• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අඳුර බිඳින්නට ජනාධිපති පුතා දාපු තරු පහේ පාටිය

April 7, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
අඳුර බිඳින්නට ජනාධිපති පුතා දාපු තරු පහේ පාටිය
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතු වන දහම් සිරිසේන මහතා පුවත් මවන්නෙකු බවට පත්වූයේ සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමටත් පෙරය. දහම් සිරිසේන සම්බන්ධයෙන් රටේම අවධානය යොමු වූ පළමු පුවත වාර්තා වන්නේ 2013 වසරේදීය. එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට පුතකු සිටින බව රටේ ජනතාව දැන ගත්තේද එදාය. එම සිදුවීම වාර්තා වූයේ මඩකලපුව පාසිකුඩා වෙරළෙනි. තම මිතුරන් කිහිප දෙනකු සමඟ විනෝද වෙමින් සිටි දහම්ගේ කණ්ඩායම සහ තවත් පාර්ශ්වයක් අතර ගැටුමක් ඇතිවූ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. එම සිද්ධිය වඩාත් ප්‍රසිද්ධියට පත් වීමට මුල් වූයේ එම ගැටුමට මැදිවූ තරුණියකගේ සැමියා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතණුවන් වීමත් සමඟිනි.
එම සිද්ධියත් සමඟින් දහම් සිරිසේන පිළිබඳ රටම කතා කරන්නට වූ නමුත් ඒ හරහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ගොඩ නඟා ගෙන තිබූ ප්‍රතිරූපයට හානියක් නොවීමද විශේෂත්වයකි. එයට හේතු වූයේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ දහම් සිරිසේන නිදහස් කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු බලපෑමක් සිදු නොකළ බවට මාධ්‍ය වාර්තා කිරීමත් සමඟිනි. දහම් සිරිසේන නිදහස් කරන තුරු තමන් පොලිසියේ බංකුවේ වාඩි වී සිටි බවද පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. සිරිසේන මහතා රජයේ ප්‍රබල ඇමැතිවරයකු වීමත්, අනෙකා පොලිස් සේවයේ ප්‍රධානියකු වීමත් මත එම ප්‍රශ්නය එතරම් දුර දිග ගියේද නැත.
ඉන් අනතුරුව නැවතත් දහම් සිරිසේන පිළිබඳ කතාබහක් රට තුළ මතුවන්නේ 2016 වසරේදීය. ඒ ජනාධිපති ආරක්ෂක නිලධාරීන් සමඟ රාත්‍රී සමාජ ශාලා සේවකයකුට පහර දීමේ පුවතක් සමඟිනි. ඒ වන විට විදෙස් අධ්‍යාපනය ලබමින් සිටි දහම් නිවාඩුවක් අතරතුර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක එම සිද්ධිය ඇතිවී තිබුණි. මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ අතර අදාළ සිද්ධියට වැඩි මාධ්‍ය ප්‍රචාරයක් නොලැබීමට එයද එක් හේතුවක් වූවා විය හැක.

මේ සිදුවීම් පෙළට තවත් එක් ජවනිකාවක් එකතු කරමින් නැවතත් දහම් සිරිසේන පිළිබඳ කතා බහ අලුත් වූයේ පසුගිය 29 දාය. ඒ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවක කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි සුවිසල් නිවසක විවෘත මහලේ සාදයක් :චදදක ච්රඑහ* පැවැත්වීමට දහම් සිරිසේන කටයුතු කළා යැයි කියන පුවතත් සමඟිනි. මේ සම්බන්ධයෙන් පළමුව හෙළිදරවු කළේ “සන්ඬේ ටයිම්ස්” පුවත්පතේ ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදිනියක වන නාමිනී විජේදාස මහත්මියය. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සටහන් කර තිබුණේ ඇඳිරි නීතිය පනවා තිබෙන මෙවන් අවස්ථාවකදී මෙවැනි සාදයක් පැවැත්වීම ප්‍රශ්නාර්ථයක් බවය. එමෙන්ම ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඒ අවට සිටි පොලිස් නිලධාරීන් කටයුතු නොකළ බවද ඇය සටහන් කර තිබුණි. මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කතාකොට වට්ස්ඇප් පණිවිඩයක් මඟින් දැනුවත් කරද, එයට ඒ මහතා පිළිතුරු නොදුන් බවද සඳහන් කර ඇති විජේදාස මහත්මිය මාධ්‍යවේදිනියක් ලෙස තමන්ගේ වගකීම ඉටු කිරීම සඳහා එය මහජනතාව ඉදිරියට රැගෙන යන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
සම්මානලාභී ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක ලෙසින් ප්‍රකට විජේදාස මහත්මිය මීට පෙරද මේ ආකාරයේ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් සිදු කර ඇති ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදිනියකි. ජනතාව දැනුවත් කිරීමෙන් නොනැවතී ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද ඇය කටයුතු කර ඇත. විජේදාස මහත්මිය තම පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන වඩාත් ප්‍රචලිත වූයේ අපගේ වෙබ් අඩවිය වන අඅඅගප්අර්ඒබැඅිගකන ඔස්සේ එය පළ කිරීමත් සමඟිනි. වෙනත් කිසිදු මාධ්‍යයක් අනාවරණය නොකළ එම පුවත අප වෙබ් අඩවිය ඔස්සේ පළ වීමත් සමඟ එයට හිමි වූයේ විශාල ජනප්‍රියත්වයකි. එම පුවත පළ කර සැණෙකින් එය වේගයෙන් පැතිර යන්නට වූ අතර මොහොතකට පසු අපගේ වෙබ් අඩවියට පැමිණ සිටි පරිශීලකයන් ගණන 15000ද ඉක්මවා යන තත්ත්වයක් උද්ගත වී තිබිණි.


