• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඔළු හදපු චම්පික

May 26, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
ඔළු හදපු චම්පික
Share on WhatsAppShare on Facebook

එල්.ටී.ටී.ඊ.ය යුද්ධයෙන් කිසිසේත්ම පරාජය කළ නොහැකි බවට එදා රට ඇතුළේ පමණක් නොව ජාත්‍යන්තරය තුළද මතයක් තහවුරු වී තිබිණි. නමුත් යුද්ධය යුද්ධයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවට වූ දැඩි ස්ථාවරයක එදා සිටියේ ඉතාම අතලොස්සකි. ඉන් මුල් පෙළේ සිටි එක් අයකු වූයේ පාඨලී චම්පික රණවකය. එදා යුද්ධය ජයග්‍රහණය කළ හැකි බවට රටේත්, ජනතාවගේත්, ආරක්ෂක අංශවලත් මතවාදය සකස් කළේ පාඨලී චම්පිකලාය. හෙතෙම අද විපක්ෂයේ සිටින හිටපු මන්ත්‍රිවරයෙකි. මේ එදා යුද්ධයට අවශ්‍ය මතවාදාය සකස් කිරීම සම්බන්ධයෙන් චම්පික රණවක මහතා සකස් කළ ලිපියකි මේ.

මෙරට ලිබරල් සමාජ ක්‍රියාකාරීන් හා වාමාංශිකයන් 1995 – 2010 වකවානුවේ මා හැඳින්වූයේ යුදවාදියෙකු ලෙසය. ඇතැමුන් මා සිංහල ෆැසිස්ට්වාදියෙකු ලෙසද හංවඩු ගැසූහ. එයට හේතුව වූයේ එකී වසර 15 තුළ ප්‍රභාකරන් යුදමය ලෙස පැරදවිය යුතු බවට වූ දේශපාලන හා සිවිල් ව්‍යාපාරය මෙහෙයවූයේ මා ඇතුළු කණ්ඩායමක් නිසාය. පුවත්පත්වල තීරු ලිපිවලට සීමා වී තිබුණු ජාතික ව්‍යාපාරය මහ පොළොවේ ක්‍රියාකාරී වූයේ අප නිසාය. මවිසින් ලියන ලද “කොටි විනිවිදීම” හා “ත්‍රස්ත විරෝධී ජාතික සැලැස්ම” ආදී කෘතීන් ඒ දිනවල නූතන ජාතික ව්‍යාපාරයේ අත්පොත් බවට පත්වී තිබුණු බව මා අද සිහිකරන්නේ නිහතමානී ආඩම්බරයකිනි. අද සිටින “කුලීකාර වොයිස්කට්” සිංහලවාදීන්ට වඩා ලේ, කඳුළු දහදිය මතින් ප්‍රභාකරන්ගේ කාලතුවක්කු සමග හැප්පුණු හමුදා නිලධාරීන් හා සමාජ ක්‍රියාකාරීන් ගැන මට අදද ඇත්තේ ආඩම්බරයකි.

අවසානයේදී අපි ජයග්‍රහණය කළෙමු! එයට අදට වසර 11 කි. මා කුඩා කල බුලත්සිංහල හන්දියට ගියවිට රජයට අවශ්‍ය කරන ත්‍රස්තවාදීන්ගේ ඡායාරූප සහිත පෝස්ටර් පොලීසිය විසින් අලවනු දැක ඇත්තෙමි. මගේ පන්තියේ මිතුරෙකුගේ වැඩිමහල් සොහොයුරු (ඔහු ගුවන් භටයෙකු විය) උතුරේදී මියගිය විට අපට ශෝකයත්, කෝපයත් ඇතිවිය. 1983 කෝලාහලයේදී අහිංසක දෙමළ මිනිසුන් බියෙන් ගුළිවී සිටින අයුරු දුටුවිට ඔවුන් ගැන මහත් අනුකම්පාවක්ද ඇතිවිය. ජවිපෙ හා වමේ පක්ෂ ජයවර්ධන ආණ්ඩුව තහනම් කළ විට, ආණ්ඩුව ගැන කෝපයක් හා වහාම එයට ප්‍රතික්‍රියා දැක්විය යුතු යැයි හැඟීමක්ද දැනිනි. සමහර වාමාංශිකයන් උතුරේ ඊළාම්වාදී සන්නද්ධ ප්‍රහාර ගැන රහසේ සතුටු වූයේ ජයවර්ධන ආණ්ඩුවට හිංසාව හැර වෙන භාෂාවක් නොතේරෙන බව සලකමිනි.
