• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඒ.‌ජේ.-‌ප්‍රේමදාස-‌සේනාධිපති-දිල්රුක්ෂි-රං‌ගේ-නාමල් කුමාර-නාලක සිල්වා හඬ පට හුටපට

January 19, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ඒ.‌ජේ.-‌ප්‍රේමදාස-‌සේනාධිපති-දිල්රුක්ෂි-රං‌ගේ-නාමල් කුමාර-නාලක සිල්වා හඬ පට හුටපට
Share on WhatsAppShare on Facebook

පසුගිය දින කිහිපයේ ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනකුගේ දවස ගෙවී ගියේ රන්ජන්ගේ හඬ පට සමඟින්ය. තම පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න මඳකට අමතක කළ ජනතාව වැඩි වශයෙන් උනන්දු වූයේ අලුතෙන් ප්‍රසිද්ධිය පත් වූ රන්ජන්ගේ හඬ පටය කා සමඟ කළ එකදැයි දැන ගැනීම සඳහාය. එදිනෙදා රාජකාරි සඳහා ගමන් කරන අතරතුරේදී පවා එම හඬ පට සඳහා සවන් යොවමින් ගමන් කරන බොහෝ දෙනකු පසුගිය දින කිහිපයේදී බස්රථ සහ දුම්රිය තුළදී ඕනෑතරම් දැක ගත හැකි විය. සරලවම කිවහොත් රන්ජන් රාමනායක මහතාගේ යැයි කියන හඬ පට ශ්‍රී ලංකාවේ මුළු මහත් සමාජයම උඩු යටිකුරු කිරීමට සමත් විය. එම හඬ පට හරහා සමාජයට නිරාවරණය වූ ඇතැම් කරුණු පොදු ජනතාව කිසි දිනෙක බලාපොරොත්තු නොවූ ඒවා විය. කෙසේ නමුත් හඬ පට ඔස්සේ අනාවරණය වන කරුණු අනුව අධිකරණය කටයුතුවලට මැදිහත් වීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ රන්ජන් රාමනායක මහතා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය. ඒ අනුව රන්ජන් රාමනායක මහතා මේ වන විට කල් ගෙවන්නේ වැලිකඩ බන්ධනාගාරයේය.
හඬ පට සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ වැඩිම ආන්දෝලනයක් ඇති කළ පුද්ගලයා රන්ජන් රාමනායක මහතා බවට විවාදයක් නැත. නමුත් ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යන්නේ මීට පෙරද හඬ පට සම්බන්ධ සිදුවීම් ගණනාවක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවය. මේ අතරින් බොහොමයක් හඬ පට දුරකතන සංවාදයන්හිදී පටිගත කරගත් ඒවාය. වර්තමානයේදී ජංගම දුරකතනයක් මඟින් සංවාදයක් පටිගත කිරීම ඉතාම පහසු කටයුත්තකි. එක් ඇඟිලි තුඩු ස්පර්ශයකින් එය සිදු කළ හැකි බවද, ඕනෑම කෙනකු දන්නා කරුණකි. එම තාක්ෂණය සහිත ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ ජනතාව අතරට පැමිණියේ පසුගිය වසර විස්සක තරම් කාල සීමාව ඇතුළතදී බවද අමුතුවෙන් පැවසිය යුතු නැත. නමුත් දේශපාලනය හා සෘජුව සම්බන්ධ හඬ පට පිළිබඳ කතා බහ මුලින්ම මතු වන්නේ ඊටත් බොහෝ කලකට පෙරය. හරියටම දින වකවානු සහිතව කිවහොත් එය සිදු වන්නේ 1993 වසරේදීය.
