• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බල්ලො බුරනවා, බුරනවා හැබෑ බෑනෙක්දෝ කියල බලනකොට මේ ඉන්නෙ කබර මොටෙක්නෙ…

December 21, 2022
in Exclusive, News
Reading Time: 8 mins read
A A
බල්ලො බුරනවා, බුරනවා හැබෑ බෑනෙක්දෝ කියල බලනකොට මේ ඉන්නෙ කබර මොටෙක්නෙ…
Share on WhatsAppShare on Facebook

(කබරයාය). කබරයාට “පංවත්තෙ බෑණා” යැයිද කියති. මේ අපේ එදා උන් ගම්මුන්ගේ කියමනකි. ඔය බණේට (කතාවට) ඈඳුණු තවත් කතා ගොන්නකි. එසේ කතා ගෙතීමට හේතුව උරග ගණයට අයිති ඒ සත්වයා ගෙදර වත්තේ “පං වළේ” වෙසෙන පවුලේ (සනකයා සේ) සමීපතමයකු බැවිනි.

ඉස්සර අපේ සීයා ආච්චිලෑ කාලයේ ගෙවල්වලට අවශ්‍ය පෙට්ටි පැදුරු මලු මාගල් ආදිය වියාගැනීමට වුවමනා පං (ගල්ලැහැ, තුං හිරියා, වැටකෙයා) සපයා ගැනීමට ඒ වත්තේම කොනක පං වළක් ද තිබිණි.

අපේ පළාතේ (උඩරට) පාරම්පාරික සෑම පවුලකටම අඩුම වශයෙන් පරපුරෙන් ලැබුණු අක්කර දෙක තුනක් නොවැරදීම තිබුණේය. වැහි කාලයට ඉඩමට වැටෙන වැහි වතුර ගලාගියේ ඒ වළට බැවින් එහි නිතර දියසීරාව (තෙතමනය) වූයෙන් පං වර්ග පමණක් නොව එදිනෙදා ගෙදරට රට වුවමනා වෙන ඉකිරිය (නීරමුල්ලිය) ලුණුවිල වැනි ඖෂධ ද සේම කංකුං දිය හවරිය වැනි පලා වර්ගද වැවුණේය.

ඔය වළේ ගන සැරේට (විශාල වශයෙන්) වැවුණු පංගාල පංවත්තෙ බෑණාගේ වාසස්ථානය වූවේය. ඔහු නිසා රෑපානේ (මහ රාත්‍රියේ) කිසිදු බයක් හැකක් නැතිව වත්තෙ පිටියේ ඇවිදින්නට හැකියාව තිබුණේය. මන්ද පංවත්තෙ බෑණා පවුලේ උදවියගේ ආරක්‍ෂාව සපයමින් කිසිම සර්පයකුට ඉන්න හිටින්නට ඉඩ නොදුන් හෙයිනි. ඌ දකින දකින සර්පයා අල්ලා ගෙන ගිල්ලේය. නයි පොළොඟුන්ට තබා අහුරු කුක්කෙකුටවත් ඉන්න හිටින්න ඉඩ දුන්නේ නැත.

බෑණාගේ පරම හතුරා අපේ ගෙදර “ජිමියා”ය. ඌ බෑණාට “හයිරංපාට්” දාන්න ගියේ බෑණාගේ ඔළුව පැත්තේ සිට මිස අම්මේ මුත්තේ කීවත් පස්ස පැත්තේ සිට නම් නොවේ. එසේ ගියා නම් නොවැරදීම බාවෙන් “සබ්බුව” ලැබෙන්නේමය. ඒ පාර ඉතින් කඩු පහරකට ද දෙවැනි නැත. අප කුඩා කාලයේ අපේ ගම්මුන් පංවත්තෙ බෑණා ඈඳාගෙන උපහැරණ කතා, උපමා කතා කීවේ ඔය කිට්ටු සම්බන්ධතාව නිසාය.