1985 මැයි 14 අනුරාධපුර සමූහ මිනිස් ඝාතනය මා සිත සසල කළේය. ඇතැම් වාමාංශිකයින් කියන පරිදි ප්‍රභාකරන් දෙමළ ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් ජාතික විමුක්ති අරගලයක නියැළී නොසිටින බව මට පැහැදිලි විය. ඒ දිනවල විශ්වවිද්‍යාලවල පැවති මාක්ස්වාදී මතවාදයට එරෙහිව වූ ජාතිකවාදී කඳවුරක් නිර්මාණයට මා ඇදී ගියේ නිතැතිනි.
ඉන්දු ලංකා ගිවිසුම, පළාත් සභා ක්‍රමය, ජවිපෙ කැරැල්ල හා තරුණ සංහාරය, මානව හිමිකම් අරගලය ආදී ලෙස 1985 – 1995 අතර මාගේ තරුණ ජීවිතය ගෙවී ගියේය. මාගේ පැරණි සටන් සගයින් මෙරටදී හෝ පිටරටදී හමුවූ විට ඒ අඳුරු සමය පිළිබඳව අප සිහිකරන්නේ ඇස්වල කඳුළු සඟවාගෙනය.
ප්‍රභාකරන්ට එරෙහිව මාගේ අරගලය නැවත ඇරඹෙන්නේ 1998 දීය. ඒ කොටි සංවිධානයේ බෝම්බ ප්‍රහාරයකින් කොළඹ ගෝතමී බාලිකා විදුහලේ සිසු දැරිවියන් දෙදෙනෙකු ඝාතනය වීමෙන් පසුවය. ඒ දිනවල මාගේ වැඩිමහල් දියණියද බහතෝරන වියේ වූවාය. අපේ දරුවන් වෙනුවෙන් මේ ඝාතන නතර කළ යුතු බවට මට නව අධිෂ්ඨානයක් එයින්ද ඇතිවිය. “ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය” කොටි ත්‍රස්තවාදීන්ගේ ගොදුරු බවට පත්වූවන්ගේ ඥාතීන්ගෙන්ද, දේශප්‍රේමීන්ගේද අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවිය.
ඉන්පසු ඇතිවූ 1999 වන්නි යුද ව්‍යසනය හා වසර 2000 ෆෙඩරල් ව්‍යවස්ථාව ආදිය විසින් ජාතික ව්‍යාපාරය දේශපාලන බිමට පැමිණිය යුතු බවට මතයක් ඇතිවිය. සිහළ උරුමය බිහිවීම හා මාගේ පාර්ලිමේන්තු ආගමනය සිදුවූයේ එවිටය. වසර 2001 කොටි සංවිධානය සමග වූ අන්තර්ජාතික සාම ගිවිසුම හා අන්තර් පාලනයක් සඳහා වූ සාකච්ඡාව අපව බියට පත් කළේය. හැකි ඉක්මනින් රාජ්‍ය බලයේ මුල අල්ලාගත යුතු බවත්, නොඑසේ නම් අප ප්‍රභාකරන්ගේ හා විදේශිකයන්ගේ වහලුන් වන බවත් අපට වැටහිණි. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් වීමත් සමග “සිහළ උරුමය” “ජාතික හෙළ උරුමය” බවට පත්වීමත්, 2004 මහ මැතිවරණයේදී රජුන් තනන්නන් බවට “ජාතික හෙළ උරුමය” පත්වීමත් අපේ උපාය මාර්ගයට මහා ශක්තියක් විය. 2005 ජනාධිපතිවරණයේදී ඇතැම් ප්‍රභූවාදී භික්ෂූන් වහන්සේලා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියද, ඒකීය රාජ්‍යය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ දිනවීමට අප කැපවී ක්‍රියා කළෙමු. නමුත්, මහින්ද රාජපක්ෂ මහතා, කොටි සමග ජිනීවා සාකච්ඡා ආරම්භ කළ අතර, ඔවුන් සමග යටින් දේශපාලන ඩීල් දමන බව අපට පැහැදිලි විය. වසර 2006 ජූලි මස දී මාවිල්ආරු සටන ඇරඹීමට අප කැප වූයේ ඒනිසාය. 2009 මැයි 18 දා අවසන් යුද ජය දක්වා අපි නොසැලී එම ගමන් මගේ ගියෙමු.
