අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් විකට නිළි නතාෂා එදිරිසූරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 07 වැනිදා දක්වා දින 10කට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. (Sri Lanka Latest News)
වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඇයගේ රැඳවුම් කාලය දීර්ඝ කිරීම අවශ්‍ය බව අධිකරණය දන්වන ලදී.
රට තුළ ආගමික වෛරය සහ අසමගිය අවුළුවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවට පොලිසිය ඇයට චෝදනා කරන බැවින් නතාෂා එදිරිසූරියට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යටතේ චෝදනා එල්ල කර තිබේ.
පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක කතාවකින් පසු නතාෂා සිංගප්පූරුව බලා පිටත්ව යාමට බලා සිටියදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
gossiplankanews










