• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ එවුන් පීලි පැන්නම දුම්රියට යටවෙන අපි I Sri Lanka Latest News

September 18, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සභාවෙන් අවසරයි. සහෝදරයා, සහෝදරිය, අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ‘දුම්රිය වර්ජනය සහ පිරිමි ළමයාගේ මරණය’ කියන මාතෘකාව යටතේ. මේ කතාව ඉතා සුන්දර එකක් වේවි කියලා මම විශ්වාස කරනවා. මේ කතාව කරන දවසට කලින් දවසේ, හරියටම කිව්වොත් ඊයේ දවසේ දුම්රිය වහළ මතින් ඇදවැටී තරුණ ශිෂ්‍යයෙක් මියයනවා.(Sri Lanka Latest News)

ඔහුගේ වයස අවුරුදු 18 ලෙසටත්, තවත් තැනක අවුරුදු 20 ලෙසටත් සටහන්ව තිබෙනවා. මේ තරුණයාගේ මරණයට ඍජුව චෝදනා ලබන්නේ දුම්රිය වර්ජනයට සම්බන්ධ අය. දුම්රිය වර්ජනය අතරතුරදී දුම්රියකින් වැටී තරුණයෙක් මියයෑම කියන්නේ සිදුවිය නොහැක්කක්. ඒකට හේතුව තමයි දුම්රිය වර්ජනයක් සිදුවෙලා තිබුණා නම් දුම්රියකින් වැටෙන්න විදියක් නෑ. දුම්රිය වර්ජනයක් සිද්ධ වුණා නම් දුම්රියක් දුවන්න විදියක් නෑ.

දුම්රිය නොදුවන එකටයි, දුම්රිය වර්ජනය කියලා ලංකාවේ සාමාන්‍යයෙන් සලකන්නේ. නමුත් මේ දුම්රිය වර්ජනය ඇතුළේ දුම්රිය සේවකයන් විසින් දුම්රිය මගීන්ට දඬුවම් කිරීම සඳහා තවත් එක් සාර්ථක ක්‍රමයක් භාවිත කොට ඇති බව තමයි අපට හඳුනාගත හැක්කේ. ඔවුන් විසින් දුම්රිය වර්ජනයක් හදිසියේ ප්‍රකාශයට පත්කරනවා. ඒ අතරතුරේ එක දුම්රියක් දෙකක් එහෙට මෙහෙට දුවනවා.

මේ එක දුම්රියක් කියන කාරණාවේදී දුම්රියේ ගමන් යන්නට ඇබ්බැහි වූ අයට දුම්රියෙන් මිදෙන්නට බැරි නිසාත්, ඔවුන්ට වෙනත් ගමනාගමන ක්‍රමවේදයක් නැති නිසාත් දුම්රියේ හැප්පෙමින්, තෙරපෙමින්, සිරවෙමින්, එල්ලලෙමින් අතිශය අවදානම්කාරී ගමනක් යන්නට සිදුවෙනවා. මෙහි ඇති භයානකකම වෙන්නේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ එහෙම දුම්රිය ගමන් සිදු නොවෙන නිසා.

දුම්රිය මාර්ග පවා සකස් වෙලා තියෙන්නේ දුම්රිය උඩ යන්න, දුම්රියේ අනවශ්‍ය තරම් පිරිසක් එල්ලිලා යන්න නෙවෙයි. එහෙම යන අයව අනතුරුවලට භාජනය වෙන්න පුළුවන්. විදුලි රැහැන්වල ගැටෙන්න පුළුවන්. අපි පැහැදිලිවම දන්නවා දුම්රිය සේවකයන් ඒ බව නොදන්නේ නැහැ කියලා. දුම්රියේ උඩ හෝ වෙනත් ආකාරකින් එල්ලී හෝ ගමන් කරන පුද්ගලයන් මේ පිළිබඳ දැනුවත් කිරීමටවත් අඩුම තරමේ වගකීමක් දුම්රිය සේවකයන්ට තියෙනවා. ඒත් එවැන්නක් සිදුකරන්නට තරම් කලබලයක් ඔවුන්ට නැති බව සාමාන්‍යයෙන් වරක් දෙවරක් හෝ දුම්රියේ ගිය අය දන්නවා.

