තිබ්බතයේ ක්‍රියාකාරිකයකු වන ටෙන්සිං ටිසන්ඩ්‍යු එරට ධර්මශාලා නැමැති ස්ථානයේ සිට ඉන්දියාවේ දිල්ලි නගරයට මාර්තු දහ වැනි දින (10) ළඟාවීමට ඉලක්ක කරගනිමින් පසු ගිය fදාළොස් වැනිදා (12) “පාද යාත්‍රාවක්” ආරම්භ කර තිබේ.
මාර්තු දහ වැනිදාම ඉලක්ක කර ඇත්තේ එදින (10) දිල්ලි නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක්ද පැවැත්වෙන බැවිනි. “තිබ්බතය වෙනුවෙන් සැතපුමක පා ගමනක යෙදෙන්න” යනුවෙන් පාද යාත්‍රාව නම් කර තිබේ.
මහා භාරතයට එරෙහිව චීනය ගෙනයන දුර්දාන්ත ක්‍රියාකලාපය පිළිබඳව භාරත ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ටෙන්සිං ටිසන්ඩ්‍යු ප්‍රකාශ කෙළේය.
ඔහු මෙසේද කීවේය.
පසුගිය වර්ෂයේ (2020) ජූනි මාසයේ දී ඉන්දු චීන සහ තිබ්බත දේශ සීමා ආසන්නයේ “ගල්වාන්” ප්‍රාන්තයේ මිනිස් ඝාතනය මහා ලොවම කම්පා කළත් මේ ස්ථානයට භාරතවාසීන් ගොස් ඇතිවා තබා එම ප්‍රදේශය සිතියමේ කොතැනක ඇත් දැයි යන්න දන්නන් පවා අඩුය. මේ ඝාතනයේදී අපේ මිනිසුන් චීනුන් ගෙන් මැරුම් කෑවේ ඇයි දැයි යන්න දන්නෝද විරලහ.
ඔවුන් (චීන්නු) දේශ සීමාව ආසන්නයටම ආක්‍රමණය කළේ කොහාමද? අද මම ධර්මශාලාවේ සිට නව දිල්ලිය දක්වා පා ගමනක් ආරම්භ කරනවා. මේ ගමනේ ප්‍රධාන අරමුණ තමයි මේ සම්බන්ධව ඉන්දියාවේ අවධානය යොමු කරවීම. මේක තමයි ඉන්දු චීන ගැටුමට මුල. අපේ භාරත සහෝදර සහෝදරියන් දැනගන්න අවශ්‍යයි ඇයි චීනෙ හැමදාම ඉන්දියාවට හිරිහැර කරන්නෙ කියල.
හිතන්න එපා චීනෙ හිරිහැර කරන්නෙ ඉන්දියාවට විතරයි කියල නෑ. මේ ආසියාවෙ (ළඟපාත) තියෙන රටවල් දාහතරටම (14) චීන්නු “සර්කස්” පෙන්වනවා. ඔවුන් උත්සාහ කරන්නෙ අවට රටවල් ටිකත්, මූදු ප්‍රදේශයත් යටත් කර ගෙන තමන්ගෙ අධිරාජ්‍යය ලොකු කරගන්න. තමන් ලෝක බලවතා වෙන්න උත්සාහ දරනවා කියන එක චීන නායක සි ජිං පින්ග් :ඞස න්‍සබටචසබට* ලෝක ප්‍රජාවටම අනාවරණය කරල ඉවරයි.
ටෙන්සිං ටිසන්ඩ්‍යු ක්‍රියාකාරියා දැවැන්ත උද්ඝෝෂණ සංවිධායකවරයකු බවට සමස්ත භාරතයම එක හැටියටම පිළිගන්නෙකි. චීන ජනාධිපතිවරයා ඉන්දියා සංචාරය කරද්දීත් උද්ඝෝෂණ කළේ ඔහුය.
තම පාගමන තනි මිනිහකුගේ එකක් බව හෙතෙම කීවේය.
ඒ ගමනට පණිවුඩ හුවමාරු කර ගැනීම සහ සංවිධාන කට යුතු සඳහා තවත් දෙදෙනකු සහය වන බවද කීය.
“මේ ගමන කිලෝ මීටර් පන්සියයක (500) දුර එකක්. ගමනට මාසයක් ගතවෙනවා. රෑට නවතින්න කූඩාරමක් පාර අයිනෙම ගහගන්නවා. මම කන්ගරා නිම්නය හරහා උණා :ඹබ්* ප්‍රදේශයෙන් පන්ජාබ් මිටියාවතට අවතීර්ණ වෙනවා. එතනින් අම්බාලා ඛාර්නාල් සහ සොනෙපට් ඔස්සේ දිල්ලියට යනවා” ඔහු කීවේය.
චන්ද්‍රසේන මාරසිංහ