කබරයාට දිව දෙකක් ඇති සතකු ලෙස ද පළය. දිව දෙකේ සතා යනු බොරුකාරයාය. හැරණු හැරුණු අතේ කෙප්ප කෙළින තැනැත්තාය. හරියට කපටියකු නියෝජනය කරන නරියකු සේය.

හැබෑ බෑණෙක් යන උපහැරණයේ “බෑණා” වනාහි පවුලේ (දියණිය ප්‍රමුඛ කොටගෙන ඇතිවන) අනාගතයයි. ඒ අනාගතය සියල්ලෙන් සමෘද්ධිමත් යහසාධනීය එකකි. ඒ පිළිබඳ පිය පාර්ශ්වයට වඩා දහසකුත් එකක් අපේක්‍ෂා පොදි බඳින්නේ මවු පාර්ශ්වයයි. (මවයි).

“බල්ලන් බිරීම” යනු එළැඹෙන සංසිද්ධියක පුරෝකථනය හෙවත් ආරංචියයි. ඒ ඇසුණු කෙනෙහිම ඒ කෙරෙහි උනන්දු වන්නේ සැනසිලිදායක ප්‍රතිඵලයක් අත්වන්නේ දැයි යන හැඟුම පෙරදැරිවය.

මෙහි දැක්වෙන මවු පාර්ශ්වය සංකේතය රටේ “මහජනතාව”ද නියෝජනය කෙරේ. කිසියම් පුවතක් ඇසුණු ඇසිල්ලෙහි සිටම ඒ ගැන හාරාඅවුස්සා බලන්නේ තමන්ට අත්වන ප්‍රතිඵලය කවරක් ද යන්න ගැන අවබෝධ කරගැනීම උදෙසාය.

මහජනයා නිරන්තරයෙන් ශ්‍රව්‍ය, දෘෂ්ටි පමණක් නොව හෑලි, පල්හෑලි, කෙරෙහිද ඇහුම්කන් දෙන්නේත් විපරම් කරන්නේත් එහෙයිනි. නැතහොත් වෙන ඉටි ගෙඩියක් නිසා නොවේ. ආර්ථික අහේනි “ඕගයේ” (ජල ප්‍රවාහයේ) ගසාගෙන යන්නවුනට පිදුරු ගසක්ද ජීවිතාරක්‍ෂක යාත්‍රාවක් සේ සිතන, තකන හෙයින්මය.

මේ අටුවා, ටීකා, ටිප්පණි, ගැටපද සහ සංඥාපනය (මහා සංඝරත්නයේ වචනයෙන්ම පවසන්නේ නම්) “කියන්ට යෙදුනේ” රටේ මහජන විඥානයේ පැතිකඩක් දැක්වීම සඳහාය. අපේ ඇතැම් මාධ්‍ය ද “බල්ලො බුරනවා, බුරනවා, හැබෑ බෑණෙක් කියල බලන කොට, මේ ඉන්නෙ කබර මොටෙක්නෙ” යන උපහැරණයට නිස්සන් බැව් සිහිගන්වයි. මන්ද විශාල වශයෙන් තෙම්පරාදු කරමින් සීනි අලවමින් විස්තූරංකර හුවාදක්වන දේ කන්දක් වදන්නට විළිලන බවක් දැක්වමින් මීපැටවකු තරම් එකකුවත් ප්‍රසූත නොකෙරෙන බැවිනි.

පසුගිය ජනාධිපතිවරණය සහ මැතිවරණය යන දෙකට පෙරාතුව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනගත කළ අඬහැරය ද එවැන්නකි. මහබැංකුව කොල්ලකා ආර්ථිකය සහ පාස්කු ප්‍රහාරයෙන් ජාතික ආරක්‍ෂාව නැත්තටම නැතිකර, රට නැතිභංගස්ථාන කළ උන් පලවාහැර රට සුඛිත මුදිත කිරීමටත් ඒ හොරුන් අල්ලා දඬුකඳේ ගැසීමටත් ප්‍රතිඥා දුන්නන් විසින්ම හංවඩු ගසන ලද තැනැත්තාට කිරුළු පලඳා ඇත.

