විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකුට ආණ්ඩුවේ මැති ඇමැති ධුර ලබා නොදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැඩි තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News
පසුගිය සතියේ ආණ්ඩුව අභ්‍යන්තරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා ආණ්ඩුවට එක්කොට ගෙන අමාත්‍ය ධුරයක් භාරදීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා කොට ඇති පුවතක් සම්බන්ධයෙන් මතුවූ කතාබහකදීය.
මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කොට ඇත්තේ එවැනි කිසිදු සූදානමක් නොමැති බවත්, විපක්ෂයේ කිසිදු අයකුට ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා නොදෙන බවත්, හර්ෂ ද සිල්වා සමග හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත්ය.










