ජිනීවා නුවර ආරම්භ වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ කොරෝනා මළසිරුරු භූමදානයට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට OIC හෙවත් ඉස්ලාමික සහයෝගීතා සංවිධානය පියවර ගෙන ඇත.
ඒ අනුව සැසිවාරටය ආරම්භ වූ ඊයේ (23) දිනයේදී එම සංවිධානයේ මහලේකම්වරයා වූ යූසුෆ් අල් ඔතෙයිමීන් මහතා මේ පිළිබදව එම මණ්ඩලයට කරුණු දැක්වීමට පියවර ගෙන තිබේ.
එම තත්ත්වය මුස්ලිම් ජාතිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඒ සදහා අවසර ලබා දී තිබියදී ලංකාව ඊට අවසර නොදීම පිළිගත නොහැකි බවත් හෙතෙම පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් ඉකුත් මැයි මාසයේදී එම සංවිධානය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් පවා යොමු කිරීමට පියවර ගෙන තිබිණ.
OIC සංවිධානය යනු අරාබි රටවල් 57කින් සැදුම්ලත් සංවිධානයක් වන අතර එහි ජනගහනය 2015 වනවිට බිලියන1.8කි.