ගෝඨා දිනෙව්වා නම් කල්ප වෘක්‍ෂය දිනුවා වැන්නේ යැයි මාධ්‍ය මගින් කරුණු දැක්වූහ. මේවා සද්ධර්මරත්නාවලියේ කියන “කරතලා මලක් සේ පැහැදිලිය” යන පරිදි කාටකාටත් හොඳටෝ….ම අත්දකික්නට ලැබී ඇති හෙයින් තවත් අටුවා ටීකා කීම කාලය කාදැමීමකි.

ගව ඝාතනය තහනම් කරන ලෙසට කෑමොරදුන් උස්මුරුත්තේට්ටුවේ උන්නාන්සේ කස්තිරංපාගමින් පෙළපාළි ගියෝය. ඒ ගවයන් රැලක්ද දක්කාගෙනය. මාධ්‍ය අඩව් ඇල්ලුවේය. උන්වහන්සේගේ අතීසාර මිත්‍රයාණන් ලවා පනතක් ද පාර්ලිමේන්තුවේ සම්මත කරවා ගැනීමටද විලිලනු ඇසිණි.

එහි ඇතුළාන්ත ගුප්ත අරමුණ (Ulterior Motive) සිංහල මහ ජාතියේ ඡන්ද පොට්ටනිය කරට ගැනීම බවට රාවයක් පැතිරෙන්නට වූ කල ඉස්ලාම් ඇතුළු වෙනත් භක්තිකයන්ගෙන් කෙළවෙන බව ද දැනගෙන දෝහෝයි දැන් පනත ක්‍රියාවට නැගෙන්නේ නැත.

කොරා්නා මාරයා විළිස්සන්නට වූ කල රාජ්‍ය නිලධාරීන් පාවා නිවාස අඩස්සියේ රඳවා අගුළු දැමූ අවස්ථාවේ “අම්මට උඩි” ආරම්භ කළ ගෙවතු වගා සංග්‍රාමය. දැන් එකදු මාධ්‍යයක හෝ කිසිදු හාවක්හූවක් නැත. ඒ දවස්වල නම් තඩි තඩි නෝනලා නාඹකඳන් සේ සුමට වටමට (සිනිඳු මට සිළුටු) පතෝල කරල් එල්ලා ගෙන ටැලිවිසොං එකේ පෙන්නපු හැටි.

පොහොර නැතිව වී ගොවිතැන නැත්තටම නැතිවුණා සේ අම්මපා ගෙවතු වගාවත් වඳපීදුණාද?

සිංහ වෙස් ගෙන රුසියාවෙන් “ඇස්බැස්ටෝස්” ආනයන තහනම පනවා අන්තිමට වල්ගාධිය අහවල් දිහා ගසාගෙන “පයියාගල” යන පුංචි මහත්තයකු සේ “මෛත්‍රී අයියා පල්ලං” බැස්ස බවද සඳහන් කළ යුත්තේමය.

මේ කරුණු කාරණා විස්තර සහිතවම මාධ්‍යවලින් මදි නොකියන්නටම මහජනයාට දැක්කූ ඒවාය. දැක්කූ යන පදයේ එක් අරුතක් පෙනෙන්නට සැලැස්වූ, පැහැදිලි කළ යන අර්ථයේය. අනිත් අර්ථය වනාහි (ගවයන් සේ) දක්කන ලද යන්නය.

කැලණි නදිය දෙබෑකරගෙන නාග ලොවෙන් ධාතුන් වහන්සේලා ගෙන ඒම වැනි සිද්ධිවලින් ඇත්ත වශයෙන්ම මහජනයා ජහමනයා කර දක්කා තිබේ. එහි අඩුව ජහ ජහ හෝ හුයි හුයි හෝ නොකීම පමණකි.