සෙබළුන්ගේ මිනී කඳු, විනාශ කළ ගම්මාන, බෝම්බ පිපිරෙන නගර, බලය උදෙසා පාවාදීමට සැරසෙන දේශපාලන නායකයින්, ත්‍රස්තවාදයට බියෙන් සැලී සිටි සමාජය පිළිබඳ ජීවමාන අත්දැකීම් මාහට තිබේ.

2009 යුද ජයග්‍රහණයෙන් පසු “Charge of the Lion Brigade” (සිංහ ප්‍රහාරය) නමින්, එකී සංග්‍රාමය පිළිබඳව කුඩා කෘතියක්ද මා එළිදැක්වූ අතර, එය මවිසින් පිළිගැන්වූයේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ත්‍රිවිධ හමුදා නායක ජෙනරාල් සරත් ෆොන්සේකා, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ආදී යුද සටනට නායකත්වය දුන් අයටය. එය පිළිගැන්වූ දිනයේදීම “හමුදා කුමන්ත්‍රණයක්” පිළිබඳව ව්‍යාජ රාවයක්ද පැතිර ගියේය.
බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නය වන්නේ ප්‍රභාකරන් මේසා බලගතු යුද බලයක් ඇතිකර ගත්තේ කෙසේද යන්නය. එයට හේතු කාරණා ගණනාවක් ඇත.
පළමුව, විදේශ අතපෙවීම්
තමිල්නාඩුව, ඉන්දියාව, එංගලන්තය ප්‍රමුඛව යුරෝපය, නෝර්වේ හා ස්කැන්ඩිනේවියාව, එක්සත් ජනපදය හා ඇතැම් අවි ගනුදෙනු සඳහා යොදාගත් නැගෙනහිර ආසියානු රටවල් ආදී ලෙස වූ අන්තර්ජාතික දේශපාලනික, මූල්‍යමය අවි ගනුදෙනු හා ප්‍රචාරක ලෙස වූ බලපෑම් කුලකයයි. මෙයින්ද මූලික වූයේ ඉන්දියාවයි. ඉන්දියානු මැදිහත්වීම නොවන්නට කොටි සංවිධානය බොහෝ දුරට 80 දශකයේ මුල් යුගයේදීම විනාශ වීමට ඉඩ තිබිණි. එහි ගෞරවය ජේ.ආර්. ජයවර්ධනට ලැබීමටද නියමිතව තිබිණි.
දෙවනුව, වේලුපිල්ලේ ප්‍රභාකරන් හා ඔහු ගොඩනැගූ යුද දේශපාලනික සංවිධානයේ සුවිශේෂත්වය.
කොටි සංවිධානය අවසාන සටන දක්වාම පෙන්වූ සංවිධානාත්මක භාවය, කෲරත්වය, දෘඞ්භාවය, නායකයාට කීකරු බව වෙනත් කිසිදු යුද දේශපාලනික සංවිධානයක් ලංකාවේ පෙන්වා නැත.
තෙවනුව, විදේශගත දෙමළ ජනයාගේ ක්‍රියාකාරීත්වය
යාපනයේ මිෂනාරීන් විසින් 1820 පමණ කාලයක සිට අරඹන ලද නූතන ඉංග්‍රීසි පාසල් පද්ධතිය නිසා ලොව පුරා විසිරී ගිය ලාංකික දෙමළ වෘත්තිකයන් පිරිසක් බිහිවිය. ඔවුන් හා 1983 ජූලි මස ජයවර්ධන ආණ්ඩුවේ නිහඬ අනුමැතියෙන් සිදුවූ දෙමළ විරෝධී ප්‍රහාරය විසින් විතැන් කරන ලද, විදේශගත කරවන ලද ලක්ෂ 6 ක් පමණ වූ ලාංකික දෙමළ ජනයා විසින් ලන්ඩනය, පැරිසිය කේන්ද්‍ර කරගෙන ගෙනගිය තමිල් ඊළමක් දිනා ගැනීමේ මූල්‍ය හා ප්‍රචාරක වැඩපිළිවෙළ මෙයින් ප්‍රමුඛ විය. මෙයට තමිල්නාඩු දෙමළ ජනයාගේද අනුග්‍රහය ලැබිණි. අද වනවිට ඇතැම් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේද නායකත්වයෙන් ස්වාධීන ව්‍යාපාරික ස්ථාන ලෙස ඒවා පවත්වාගෙන යනු ලබන අතර, පෙරදී මෙන් බලහත්කාරී කප්පම් ක්‍රියා අඩුවෙන් වාර්තා වී ඇත. ඉතා විශාල ලෙස ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහාය දුන් විදේශගත දෙමළ ජනයා ලංකාවේ දෙමළ ප්‍රජාව සමගින් සාමකාමී ආකාරයට ආර්ථික හා සංස්කෘතික සබඳතා ගොඩනගා ගැනීම රටට සුබ ලකුණකි.
