• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සජිත් විපක්ෂයේ සිට ගහපු ගේම

May 26, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
සජිත් විපක්ෂයේ සිට ගහපු ගේම
Share on WhatsAppShare on Facebook

යුද ජයග්‍රහණය ලබන මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාය. එදා එජාපය යුද්ධයට විරුද්ධ ස්ථාවරයක සිටින බවට බරපතළ චෝදනාවක් එල්ල වුවද සජිත් ප්‍රේමදාස මහතා ආරම්භයේ සිටම සිටියේ ත්‍රස්තවාදය කුමන ආකාරයකින් හෝ අවසන් කළ යුතුය යන ස්ථාවරයකය. එමෙන්ම වීරෝදාර රණවිරුවන් ගෙනගිය සටනට එදා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධයේම සහාය පළකර සිටියේය. ඊට හේතුව වූයේ සජිත්ගේ පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. විසින් ඝාතනය කරනු ලැබ තිබීමය. අද සජිත් හිටපු විපක්ෂ නායකවරයාය. එමෙන්ම සමගි ජන බලවේගයේ නායකයාය. මේ පළවන්නේ යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ‘මව්රට’ පුවත්පතට ලබාදුන් විශේෂ ලිපියය.

අභිමානයෙන් සැමරිය හැක්කේ ශ්‍රේෂ්ඨත්වයෙන් පරිපූර්ණ දේ බවට කියමනක් තිබේ. මීට වසර එකොළහකට පෙර අපගේ මාතෘභූමිය නිදහස ලැබූ කතාව අභිමානවත් ලෙස සැමරිය හැක්කේ එය එතරම්ම ශ්‍රේෂ්ඨ නිසාය. රටේ තරුණ ජීවිත දස දහස් ගණනක් අවස්ථා කිහිපයකදීම අකාලයේ අපට අහිමි වී තිබේ. එකක් උතුරේ කැරැල්ලය. අනෙක දකුණේ කැරල්ලය. මේ දෙකෙන්ම මේ මාතෘභූමියට අහිමිවූයේ මිනිසුන්ය. ත්‍රස්තවාදය ලෝකයට බොහෝ දේ අහිමිකොට තිබේ. ලෝකයේ ශිෂ්ටසම්පන්න මිනිසුන්ගේ සාමකාමී දිවිපෙවෙත විනාශ කළේ ත්‍රස්තවාදයයි.
එකී බිහිසුණු ත්‍රස්තවාදයෙන් දශක තුනක් මේ මාතෘභූමිය බැට කෑවේය. 2009 මැයි18 ඒ සාහසික ත්‍රස්තවාදය මේ රටේ වීරෝදාර රණවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් අවසන් කළ බව නිශ්චිතය. ඒ නිසා ඒ වසර ඓතිහාසිකව සදානුස්මරණීය වන්නේ තිස් වසරක යුද්ධය නිමාවූ වසර ලෙසය.

