• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිටරටවල උන් එහෙම කරද්දි අපේ උන්ට බැරි ඇයි I Sri Lanka Latest News

September 9, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ රටවල් කොපමණ තිබුණද ලංකාවේ වැසියන් පමණක් නොව දේශපාලනඥයන්ද පරමාදර්ශී රට ලෙස බොහෝ අවස්ථවන්හිදී තෝරාගන්නේ සිංගප්පූරුවය. අද වන විට සිංගප්පූරුව ආදර්ශයට ගන්නට බොහෝ රටවල් කැමැත්තක් දැක්වුවද 1950 පමණ වන විටත් එරට පැවැතියේ සමාජ ප්‍රශ්න බහුල දිළිඳු රාජ්‍යක් ලෙසය. සැබැවින්ම නූතන සිංගප්පූරුව ගොඩනැගීම සඳහා මුල්වනුයේ 1955 ජූනි මස 05 වැනිදා සිට 1990 නොවැම්බර් 28 වැනිදා දක්වා එරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ලී ක්වාන් යූ බව රහසක් නොවේ.(Sri Lanka Latest News)

දශක තුනකට වැඩි කාලයයක් සිංගප්පූරුව සිය අයෝමය හස්තයෙන් පාලනය කළ ඔහු ධූරයෙන් විශ්‍රාම ලබන විට සිංගප්පූරුව ලෝකයේ අංක එකට ගෙනවිත් තිබිණි. ඒ ගමනේදී ඊට බාධා කළ වෘත්තීය සමිති නායකයන්, වාමාංශික දේශපාලන මතධාරීන් මට්ටම් කර දමන්නට ඔහු කටයුතු කළ බවට චෝදනා එල්ලවුවද හේ සිය වගකීම අකුරටම ඉටුකළේය. සිංගප්පූරුව කෙතරම් ආකර්ෂණීය රාජ්‍යයක් වූයේද යත් 1977 ශ්‍රී ලංකාව ධර්මිෂ්ඨ රාජ්‍යයක් කරන්නට බලය ඉල්ලු ජේ.ආර්. ජයවර්ධනද පොරොන්දු වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්නටය. එහෙව් සිංගප්පූරුවේ වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකි. ඔහු ධර්මන් ශන්මුගරත්නම්ය.

ධර්මන් ශන්මුගරත්නම්ගේ මව මෙන්ම ඇගේ පියාද ශ්‍රී ලංකාවේ උතුරු කොනේ යාපනයේ උපත ලද්දෝ වෙති. එහෙයින් තම සිහින රාජ්‍යයේ ජනාධිපති ධුරයට ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙක් පත්වීම ලාංකිකයන්ගේ හදගැස්ම ඉහළ නංවන්නට සමත් වීම අරුමයක් නොවේ. සැබැවින්ම සිංගප්පූරුවේ නව ජනාධිපති වෙනුවෙන් ශ්‍රී ලංකිකයන් සතුටුවීම කිසිදු වරදක් නොවේ. එය සෑම අතින්ම නිවැරැදි ක්‍රියාවකි. වරද ඇත්තේ ලාංකේය සම්භවයක් සහිත පුද්ගලයෙක් ජනාධිපති ධුරයට පත්කර ගැනීමෙන් සිංගප්පූරුව දුන් පණිවුඩය කියවා ගැනීමට තරම් දේශපාලන පරිචයක් බහුතර ලාංකිකයන් බහුතරයකට නොමැති වීමය.

අන්‍ය ජාතික සම්භවයක් සහිත පුද්ගල‍යන් තම රටේ නායකත්වයට පත්කර ගැනීම ශ්‍රී ලංකිකයන්ගේ ළිංමැඩි මානසිකත්ව උත්කර්ෂයට නංවන්නට ප්‍රවෘත්තියක් වූවාට, විශ්ව ගම්මානයක් ගැන සිහින දකින ලෝකවාසීන්ට එය එතරම් පුදුමයක් නොවේ. තවමත් සුදු ජාතික ජාතිකත්වය කළු හම ඇත්තන්ට පීඩා කිරීමට යොදාගන්නා ඇමෙරිකානුවෝ පවා අප්‍රිකානු සම්භවයක් සහිත බැරක් ඔබාමාට වරක් නොව දෙවරක් ඇමෙරිකාවේ ජනාධිපති වීමට ඉඩ දුන්නේය. ඊට අමතරව එරට වත්මන් ජනාධිපති ධුරය හොබවන ඩිමෝක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩ්න් පවා තම උපජනාධිපතිනිය ලෙස තෝරාගත්තේ ඉන්දු අප්‍රිකානු සම්භවයක් සහිත කමලා හැරිස්ය.