සිව්වනුව, දේශීය දෙමළ ජනයා හා සිංහල නොවන සුළු ජාතික ජනයා හා විශේෂයෙන් බෞද්ධ නොවන ආගමිකයින්ගේ ප්‍රති විරෝධතා ක්‍රියාකාරිත්වය
මෙකී ජන කණ්ඩායම්වලට තිබූ ව්‍යවස්ථාමය හා සමාජමය වරදාන (රාජ්‍ය සේවය, අධ්‍යාපනය, වෙළඳාම) ක්‍රමයෙන් 1948 සිට ඉවත්වීම විසින් ඇතිකරන ලද සිංහල – බෞද්ධ විරෝධී භීතිකාව කොටි සංවිධානය විසින් සිය වාසියට යොදා ගන්නා ලදී. දෙමළ ඊළාම් ව්‍යාපාරය මුලදී මාක්ස්වාදී ස්වරූපයක් පෙන්වුවද 1980න් පසු වෙනත් කිසිදු දේශපාලන මතයක් නොඉවසන තනි දෙමළ ජාතිවාදයම පදනම් කරගත් ක්‍රියාවලියක් බවට පත්විය. (වරක් මන්නාරම කතෝලික බිෂොප්තුමා වූ රායප්පු රෝශප්, මා හට කීවේ (2010) තමන් කතෝලික වීමට පෙර දෙමළ බවය. බාලසිංහම් හා අමිර්තලිංගම් දෙදෙනාම කලකට පෙර සමසමාජ ව්‍යාපාරයෙන් ආභාෂය ලබාගත්තෝ වෙති.)
පස්වෙනුව, දකුණේ දේශපාලන ව්‍යාකූලත්වය
රාජන් හූල් ප්‍රකාශ කර ඇති (2020) පරිදි ශ්‍රී ලංකා රාජ්‍යය සිංහල බෞද්ධ සැඟවුණු රාජ්‍යයක් Deep State මගින් පාලනය වන්නක් නොවේ. සිංහල සමාජය හා දේශපාලනය බොහෝ දුරට බලගතු ත්‍රස්තවාදී ප්‍රහාර හා ඝාතන ඉදිරියේ ආණ්ඩු බිඳ වැටෙන තත්ත්වයට පත්වුවද, රාජ්‍ය කඩා වැටෙමින් තිබියදීද හමුදා ආණ්ඩු තැනීමට නොගියේය. එමෙන්ම, ලිබරල්වාදී, මාක්ස්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා වෙනත් ජාතිකවාදී බහුවිධ අදහස්වලට ඉඩ දුන්නේය. කෙසේ වෙතත් පාලක ප්‍රභූ පැලැන්තිය ප්‍රභාකරන්ට බියව සිටි අතර, කොළඹ කොක්ටේල් ප්‍රභූවරුන්ද එම ක්‍රියාවලියටම නතුවෙමින් භයානක නව ෆැසිස්ට්වාදයක වර්ධනයට සාම සාකච්ඡා මගින්ද ඉඩහසර ලබා දුන්නේය. එයට ලොවේ සුමට බලයක් වීමට Soft Super Power ඉටාගෙන සිටි නෝර්වේ රාජ්‍යයේ විදේශ අරමුදල්ද බලපෑවේය.
(2010 ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු නෝර්වේ තානාපතිවරයා මා හට කියා සිටියේ ශ්‍රී ලංකාවේ නෝර්වේ මැදිහත්වීම අවසන් කළ යුතු බවට තමන්, තම රජයට නිර්දේශ කරන බවය. එය එසේම සිදුවිය.)
ප්‍රභාකරන් බලවත් වූයේ ඉහත දක්වන ලද මූලික හේතු කාරණා නිසාවෙනි.
