• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදලිගේ ගිහින් අලුතෙන් ආපු මධුෂාන් කවුද? I Sri Lanka Latest News

May 29, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මව්රට’ ට හෙළි කරපු රහස මෙන්න…

අන්තිම ගමන යන දාට කොඩියක් රැලි පාලමක් දාන්නට තිබෙන ගමේ මරණාධාර සමිතිය ගැන උනන්දුවක් නොදක්වන ඇත්තන් පවා මේ දිනවල කතාබහ කරන්නේ අන්තරේ ගැනය.(Sri Lanka Latest News)

එදා ‘විස්සවිද්‍යාල කොල්ලන්ගේ’ සංවිධානයක් ලෙස කියවාගෙන තිබූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නොහොත් අන්තරේ අද වන විට ගමේ ගොඩේ පොදු ජනයාගේ සමාගමක් බවට පත්ව ඇත්තේය. සරසවියක පස් නොපෑගු උදවියට පවා තමන්ගේ දෙයක් බවට අන්තරේ පත්වීම පිටුපස ඇත්තේ ලොකු කතාවකි.

දශක හතක තට්ටු මාරු දේශපාලනය විසින් යන එනමං නැතිකර බංකොලොත් කර දැමූ ලංකාවේ මිනිසුන්ගේ ඉවසීම පසුගිය වසරේ මාර්තු මාසය වන විට රතු කට්ට පැන තිබිණි. වෙනදා හතර මායිමේ ළං නොවූ මන්දිර කාර්යාල වටකරමින් උද්ඝෝෂණ කරන තැනට ඔවුන් පත්වූයේ ඒකය. එලෙස ආණ්ඩුව එළවන්නට පාරට බට ජනයාට වීදි සටන් ගැන හරිහමන් පන්නරයක් තිබුණේ නැති තරම්ය.

අන්න ඒ ආකාරයේ ජන සමාජයක් කඳුළින් පන්නරය තබා ලෙයින් පණ පොවන්නට මුල් වන්නේ මෙකී අන්තරයය. අන්තරාව නොතකා ජාතික සටනකට පණ පෙවූ අන්තරය, විශ්වවිද්‍යාලයෙන් මිදී හරියට සමාජගත වනුයේ ගාලුමුවදොරදී උතුරා ගිය ජන අරගලය නිසාය.

අරගලයට නායකත්වය දී දින සියයකට වඩා දිගු කාලයක් බන්ධනාගාරගතව සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනතා අරගලයේ සුවිශේෂ නායකයාය. ජනප්‍රසාදයේ ඉහළම පඩියේ සිටියද නියමිත වෙලාවේදී ඉවත්ව යාම සැබෑ නායකයන්ගේ ගති සොබාවයය. වසන්ත මුදලිගේද සිය අන්තරයේ ඔටුන්න ගලවා සුදුසු හිසකට පලඳා සටන්කරුවෙක් ලෙස යළි මගට බහින්නට තීරණය කරනුයේ නියමම අවස්ථාවේ නික්ම යාම නායකයකුගේ වගකීමක් බව රටටම පෙන්වමිනි.

දැන් මුදලිගේ නික්ම ගොස්ය. අන්තරේට නව කැඳවුම්කරුවෙක් අවශ්‍ය වන්නේය. නව කැඳවුම්කරු තෝ‍රාගත් පුවතින් විශ්වවිද්‍යාලයට වඩා උණුසුම් වූයේ බාහිර සමාජයය. එහෙත් අන්තරේ පැත්තෙන් වූයේ බරපතළ නිහැඬියාවකි. පාළු ගෙයි වළං බිඳින සේ පසුගිය දෙසතියේ සමාජ මාධ්‍යයේ රස මසවුල වූයේ අන්තරේ නිලවරණයයි. අන්තරේ නිලවරණය නිමා වී දෙපැයක් ගතවන්නටත් පෙර එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන සිංහල වෙබ් අඩවියක් අන්තරයේ නව කැඳවුම්කරුගේ සම්ප්‍රාප්තිය වාර්තා කරමින් ලිපියක් පළකර තිබිණි. එහි වූයේ ‘අන්තරේ නොවන කැඳවුම්කරුවෙක් අන්තරේට’ පත්ව ඇති බවය.

