වර්තමානයේ පවතින අර්බුධකාරී තත්ත්වයට විසදුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟවන බව ආණ්ඩුවේ පක්ෂ නායකයින් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ 11ට මෙම ලිපියට අස්සන් තබා ඇති බව දැනගන්නට ඇත.
මෙහි විශේෂත්වය වන්නේ ආණ්ඩුවේ සිට ස්වාධීනව සිටින කණ්ඩායමටද මෙම සාකච්ජාවට ආරාධනා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව පිහිටුවීමට නියමිතව පවතින එම සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය මෙන්ම වගකීම් ලබා දෙන පුද්ගලයින් සහ ක්‍රියාත්මක විය යුතු කාල සීමාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ පළමු අදියර සඳහා ලබන සිකුරා දා පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ විශේෂ සාකච්ඡාව පැවැත්වෙන බව ජනාධිපතිවරයා දන්වා ඇත.
ඒ සඳහා 2020 මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සහ මේ වන විට ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයින්ට ද ඇරයුම් කර තිබේ.
රටේ වර්තමානයේ පවතින සමාජ හා ආර්ථික අර්බුදය සඳහා විසඳුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා මෙන්ම අතිඋතුම් කාදිනල් හිමියන් ඇතුළු සර්ව ආගමික නායකයින් ද දේශපාලන පක්ෂ හා පොදුජන සංවිධාන රාශියක් විසින් ද සිදුකළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.
කෙසේවෙතත් ජනාධිපතිවරයා මීට පෙරද සර්ව පාක්ෂික සමුලුවක් කැදවූ නමුත් විපක්ෂය එය වර්ජනය කළ අතර ඊට විපක්ෂයෙන් සහභාගී වූයේ රනිල් වික්‍රමසිංහ සහ එම්. ඒ. සුමන්තිරන් පමණි.