ඊළඟට වැදගත් වන්නේ ප්‍රභාකරන් සහමුලින් යුදමය ලෙස පැරදවීමට (2006 – 2009) ආරක්ෂක හමුදාවලට හැකිවූයේ කෙසේද යන්න තේරුම් ගැනීමය. එයට හේතු සාධක ගණනාවක් ඇත.
ප්‍රභාකරන් යුදමය ලෙස වර්ධනය වෙද්දී ඔහු පරාජය කරන්නේ කෙසේද යන්න ගැන පොදුවේ උපායමාර්ග දෙකක් ශ්‍රී ලාංකීය සමාජයේ සාකච්ඡා වෙමින් පැවතිණි.
පළමු උපායමාර්ගය ශ්‍රී ලංකාවේ පාලන ප්‍රභූ පන්තියේ උපායමාර්ගය විය.
එනම් සීමිත යුද ප්‍රහාර මගින් කොටි සංවිධානයේ අවසන් ජයග්‍රහණය වළක්වන අතරේ ෆෙඩරල් දේශපාලන යෝජනාවක් මගින් විදේශීය හා දේශීය ලෙස කොටි සංවිධානයේ සහායකයින් නිෂ්ක්‍රීය කළ හැකි බවය. මහින්ද රාජපක්ෂ මහතාද 1995 – 2006 කාලයේ සිටියේ මේ උපාය මාර්ගය පිළිගනිමින් එහි කොටස්කරුවෙකු ලෙසය. ඔහු ඇමැතිධුරයක් දරන අවස්ථාවකදී කිසිදු විටෙක කොටි සංවිධානය සමග සාම සාකච්ඡා (1994-1995, 2001-2002) වලට එරෙහි නොවූයේය. පෙරළා චන්ද්‍රිකා කුමාරතුංග ගෙන එන ලද ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනවලට (1995, 1997, 2000) දේශපාලනිකව විරුද්ධ නොවූයේය. ප්‍රභාකරන්ට දීමට ගිය අන්තර් පාලනයට (2001) හෝ උතුරු නැඟෙනහිර සුනාමි සහන මණ්ඩලය (PTOM 2005) එරෙහිව ක්‍රියා නොකළේය. ඔහුට බලය ලැබුණු විටද ප්‍රභාකරන් සමග සාකච්ඡා කළ අතර (2005-2006), 2010 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ 2/3 බලය ලබා ගැනීමට හැකිව තිබියදී පළාත් සභා ක්‍රමය වෙනස් කිරීමට අප විසින් ගෙන ආ යෝජනාවලට එරෙහිව ක්‍රියා කළේය. උතුරේ පළාත් සභාව දෙමළ සන්ධානයේ විග්නේෂ්වරන්ට ලබා දුන්නේ රාජපක්ෂ පාලනයේදී බව අප අමතක නොකළ යුතුය.
දෙවැනි උපාය මාර්ගය විටින් විට රාජ්‍ය යන්ත්‍රය ක්‍රියාත්මක කළද බාහිර බලපෑම් නිසා අසාර්ථක වූ යුදමය විකල්පයයි.
අප විසින් නවතාවයකින් යුතුව මෙම උපායමාර්ගය 1998 දී නැවත යෝජනා කළේ කොටි සංවිධානය තීරණාත්මකව යුදමය ලෙස පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ශක්තිමත් නොකර කිසිදු දේශපාලන හෝ සංවර්ධන වැඩ පිළිවෙළක් උතුරේ දෙමළ සමාජයට ලබාදීම සිදුකළ නොහැකි බවය. මෙය මවිසින් පසුව සූත්‍රගත කරනු ලැබුවේ නිරවිකරණය Demilitarization, ප්‍රජාතන්ත්‍රකරණය Democratization සහ සංවර්ධනය Development& 3- D ක්‍රමවේදයක් ලෙසය.
2006 මාවිල්ආරු සොරාව්ව වසා දැමීම හා ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගත් ප්‍රභාකරන්ගේ ප්‍රහාර නිසා මහින්ද රාජපක්ෂගේ ප්‍රභාකරන් සමග සහජීවන උපාය මාර්ගය අවුල් විය. උපාය මාර්ගය එනම්, ජිනීවාවලට ගොස් සාකච්ඡා කරන අතරේ රාඩා (RADA) ආයතනය හරහා මූල්‍ය කප්පම් දෙමින් කොටි සංවිධානය කළමනාකරණය කළ හැකි වේයැයි සිතූ ක්‍රියාදාමයය. ජනාධිපති මහින්ද රාජපක්ෂට ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීමේ අපගේ උපාය මාර්ගයට අකැමැත්තෙන් හෝ මාරුවීමට සිදුවිය. ප්‍රථම වතාවට ආරක්ෂක අංශ තනි යුද දේශපාලන අරමුණක් ඔස්සේ ක්‍රියා කරන්නට විය. මෙලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය නව අධිෂ්ඨානයකින් ප්‍රභාකරන් විරෝධී සංග්‍රාමයකට පිවිසීම ප්‍රභාකරන් පැරදවීමේ පළමු හා වැදගත් සාධකය විය.