මේ කියන අන්තරේ නොවන අන්තරෙ කැඳවුම්කරුවා මදුෂාන් චන්ද්‍රජිත්ය. වසන්ත මුදලිගේ නතර කළ තැනින් සටන පටන් ගන්නට සපථ කළ ඔහු වැඩ බාරගත්තේද අරගල බිමක සිටය. අදටත් ඔහු සහෝදර විශ්වවිද්‍යාල සිසුන් සමග සටන් බිමේය. මධුෂාන් චන්ද්‍රජිත් අන්තරේට කරගහන්නේ පසුගිය 20 වැනිදා සිටය. ඒ අවස්ථාවේ සිටම ඇතමුන් පැවසූවේ මධුෂාන් සරසවි සටන් බිමට කෝඩුකාරයෙක් බවය.

එහෙත් ඔහු මේ දෙතුන් දිනට පෙන්වූ හටන්කාමී බව කියාපාන්නේ පළපුරුදු සටන්කරුවකුගේ ගති ලකුණුය. දුෂ්කර ඇඹිලිපිටියේ තෝරකොළයාය ගම්මානයේ ගැමි පවුලක බලාපොරොත්තුව වූ මධුෂාන්, ගලහ හන්දියෙන් බැස පේරාදෙණිය සරසවියට පිවිසෙනුයේ 2019 වසරේදීය. ඔහු උසස් පෙළ කඩඉම තරණය කරනුයේ තුන්වැනි වෑයමේදීය. ඒ, 2017 වසරේදීය.

උසස් පෙළට ජීව විද්‍යාව හදෑරූ මධුෂාන් දැන් පේරාදෙණියේ සම සෞඛ්‍ය පීඨයේ සිසුවෙකි. ඔහු අධ්‍යාපනය ලබනුයේ භෞත චික්ත්සකයකු වීමේ අරමුණෙනි. ඇඹිලිපිටිය තෝරකොළයාය ගම්මානයේ පදිංචිකරුවෙක් වන මධුෂාන් පාසල් තුනකින් සිය නැණැස පාදාගත් නිදහස් අධ්‍යාපනයේ සුජාත පුත්‍රයෙකි. මිද්දෙණිය ප්‍රාථමික විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය අරඹන ඔහු අනතුරුව වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වන්නේය.

එහෙත් ඔහු සිය අධ්‍යාපනය හමාර කරනුයේ ඇඹිලිපිටිය මහා විද්‍යාලයෙනි. මධුෂාන්ගේ පත්වීම හෑල්ලු කරන ඇතැමුන් පවසනුයේ ඔහු මැදිවියේ අයකු බවත්, විශ්වවිද්‍යාලයේ නිකම් කාලය කමින් සිටින්නෙක් බවත්ය. එමතුදු නොව ඔහු සරසවියට පිවිසෙන්නේ 2015 දී බව ඔවුහු පවසති. එහෙත් මධුෂාන් චන්ද්‍රජිත් පවසනුයේ ඊට ඉඳුරාම වෙනස් කතාවකි. ‘අයියේ මම කැම්පස් එන්නේ 2019 ජනවාරි 07 වැනිදා. 2015 ආවා කියන්නේ බොරු.

මම ඉස්සරවෙලාම උසස් පෙළ ලියුවේ 2015 බව ඇත්ත. ඒත් ලකුණු මදි වුණා. 2016 දීත් මට විශ්වවිද්‍යාලයට එන්න බැරිවුණා. කොහොම හරි තර්ඩ් ෂයි එකේදී ඒ කියන්නේ 2017 දී මම උසස් පෙළ සමත් වෙලා පේරදෙණියේ සම සෞඛ්‍ය පීඨයට තේරෙනවා. 2015 කැම්පස් ආවා කියලා කියන්නේ විස්තර සොයා බලන්නේ නැතිව කතා කරන අය…’ ඔහු පවසන්නේය.