අලුත්ම දැක්කීම පසුගිය “හේ” (දවස්වල) ඇසූදුටු මායාජාලා අධ්‍යක්‍ෂිකාවගේ හෙවත් තිළිණි ප්‍රියමාලිගේ කතා වස්තුවය. (ඇය ඇත්ත වශයෙන්ම ඇතැමුන්ට වස්තුවක් වී තිබුණු බව නම් සහසුද්දෙන්ම පැහැදිලිය) ඇගේ අල්මාරියේ තැන්පත් කරන්නට ඇතැමුන් භාරදී ඇතැයි කියන ප්‍රමාණය රුපියල් කෝටි හත්සියයකි (7,00,00,00,000). ඇයට මෙසේ මුදල් දී ඇත්තෝ රටේ ලොකු ලොකු කෙරුම්කාරයෝ මිස ලපයි සිපයි නොවෙත්. දේශපාලුවන්, වෛදා්‍යවරුන්, ව්‍යාපාරිකයන්, නළුවන්, නිළියන් පමණක් නම් මදෑ. ඇයි අනේ “මංදානාලිනී” ගීයකින් කී අඳනකඩේ අස්සේ යතුරු කැරැල්ල එල්ලාගෙන සිටින පොට්ටනිකාර උන්නාන්සේලාය. (උදේ ගසාගත් අමුඩකෙටිය හැන්දෑවේ උනා (ලිහා) දමන තුරුත් නොකඩා මහන්සිවෙන එවුන්ට එක වේලක් කන්න නැති කොට, රස්සාවක් නොකරන මුන්නාන්සේලාට මෙහෙම සල්ලියක් කොයින්ද මයෙ අප්පේ…ඒ.

මාර්ගඵල (සෝවාන් සකෘදාගාමි, අනාගාමි ආදී) ලැබූ බව කියන බුරුල්ලේ අම්මට සිරි අමනරාල මේ යස්ස බඩ්ඩගේ අතිශය කීකරු කුක්කෙකි. උන්නැහේ දිට්ඨිගත සම්පයුක්තව (දිෂ්ටිවැටී-ආවේශයෙන්) ව්‍යාපාරිකයන්ට දැනමුතුකම් දී ඇත්තේ ඇයගේ අල්මාරියේම (ඇගේ නමම සඳහන් කර) මුදල් තැන්පත් කරන ලෙසටලු. ඇගේ අල්මාරිය පියං දෙකේ ද තුනේද යන්න පැහැදිලි කර නැත. (බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාට මේ අන්දමින් පේන කිව නොහැකිය. එසේ කියන්නේ කපුරාළලාය.

(මහානායක හාමුදුරුවරුනේ කරනවා නම් වැඩ කෝටියකි. මුන්වගේ බුද්ධාගම කන හොරගෙඩියන්ට බූවල්ලෙන් තළා එළවා දැමිය යුතුය. ඔබ වහන්සේලා හොඳ වැඩියි)
දැනගන්නට ඇති අන්දමට මේ අම්මණ්ඩි වංචා කර ඇතැයි කියන මුදල රුපියල් කෝටි ගණනකි. ඇගේ ස්වාමි පුරුෂයාය කියන ඉසුරු චාමිකර බණ්ඩාර නමැත්තකු ද මුදල් වංචාවට සහාය වූයේලු. ඒ නිසා ඔහුද සැකපිට රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි. ජානකී සිරිවර්ධන නමැත්තියක්ද වංචාවට දායක වී ඇතැයි කියන අතර ඇය ද සැකපිට රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවාය.

මුදල් කොල්ලය සම්බන්යෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සැකකරුවන් හෝ සාක්‍ෂිකරුවන් හෝ තැන්පත්කරුවන් වශයෙන් විස්තර සඳහන් අය මෙසේය.
බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගෙන් රුපියල් කෝටි අටහමාරක් (8,50,00,000) තිළිණි ලැබගෙන ඇත්තේලු.