කමලා හැරිස් මහා බලවතාගේ දෙවැනි කෙරුම්කාරිය වීමේ පුවතද ආසියානු රටවල් බහුතරයකට ගෙන අවේ දැවැන්ත උත්තේජනයකි. අසල්වැසි ලොකු අයියාට ගෑවුණු නෑකම නිසා ලංකාවේ අයද කමලා හැරිස්ට සුබපැතුවේ තරගයට මෙනි. එහෙත් ලංකාවට කවර කවමදාවත් පයගසා නැති කමලා හැරිස්ට අපේ සමහරුන් දැක්වූ අසල්වැසි ප්‍රේමය සියවස් දෙකක් මේ රට වෙනුවෙන් කඹුරා තවමත් ලැයිං කාමරවල දුක්විඳින වතු කම්කරුවන්ට දක්වන්නෙ නැත. ඔවුන් තාමත් ‘දෙමළුන්’ය. සියවස් දෙකක් ගෙවුණද ‘මලයග දෙමළ’ ජනයා ශ්‍රී ලාංකිකයන් යැයි සිතන්නට මැළිවන අපි භාෂාව හංවඩු ගසා එම සහෝදර ප්‍රජාව කොන්කරමින් සිටින්නෙමු.

වාර්ගික සහ භාෂාමය බෙදීම් රහිත රටවල් සිය නායකත්වය තෝරාගැනීමේදී ඔවුනගේ සම්භවය නොතකන බවට හොඳම උදහාරණයක් ලෙස වත්මන් බි්‍රතාන්‍ය අගමැති රිෂී සුනක් දැක්විය හැකිය. ඉන්දීය සම්භවයක් සහිත ඔහු බි්‍රතාන්‍යයේ අගමැති වීමද ලංකාවේ අපට ගෙන ආවේ මහා ප්‍රීතියකි. රිෂී සුනක්ට තරගයට මෙන් සුබ පතන අපේ ඇත්තන්ගෙන් බහුතරය නගරයක කඩ කාමරයක් පවා අන්‍ය ජාතිකයන්ට බදු දෙනවාට විරුද්ධය.

ඇමෙරිකානු දේශපාලනයෙන් වාර්තා වන අලුතම පුවත වනුයේ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා අන්ත දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය බලාපොරොත්තුව සටන් කරන තිදෙනාගෙන් දෙදෙනෙක් ඉන්දීය සම්භවයන් සහිත අය වීමය. වසර පහක් ඇමෙරිකාව පාලනය කර වසර දහයකට තරම් වන නඩු ගොඩක් පටලවාගත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් නොවන නිසා ජනාධිපතිවරනයේදී රිපබ්ලිකන් අපේක්ෂක ධුරය සඳහා තිදෙනෙක් ඉදිරිපත්ව සිටිති.

ඒ අතරින් විවේක් රාමස්වාමි සහ හරීෂ් වර්ධන් සිං ඉන්දීය සම්භවයක් සහිත අය වෙති. නිකී හේලී නමැති අපේක්ෂිකාවද නාමයෝජනා තරගයට ඉදිරිපත්ව සිටිනමුත් දේශපාලන ආරංචිමාර්ග පවසනුයේ විවේක් රාමස්වාමී වඩාත් ඉදිරියෙන් සිටින බවය. ඇමෙරිකාව ඇමෙරිකානුවන්ටය යන තේමාවෙන් ගියවර ජනපතිවරණයට තරග කළ රිපබ්ලිකන් පක්ෂය මෙවර පසුබැස තිබෙන තරම සිතාගැනීමට ඉහත උදාහරණය ප්‍රමාණවත්ය.

වාර්ගිකත්වයෙන් තොර දේශසීමා රහිත ලෝකයක් පිළිබඳ සිහින දකින රටවල් අතරේ ලංකාවේ අපි සිටින්නේ කොතනකදැයි සිතාගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනියගේ රජයේ අගමැති ධුරය පිළිබඳ ඇතිවූ අර්බුදය දැක්විය හැකිය. එවක ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ මුහුණ දෙමින් සිටි අර්බුද නිසා අග්‍රාමාත්‍ය ධුරය සඳහා මනා ජාත්‍යන්තර සබඳතා සහිත පුද්ගලයෙක් අත්‍යාවශ්‍ය විය. එම අවස්ථාවේ ඊට සිටි සුදුසුම පුද්ගලයා ලක්ෂමන් කදිර්ගාමර් වූ නමුත් ඔහුගේ ජාතිකත්වය පදනම් කර බොහෝ දෙනෙක් ඊට විරුද්ධ වූහ. එහෙයින් කැබිනට් ඇමැතිකමකින් නතරවීමට ඔහුට සිදුවිය.