2019 පේරාදෙණිය සරසවියට ඇතුළත් වන ඔහු බොහෝ දෙනෙක් පවසන පරිදි පසෙකට වී නිකම් සිටින්නේ නැත. පළමු වසර සිසුවෙක් ලෙස ශිෂ්‍ය සංගමයට එක්වන ඔහු තම වපසරිය තුළ ශිෂ්‍ය ව්‍යාපාරය පැවරූ වගකීම් ඉටුකරමින් සිටින්නේය. ශිෂ්‍ය ව්‍යාපාරයේ කිසිදු වගකීමක් දරා නැති අයෙක් ලෙස ඇතැමුන් පැවසූවද පසුගිය වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ සභාපති ධුරය හොබවනුයේද ඔහු විසිනි. ගෙවුණු 2022 වසර අමුතුම එකකි. ඒ අවුරුද්දේ පාසල් සිසුන් වැඩිපුර සිටියේ ගෙවල්වලය. කර්මාන්ත සේවකයෝ දවස ගෙවූයේ පාරවල්වල උද්ඝෝෂණ කරමිනි.

සරසවි සිසුවෝද වැඩි කාලයක් සිටියේ අරගල බිමේය. අරගලයේදී ශිෂ්‍ය ව්‍යාපාරය යන අනන්‍යතාව මතුකළා මිස කිසිදු ශිෂ්‍යයෙක් සිය පුද්ගලික අනන්‍යතාව ගැන සිතා කටයුතු කළේ නැත. ආණ්ඩුව අත්අඩංගුවට ගෙන රඳවා නොගන්නට අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, ජීවන්ත හසන්ත වැන්නෝද සමාජයේ එතරම් අවධානයට ලක්වන්නේ නැත. එහෙයින් මධුෂාන් චන්ද්‍රජිත් නමින් වෙනමම අනන්‍යතාවක් අරගලයේදී මතුවන්නේ නැත. එහෙත් ඉන් ගම්‍යවන්නේ ඔහු අන්තරේට පැරෂුට්කාරයෙක් බව නොවේ. අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඔහු අන්තරේ කැඳවුම්කරු කරන්නේ ඒකමතික කැමැත්තෙනි.

මෙවර නිලවරණය අර්බුදයන් ගහන එකක් බවත්, නිලවරණය පැවැත්වෙන ස්ථානය අන්තිම මොහොතේදී වෙනස් කරන්නට කටයුතු කිරීමෙන් ශිෂ්‍ය සංගම්වලට ඊට එක්වීමට නොහැකි වූ බවටත් ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමක් රත්නායක පවසා තිබිණි. එම චෝදනාව සම්පූර්ණ අසත්‍ය සහ ජනතාව නොමඟ යවනාසුලු එකක් බව මධුෂාන් පවසන්නේය. මේ ආකාරයේ ද්වේශසහගත චෝදනා සඳහා තමා පිළිතුරු දී ඇති බව මධුෂාන් පවසන්නේය.

‘මේ වගේ චෝදනා සමාජ මාධ්‍ය තුළ පළවෙනවා. ඒත් මේ සියල්ල බොරු. මොකද එහෙම තත්ත්වයක් තිබුණා නම් වැඩියෙන්ම ඒක දැනෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට නේ. මුලින්ම ඒක ප්‍රශ්න කරන්නේ ඒ අය. නමුත් එහෙම ප්‍රශ්න කි‍රීමක් වෙලා නෑ. ඇත්තටම සරසවි ශිෂ්‍යයෝ කරන්නේ මේවට හිනාවෙන එක. අපි අදටත් සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටනේ ඉන්නවා. අද උදේත් අපි හිටියේ උද්ඝෝෂණයක. සිසුන්ගෙන් ඉතා ඉහළ සහයෝගයක් ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ චෝදනාවලට සරසවි සිසුන් හිනාවෙනවා. වෙන මොනවා කරන්නද…’ යැයි මධුෂාන් පවසනුයේද සිනහ වෙමිනි.

මෙවර කැඳවුකරු තෝරන නිලවරණයට විශ්වවිද්‍යාල ගණනාවක් සහභාගි නොවූ බවට නැගෙන චෝදනාව ගැන මධුෂාන් කියන්නේ වෙනස්ම කතාවකි. ‘අන්තරේ නිලවරණයට සමහර විශ්වවිද්‍යාල සහභාගි වුණේ නැති බව ඇත්ත. ඒත් ඇත්තම කතාව ඒ අය මේපාර විතරක් නොවේ කලින් වතාවලත් මේකට සහභාගි වෙලා නෑ. මම උදාහරණයක් කියන්නම්. කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාල අන්තරෙන් ඉවත් වන්නේ 1994 දී.

