• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේවීර කොටුවුණේ පත්තිනි දේව අනුහසින් ද? I Sri Lanka Latest News

February 16, 2024
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේවාල බිමේ මනුස්සයෙක් මැරිලා – ටික දොහකින් මිනීමරුවා කොටුවෙලා – විජේවීරලා දවසින් දවසම අහුවෙලා – වෙඩි තියපු‍ කෙනා ඒ ඉරියව්වෙන්ම කොර වෙලා

දූනගහ සත්පත්තිනි දේවාලය ඉතා ප්‍රකට ස්ථානයක්. මේ සත්පත්තිනි දේවාලයට බොහෝ බැතිමතුන් පැමිණෙන තැනක්. පත්තිනි හෑල්ලේ පවා මේ සත්පත්තිනි දේවාලයේ නම දූනගහ කියන නම සඳහන් වෙලා තියෙනවා. දූනගහ පත්තිනි දේවාලයේ ඉතිහාසය ගජබා වෙල ඇතුළු බොහෝ කාරණා එක්ක සම්බන්ධයි.(Sri Lanka Latest News) ඒ ගැන කියද්දී කියන්නේ ගජබා රජ්ජුරුවෝ නීලමහා යෝධයත් එක්ක ඉන්දියාවට ගිහිල්ලා සොලීන්ගේ අත්අඩංගුවේ සිටි ලාංකිකයන් මුදාගෙන එන අතරතුරේ රැගෙන ආපු පත්තිනි දෙවියන්ගේ සළඹ තැබූ ස්ථානයක් පසුකාලීනව දේවාලයක් බවට පත්වුණාය කියලා.

පත්තිනි දේවාලය ඉතා පැරැණි දේවාලයක් වීම සහ ඒ වටා ඉදිව තියෙන අනෙකුත් දේවාල හතර නිසා මේ දේවොලට බැතිමතුන් බොහෝ පිරිසක් පැමිණෙනවා. පත්තිනි දෙවියන්ට අමතරව විෂ්ණු දේවාලයක්, කතරගම දේවාලයක් සහ ගම්බාර දේවාලයක් මෙහි පිහිටා තිබෙනවා. දේවාලය වටා තියෙන්නේ සාම්ප්‍රදායික කැලෑ රොදක්. මේක ආරක්ෂා කරලා තියෙනවා වගේම බොහෝ ගම්වැසියන් ඊට ඇතුළු වීමට පවා යම් බියක් දක්වනවා. බොහෝ අනුහස් මේ දේවාලය වටේ තියෙන කතා අතර කියැවෙනවා, ලියැවිලා තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා මේ කතන්දරේ ලෝකයට මේ විදියට හෙළිකරන්නේ ප්‍රථම වතාවට කියලා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් 1971 සහ 1989 කාලවලදී ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය යම් අරගලකාරී තත්ත්වයන් සම්බන්ධව අපි ඉතිහාසයේ බොහෝ තැන්වල කියවලා තියෙනවා. ඒවායේදී අපි විශ්වාස කරන එක කාරණයක් තමයි රෝහණ විජේවීර කියන්නේ කවුරු කොහොම කිව්වත් විශ්වාස කළත් නොකළත් එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකික ඉතිහාසයේ බිහිවෙච්ච ප්‍රබලතම විප්ලවවාදියා බව. ඔහු දේශපාලන චරිතයක් විදියට ලංකාවේ වඩාත් ආදරය දිනාගත් දේශපාලන නායකයෙක් බවත් අපි විශ්වාස කළ යුතුයි. මේ කුමන කාරණය තිබුණත් අරගල කාලයක්, විප්ලව කාලයක් කියලා කියන්නේ රටකට එච්චර හොඳ කාලයක් නෙවෙයි. රටේ මිනිස්සු බරපතළ විදියට පීඩාවට පත්වෙන, පාරවල්වල මිනිස්සු ඝාතනය වන ඉතාම නරක කාලයක් විදියට අරගල කාලය සලකනවා.

ලංකාවේ 71 කැරැල්ලටත් වඩා 1989 කැරැල්ල මිනිස්සුන්ට බරපතළ පීඩා ගෙන දුන්න කාලයක් බවට පත්වෙලා තිබුණා. ඒ වගේම මේ කැරැලිවලදී විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන සිද්ධ වුණා. මේ විදියට මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙනවා කියලා කියන්නේ ඇත්තටම රටක භයානක තත්ත්වයක්. ඒ වගේම නරක තත්ත්වයක්. සාමාන්‍ය පුරවැසියන්ට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න නොහැකි තත්ත්වයක්. ඒ තත්ත්වය යතේ 88-89 කාලේ ගෙවල් දොරවල් වහගෙන මිනිස්සු හැංගිලා හිටියා.

