අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නවතා දමන ලද ඉන්දියාව හා කන්කසන්තුරේ අතර නැව් සේවාව මැයි මස 13 වෙනිදා සිට යළි ආරම්භ කෙරෙන බව ඉන්දියාවේ ශිවගංගා නැව් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකොට තිබේ. (Sri Lanka Latest News)
මෙම නැව් සේවාව ක්‍රියාත්මක වූයේ ඉන්දියාවේ තමිල්නාඩු නාගපට්ටිනම් සිට යාපනය කන්කසන්තුරේ දක්වාය.
මුලින්ම මේ නැව් සේවාවට චෙරියපානී නැව යොදවා තිබූ අතර මෙවර එම ගමන් සඳහා යොදාගෙන ඇත්තේ ශිවගංගා නමැති නැවයි.
දෙවැනි වරට ක්‍රියාත්මක වන මෙම නැව් සේවාව මැයි මස 13 දා පෙරවරු 8ට තමිල්නාඩුවේ නාගපට්ටන නාගායි ජැටියෙන් පිටත් වන අතර එය මධ්‍යහ්න 12ට කන්කසන්තුරේ ජැටිය වෙත ළඟා වෙයි.
lankasara