“ජීවා” යන චිත්තරපටිය වෙනුවෙන් ඇය විසින් ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංගයන්ට දී ඇතැයි කියන මුදල රුපියල් එක්කෝටි පනස් ලක්‍ෂයකි (1,50,00,000) ඒ සම්බන්ධයෙන් ජීවන්ගෙන් පමණක් නොව ඔහුගේ බිරිය ෂෙරීන් කුමාරතුංගගෙන්ද කටඋත්තර ගත්තේලු.
ප්‍රවීණ රංගන ශිල්පිනියන් වන සංගීතා වීරරත්නට සහ සේමණී ඉද්දමල්ගොඩට ද හොඳටෝම පරිප්පු කන්න සිදුවුණේලු. ඒ සංගීතාගෙන් පැය පහක්ද සේමණීගෙන් පැය හතරක්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළේලු.

කොල්ලකෑමට තිළිණි අම්මණ්ඩි අටවාගෙන ඇතැයි කියන ආයතනයේ නම (Thico Group of Companies (Pvt) Ltd). එය ස්ථාපනය කර ඇත්තේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තිස්හතර වැනි මහලේලු. දැනගන්නට ඇති අන්දමට මාසික නඩත්තු වියදම රුපියල් හතළිස් ලක්‍ෂයක් (40,00,000) ලු.

පුහ්. කාගෙද? මේ බලුවේගේ. පසුගිය සැප්තැම්බරයේ සිට මේ සිද්ධි දාමය මාධ්‍ය මගින් රට දෙවනත් කළ සේක. මේ කාරණේ දෙස මහජනයා බලා සිටියේ මොකක්දෝ ටෙන තුරු එළුවා පස්සේ ගිය පුංචි මහත්මයකු සේය. ඇයි මේ සා ධනස්කන්ධයක් හිමිකරුවන් විසින් යහපත් අන්දමින් උපයා සපයාගෙන ඇතැයි කීම “විචිකිච්චා” දනවන හෙයිනි. රටේ මෙතරම් විශ්වසනීය මූල්‍ය ආයතන තිබුණත් තිළිණිගේ ගුප්ත පෙට්ටගමේම තැන්පත් කරන්නට ඇත්තේ කළු සල්ලි සුදු කිරීමේ පාහර අරමුණ සාක්ෂාත් කරගැනීමේ චේතනාවෙන් විය හැකි බවට මහජනයා හොඳාකාරවම අනුදත් නිසාවෙනි.

ඒ නිසා ඒ තමන්ගේ සල්ලි (මහජන දේපොළ) සොරා කෑවෝ කවුරු යන්න දැනගනු රිසින් ලැයිස්තුව එළියට එන තුරු මහජනයා ඇඟිලි ගැන්නෝය. මන්ද මාධ්‍ය මේ සම්බන්ධව උඩවීසි බිමවීසි අඩව් අල්ලමින් ලැයිස්තුවේ දේශපාලකයන්, හාමුදුරුවරුන්, ගායකයන්, නළුනිළි බට්ටන් බැට්ටියන් ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන් ආදී යක්‍ෂ, භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදීන් පමණක් නොව, අපා, දෙපා, සිවුපා, බුහුපා උන්නැහේලාද සිටින බව කීයෙන් “මුංතුමාලා” අභිදානාත්මක ව (නම්ගම් වශයෙන්) දක්නා අභිලාෂයෙන් එසේ ගැන්නෝය. බැන්නෝය, උන්නෝය.

එහෙත් මේ පැරණි පොතපතේ සඳහන් නෛකෂ්ශ්‍රීන් නොව “නැවිකට්ශ්‍රීන් විරාජමාන” (දැන් නැවිකට් වෙළෙඳපොළේ නැත. ඇති ලොකුම එක රත්තරං කොළය) සිරිලංකාව බව මහජනයා දැනගත යුත්තේමය.