මිනිස්සුන්ට පහනක් පත්තු කරගන්න බැරිවුණා. ඊළඟ මොහොතේ දොරට තට්ටු කරන්නේ කැරැලිකරුවන්ද, පොලීසියද, හමුදාවද කියන්න මිනිස්සු දැනගෙන හිටියේ නෑ. සමහර වෙලාවට කැරැලිකරුවන්ට මුවාවෙලා සාමාන්‍ය පුද්ගලයන්ව වෙනත් අය විසින් මරලා දැම්මා. කැරැලිකරුවන් යැයි පැහැරගෙන ගිහිල්ලා සාමාන්‍ය මිනිස්සුන්ව ආරක්ෂක අංශ විසින් මරලා දැම්මා. මේ කිසි දේකට සම්බන්ධයක් නැති මිනිස්සු විශාල පිරිසක් මේ විදියට මියගියා. තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් අතුරුදන් වුණා. මේ හැම දේම නිසා විප්ලවය නිමාවෙන තුරු බලා ඉන්න බොහෝ දෙනකුට සිද්ධ වුණා.

ඔබට හිතෙනවා ඇති මේ කතාව කොහොමද ගැළපෙන්නේ කියලා. පළමුවෙන්ම මම දූනගහ සත්පත්තිනි දේවාලයෙන් මේ ලිපිය ආරම්භ කරනවා. ඊළඟ කොටසේදී අපි අරගලයක් ගැන, විප්ලවයක් ගැන කියනවා. මේ කතාව පළමු වතාවට හෙළිවන ප්‍රවෘත්තියක් නිසා මේක ගළපා ගැනීමේදී ඔබට සමහර වෙලාවට යම් සැකයක් ඇතිවෙන්න පුළුවන්. හැබැයි දූනගහ සාම්ප්‍රදායික මිනිස්සු එක්ක මේ ගැන කතා කරද්දී ඇතැම් අය මේ ගැන කියන කාරණා ගළපාගන්න පුළුවන් වෙන නිසා අපට මේක විශේෂ කාරණයක් බවට පත්වෙනවා. දූනගහදී එක්තරා අවස්ථාවක එක්තරා පුද්ගලයෙක්ව මරාදමනවා කැරැලිකරුවන් යැයි කියූ පිරිසක් විසින්. අපි දන්නේ නෑ ඔවුන් කැරැලිකරුවන්මද, වෙනත් පිරිසක්ද කියන්න.

හැම වෙලාවකම අපි ඔබට කියන්නේ ඕකයි. මේ කතන්දර ඇතුළේ අපි නොදන්නා කතන්දර තියෙන්න පුළුවන්. අපි දන්නේ නැති කාරණා තියෙන්න පුළුවන්. සත්‍ය යැයි අපි හිතනා දේවල් අසත්‍ය විය හැකියි. ඒ නිසා තීන්දු තීරණවලට එළඹෙන්න කලින් මේවා හරියට අසා දැනගත යුතුයි. මේ පුද්ගලයා මරලා දාන්න එක්තරා කණ්ඩායමක් එනවා. කතාව නම්ගම් සහිතව පැහැදිලි නොකරන්නේ ඒ පුද්ගලයන්ට යම් අපහාසයක් සිදුවෙන්න ඉඩ තියෙන නිසා සහ මේවා මනුෂ්‍ය ඝාතන සහ ඒවායේ නොවිසඳුණු ස්වභාවයන් නිසා. මේ පුද්ගලයාව මරලා දාන්න එන පිරිස විසින් ඔහුව විවිධ අවස්ථාවලදී අල්ල ගන්නවා. හරිම සාධාරණ මනුෂ්‍යයෙක්ව ඔවුන් මරලා දාපු බව තමයි බොහෝ දෙනා කියන්නේ. ඔහු නිවෙසේ ඉන්නකොට කවුදෝ කෙනෙක් ඇවිත් දොරට තට්ටු කරනවා. ඒක තමයි මේ කතාවේ ආරම්භය.

මේ සිදුවීම ගැන ගම් පළාත්වල උදවිය කියන්නෙ මෙහෙම.