දෙවනුව විදේශගත සහයෝගය ප්‍රභාකරන්ට නැතිව ගියේය
තමිල්නාඩුවේ (ජයලලිතා හා කරුණානිධි ප්‍රභාකරන් ලෝක දෙමළ නායකයා ලෙස ඉදිරියට එන තත්ත්වය තුළ) කොටි සංවිධානයට තිබූ ප්‍රාන්ත සහයෝගය දුර්වල වී ගියේය. ඉන්දියාවේ මැදිහත්වීමද ක්‍රමයෙන් මධ්‍යස්ථ විය. (විශේෂයෙන් රජීව් ගාන්ධි ඝාතනයෙන් පසු කොන්ග්‍රස් රජය) එමෙන්ම, එක්සත් ජනපදය කොටි සංවිධානයේ මරාගෙන මැරෙන තාක්ෂණය හා වෙනත් ත්‍රස්තවාදී තාක්ෂණයන් අල්කයිඩාවට යෑම ගැන බියෙන් සිටියේය. (එක්සත් ජනපද ඔත්තු සේවා කොටින්ගේ මුහුදු සැපයුම් විනාශ කිරීමට ශ්‍රී ලංකා නාවුක හමුදාවට සහාය දුන්නේය. පෙරළා ශ්‍රී ලංකාවද එක්සත් ජනපදයට යුද සැපයුම් දීමට රහසිගත ගිවිසුමකට (ඇක්සා) පැමිණියේය) කෙසේ වෙතත් කොටි සංවිධානය සහමුලින් විනාශවීම බටහිර රටවල බලාපොරොත්තුව නොවීය. ඔවුන් අවසන් මොහොතේ ප්‍රභාකරන් ගලවා ගැනීමට ඉදිරිපත් වූයේ ඒ නිසාය. එයට ශ්‍රී ලංකා ආණ්ඩුව කන් නොදුන් විට ජාත්‍යන්තරයේ ලංකාවට එරෙහි ක්‍රියාදාමයකට නැඹුරු වීමටද එය හේතුවක් විය. කෙසේ වෙතත්, චීනය හා පාකිස්ථානය ලබාදුන් යුදමය, මූල්‍යමය හා රාජ්‍ය තාන්ත්‍රික සහාය ජයග්‍රහණයට වැදගත් වූ අතර, ඉන්දියාව මැදහත් ආකාරයට සහයෝගය ලබාදීම අතිශය තීරණාත්මක විය.
තෙවනුව, රාජපක්ෂවරුන්ගේ හමුදා නියෝජනය වූ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරයේ සිටීම නිසා හමුදාව හා දේශපාලන නායකත්වය අතර සුහද බැඳීමක් හා විශ්වාසයක් ඇතිවිය.
එහෙත්, ගෝඨාභය රාජපක්ෂ කොටි විරෝධී සංග්‍රාමයේ නිර්මාණකරුවා (Chief Architect) යන්න සත්‍යයක් නොවේ. ඔහු කළේ සරත් ෆොන්සේකා වැනි හමුදා නායකයින්ට රිසි ලෙස යුද්ධය මෙහෙයවීමට ඉඩ දී අවශ්‍ය දේශපාලන රැකවරණය ලබාදීමය. මෙය යුද ජයග්‍රහණයට අතිශයින් වැදගත් වූ කරුණක් විය. (කෙසේ වෙතත්, මෙකී ක්‍රියාවලිය පසුව මාධ්‍යවේදීන් ඝාතනය වැනි අපකීර්තිමත් තත්ත්වයන්ට හා හමුදාවේ සිදුවූ මිග් ගනුදෙනුව, ඇවන්ට්ගාඞ්, ෂැංග්‍රිලා වැනි සිදුවීම්වලටද බලපාමින් හමුදාවේ කීර්තිනාමයටද හානියක් සිදුකළේය).