ඒ අය වසර 25ක් මේකට එන්නේ නෑ. ඉතින් ඉතිහාසයේ කවදාවත්, කාටවත් මේක ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් මේපාර හැමෝම මේ ගැන අහනවා. නොදන්න අය අහල දැනුවත් වීම හොඳයි. ඒත් දන්නා අය මඩ ගහන්න ද්වේශයෙන් මේ වගේ බොරු කියන එක වැරදියි….’ ඔහු පවසන්නේය. ඒ අනුව බලන කල කොළඹ සහ මොරටුව අන්තරය හැරගොස් ඇත්තේ මධුෂාන් ඉපදෙන්නටත් පෙරය. එවන් පසුබිමක් තිබියදී එකී විශ්වවිද්‍යාල දෙක නිලවරණයට එක් නොවීම මධුෂාන් චන්ද්‍රජිත්ගේ පත්වීම සුළු කොට තකන්නට හේතුවක් වන්නේ කෙසේදැයි අපට වටහාගත නොහැක.

පසුගියදා මාධ්‍ය හමුවකදී ජ.වි.පෙ. හිටමු මන්ත්‍රී බිමල් රත්නායක අපූරු සැසඳීමක් කළේය. ඔහු පවසනුයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් මධුෂාන් චන්ද්‍රජිත් අන්තරේ කැඳවුකරු වීමත් එක හා සමාන කුමන්ත්‍රණයන්ය. අප ඒ ගැන ඔහුගෙන් විමසා සිටියෙමු. ‘රනිල් ජනාධිපති වීම කුමන්ත්‍රණයක් කියලා මේ රටේම මිනිස්සු දන්නවා. අපිත් ඒ බව කීවා. ජ.වි.පෙ.ත් කීවා. දැන් රනිල් වැඩකරන්නේ ඒකාධිපතියෙක් වගේ ජනතාව මර්දනය කරමින්. ඒ වගේම ජනාධිපතිවරයා අන්තරේට විවිධ අභූත චෝදනා නගනවා. ජ.වි.පෙ.ත් ඒකම කරනවා. ඒකෙන් පේන්නේ මේ දෙගොල්ලොම එක අරමුණක ඉඳගෙන කටයුතු කරන බවයි…’ මධුෂාන් සිය මතය දැක්වූයේ එසේය.

කෙසේ වෙතත් මේ වන විට අන්තරේ අන් කවරදාටත් වඩා හොඳින් සමාජගතව ඇත්තේය. එහෙයින් මෙවර කැඳවුම්කාර තනතුර රටේම අවධානයට ලක්ව ඇති දෙයකි. එබැවින් මෙම ධුරය අමුතු වගකීමක් නොවේදැයි අප ඔහුගෙන් විමසුවෙමු. ‘මම අන්තරේ වගකීම් දරන්නේ කාලෙක ඉඳලා. ඒක නිසා මේක අමුතු වගකීමක් නොවෙයි. අපි දන්නව ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේම කැපකිරීම් බහුල තැනක්. වගකීම් බහුල තැනක්. ඒක දන්න නිසා මේ තනතුර මට බරක් නොවෙයි. අනික අපේ ගෙදර අයත් දන්නවා මම කැම්පස් ආපු දා ඉඳන් සංගම්වල හිටියා කියන එක. ඒ අයත් මගේ වගකීම දන්න නිසා ගෙදරිනුත් විරෝධයක් නෑ….’ ඔහු පවසන්නේය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සුධර්මාගේ මුද්දේ කේස් එකේ සිද්ධියේ මෙහෙකාරිය පොලිසිය ඇතුළෙ මැරිලා උණුසුම ගියෙත් නෑ! ලහිරු පෙරේරාගේ පියානෝවක් උස්සපු සිද්ධියකට පොලිසිය මහ රෑ 1ට සැකකරුවකුගේ ගෙදරකට ගිහින් දෙන්නෙක්ට හොඳටම ගහලා!  I Sri Lanka Latest News! ‌

Next Post

නතාෂා දින 10ක් බන්ධනාගාරයට ! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.