පාකිස්ථානයේ ව්‍යවස්ථා දායකය විසින් “ෂෙහබ්ස් ෂරීෆ්” අග්‍රාමාත්‍ය ධූරයට පත්කරනු ලැබීම උදෙසා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියෙන් චීනයට නිරායාසයෙන්ම අසල්වැසි යුරේසියානු(යුරෝපා-ආසියානු)කලාපයේ “කරල පැහෙන” සිද්දිමාලාවක්ද නිරුත්සාහකවම ම සිදුවැ තිබේ.
චීනා අතීතයේ සිටම පාකිස්ථානය සමග “ජැක් ඇන්ඩ් ජිල්” ටයිප් එකේ සම්බන්ධතාවයක් පවත්වා ගෙන ආවේය.දැන් චීනාට ඉස්ලාමාබාද්වල හොඳ නායකයකු සිටී.ඒ තලෛබාන්ලාය.
වර්තමානයේ කාබුල් පාලනය කරන්නා වූ තලෛබාන් ආණ්ඩුවේ “අතිජාත”මිත්‍රයා තමන් බවට එන්න එන්නම“ඇඟෑළුම්කම”හුවා දක්වමින් චීනය තමා මධ්‍යම ආසියාවේ“ලොක්කා” බව අඟවන්නට යන්නේ හරියට රුසියාව දැවැන්ත යුද්ධයකින් යුක්රේනය අවුල් කර බස්නාහිරට බලපෑම් කරන්නට යන පරිද්දෙනි.
එ තකුදු වුවත් චීනය “අරඅඳින්නේ මොන කොටි නැටුමක් නටන්න දැයි”කීමට තවම කල් මදිය.
ෂෙහබ්ස් ෂරීෆ් ගේ සහෝදරයා වන “නවාශ් ෂරීප් ” අගමැතිකම කරන සමයේ “චීන පාකිස්ථාන් ආර්ථික කොරිඩෝව” පලිච්චි (අවඥා) කිරීමේ අදහසින් සෙසුපාර්ශව විසින් හඳුන්වනු ලැබුවේ “චීන පන්ජාබ් ආර්ථික කොරිඩෝව” පරිද්දෙනි.එ සේ කීමට පැහැදිලිව පෙනෙන්නට තිබුණු කාරණයක් ද විය.
ඉන් පළමු වැන්න,හත්මුතු පරම්පරාවටම ඇතිවෙන්නට “අත දිගේ පැණිබේරෙන“ සංවර්ධන ව්‍යපෘති සියල්ලම ගියේ නවාශ් ෂරීප්ගේ බලකොටුව වූ පන්ජාබ් පලාතට බැවිනි.
එමගින් අත්දුටු යතාර්ථය වනාහි ආර්ථික කොරිඩෝවේ ආයෝජනය කදිම එකක් යැයි පෙනෙන පරිදි සමස්ත පාකිස්ථානය පුරා ව්‍යාප්තවීම වුව ද ඉන් පරිපූර්ණත්වය ඇතිවූයේ පන්ජාබ් සහ සින්ද් ප්‍රදේශවලට පමණි.
එ හෙත් එහි වටිනාකමක් නො වුයේ පන්ජාබය ඉතාම ජනාකීර්ණ පලාතක් නිසාවෙනි.ඒ කෙරෙහි පමණක් චීනයේ සංවර්ධන බැල්ම යොමුවීම ද මවිතයට කරුණකි.
චන්ද්‍රසේන මාරසිංහ