සිව්වනුව, ඉන්දියාවේ මෙන්ම ලංකාවේද දෙමළ හා මුස්ලිම් සමාජයේ දේශපාලන නායකයින් බහුතර පිරිස ප්‍රභාකරන් අවසන් කළ යුතු යැයි යන මතයට පැමිණීමය.
(ජයලලිතා හා කරුණානිධි දෙදෙනා මෙන්ම, ලංකාවේ දෙමළ කතාකරන නායකයින්ද තමනට එය පැවසූ (2009) බව ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා වන මෙනන් මහතා සිය Choices නම් කෘතියේ ප්‍රකාශ කර ඇත.)
මෙම මූලික කරුණු හතර නිසා ප්‍රභාකරන් පරාජය කිරීමට අවශ්‍ය පිරිස් බලය, අවි ආයුධ හා සමාජ මතය දේශීය හා විදේශීය වශයෙන් ගොඩනැංවිණි. එය ඔහුගේ විනාශයට හේතුවිය.
වැඩිමනක් ලෙස කිව යුත්තේ ජවිපෙ 2007දී ආණ්ඩුවට සහාය දීමෙන් ඉවත් නොවුණා නම් රාජපක්ෂලාට තනියෙන් යුද ජයග්‍රහණය සැමරීමට හැකි නොවන බවය. තවද, 2005 ජනාධිපතිවරණ පරාජයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවනීය ලෙස පක්ෂ නායකත්වය කරූ ජයසූරියට ලබා දුන්නේ නම් එජාපයට 2010න් පසු ඇතිවූ සිංහල පදනම නාය යෑම සිදු නොවනු ඇති බවය. එමෙන්ම, 2015දී උගත් සිංහල සමාජය ලබාදුන් වැදගත් ජනවරමට රනිල් හා සිරිසේන එරෙහිව ක්‍රියා නොකළේ නම් 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය නොගන්නා බවය.
2009 මැයි 18 යුද ජයග්‍රහණය රාජපක්ෂ පවුලේ වික්‍රමයක් නොවේ. නමුත් මහින්ද රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂට ලැබිය යුතු ගෞරවයක් ඇති බවද ප්‍රකාශ කළ යුතුය. යුද ජයග්‍රහණය බොහෝ දුරට දිවිපිදූ, පරිත්‍යාගයන් කළ හමුදා නිලධාරීන් හා සමස්ත ජනතාවගේ මහා පරිත්‍යාගයෙන් ලබාගත් සාමයකි. ප්‍රභාකරන්ගේ හිංසාකාරී යාන්ත්‍රණය විනාශ වීම නිසා දෙමළ සන්ධානයට හා මුස්ලිම් පක්ෂවලට මර බියෙන් තොරව දේශපාලනය කිරීමේ අවස්ථාව ලැබී ඇත. නමුත් තවමත් අවිශ්වාසය දුරු වී නැත. ලංකාවේ ඉදිරි අභියෝගය එයයි. ප්‍රභාකරන් හා විජේවීරගෙන් ශ්‍රී ලංකාව උගත යුත්තේ සාමාන්‍ය ජනතාව සැමවිටම රැවටීමට, බලයෙන් යටපත් කිරීමට පවතින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ප්‍රභූ පන්තියට ලබාදී ඇති බලපත්‍රයක් නොවන බවය. මේ රට දැන්වත් ගජමිතුරු, ධන කුවේරයින්ගෙන්, වංශක්කාර මංකොල්ලකරුවන්ගෙන් ගලවාගෙන ප්‍රායෝගිකත්වයට මුල්තැන දෙමින් කුසලතාවය හා අවංකත්වය පරමාදර්ශය කර ගනිමින් නෙල්ලඩි මධ්‍ය විද්‍යාලයේ සිට දික්වැල්ල මධ්‍ය විද්‍යාලය දක්වා දරුවන්ට රටේ පාලන බලයට ඇති අයිතිය ලබාදීමට ක්‍රියාකළ යුතු බවය. නැත්නම් ඉදිරි කාලවලදීද ප්‍රභාකරන්ලා හා විජේවීරලා බිහිවීම නොවැළැක්විය හැකි වනු ඇත.

SendShareShare
Previous Post

ප්‍රභාකරන් මරපු කමල් එදා කියපු දේ…

Next Post

සජිත් විපක්ෂයේ සිට ගහපු ගේම

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.