ජාත්‍යන්තරය දිනාගන්නට තිබූ මාහැඟි අවස්ථාවක් කදිර්ගාමර් පිටුදැකීම හරහා ශ්‍රී ලංකාවට අහිමි වී ගියේය. ලක්ෂ්මන් කදිර්ගාමර් වැන්නකුට අගමැතිකම හිමිවීම වැළැක්වීමට නින්දිත ජාතිවාදය පෙරටගත් ජාතිකවාදීන්, ලාංකේය සම්භවය ඉදිරියට දමා සිංගප්පූරුවේ ජනාධිපති ලෙස පත්වූ ධර්මන් ශන්මුගරත්නම්ට සුබපතති. ඉන් ද නොනැවතී අසල්වැසියාගේ සම්භවය නිසා කමලා හැරිස් සහ රිෂී සුනක්ට සුබ පතති. එහෙත් ලංකාවේ සහෝදර සුළු ජාතිකයකුගේ ගමන කැබිනට් ඇමැති ධුරයෙන් නතර වන්නේය.

අදටද ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම අනාගත නායකයන් ලෙස අභිෂේක කර ඇත්තේ සිංහල බෞද්ධ පුද්ගල චරිතය.

ඉන් ගම්‍ය වනුයේ සමානාත්මතාව ගැන ලෝකයට හොඳම ආදර්ශය දුන් බුදු දහම අදහන බව පවසන බහුතරයක් සිටින රටක් තවමත් වාර්ගිකත්ව‍යේ වලිගය කපන්නට සමත්ව නැති බවය. සිංහල බෞද්ධ නොවන පුද්ගලයකු වැඩක් කළ හැකි තැනක තබා ඇති දකුණේ එකම ප්‍රධාන දේශපාලන පක්ෂය වනුයේ සමගි ජන බලවේගයයි. එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය ඉම්තියාස් බාකීර් මාකාර් විසින් හොබවන අතර ඔහු සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවය දිනාගත් ජාතික තලයේ නායකයෙකි.

ලංකවේ මේ වාර්ගික කුහකත්වය පැහැදිලි වන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොවේ. රජයේ ඉහළ තනතුරු සඳහාද තවමත් ජාතිකතවය පමණක් නොව කුලය පවා බලපාන අවස්ථා ඇත්තේය. ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත්වූයේ අද්මිරාල් ට්‍රැවිස් සින්නයියාය. නාවික හමුදාපති ධුරයට අවැසි සියලු සුදුසුකම් සපුරා තිබූ ඔහු ධුරයට පත්වන විට විශ්‍රාම යාමට තිබුණේ කෙටි කාලයකි.

ඒ අනුව ඔහුට සේවා දිගුවල් ලබාදෙනු ඇතැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව විය. එහෙත් ජාතිකවාදීන්ගේ බලපෑම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුට ලබාදුන්නේ එක් මසක සේවා දිගුවක් පමණි. එහෙයින් අද්මිරාල් සින්නයියාට සිදුවූයේ සිය නිල ඇඳුමේ හැඩ බලන්නටත් පෙර විශ්‍රාම යෑමටය. නාවික හමුදාපති ධුරයට මෙතරම් කුහකකම් දක්වන රටක සුළු ජාතිකයකුට අගමැතිකම සැබෑ නොවන සිහිනයකි.

ශ්‍රී ලංකාවේ මෙවැනි විගඩම්වලට සාපේක්ෂව අසල්වැසි ඉන්දියාව ඉන්නේ බොහෝ ඉදිරියෙනි. එක් රටක් ලෙස තිබූ ඉන්දියාවට බි්‍රතාන්‍යය නිදහස දෙන්නේ රටවල් දෙකක් ලෙස දෙකට කඩාය. පාකිස්තානය බිහිවන්නේ ඒ ක්‍රියාව නිසාය. එදා සිට ඉන්දියානුවන් මුසල්මානුවන් කෙරෙහි දක්වනුයේ එතරම් හිතවත් ආකල්පයක් නොවේ. එහෙත් මුසල්මානුවෙක් වූ ආබ්දුල් කලාම් හට ඉන්දියාවේ ජනාධිපති ධුරය හොබවන්නට පමණක් නොව ඉන්දීය රජය පිරිනමන විශිෂ්ටතම සම්මානය වන භාරත රත්න සම්මානය පවා දිනාගන්නට ජාතිකත්වය බලපෑවේ නැත. එරට වතමන් ජනපතිනි ද්‍රව්පදී මුර්මුද සන්තාලි ගෝත්‍රය නියෝජනය කරන කාන්තාවකි. එහෙත් ඇගේ ගෝත්‍රය ජනාධිපති ධුරයට පත්වීමට බාධාවක් වූයේ නැත. ඒ ඉන්දියාව සිතන හැටිය.

