චීනය කොවිඩ්-19 වසංගත මර්ධනය මුවාවෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය නිසා මොංගෝලියාවට හිස ඔසවන්නට නොහැකි අන්දමටම ආර්ථික වශයෙන් පහර වැදී ඇතැයි කැනඩාවේ විශේෂඥ බුද්ධි මණ්ඩලය පෙන්වා දෙයි.
කොවිඩ්-19 මාරාන්තික වසංගතය ආරම්භවී තුන්වැනි වර්ෂයට සමස්ත ලෝකයම මුහුණ දෙන මොහාතේ මොංගෝලියාව ආර්ථ්ික වශයෙන් ප්‍රගමණ මාවතකට අවතීර්ණ වී සිටියේය.ඊට හේතුව මොංගෝලියාව පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට ව්‍යපාර යළි ආරම්භ කිරීමය.
ඒ සමගම චීනය කොවිඩ් මර්ධන නීතිය(ප්‍රතිපත්තිය) යටතේ දේශ දීමා තරණයට තහංචි පැනෙව්වේ යැයි කැනඩාවේ අයිතිවාසිකම් සහ ආරක්‍ෂාව පිළිබඳ සංසදය කියයි.
චීනය කොවිඩ් මර්ධන නීතිය යටතේ දේශසීමා තරණය කළ නොහැකි වන පරිදි “දැඩි සහ අන්තවාදී ”අන්දමට හුදකලා තහංචි පැනෙව්වා.අගුලු දැම්මා.මේ නිසා මොංගෝලියාවට බරපතල ලෙස පහර වැදුණා”යැයි කැනඩා විශේෂඥ බුද්ධි මණ්ඩලය පවසයි.
“චීනය හිතුවක්කාර සහ අසාධාරණ ලෙස මේ අන්දමින් දේශ දීමා සහ අගුලු දැමීම නිසා අපේ රටට ආර්ථික වශයෙන් බරපතල හානියක් සිදුවෙලා,එ සේවීමට හේතුව චීනය අපේ අග්‍රගණ්‍ය විදේශීය ව්‍යාපාරික හවුල්කරු නිසා”යැයි මොංගෝලියාවේ ජාතික සංඛ්‍යලේඛන දොර්තමේන්තුවේ ප්‍රධානි “ඉට්සේවීන්ජව් ල්කානා”කීවේය.
චීනය මොංගෝලියාවේ ප්‍රධාන ආයෝජකයා සේම ඉල්ලන පමාවෙන් ණය පහසුකම් සපයන“සැපයුම්කරුවා” පමණක් නොව මොංගෝලියාවේ ඛණිජ සම්පත් ද ආනයනය(මිලට ගන්නා)කරන ලොකුම ව්‍යාපාරිකයාණෝය.
මොංගෝලියාව චීනය සමග ඔය කවර අන්දමක ගනුදෙනු සම්බන්ධතා පැවැත්වුවත් මොංගෝලියානු ජාතිකයින් මහත් පීඩාවකට සහ මානසික කඩාවැටීමකට පත්ව සිටින බව ද කැනඩා විශේෂඥ බුද්ධි මණ්ඩලය පවසයි.
චීනය මොංගෝලියාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති පද්ධතියම වෙනස් කිරීම ඊට හේතුව ය. මොංගෝලියානුවන් චීන රාජ්‍ය භාෂාව වන“මැන්ඩ්‍රේන්”බස අනිවාර්යයෙන්ම උගත යුතුය.
සමස්ත විෂයයන් ප්‍රමාණය තුනකි.ඉතිහාසය,සදාචාරය,නීතිය, භාෂාව සහ සාහිත්‍ය ඒවාය.ඒ සියල්ල ම ඉගෙන ගත යුත්තේ මොංගෝලියානු ජාතික භාෂාවෙන් නොව චීන රාජ්‍ය භාෂාව වන“මැන්ඩ්‍රේන්”වලිනි.ඒ කරුණ මොංගෝලියානු ප්‍රජාව ගේ තද වික්‍ෂෝපයට හේතුවී තිබේ.
චන්ද්‍රසේන මාරසිංහ