එම පුවත අන්තර්ජාලය හරහා වේගයෙන් පැතිර යාමත් සමඟ ක්‍රියාත්මක වූ දහම් සිරිසේන මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණු අතර ඒ නාමිනී විජේදාස මහත්මිය පළ කළ සටහනට පිළිතුර සටහනක් තබමින් වීමද විශේෂත්වයකි. එමඟින් ඔහු සඳහන් කර තිබුණේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශ සහගත පුවතක් වන බැවින් තමන් ඉදිරියේදී ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය. එමඟින් තමාගේ හොඳ නම කැත කිරීමට උත්සාහ දරා ඇති බව පවසන සිරිසේන මහතා තමන් ඇතුළු පවුලේ උදවිය මේ දිනවල ස්වයං නිරෝධායනකට යොමු වී සිටින බවත්, ඒ කේම්බි්‍රජ් ප්ලේස්හි නොව වෙනත් ස්ථානයක බවත් සඳහන් කර තිබුණි. එමෙන්ම අලුයම 2.30 වන තුරු සාදයක් පවත්වන විජේදාස මහත්මිය දැක ඇත්තේ සිහිනයෙන් විය යුතු බවද පවසා ඇති දහම් චෝදනා කර ඇත්තේ එවැනි අසත්‍ය පුවත් මවමින් ලබා ගත නොහැකි වූ ජනප්‍රියත්වය ලබා ගැනීමට විජේදාස මහත්මිය උත්සාහ දරන බවය. ඉදිරියේදී ප්‍රයෝජනවත් වන බැවින් නීති උපදේශකයන් සමඟ දැන් සිටම සම්බන්ධ වී සිටින ලෙස දහම් සිරිසේන සටහන අවසානයේ නාමිනී විජේදාසට පවසා ඇති ආකාරයද දැකගන්නට තිබේ.
කෙසේ නමුත් තමන් නිරෝධායනට ලක් වී ඇත්තේ කේම්බ්්ජ් ප්ලේස්හි නොවන බව සිරිසේන මහතා සඳහන් කර ඇතත් තමන් රැඳී සිටින්නේ කොහිදැයි ඔහු පැහැදිලිව සඳහන් කර නැත. එමෙන්ම සිරිසේන මහතා පවසන ආකාරයෙන් ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවාලමින් ජනතා ආකර්ෂණය දිනා ගැනීමේ අවශ්‍යතාවයක් නාමිනී විජේදාස නැමැති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියට නොමැති බව මාධ්‍ය ලෝකයේ කවුරුත් හොඳින් දන්නා බවද සිහිපත් කළ යුතුය. මාධ්‍යවේදිනියක ලෙස වසර ගණනාවක් පුරා ඇය ජනතා ආදරයට මෙන්ම ගෞරවයන්ටද බොහෝ සෙයින් පාත්‍ර වී ඇත.
මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතාගෙන් අදහස් විමසූ විට ඒ මහතා සඳහන් කළේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවය. එමෙන්ම මේ පිළිබඳව විමසීමට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සම්බන්ධ කර ගැනීමටද විශාල උත්සාහයක් යෙදුවද, ඒ මහතා මේ දිනවල අධික කාර්යබහුලත්වයක සිටින බැවින් ඒ අවස්ථාව අහිමි විය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඩලසුුුුයි-කාන්චනයි මාතර තිබ්බේ ‌දේශපාලන රැස්වීමක්ද? ‌කොරෝනා වැඩසටහනක්ද?

Next Post

කොරෝනා එක්ක ආ ෂී ජින්පින්ට එ‌රෙහි චීන කැරැල්ල

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.