එම හඬ පට සම්බන්ධ කතාබහට මුල්වන්නේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජයේ ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැතිවරයා වූ ඒ. ජේ. රණසිංහ මහතාය. රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඉතාම කිට්ටුවන්තයකු ලෙස සැලකුණු ඒ. ජේ. රණසිංහ මහතා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේද ඒ හිතවත්කම මත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසටය. කෙසේ වෙතත් ඒ. ජේ. රණසිංහ මහතා රට තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වන්නේ තමාව දේශපාලනයට ගෙන ආ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේම හඬපට ප්‍රසිද්ධියට පත් කරමින්ම වීම විශේෂත්වයක් විය. සිත්ඇදගන්නා කතා ශෛලියකින් හාස්‍යෝත්පාදන කතා මවන්නකු ලෙස ප්‍රචලිත ඒ. ජේ. රණසිංහ මහතා සමඟ නිතර අල්ලාප සල්ලාපයේ යෙදීමට රණසිංහ ප්‍රේමදාස මහතා දැඩි කැමැත්තක් දැක්වූ බව එකල ප්‍රචලිත කරුණක් විය. ඒ හේතුවෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා ජීවත් වූ සුචරිතයට නිතර යන එන අය අතර ඒ. ජේ. රණසිංහ මහතාටද ප්‍රධාන තැනක් හිමි විය. එලෙස කතා බහේ නිරතව සිටි අවස්ථාවලදී ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ඉතා රහසිගත කරුණු රාශියක් ඒ. ජේ. රණසිංහ සමඟ පවසා ඇත. කෙසේ නමුත් ඒ. ජේ. රණසිංහ කෙරෙහි තැබූ විශ්වාසය ජීවත්ව සිටින කාලයේදී ප්‍රේමදාස ජනාධිපතිවරයාට කිසි ලෙසකින්වත් හානියක් සිදු නොකළ නමුත් එය පාරාවළල්ලක් බවට පත් වන්නේ ජනාධිපතිවරයා මිය යෑමෙන් පසුවය.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ හදිසි අභාවයෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සමඟ එකතු වූ ඒ. ජේ. රණසිංහ පැවසුවේ, ප්‍රේමදාසගේ රහස් පෙට්ටියක් තමන් ළඟ ඇති බවය. එය එළියට දැමුවහොත් ප්‍රේමදාස පවුලම විනාශ වන බවද ඔහු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේය. ඒ. ජේ. රණසිංහ පැවසූ ආකාරයටම ඉන් ටික දිනකට පසු එම හඬ පට කිහිපයක් ප්‍රචාරය වන්නටද විය. එජාපයේ ප්‍රධානීන් පමණක් නොව ඉන්දියාව පවා ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් විවේචනය කරන ආකාරය එම හඬපටවල පැහැදිලිව සටහන් විය. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයට පවා එම හඬ පට මඟින් දැඩි හානියක් සිදු විය. පසුව අනාවරණය වූ පරිදි එලෙස සංවාද පටිගත කිරීම ඒ. ජේ. රණසිංහ විසින් නිරන්තරයෙන්ම සිදු කර ඇත. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පමණක් නොව තමන් සමඟ සංවාදයේ නිරත වූ බොහෝ දෙනකුගේ හඬ පට තමන් සතුව ඇති බව ඒ. ජේ. රණසිංහ පසුව අනාවරණය කළේය. ඒ. ජේ. එම සංවාද පටිගත කළ ආකාරය නිශ්චිතවම සඳහන්ව නැතත්, බොහෝ විට ඔහු ඒ සඳහා යොදා ගන්නට ඇත්තේ කුඩා ප්‍රමාණයේ කැසට් රෙකෝඩරයක් වන්නට ඇත. සාක්කුවේ පවා දාගෙන යා හැකි එවැනි කුඩා ප්‍රමාණයේ කැසට් රෙකෝඩර එකල ශ්‍රී ලංකාව තුළ ඕනෑ තරම් දක්නට හැකි විය. කෙසේ නමුත් ඒ. ජේ. ගේ එම හෙළිදරව්වෙන් පසු ඔහුට සිදුවූ බරපතළම හානිය වූයේ කිසිවකු ඔහු සමඟ කතා බහ කිරීමට අකැමැති වීමය. ඔහුගේ සහාය ලබාගනිමින් ජනාධිපති ධුරයට පත් චන්ද්‍රිකා කුමාරණතුංග පවා ඒ. ජේ. සමඟ කතා බහ කිරීමට අකමැති වූ බව එකල ප්‍රසිද්ධ රහසක් විය. 1994 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙසින්ද තරග වැදුණු ඒ. ජේ. රණසිංහ මහතාගේ දේශපාලනය නිමා වීමට ප්‍රධාන හේතුව වූයේද ඔහු සමඟ සාකච්ඡා කිරීමට අනෙක් පුද්ගලයන් තුළ පැවැති බිය බව දේශපාලන විචාරකයන්ගේ මතය විය.
