• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ප්‍රභාකරන් මරා වසර 10කට පසු ‘ටැමිල් ඊළාම්’ යළි උපදී

January 19, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ප්‍රභාකරන් මරා වසර 10කට පසු ‘ටැමිල් ඊළාම්’ යළි උපදී
Share on WhatsAppShare on Facebook

හොල්මන්, භූත, අවතාර ගැන කලින් කලට ලෝකයේ විවිධ තැන්වලින් විවිධ කතාන්දර ඇසෙයි. ශ්‍රී ලංකාවේ ජනරටාව කණපිට පෙරළා ලේ විලක් කළ කුරිරු කොටි නායක ප්‍රභාකරන් ඝාතනය කර වසර 10ක් ඉක්මවා ඇතත්, ඔහු ගැනද විවිධ කතා අසන්නට ලැබුණේ, ඔහු තවද ජීවතුන් අතර සිටින බැව් පවසමිනි. එසේම ඔහුගේ මහා සිහිනය වූ ‘දෙමළ ඊළම’ නමැති දේශය ගැනද, ලොව තැන් තැන්වලින් කතාන්දර තවමත් ඇසෙයි. ‘දෙමළ ඊළම’ ද ප්‍රභාකරන් සමඟම සදහටම වළ දැමූ බැව් සමහරුන්ට අමතකය. එහෙත් එම සත්‍යය විශ්වාස නොකරන අන්තවාදී මිනිසුන් රැළක් තවද ලොව වෙසෙති. ඒ බොහෝ මිනිසුන් ඇත්තේ මෙරටට වඩා පිටරටය.
මෙම අපූරු කතාවද පිටරටකින් ගලා එන්නේ එවන් පසුබිමකදීය. ‘ටැමිල් ඊළාම්’ නමැති පාපන්දු කණ්ඩායමක කතාන්දරය එය වෙයි. කැනඩාවේ පිහිටුවාගෙන තිබෙන ශ්‍රී ලාංකික දමිළ ක්‍රීඩකයන් පිරිසක් සිටින මෙම පාපන්දු කණ්ඩායමේ නම ‘ටැමිල් ඊළාම්’ය. එනම් දමිළ දේශයක් යන අරුතය. ජාතිවාදී සහ අන්තවාදී පරිසරයකදී මෙවැනි නමක් තබා තිබීම දෙනෙත් විවරකරවන, දෙවරක් සිතා බැලිය යුතුකාරියක්ය. දමිළ ශ්‍රී ලාංකිකයන් එහි සාමාජිකයන් ලෙස සිටියත් එම කණ්ඩායම ‘ශ්‍රී ලංකා’ යන නම නොතබා මෙසේ ආන්දෝලනාත්මක නමත් තැබීම මහත් ආන්දෝලනයකට ලක්වී ඇත.
සාමාජිකයන් 15 දෙනකු සිටින මෙම ‘ටැමිල් ඊළාම්’ පාපන්දු කණ්ඩායම පිහිටුවාගෙන ඇත්තේ කැනඩාවේ එංගලන්තයේ සහ ස්විස්ටර්ලන්තයේ වෙසෙන දමිළ ඩයස්පෝරාවේ සහභාගිත්වයෙනි. වෙනම දේශයක් ඉල්ලා උද්ඝෝෂණය කර පරාජයට පත්ව පසුබසින ලද එල්.ටී.ටී.ඊ. කොටි හිතවාදී පිරිස් රැසක් මෙම ඩයස්පෝරාවට අයත්ය. එහි සිටින දක්‍ෂ, තරුණ පාපන්දු ක්‍රීඩකයන් තෝරාගෙන මෙම නව පාපන්දු කණ්ඩායම පිහිටුවාගෙන ඇත්තේ කැනඩාව තුළය. ජාතිවාදී තත්ත්වය කෙසේ වුවද මෙම තරුණ පාපන්දු කණ්ඩායම මේ වන විට විවිධ තරගාවලිවලදී සුවිශේෂී දස්කම් පෙන්වා ඇතැයි වාර්තා වෙයි. එසේම මෙම තත්ත්වය දැනට බොහෝ කතාබහටද ලක්වී ඇත.
මෙම ‘ටැමිල් ඊළාම්’ නමැති පාපන්දු කණ්ඩායම මේ වන විට ප්‍රකට ජාත්‍යන්තර පාපන්දු සංවිධානයක් වන ‘කොනිෆා’ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන ඇත. මෙම සංවිධානය ලෝකයේ රටවල් 59ක සාමාජිකත්වය දරන පාපන්දු කණ්ඩායම්වලින් සමන්විත වෙයි. ශ්‍රී ලංකාව වෙනුවට එහි ඇත්තේ ‘ටැමිල් ඊළාම්’ කණ්ඩායම වන අතර, ශ්‍රී ලංකාවෙන් වෙනත් නිල කණ්ඩායමක් එය නියෝජනය නොකරයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එහි ‘ටැමිල් ඊළාම්’ කණ්ඩායම ඇතත්, ඔවුන් එහිදී ප්‍රකාශිත වන්නේ ශ්‍රී ලාංකික නියෝජනයක් නොවේ. එනම් ‘ටැමිල් ඊළාම්’ නොහොත් ‘දමිළ දේශය’ ලෙස නියෝජනය වීමකි. මෙය සැබැවින්ම අත්තනෝමතික නීති විරෝධීකාරියක්ද වෙයි.