වංචාව, දූෂණය “එළිකරඤ්ඤං” යැයි බෙණෙමින් තප්පුලන අපේ ඇතැම් මාධ්‍ය මහ වලව්වේ මොකෙක් හරි කෙනෙකුගේ වාතයක ගන්ධය ඇතිල්ලී ඇති බව පසක් වූ සඳ වල්ගාධිය දෙපරැන්ධ (දෙකකුල්) අස්සේ ගසාගෙන “කූහ් කූහ්” ගාමින් පශ්චාත්භාගය ලෙවකන්නට පටන් ගන්නෝය.

දැන් සිදුවී ඇත්තේ ඒ සන්තෑසිය විය හැකිය. ඔච්චර කෙළි කෙළපු තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන යන “කුට්ටම” දැනට දින කීපයකට පෙරාතුව ඇපමත නිදහස් වූහ. මේ දක්වාම සොරකම ගැන කතා කළත් නඩු භාණ්ඩ (මුදල්) හොයා ගැනීමක්ද නැත. තිළිණි ළඟත් නැත. තවත් පාර්ශ්වයකට දී ඇති බවක් කියැවේ.

මාධ්‍ය ද දැන් වගේ වගක් නැත. ඊට හේතුභූත වන්නට ඇති කරුණු කීපයක් මහජනයා දැනගන්නේ නම් ශරීර සෞඛ්‍යයට යෙහෙකි.

තිළිණිගේ පංගුකාරියක වන ජානකී තිළිණිගේ ආයතනයේ ද, ඔළුවට ඔටුන්න පාත්වෙන්න ඕං මේං ගානට බලා සිටින පුණ්‍යවන්තයකුගේ සමාගමක ද අධ්‍යක්‍ෂ මට්ටමේ කෙනෙකි.

මේ පුණ්‍යවන්තයා තෙල් ආනයන කෙරෙන මෙරට ආයතනයක හිමිකරුවකු බවද, විදේශීය සමාගමක ද මොකක්දෝහළ තනතුරක් දරන්නකු බවද කියති. තිළිණි නෝනා බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිගෙන් රුපියල් අටකෝටි පනස් ලක්‍ෂයක් (8,50,00,000) ඉල්ලා ගත්තේ තෙල් නැවක් වෙනුවෙන් යන කියමන යථෝක්ත සිද්ධි මාලාව හා ගළපාගත් කල මේ නටන“නෙය්යාඩගම” සහ එහි “පාත්‍රවර්ගයා” කවුරුන්දැයි යන්න පමණක් නොව ජානකී නෝනා අත්අඩංගුවට ගැනීමට ඔච්චර කල් තෙපරබෑ කාරණාවත් ඔළුපොජ්ජ සහ වල්ගය දෙකට නමාගෙන කුක්කුර සෙය්යායෙන් මාධ්‍ය ලැග ඇත්තේ කවර හේතුවක් නිසාදැයි යන්නත් “කිරි ගහට කෙළ මෝලෙන්” ඇන්නා සේ (Understood) අන්ඩර්ස්ඩුඩ්ය.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ෂාෆ්ටර් ඝාතනය! පොලිසිය චමුදිත පස්සේ පන්නයි! දෙවැනි පාරටත් හෙට ‌එන්න කියයි!

Next Post

හාල් මාෆියාව කිව්වා උන්ට මොකුත් වුණෙත් නෑ! කුඩු මාෆියාව කිව්වා උන්ට මොකුත් වුණෙත් නෑ! තව අර මාෆියා මේ මාෆියා කිය කියා පම්පෝරි ගැහුවා! මෙන්න බිත්තර මාෆියාවකුත් ඇවිල්ලා! අහලා බලන්නකෝ මේ මාෆියාවේ රඟ! (VIDEO)

MORE NEWS

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.