මේ වෙලාවේ තමන්ගේ ඉල්ලීම් තමයි වැදගත්ම කියන එක තමයි දුම්රිය සේවකයන්ගේ මතය වන්නේ. ඇත්තටම රටක් ඇතුළේ ඒ රටේ ජනතාව ගැන කිසිසේත්ම නොසිතන පාලකයන් මුල සිට අගට සිටි රටක, තමන්ගේ ඉල්ලීම් සියල්ලට වඩා වැදගත් බව සිතන එක ගැන ආණ්ඩුවට ඇඟිල්ල දිගුකරන්න මේ කතාව කියන කෙනාට හැකියාවක් නෑ.

මේ වෙලාවේ දුම්රියේ හැප්පිලා මියයන්නේ මොරටුව කාර්මික විද්‍යාලයක ඉංජිනේරු අංශයේ උසස් අධ්‍යාපනය සඳහා යොමුවෙලා හිටපු ශිෂ්‍යයෙක්. ඒ තාත්තලා අම්මලා කඳුළු සලමින් කියන කතාව තමයි ‘පුතේ උඹට යන්න බැරි නම් ගෙදර එන්න කියලා අපි කිව්වා. ඒත් අද යන්න ඕනෙමයි කියලා පුතා ගියා…’ කියන එක. අපි දන්නවා ගම්පහ ඉඳන් කොළඹට යන්න තියෙන එකම මාර්ගය දුම්රිය විතරක් නෙවෙයි කියන එක. ඒ වගේම අපි දන්නවා මේ ශිෂ්‍යයාට මීට වඩා සාර්ථකව තමන්ගේ ජීවිතෙත් ආරක්ෂා කරගෙන ගමන යන්න තිබුණාය කියන එක.

සියලු දෙනාම එකතු වෙලා දුම්රිය සේවකයන්ට චෝදනා කළාට මේ මොහොතේදී මේ කතාව කියන කෙනා විදියට මගේ චෝදනාවක් මේ ශිෂ්‍යයා වෙතත් තියෙනවා. නමුත් මියගිය කෙනකුට චෝදනා කරලා වැඩක් නෑ. ජීවත් වෙලා ඉන්න ඔබ දැනගත යුතු කරුණක් ඉතා ආදරෙන් කරුණාවෙන් සිහිපත් කරනවා. ඒක තමයි ඔබ ඔබේ ජීවිතය ආරක්ෂා කරගැනීමට මීට වඩා උත්සාහ කළ යුතුයි. ඔබ වෙනුවෙන් හඬන අය ඉන්නවා නම්, ඔබ වෙනුවෙන් බලා සිටින අය ඉන්නවා නම්, ඒ අය වෙනුවෙන් ඔබ ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න. කෝච්චියක යන එනකොට ඒක කොච්චර අනාරක්ෂිතද කියන එක මතක තියාගන්න.

එහෙම වෙන බව දැන දැනත් නොවෙන්නා සේ වැඩ කිරීම තමයි මෝඩකම. මොකද, ලංකාව කියලා කියන්නේ සෞඛ්‍යය සම්බන්ධයෙන් අතිශය අවදානම් තත්ත්වයක පසුවෙන, ලෝකයේ හිතාගන්න බැරි තරම් නරක පාලකයෝ ඉන්න, මේ තරම් වැටිච්ච රටකටත් බාල බෙහෙත් ගෙන්වන, බාල බෙහෙත් ගෙන්වූ හොරගෙඩියා අල්ලාගත් පසු ඔහුට පක්ෂව ඡන්දය දෙන රටක්. එහෙම රටක දුම්රියෙන් ඇදවැටී ජීවත් වුණා නම් ඔබට අයි.සී.යූ. එකකවත් ප්‍රතිකාර ලබාගන්නට ඉඩ දෙන්න තරම් මේ රටේ මිනිස්සු සූදානම් නෑ.