ඉන් අනතුරුව හඬ පට සම්බන්ධයෙන් රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කරන්නේ නාමල් කුමාරය. ඒ වන තෙක් කිසිවකු නම හෝ අසා නොතිබූ නාමල් කුමාරට හඬ පට සම්බන්ධ දැවැන්ත හෙළිදරව්වක් සිදු කරන්නේ මහනුවර පැවැති මාධ්‍ය හමුවකදීය. එම හඬ පට මාධ්‍යයට නිරාවරණය කරමින් ඔහු පවසන්නේ එවකට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවය. 2018 වසරේ සැප්තැම්බර් 12 වැනි දින පැවැති එම මාධ්‍ය හමුවේදී නාමල් කුමාර අනාවරණය කළේ ඉන්දීය රෝ ඔත්තු සේවයේ අනුදැනුම මත ක්‍රියාත්මක එම කුමන්ත්‍රණය මෙහෙයවන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ නාලක සිල්වා මහතා බවය. ඒ හේතුවෙන් වැඩ තහනමකට ලක් වීමට නාලක සිල්වා මහතාට සිදු විය. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාද එම කුමන්ත්‍රණය පිටුපස සිටින බවට නාමල් කුමාර චෝදනා කළේය. ඉන් පසුව කිහිප අවස්ථාවකදීම මාධ්‍ය හමු පැවැත්වූ නාමල් කුමාර තමන් ළඟ විවිධ ආකාරයේ හඬ පට ඇති බවට මාධ්‍ය ඉදිරියේ පැවසීය. ඒ සඳහා සාක්ෂි වශයෙන් ඔහු සී. ඩී. තැටි මාධ්‍ය වෙත පෙන්වා සිටියේය.
නාමල් කුමාර සිදු කළ හෙළිදරව්ව ඉතාම බරපතළ එකක් බවට පත් වූයේ එය ශ්‍රී ලංකාවේ දේශපාලනික හැසිරීම සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කිරීමට සමත් වීම නිසාය. 2018 වසරේ ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ හදිසි ආණ්ඩු මාරුව සඳහා බලපෑ ප්‍රධාන සාධකය වූයේ නාමල් කුමාරගේ එම හෙළිදරව්වය. ඒ බව ප්‍රකාශ කළේ එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතාමය. ඒ අතර තාවකාලික ආණ්ඩුව විසුරුවමින් ඉක්මන් මහමැතිවරණයක් පැවැත්වීමේ ලකුණුද පෙනෙන්නට තිබූ අතර නාමල් කුමාර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවද අසන්නට ලැබිණි. නුවර සහ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමු වෙනුවට නාමල් කුමාර අම්පාර දේශපාලන වේදිකාවක සිට ජනතාව අමතන ආකාරයද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
නාමල් කුමාර ඉදිරිපත් කළ හඬ පට තුළ නාලක සිල්වා මහතාගේ හඬ ඇතුළත්ව තිබූ බව අනාවරණය වූ නමුත් නාමල් කුමාර පැවසූ ආකාරයේ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධ කිසිවක් ඒ හරහා අනාවරණය නොවන බව පසුව පොලිසිය ප්‍රකාශ කළේය. නාමල් කුමාරගේ හෙළිදරව්ව පරිදි එම ඝාතන කුමන්ත්‍රණයට සැක පිට ඉන්දීය ජාතිකයකුද අත්අඩංගුවට පත් වූ අතර පසුව අනාවරණය වූයේ එම ඉන්දීය ජාතිකයා මානසික රෝගියකු බවය. එම ඉන්දීය ජාතිකයා නාමල් කුමාරගේ නිවෙසට ගොස් ඇත්තේ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ කරුණුවල සත්‍ය අසත්‍යතාව විමසීම සඳහා බවද පසුව අනාවරණය විය. පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වීම හේතුවෙන් අලුතෙන් පත් කළ ආණ්ඩුවට වැඩි කලක් රට පාලනය කිරීමට නොහැකි වූ අතර පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බව අධිකරණය තීන්දු කළේය. නාමල් කුමාර සහ හඬ පට සම්බන්ධ කතා බහද යට ගිය නමුත් එම හඬ පට සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට පත් වූ නාමල් කුමාර මේ වන විට පසුවන්නේද රක්ෂිත බන්ධනාගාරයේය.
