• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුකිය කැළඹූ වීඩියෝවේ කාන්තාවක නිරුවත් කර ‌පහර දුන් ‌පොලිසියේ අය ‌හෙළිවෙයි

March 23, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
කොරෝනා අස්සේ ‌තොටළගදී කාන්තාවකට නිරුවත් කර ‌පහර ‌දෙයි: මහපාරේ ඇවිද්දවයි

Dollar Financial Success Bar Chart Graph Growing Up Arrow. 3d Render Illustration

Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග මුළු රටම භීතියෙන් මුසපත්ව සිටි ඉකුත් 16 වෙනිදා දහවල් කොරෝනා පරදා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට යොමු වන්නට වූයේ පොලිස් නිලධාරීන් බව සඳහන් සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයකු විසින් නිරුවත් කාන්තාවකගේ කෙස් වැටියෙන් අල්ලාගෙන සිටින වීඩියෝ දර්ශනයක් කෙරෙහිය. ඇය අසල තවත් පුද්ගලයෙක් සිටියේ පොල්ලක් අතැතිවය. එක් රූප රාමුවක ඇත්තේ එම නිරුවත් කාන්තාව දිව යන දසුනකි. ඒ දිව යන කාන්තාවගේ ඇගේ නූල්පටක්වත් නොවීය. සිටියේ අමුම අමු නිරුවතිනි.
කාන්තාවගේ කෙස් වැටියෙන් අල්ලාගෙන සිටින පුද්ගලයා පොලිස් නිලධාරීන් බව සදහන් කර ඇත්තේ මෙම රූප රාමු පෙළ සමාජ මාධ්‍යට යොමු කළ පුද්ගලයා විසින් තැබූ සටහනකට අනුවය. එම සටහනට අනුව සිදුව ඇත්තේ පොලිසීය කාන්තාවක් නිරුවත්කර පහර දීමකි. එම පහරදීම සිදුව ඇත්තේ තොටළඟ හැත්තෑපහ වත්තේය. පොලීසිය සමාජය හමුවේ නිරුවත් කළ එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සැරිසරන්නට වූයේ පොලිසිය කෙරෙහි දැවැන්ත මහජන අප්‍රසාදයක්ද ඇති කරවමිනි.
තොටළඟ හැත්තෑපහ වත්ත පිහිටි ප්‍රදේශය අයත් වන්නේ ග්‍රෑන්ඞ්පාස් පොලිස්බල ප්‍ර දේශයටය. එම පැත්ත භාර පොලිස් ප්‍රධානියා වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියටය. මෙම වීඩියෝව සමාජ මාධ්‍යට ඇතුළත් කර පැය දෙක තුනක් යන්නට මත්තෙන් ඒ ගැන ඔහු දැනුවත් වන්නේ බුද්ධි අංශ නිලධාරියකු මගිනි. ඒ කාලයක් බුද්ධි අංශයේ ප්‍රධානියෙක් ලෙසද මංගල දෙහිදෙණිය සේවය කර තිබුණු බැවිනි.
එම තොරතුර ලද සැණින් වහාම ක්‍රියාත්මක වූ මංගල දෙහිදෙණිය සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හුවමාරු වෙමින් තිබුණු එම වීඩියෝව ගැන වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්නේ එහි ඇත්ත නැත්ත දැන ගැනීමේ අදිටනිනි.
එම වීඩියෝවේ ඇත්ත සහ බොරුව දැනගැනීමට මංගල දෙහිදෙණියට එතරම් කාලයක් ගතනොවීය. බැලින්නම් සිදුව තිබුණේ ග්‍රෑන්ඞ්පාස් පොලීසියට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් තොටළඟ මත්කුඩු රාජධානියට කඩා වැදුණු අවස්ථාවක කාන්තාවක් විසින් උවමනාවෙන්ම ඇඳුම් උනා දමමින් පොලීසිය අපකීර්තියට ලක් කිරීමට කළ පහත් වැඩකි. ඒ දේට ඇයව පොළඹවා ඇත්තේ තොටළඟ කුඩු රැජින විසිනි. ඇය පොඞ්ඩීය.
මෙම කාන්තාව වයස අවුරුදු තිස් පහක් පමණ වයසැතිය. ඇය පිටකොටුවේ සැරිසරමින් ඇඟ විකුණා ජීවත් වන්නියක් බව කියැවේ. දිනකට ඇයට මත්කුඩු පැකට් හතර පහක්ම පානය කරන්නට උවමනාය. ඇය මත්කුඩු ගන්නේ පොඞ්ඩීගෙනි. එදා 16 වෙනිදා පෙරවරුවේද ඇය සුපුරුදු ලෙස මත්කුඩු මිලදී ගන්නට එන්නේ ඇගේ අනියම් සැමියා සමගිනි. ඔහු තිදරු පියෙක් වන මරදානේ පදිංචිකරුවෙකි. මෙම කාන්තාව සමග සිය සැමියා අනියම් ඇසුරක් පවත්වන බව ඔහුගේ විවාහක බිරිදටද රහසක් නොවීය. ඇය ඒ සියල්ලක්ම කරබාගෙන සිටින්නේ සිය සැමියාගේ අනියම් බිරිඳ ඇඟ විකුණා මුදල් සොයන්නේ සැමියාටද සමග මත්කුඩු මිලදී ගන්නට බව දැන සිටි බැවිනි. නැතිනම් මත්කුඩු ගන්නට ඔහු කරදර කරන්නේ විවාහක බිරිඳටය.