මොකද, ඒවායෙනුත් එක ඇඳක් සදාකාලික සුව නින්දක් සඳහා ජැක්සන් ඇන්තනී සොඳුරු කලාකරුවාණන් වෙනුවෙන් වෙන්කරලා ඉවර නිසා. දැන් දින පන්සීයේ වාර්තාව ඔහු පසුකරමින් ඉන්නේ. ඒ නිසා අපට ඇඳන් දෙන්න පුළුවන්කමක් නෑ. ඒ ජාතියේ තවත් කලාකරුවෝ හයහත් දෙනෙක් ලෙඩ වුණොත්, ඒ හයහත් දෙනා ජාතියට කළ මෙහෙය වෙනුවෙන් අයි.සී.යූ. ඇඳන් වෙන්කොට, එය ජාතික කලාභවනේ තවත් එක ශාඛාවක් ලෙස වෙන්කොට සංරක්ෂණය කිරීමටයි සිදුවෙන්නේ. ඒ නිසා අපි වෙනුවෙන් එහෙම දෙයක් කරන්න අපි කලාකාරයෝ නෙවෙයිනේ. අපි ආණ්ඩුව හදන වෙලාවේ ආණ්ඩුව වෙනුවෙන් අපේ සෙනෙහස, ප්‍රේමය පුදකළ අය නෙවෙයිනේ. ඒ නිසා තමයි ඔබ ආරක්ෂා විය යුත්තේ.

මීළඟ කාරණාව තමයි දුම්රිය සේවකයිනි, ඔබට රටෙන් පලිගන්නට අවශ්‍යතාවක් තිබුණා නම් මේ ක්‍රමය අතිවිශිෂ්ටයි. නමුත් ඔබට අවශ්‍යව තිබෙන්නේ

දේශපාලකයන්ගෙන් පලිගන්නට නම්, ඔබ හිතනවද දේශපාලකයෝ මේ මිනිස්සු හිරවෙලා තෙරපිලා යන හැටි දැකලා දුක්වෙනවා කියලා? ඔබ හිතනවද මේ මරණය ගැනඔවුන් හඬා වැලපෙනවා කියලා? ඔබ හිතනවද දුම්රිය නැති එක ගැන මිනිස්සු බණිනකොට ඔවුන්ට රිදෙනවා කියලා? නැහැ. ඔබ කළ යුත්තේ දුම්රිය ගමන් වාර වැඩිකරන එක. ආණ්ඩුව කියනවට වඩා දුම්රිය ගමන් වාර වැඩිකරන එක.

තෙල් බලහත්කාරයෙන් පුරවගෙන, තෙල් ඉවර කරන එක. මිනිස්සුන්ගෙන් මුදල් අය නොකරන එක. මිනිස්සුන්ට ටි්‍රප් යන්න ඉඩ හදලා දෙන එක. මිනිස්සුන්ට පුළුවන් තරම් ආතල් ගන්න දුම්රිය ඇතුළේ ඉඩ හදලා දෙන එක. ඔබට මතක ඇති පහුගිය කාලේ මෙහෙම දෙයක් කළා. ඒක සාර්ථකයි. මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා.

මේ අහිංසක මිනිස්සු, කන්න නැති මිනිස්සු, ජීවත් වෙන්න විදියක් නැති මිනිස්සු, ඒ දුප්පත් මිනිස්සුන්ගෙ දරුවෝ රුපියල් 300ක් තාත්තගෙන් ඉල්ලගෙන බස් එකේ හරි කෝච්චියේ හරි ගෙදර එන්නේ කොටුවේ ඉඳලා. ඒ තාත්තලා සුඛෝපභෝගී ජීවිත ගතකරන, යානවාහන තියෙන කෝටිපතියෝ නෙවෙයි. එහෙම වුණා නම් ඩ්‍රයිවර් කෙනෙක්ට කියලා කොල්ලාව ගිහින් දානවා. එහෙම රටක මිනිස්සුන්ගෙන් පලිගන්න උඹලට දුක නැද්ද? උඹලට හිරිකිත නැද්ද? උඹලට පවු කියලා හිතෙන්නෙ නැද්ද?

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වාහනේ එළවන් ඇවිත් තියෙන්නේ උද්දික! ‌වාහනෙන් බැහැලා ගෙට යද්දි වාහනේ වම්පැත්තේ පිටුපස වීදුරුවට වෙඩි තියලා! පොලිසිය වෙච්ච සිද්ධිය කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායකගෙන් පාස්කු ප්‍රහාරය ගැන බරපතළ ප්‍රකාශයක්! ගෝඨා සහ රනිල් දෙන්නටම ‌එකම චෝදනාව! මෙන්න ප්‍රකාශය! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.