නාමල් කුමාරගේ සිදුවීමෙන් පසු හඬ පට සම්බන්ධව නැවත වරක් රට තුළ ආන්දෝලනයක් ඇති කරනු ලබන්නේ ඇවන්ගාඞ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතාය. ඒ පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මාසයේදීය. සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර යැයි පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර වීඩියෝවක් මඟින් ප්‍රචාරය කරනු ලැබුවේ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වූ දිල්රුක්ෂි ඩයස් මහත්මිය සමඟ පැවැති සංවාදයකි.
නිශ්ශංක සේනාධිපති – ඇත්තටම මැඩම් මේකේ 4,000කගේ විතර රස්සාවල් නැතිවෙලා. ඒ මිනිස්සුන්ට යන්න එන්න නැතිවෙලා.
දිල්රුක්ෂි ඩයස් – මම දන්නවා, මම දන්නවා. මම හිතුවේ නැහැ ව්‍යාපාරයට ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද මේක රටේ තිබුණු හොඳ ව්‍යාපාරයක්. මට නිකමට හරි හිතුණ නම් මේ වගේ දෙයක් සිද්ධවෙයි කියලා, ඔයා පිළිගන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ.
නිශ්ශංක සේනාධිපති – මට මැඩම් පණිවිඩ දෙකකුත් එව්වා. මට ඒවා හම්බවුණා.
දිල්රුක්ෂි ඩයස් – මොකද මම ජීවිතේට හිතුව නම් මේකෙන් බිස්නස් වැටෙයි කියලා මම ජීවිතේට මේ නඩුව දාන්නේ නැහැ. මේ කරුමක්කාර දේශපාලනය හන්දා. (පැහැදිලි නොමැත). මම ඔයාගේ ඔෆිස් එකේ තියෙන 7,500කට වැඩිය ලියුම් කියවලා තියෙනවා. ඒක හින්දා මම දන්නවා ඔයාගේ නිලධාරීන් නැව්වල ඉන්නකොට එයාලගේ පවුල් බලාගත්තේ කොහොමද කියලා.
දිල්රුක්ෂි ඩයස් – මම ගෝඨාභය රාජපක්ෂට විරුද්ධවත් නඩු දාන්නේ නැහැ. මම ඒ කරපු මුළු මේවා එක ගැනම දුක්වෙනවා. මම දන්නවා කොහොමද නීතිය කඩන්නේ කියලත්, නීතිය හදන්නේ කියලත්. ඒ දෙකම.
නිශ්ශංක සේනාධිපති මහතා සහ දිල්රුක්ෂි ඩයස් මහත්මිය අතර පැවැතුණේ යැයි කියන සංවාදය ඒ ආකාර විය. එම සංවාදය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ එවකට සොලිසිටර් ජෙනරාල්වරිය ලෙස සේවය කළ දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කළේය. ඒ සඳහා හේතු වූයේ අධිකරණය අවශ්‍යව සිටින සැකකරුවකු සමඟ දුරකතන සංවාදයක යෙදීම බවද ප්‍රකාශ විය. කෙසේ නමුත් එම හඬ පටය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයස් මහත්මිය චෝදනා කර සිටියේ තමන් සමඟ සිදු කළ දුරකතන සංවාදය සේනාධිපති මහතා විසින් විකෘති කර ඇති බවය. හැකි නම් එම සම්පූර්ණ සංවාදයම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලෙස ඩයස් මහත්මිය විසින් අභියෝගයක්ද එල්ල කළාය. නමුත් ඒ කිසිවක් සඳහා ඉන් අනතුරුව සේනාධිපති මහතා පිළිතුරු දක්වනු දක්නට නොහැකි විය.