එකී ජයග්‍රහණය හුදෙක් දේශපාලන හෝ ජාතිවාදී ඉමකට තල්ලු කිරීම අතිශයින්ම අසාධාරණය. එක් ජනවර්ගයක ජයක් ලෙසත් තව ජනවර්ගයක පරාජයක් ලෙසත් ඒ විජයග්‍රහණයන් සැලකීම ශිෂ්ටසම්පන්න නොවේ.
එය ත්‍රස්තවාදයේ පරාජයක් ලෙස අපි හඟිමු. ත්‍රස්තවාදය විනාශ කිරීමේ යුද ජය කාගේ හෝ තනි බූදලයක් නොවේ. එයට දායක වූවෝ බොහෝය. සියල්ලටම පළමු යුද පිටියෙහි අවි දරා සටන් වැදුණවුන් සහ සෙන්පතියන් මේ ජයග්‍රහණයේ ප්‍රමුඛයෝය. එමෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාද ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.
මේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය එක් අතකින් පුරාවෘත්තයක් බඳුය. තවත් අතකින් විශ්මයජනකය. යුද්ධයෙන් කළ අහිමිවීම් හේතුවෙන් දෙනෝදහසක් දෙනා අදටත් සුසුම් හෙළති. තවදුරටත් ඒ අහිමිවූවන් එතැයි තවමත් මග බලාගෙන සිටින්නන් කී දහසක්ද?
ත්‍රස්තවාදයේ වියරු බව මාද අත්දැකීමෙන් ලබා ඇත්තෙමි. එහි වේදනාබර අහිමිවීම අත්විඳ ඇත්තෙමි. විශේෂයෙන්ම 2009 වසරේ එවකට හමුදාපතිව කටයුතු කළ වර්තමාන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාපති ලෙස ජාතියට දුන් ඓතිහාසික පොරොන්දුව මට තවමත් මතකය.
ඔහු කීවේ ‘මගෙන් පසුව එන හමුදාපතිවරයකුට මේ යුද්ධය ඉතිරි නොකරමි’ කියාය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ පොරොන්දුව ඉටු කළේය.
ඔහුගේ කතාවටත්, ලේ මස් ඇට නහර පුදා ඉදිරියට ගිය වීරයින්ටත් සමහරුන් අපහාස උපහාස කළ බව සැබවි. එපමණක්ද නොව, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ දිවි පරදුවට තැබූ මහා කැපකිරීම ඉතිහාසයෙන් මකා දමන්නට ඇතැමුන් කටයුතු කරනුද දැකිය හැකි විය. එවන් කළගුණ නොදත් පිරිස් ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන බව පුන පුනා කිවයුතු නැත.
යුද්ධය නිමා කරන්නේ කවුද යන්න මට එවක අදාළ වූයේ නැත. නමුත් මම ඔවුන්ට ආශිර්වාද කළෙමි. කිසි විටෙක ඒ උදාර කාර්ය මවිසින් උපහාසයට ලක්කොට නැත. අප පෙනී සිටියේ මාතෘභූමියේ ජයග්‍රහණය උදෙසාය.
සෑම දිනයකම කොහේ හෝ බෝම්බයක් පිපිරෙන පුවත් හෝ කොහේ හෝ සිදුවූ ප්‍රහාරයකින් මියගිය මිනිසුන් ගැන පුවත් අසන්නට ලැබීම තරම් අවාසනාවන්ත අත්දැකීමක් තවත් නැත. දෙදහස් නවය වසරේ මැයි 18 නිමා වූයේ ඒ විසකුරු යුද්ධයයි. යුද්ධය නිමාව දැකීමේ ප්‍රාර්ථනාව සෑම විටෙකම අප බලාපොරොත්තු වූ අතර කිසිදු කුහකත්වයකින් තොරව රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටියෙමි. මානුෂීය මෙහෙයුම වකවානුවේත්, ඉන් පසුවත් යුද ජයග්‍රහණය පිළිබඳව මට පක්ෂ පාට දේශපාලනයක් තිබුණේ නැත.
යුද්ධය ජයගන්නට නායකත්වය දුන් එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමට එරෙහිව මම සෘජුවම පෙනී සිටියෙමි. ජාත්‍යන්තර වශයෙන් අපේ මාතෘභූමියට බලපෑම් එල්ල වන සෑම විටෙකම ඊට එරෙහිව මගේ ස්ථාවරය නොසැලිණි. මෑතකදී වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව දියත් වූ ජාත්‍යන්තර බලපෑම් අවස්ථාවේ තිරසාරව ඔහු වෙනුවෙන් පෙනී සිටියෙමි.
එපමණක් නොව මානුෂීය මෙහෙයුම ජයග්‍රහණය කිරීම උදෙසා කැපවූ සියලු දෙනා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියෙමි. ඒ වීරෝදාර රණවිරුවන්ගේ සුබසාධනය, ජීවන තත්ත්වය නගාසිටුවීම වැනි කටයුතු කෙරෙහි අපි තිරව පෙනී සිටිමු.
යුද ජයග්‍රහණයෙන් අනතුරුව මේ වනවිට දශකයක් ඉක්ම ගොස් ඇති අතර ඒ උදෙසා ජීවිතය කැප කළ පවුල් වෙනුවෙන් ස්ථිරසාර සුබසාධන වැඩපිළිවෙළක් තවමත් දකින්නට නැත. රටේ ස්වෛරීත්වය උදෙසා කැපවී ආබාධිත වූ විරුවන් සුරක්ෂිත කිරීමේ නිසි වැඩපිළිවෙළක් තවමත් නැත. දිවි පිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට, මාපියන්ට පවා තවමත් සාධාරණත්වය ඉටුව නැත.
යුද්ධය නිසා අහිමිවූවන් වෙනුවෙන් සාධාරණත්වය ඉටු වනතුරු බලා සිටින අයට සාධාරණත්වය ඉටු විය යුතුය. යුද ජයග්‍රහණය කිසිවෙකුගේ තනි අයිතියක් නොව මහා සාමූහික ක්‍රියාන්විතයක අග්‍රගණ්‍ය ප්‍රතිඵලයකි. සශ්‍රීකත්වය අගයන ඒකීය මාතෘභූමියක සියලු ජනකොටස් සහෝදරත්වය පෙරදැරිව ජීවත් වීම පිළිබඳව නොසැලෙන විශ්වාසයක් අප තුළ තිබේ. ඒ උදෙසා නොවෙනස්,තිරසාර ප්‍රතිපත්තියක පිහිටා අපි කටයුතු කරමු.
අද අපගේ දේශපාලන ගමන්මග තුළ පවා අප සමග අතිමහත් වූ දේශප්‍රේමී රණවිරුවන් විශාල පිරිසක් එක්ව සිටී. යුද්ධය නිමා කිරීමට නායකත්වය දුන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමන්ගේ සිට විශාල පිරිසක් ඒ අතර වෙති. ඔවුන්ගේ ආශිර්වාදය අපේ ගමනට මහා ශක්තියකි. අපේ රටේ රණවිරුවන් පෙරට එන්නේ යුද්ධය අවස්ථාවේ පමණක් නොවේ. ස්වභාවික විපතක් වූ විටද, මහා ව්‍යසනයක් ඇතිවූ විටද, කිසියම් උවදුරක් ඇති අවස්ථාවකද ඔවුහු රට වෙනුවෙන් පෙරට එති. මේ කොරෝනා ව්‍යසනය අවස්ථාවේ පවා ඔවුහු දිවි පරදුවට තබා කැපවෙති. ඔවුහු ශේ්්‍රෂ්ඨ වන්නේ එබැවිනි.
අපේ රටේ රණවිරුවන් පිළිබඳව අභිමානයක් මෙන්ම ආඩම්බරයක් දැනෙනුයේ එබැවිනි. මීට එකොළොස් වසරකට පෙරාතුව කුරිරු යුද්ධය නිමාකොට නිදහස් ස්වෛරී දේශයක් බිහිකිරීමට පණ නල කැප කළ උත්තරීතර විරුවන්ගේ ගුණ සුවද තුළින් සදාකාලිකව අපේ මාතෘභූමිය සුරක්ෂිත බව සඳහන් කරනු කැමැත්තෙමි.

SendShareShare
Previous Post

ඔළු හදපු චම්පික

Next Post

එදා බඩු මිලෙයි අද බඩු මිලෙයි වෙනස කියපු ජේ.සී. මහින්ද කියපු කතාවකුත් මතක් කරයි (VIDEO)

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.