කෙසේ හෝ මේ වන විට මෙම කණ්ඩායමේ දක්‍ෂතාවලට අනුව තරග රැසක්ම ජයග්‍රහණය කර ඇත. ඔවුන් පසුගියදා ජයග්‍රහණය කළ නවතම තරගය වන්නේ බටහිර පැපුවා දේශයසමඟ පැවැති තරගයයි. මෙහිදී ගෝල 10-02ක් ලබා ගනිමින් ‘තමිල් ඊළාම්’ කණ්ඩායම ජයග්‍රහණය කළේය. මෙම තරගය පවත්වනු ලැබුවේ නෙදර්ලන්තයේ, හේග් නුවර වන අතර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම සඳහා එය පවත්වන ලදී. මේ ආකාරයේ ‘ටැමිල් ඊළාම්’ කණ්ඩායමට ඉදිරියේදීත් ජාත්‍යන්තර මට්ටමේ තරග රැසකට සහභාගි වීමට නියමිතය. ‌කොනිෆා සංවිධානය 2013 වසරේදී පිහිටුවනු ලැබූ අතර, එය ජාත්‍යන්තර ප්‍රමිතිය සහ සහතිකත්වය ලැබූ ක්‍රීඩා සංවිධානයක් වෙයි.
ලෝකයේ සුවිශාලතම සහ ප්‍රධානතම ජාත්‍යන්තර පාපන්දු සංවිධානය වන්නේ FIFA – The Federation International de Football Association නමැති සංවිධානයයි. ලෝකයේ විවිධ රටවල ජාතික පාපන්දු කණ්ඩායම් 211ක් මෙහි සාමාජිකත්වය දරන අතර, ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කරනු ලබන්නේද මෙම ආයතනය විසිනි. කොනිෆා සංවිධානයට අනුබද්ධිතව සාමාජිකත්වය නොලැබූ විවිධ රටවල පාපන්දු කණ්ඩායම් FIFA සංවිධානයේ සාමාජිකයෝ වෙති. ඒ අනුව ලෝකයේ රටවල් 59ක් එයට අයත් අතර, ආසියාවේ රටවල් 11ක්ද එම ගොන්නට අයත් වෙයි. ‘ටැමිල් ඊළාම්’ කණ්ඩායමද එම ආසියානු රටවල් ගොඩට අයත් වෙයි.
‘ටැමිල් ඊළාම්’ කණ්ඩායමට සාමාජිකයන් 15 දෙනකු අයත් අතර, මෙම පිරිසට වෘත්තීය සහ ආධුනික මට්ටමේ ක්‍රීඩකයන්ද අයත්ය. යුරෝපීය රටවල් ගණනාවක වෙසෙන දෙමළ ඩයස්පෝරාව මෙම ක්‍රීඩා කණ්ඩායම තම උපරිම සහයෝගය ලබාදෙන අතර, මූල්‍යමය සහ අනෙකුත් සම්පත් පහසුකම්ද නොඅඩුව ලබාදෙයි. එසේ වන්නේ තමන්ගේ ‘පුහු සිහිනය’ වන ‘දමිළ දේශය’ යන නාමය ප්‍රචාරය කරගැනීමට හැකිවන හෙයිනි. කණ්ඩායමේ ක්‍රීඩකයන්ද ඒ සඳහා තම උපරිම සහයෝගය ලබා දෙන්නේ තරග ජයග්‍රහණය කිරීම හරහාය. එසේම ක්‍රීඩා කණ්ඩායමකට මෙම ‘ටැමිල් ඊළාම්’ නාමය තැබූ ප්‍රථම වතාවද මෙය වෙයි.
මේ වන විට ඣභෂත්‍් සංවිධානයේ කණ්ඩායම් 59 අතරින් ‘ටැමිල් ඊළාම්’ කණ්ඩායම තම දක්‍ෂතා අතින් ඉහළින්ම සිටින බැව්ද පැවසෙයි. එසේම මෙම ‘ඊළාම් දේශය’ නාමය භාවිත කිරීම ගැන මෙතෙක් කිසිදු විරුද්ධත්වයක්ද ප්‍රකාශ වී නොමැත. කෙසේ හෝ ඉදිරියේදීත් එම කණ්ඩායම තරගවලින් සඳහා ඉදිරිපත් වන්නේද ‘ටැමිල් ඊළාම්’ නමිනි. ලෝක කුසලානය සඳහා තරග රැසකට සහභාගි වීමට නියමිතය. තරගයන් ජයග්‍රහණය කළ විට ‘දෙමළ ඊළම’ දින්නා හා මානසිකත්වයක් ඩයස්පෝරාවට ඇතිවනු ඇතිය.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

චම්පික ලියයි…

Next Post

ඒ.‌ජේ.-‌ප්‍රේමදාස-‌සේනාධිපති-දිල්රුක්ෂි-රං‌ගේ-නාමල් කුමාර-නාලක සිල්වා හඬ පට හුටපට

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.