මේ ආකාරයෙන් හඬ පට සම්බන්ධයෙන් මෙතෙක් ශ්‍රී ලංකා තුළින් වාර්තා වූ සිදුවීම් පෙළගැස්මේ අවසානය සනිටුහන් කරන්නේ රන්ජන් රාමනායක මහතාය. වාර්තා වන අන්දමට රන්ජන් රාමනායක මහතා සතුව තැටි ගත කොට ඇති දුරකතන සංවාද ප්‍රමාණය ලක්ෂයකට අධිකය. කෙසේ නමුත් එම හඬ පට මාධ්‍යයට ඉදිරිපත් කර ඇත්තේ සංස්කරණය කිරීමෙන් පසුව බවද රන්ජන් රාමනායක මහතාගේ නීතිඥයන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. එය සනාථ කර ගැනීම සඳහා ලබන 23 වැනිදා රස පරීක්ෂක වාර්තාවක් සඳහා රාමනායක මහතා ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් නියෝග ලබා දී ඇත.
නීති විශාරදයන් පවසන ආකාරයට දුරකතන ඇමතුම් පටි ගත කිරීම නීති විරෝධී කටයුත්තක් ලෙස ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියේ අර්ථ දැක්විය නොහැක. අවශ්‍ය නම් එම හඬ පට නීතිමය කරුණක් සඳහා අධිකරණමය සාක්ෂියක් වශයෙන්ද ඉදිරිපත් කර හැකිය. ඒ සඳහා අදාළ පුද්ගලයාගේ කැමැත්ත, අකැමැත්ත ප්‍රශ්නයක් නොවන අතර අවශ්‍ය වන්නේ එම හඬ පට අදාළ පුද්ගලයන්ගේම දැයි සනාථ කර ගැනීම පමණක් බවද නීති විශාරදයන්ගේ මතය වී ඇත. එහෙත් නීතිය ඉදිරියේ වරදක් නොවන නමුත් අනෙක් පුද්ගලයාගේ කැමැත්තකින් තොරව දුරකතන සංවාදයක් පටිගත කිරීම සදාචාර විරෝධී ක්‍රියාවක් බවද බොහෝ දෙනකුගේ අදහස වී ඇත.
මේ අතර රන්ජන්ගේ හඬ පට ජනතාවට අසන්නට දී ආණ්ඩුව රටේ ප්‍රශ්න යට ගසන බව විපක්ෂයේ චෝදනාව වී ඇත. විපක්ෂයේ චෝදනා කොයි හැටි වෙතත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඕනෑවට වඩා අවධානය යොමු කිරීම එතරම් හොඳ නැති බවට සාක්ෂි ශ්‍රී ලංකාවෙන් ඕනෑ තරම් සොයා ගත හැකිය. මීට පෙර වාර්තා වූ හඬ පට සම්බන්ධ සිදුවීම්වලටද එම කාරණය අදාළය. ඒ අතරින් ප්‍රධාන එකක් ලෙස සඳහන් කළ හැක්කේ 2018 වසරේ ඔක්තෝබර් 30 වැනිදා මඩකලපුව වවුනතිවූහිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීමය. නාමල් කුමාරගේ හඬ පට ඔස්සේ ඇති වූ ආණ්ඩු මාරු සම්බන්ධව හැම දෙනාගේම අවධානය යොමු වී තිබූ පසුබිමක සිදු වූ එම ඝාතන සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු නොවූ අතර එය එල්. ටී. ටී. ඊ. ගිණුමට බැර කරමින් නිහඬ වීමට පාලකයෝ කටයුතු කළහ. නමුත් පසුව අනාවරණය වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වග කිව යුත්තන් වූ සහරාන් ඇතුළු කල්ලිය ශ්‍රී ලංකාවේ සිදු කළ පළමු මිනිස් ඝාතනය එය බවය. නිසි ලෙස විමර්ශන සිදු කළේ නම් සහරාන් ඇතුළු කල්ලිය ඒ අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබුණු නමුත් හඬ පට හේතුවෙන් රට තුළ ඇතිව තිබූ දේශපාලන ව්‍යාකූලත්වය මත ඒ සඳහා ඉඩක් නොවීය. එබැවින් නැවත් වරක් මතක් කළ යුතු කාරණය වන්නේ රන්ජන්ගේ හඬ පට පිළිබඳවද ඕනෑවට වඩා අවධානය යොමු කරමින් රටේ අනෙක් ප්‍රශ්න අමතක කිරීම නුවණට හුරු දෙයක් නොවන බවය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ප්‍රභාකරන් මරා වසර 10කට පසු ‘ටැමිල් ඊළාම්’ යළි උපදී

Next Post

රන්ජන් පළිගන්න හදයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.