන් සමාජයක් බිහිකරන්න සෑමදෙනාම අදිටන් කරගත යුතුය.

චින්තනයෙන් නොදියුණු
විෂම වු සමාජය
මිල මුදල නිල බලය
පසුපසම හඹායයි
මිනිස්කම් නොතකමින්
ලෝභ සිත් දැඩි කරන්
අනෙකාව යටකරන්
ඉදිරියට පා තබයි
මිනිසුන්ව ඉපදිලත්
කෝ කොහිද බුද්ධියක්
කෙදිනක කෙලෙසක හෝ
වැටහේවි සත්‍යයක්
එයින් මනුස්සකම සිනහව
ලෝකයට රැගෙන යමු…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

චීන ණය නොගෙව්වොත් හිලව්වට දේපොළ

Next Post

පනින මන්ත්‍රීවරුන් පන්නන්න සමගි ජන බලවේගය තීන්දු කරයි

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.