‘කට්ටියක් කඩේක කතා කර කර ඉඳලා තියෙනවා. මොකක්ද කියලා කඩේ මුදලාලි දන්නෙ නෑලු. රෑ වෙනකල් කතා කර කර හිටපු නිසා කිව්වලු දැන් අපි කඩේ වහනවා කියලා.

‘ එහෙම කිව්වම මේ යක්කු ටිකට ටිකක් තරහ ගියාලු. ‘එහෙම කොහොමද වහන්නෙ’ වගේ එව්වා අහලා පොඩි බහින්බස් වීමක් වෙලා තියෙනවා.’

‘කොහොම හරි කඩේ මුදලාලි යූ.ඇන්.පී.කාරයා කියලත් කියනවා. ඉතින් මේ කතන්දරෙත් එක්ක කඩේ වහලා අර මිනිස්සු ගිහිල්ලා.’

‘එදා රෑ තමයි ඔය වැඩේ වෙලා තියෙන්නෙ. ඔය මිනිස්සුන්ගෙ ගෙට ඇවිල්ලා කවුරු හරි තට්ටු කෙරුවලු. ඒ කාලෙ ඉතින් ඔහොම එව්වා හැම තැනකමනෙ. මේ යක්කු දොර ඇරලා. අරින්න හම්බුණේ නෑලූ. අරුං ඇවිල්ලා කොටලා. එක්කෙනෙක් එතැනම වැටිලා. අනිත් හාදයා දේවාලෙ පැත්තට දිව්වා කියලා කියනවා.’

‘ආයෙ ඉතින් ඔය දිවිලිවලින් කොහෙ බේරෙන්නද ඒ මාරයන්ගෙන්. උන් පන්නගෙන ගිහිල්ලා මරලා දාලා. ඒ මිනිහා දුවගෙන ගිහිල්ලා දේවාල බිමේ වැටිලා මැරුණා කියලා කියනවා….’

‘හැබැයි ඉතින් ඔය මරණයත් එක්ක ගම්මු කතාබතා කරන්න පටන් ගත්තලු මෙදා නම් වැඩේ හරි කියලා.’

දවස දෙකක් ගියෙ නෑ ඒ මරපු කණ්ඩායමේ නායකයා කොහෙදි හරි කොටුවෙලා. ඒකට පොලිසියෙන් වෙඩි තියලා දේවාලෙ ඉස්සරහින්ම ඇදගෙන ගියාය කියනවා වාහනේක ගැටගහගෙන. ඒ කාලෙ ඉතින් කැත්තට පොල්ලනෙ ඔක්කොම ටික.’

‘ඉන් පස්සෙ ඔන්න ටික ටික නායකයො අරුං මුං කොටුවෙන්න ගත්තා. හරියටම ඔය මරලා දැමිල්ලෙන් ටික දවසක් ගියෙ නෑ නායකයා කොටු වුණා. කාටවත් පනින්න ලැබුණෙත් නෑ. අන්තිමට ඔය කට්ටියව අතුගාලා දාන්න පුළුවන් උනාය කියලා තමයි කියවෙන්නෙ…’

මේ කතන්දරය බොහෝ දෙනෙක්ගේ හිත් සසල කරලා තියෙනවා. සමහරු මොනවත්ම නොකිව්වට කියන අය ඉන්නවා.

‘දූනගහ දේවාලෙ නයාට කවුදෝ මිනිහෙක් වෙඩි තියලා තියෙනවා. ඉන් පස්සෙ ඒ වෙඩි තියාපු හාදයා කොර වුණා. කොර වුණා කියන්නෙ කෙළින්ම වෙඩි තියද්දී අත් දෙක තියාගන්න ඉරියව්ව තියෙන්නෙ. අන්න ඒ ඉරියව්වෙන්ම මැරෙනක්ල්ම ඉන්න වුණා ඒ යකාට. ඒ කියන්නෙ වෙඩිල්ල තිබ්බ ඉරියව්වෙන්ම….’

දූනගහ දේවලයේ අනුහස් එහෙමයි කියලා කියනවා.

ඒ විදියට ගත්තම විජේවීර ඇතුළු නායකයො ගොඩකට බලපෑවෙ ඒ අය නොදන්නා සාපයක්ද කියලා අපිට හොයන්න බලන්න වගේම හිතන්න වෙනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පිළිකාව සමග සටන් කොට මම සාමකාමීව මරණය වැළඳගමි… පණ පිටින් ඉද්දී පූනම් පාණ්ඩේ මැරුණා කිව්වේ ඇයි? I Sri Lanka Latest News

Next Post

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.