ඉන්දියාව යනු ජාති, ආගම් සහ භාෂා පමණක් නොව කුල භේදය පවා දැඩිව ව්‍යප්තව ඇති රාජ්‍යයකි. ජන සමාජයේ එකී භේද කෙතරම් තිබුණද රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාති, කුල සහ ආගමික බෙදීම සිය රාජ්‍යය තුළට වද්දාගැනීමට ඉකමන් වන්නෙ නැත. මේ ප්‍රවණතාව අද ඊයේ නොව ඉන්දීය නිදහස් සටන ආරම්භයේ සිටම දැකගත හැකි වූ තත්ත්වයකි. නූතන ඉන්දියාව බිහිවන්නට පාදම වනුයේ එරට නිදහස් සටනය.

එකී පාදම මත ඉදිකළ මුල්ම රාමුව වූයේ ඉන්දීය ව්‍යවස්ථාවය. නූතන ඉන්දියාව ගොඩනැගෙන්නේ එකී රාමුව මත සිටය. ඒ රාමුව සාදන්නට මග පෙන්වනුයේ ආචාර්ය බාහිම්රෝ රාම්ජී අම්බෙඩ්කාර්ය. ඔහු අයත්වනුයේ කුලවතුන් විසින් ස්පර්ෂ නොකළ යුතු කුලයක් සේ පහත් කර සලකන දාලිත්වරුන් අයත්වන මහාර් නම් හීන කුලයටය. කුල හීනයෙක් සෑදූ ව්‍යවස්ථාවට අනුව රට කරවන්නට සියලු කුලවතුන් නොපැකිලව ඉදිරිපත් වීම නුතන ඉන්දියාවේ ජයග්‍රාහී ගමනේ ආරම්භයයි.

එහෙත් ලංකාවේ යක්ඛ පුතුන් වූ කලී අමුතුම මානව වර්ගයකි. ලංකාව බුදුන්ගේ දේශය යැයි ත්‍රීවීල්වල බස්වල ස්ටිකර් ගසා ගත්තාට බුදුන් පිටුදුටු ජාතිය සහ කුලය තවමත් ලංකාවේ බහුතරයක් කිසිදු හිරිකිතයකින් තොරව කර තබාගෙන යති. අතීත ලංකාවේ මැතිවරණ කොට්ඨාස පවා කුල භේදය මත බෙදා වෙන්කළ අවස්ථා ඇත්තේය. බුදු හිමිගේ සසුනේ පැවිද්ද පවා කුලය මුල්කර ලබාදෙන තැනට ලංකාව පල්ලම් බැස්සේ අදින් කාලයකට පෙරය. බහුතරය හින්දු වුවත් ඉන්දියාවේ ජාතික ගීය ගයන්නේ වංග බසිනි. එහෙත් ලංකාවේ ජාතිකවාදීන් ජාතික ගීයේ ද්‍රවිඩ පරිවර්තනය පවා පිළිගන්නේ නැත. ඉන්දියාව සඳ ජයගෙන සූර්ය ගවේෂණයට පිවිසුණු වර්තමානයේ ලංකාවේ ඇතැමුන් තවමත් හඳට ගල් ගසන්නේ ඒකය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කොන්දේසියකුත් අරන් චීන බැංකු නිලධාරීන් හදිසියේම ලංකාවට! නන්දලාලුයි-සිරිවර්ධනයි විතරක් කාමරේ දොර වහගෙන රහස් සාකච්ඡාවක! මෙන්න දීපු උත්තරේ! I Sri Lanka Latest News

Next Post

දයාසිරි හෙට්ටිපොළ මහගෙදරට එද්දී ශ්‍රීලනිප පාක්ෂිකයන් මල්මාලා දාලා රතිඤ්ඤා දාලා දයාසිරිව පිළිගනී! ඇමැතිකම් ගත්ත අයගේ කේලම් අහලා මාව එළෙව්වා! අද ඇමැතිකම් ගත්ත එවුන් ඇතුළේ… මම එළියේ…! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.