මෙම කාන්තාව පදිංචිව සිටින්නේ මදුරන්කුලියේය. ඇයද තිදරු මවකි. ඇය කොළඹට එන්නේ මදුරන්කුළියේ සිටය. ඇගේ සැමියා ගම්පහ මිනුවන්ගොඩ හොල්ලාගෙන සිටි නමගිය අපරාධකරුවෙක් වන ලීනස් කුමාරය. කලකට පෙර ඔහු මිය යන්නේ බන්ධනාගර අත්අඩංගුවෙන් පලායන්නට ගොස් බන්ධනාගාර නිලධාරියෙකු තැබූ වෙඩිල්ලකිනි. ඇය පාරට වැටී ඇඟ විකුණන්නේ එතැන් සිටය.
එදා ඇය සිය අනියම් සැමියා සමග මත්කුඩු මිලදී ගන්නට එන්නේ යතුරුපැදියක නැගීය.ඒ වන විට පොලීසිය සිටියේ ඒ පැත්තේ රැඳී සෝදිසියෙනි. ඒ බව නොදත් මොවුන් මත්කුඩු පැකට් කිහිපයක් මිලදී ගෙන යතුරු පැදියේ නැගී ඉගිලෙන්නට වූයේ එය පානය කරන්නට තැනක් සොයාය. එහෙත් ඔවුන්ට හැත්තෑපහ වත්තෙන් පිටතට යන්නට ඉඩක් නොවීය. සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් යතුරු පැදිය වටකර ගත්තේය. ඇගේ අනියම් සැමියාව පරීක්ෂා කරන්නට වූයේ ඔහු සතුව මත්කුඩු තිබේදැයි දැන ගන්නටය. එහිදී එකවරම යතුරු පැදියේ පිටුපස අසුනේ සිටි ඇය බිමට පැන පොලිස් නිලධාරීන් සමග ගෝරනාඩු කරන්නේ ඇගේ ඇඳුම් උනා දමමින් යට ඇඳුම් පිටිනි. පොලිස් නිලධාරීන් ඒ ගැන එතරම් තැකීමට ලක්නොකර ඇගේ අනියම් සැමියාව පරීක්ෂා කරන්නට විය. ඒ වන විටත් ඔහු සතුව මත්කුඩු පැකට් කිහිපයක්ම විය. එම මත්කුඩු පැකට් තුළ හෙරොයින් මිලිග්රෑම් 1200ක්ම තිබුණේය. ඒ අනුව ඇගේ සැමියාව සැකපිට පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා විට ඇය එකවරම බිම හිඳ ගනිමින් එම ස්ථානයේම අසූචි කර එම අසූචි ගල්වල තවරමින් පොලිස් නිලධාරීන් දෙසට එල්ල කරන්නට ගත්තාය. පොලිස් නිලධාරීන් ඒ යැයි කියා ඇගේ අනියම් සැමියාව අත හැරියේ නැත. එවිට ඇය සැමියාව බේරාගැනීමට සටන් කරන්නේ මුළුමනින්ම නිරුවත් වෙමිනි. නිරුවත් ඇය පොලිස් නිලධාරීන්ගේ ඇඟේ එල්ලෙන විට පොලීසියට කර ගන්නට දෙයක් නොවීය. ඇයව පාලනය කරන්නට සැරයන්වරයෙක් උත්සහ ගන්නේ ඇගේ කොණ්ඩයෙන් අල්ලාගෙනය. ඒ අතර ඇයව බිය ගැන්වීමට තවත් පොලිස් නිලධාරියෙක් පොල්ලක් අතට ගෙන ඇයට කෑගසන්නේ ඇයව පාලනය කිරීමටය.
ඒ අතර පොඞ්ඩීගේ කණ්ඩායම ඒ ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ව වටකර ගන්නේ ඔවුන්ව අසරණ කරවමිනි. ඒ ඇසිල්ලෙන් ඇය එම ස්ථානයෙන් පලායන්නේ නිරුවතිනි. වීඩියෝ පටයේ දැක්වෙන්නේ එම කතාවය. නමුත් සමාජගත වන්නේ වෙනත් කතාවකි.
මේ සියල්ලක්ම අකුරක් නෑර දැනගත් මංගල දෙහිදෙණිය සිය නිලධාරීන් මෙහෙයවා පොලිස් නිලධාරීන්ට නිරුවත පෙන්වමින් අසූචි ප්‍රහාරයක් එල්ල කළ මේ කාන්තාව ඉකුත් 19 වෙනිදා අත්අඩංගුවට ගන්නේ මදුරන්කුළියේ ඇය පදිංචිව සිටි නිවසට ගොසිනි. ඒ බුද්ධි අංශයේද සහය ඇතිවය. එය එතැනින් හමාර වන්නේ නැත. පොලිසීයට මඩ ගැසීමට ඇත්ත සඟවා බොරුවක් සමාජගත කරමින් එම වීඩියෝව සමාජ ජාල වෙඞ් අඩවියට මුදා හරින ලද පුද්ගලයාට එරෙහිවද මේ වන විට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර හමාරය.

SendShareShare
Previous Post

එපා කියද්දිත් ‘‌රෝයල්-‌තෝමියන්’ ගහලා ජනපති නියෝගය කඩපු ප්‍රබලයා කව්ද?

Next Post

බැසිල් ඇතුළෙ ඉඳන් ජනතාවට හදිසි පණිවුඩයක් ‌දෙයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.