• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් ගායක ගායිකාවන් ක්‍රීඩකයන් මත්ද්‍රව්‍ය එපා කරවගන්න හොර රහසේම මුණගැහෙන්න යන පුද්ගලයා I Sri Lanka Latest News

October 6, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මත්ද්‍රව්‍ය කියන්නේ අද වෙද්දී මුළු ලෝකෙම ගිලගෙන තියෙන ව්‍යසනයක්. කුඩා දරුවන්ගේ පටන් මහල්ලා දක්වාම කාන්තා පිරිමි භේදයකින් තොරව මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහී වීම සිදුවෙනවා. ඒ නිසාම රටට ලෝකයට වැඩදායක බොහෝ පිරිසක් දිනපතාම ජීවිතයෙන් සමුගෙන යනවා. අරක්කු සිගරට්වලට වඩා අතිභයානක මේ මත්ද්‍රව්‍ය නිසා ජීවිතේ වැරැදුණු අය හිතන්නේ තමන්ට මේ උවදුරෙන් මිදෙන්න නම් බැරිවෙයි කියලා.(Sri Lanka Latest News)

නමුත් ඒකෙන් මිදෙන්න ස්ථිර වශයෙන්ම හැකියාව තියෙනවා. අපේ රටේ ව්‍යාපාරිකයෝ, නළු නිළියෝ, ක්‍රීඩකයෝ වගේ ජනප්‍රිය චරිත රැසක් මේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්වලින් මුදාගත්ත වෛද්‍යවරයෙක් සමගයි මේ කතාබහ කරන්න සූදානම් වෙන්නේ. ඔහු තමයි ඇබ්බැහි වීම් පිළිබඳ විශේෂඥ මනෝ විද්‍යාඥ නිශාල් පෙරේරා මහත්මයා.

වෛද්‍යතුමනි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා අපේ තරුණ පරපුර විශාල වශයෙන් පරිහානියට පත්වෙනවා. මේ ඇබ්බැහි වීම නවත්වන්න පුළුවන්ද?

ඔය ප්‍රශ්නය බොහෝ දෙනෙක් පිළිතුරක් බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක්. මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම සුවකළ හැකියි. කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි සුව කරන අතරතුර ඒක පාලනය කරන්න අදාළ පුද්ගලයා ගත යුතු ක්‍රමවේද ගොඩක් තියෙනවා. ඒ ක්‍රමවේද තමයි මම ඉදිරියට කියන්න බලාපොරොත්තු වෙන්නේ.

වර්තමානයේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නවත්තගන්න විවිධ ප්‍රතිකාර කරන තැන් තියෙනවා. සමහරු ආගමික පැත්තෙන් කටයුතු කරනවා. වෛද්‍ය ප්‍රතිකාරත් කරනවා සමහරු. ඔබතුමාගේ ක්‍රමවේදය මොකක්ද?

මනෝ වෛද්‍ය විද්‍යාවේ, වෛද්‍ය විද්‍යාවේ සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා සාක්ෂි මත පදනම් වෙච්ච ප්‍රතිකාර ක්‍රම. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා Evidance base Practice කියලා. මේක විද්‍යාඥයෝ අවුරුදු 25ක් 30ක් විතර පර්යේෂණ කරලා හොයාගත්ත ප්‍රතිකාර ක්‍රමවේදයක්. කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් ඒක දෙකට බෙදෙනවා. ඒ ප්‍රතිකාර ක්‍රමය තුළ හරියට කටයුතු කරන කෙනකුට ජීවිතාන්තය දක්වාම මත්ද්‍රව්‍යවලින් වැළකෙන්න පුළුවන්. හැබැයි එයා මත්ද්‍රව්‍ය නවත්තන ගමන් පුරුදු කළ යුතු ගුණාංග කිහිපයකුත් තියෙනවා. ඒවා ඔහු ජීවත් වෙලා ඉන්න තුරු ප්‍රගුණ කළ යුතුයි සහ ආරක්ෂා කළ යුතුයි. ඔහු අවට ඉන්න අය, ඔහුගේ ඥාතීන් ඒ සඳහා ඔහුට උදව් කළ යුතුයි. මේ පරිසරය හදා ගත්තට පස්සේ ඔහුට මත්ද්‍රව්‍යවලින් ඈත්වෙලා ඉන්න පුළුවන්.

මේ ප්‍රතිකාර ක්‍රමයට බෙහෙත් වර්ගත් ඇතුළත් වෙනවද?

ලංකාවේ බහුලවම භාවිත කරන මත්ද්‍රව්‍යය තමයි ඇල්කොහොල්. මත්පැන් පානය එකපාරටම නවත්තපුවාම කෙනකුට විරමන ලක්ෂණ මතුවෙනවා. ඒ විරමන ලක්ෂණවලට ඖෂධමය ප්‍රතිකාර යම් විදියකට දුන්නෙ නැත්නම් ඔහු මියයන්න පුළුවන්. පලපුරුදු වෛද්‍යවරයෙක් ඒ තත්ත්වයේ මූලික අවධියේදී ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුයි. ඒ සඳහා භාවිත කරන යම් යම් ඖෂධ තියෙනවා. ඇල්කොහොල් නිසා ඇතිවන විරමන ලක්ෂණවලදී ශරීරය වෙව්ලීම, හෘදය වස්තුවේ ගැස්මක් වගේ සංකූලතා ඇතිවෙනවා. ඒ වගේම මානසික සංකූලතාත් ඇතිවෙනවා.

ඒවා දවස් කිහිපයක් පාලනය කරන්න ඕනෙ. ඊළඟට විෂ හරණය කියලා දෙයක් තියෙනවා. ඩි ටොක්සිකේෂන් කියලා ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ දේ කරන්න ඕනේ. ඊට පස්සේ ඔහුගේ මානසික ආතතිය සහ මත්පැන් පානය කරන්න හේතු වෙච්ච කාරණය හොයන්න ඕනේ බොහොම සියුම්ව. ඒ කාරණය හොයාගෙන ඊට ප්‍රතිකාර කරනකොට පුද්ගලයට මත්පැන්වලට තියෙන ඉල්ලුම අවම වෙලා යනවා. ඊට පස්සේ ඒවා පාලනය කරගන්න ඔහුට උපදේශනය ලබාදෙනවා. ඒ අනුව ඔහුට ඒ තත්ත්වයෙන් මිදෙන් පුළුවන්.

ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් සෑහෙන පිරිසක් ඔබතුමා මත්ද්‍රව්‍යවලින් මුදාගෙන තියෙනවා. ඒ වගේම අද වෙද්දී මත්පැන් සහ දුම්වැටිවලට වඩා භයානක මත්ද්‍රව්‍ය පාසල් ළමුන් අතර පවා පැතිරෙමින් තියෙනවා. මේ මත්ද්‍රව්‍ය උවදුරට ඔබතුමාගේ ප්‍රතිකාර ක්‍රමයෙන් ලැබෙන උත්තරය මොකක්ද?

ප්‍රසිද්ධ චරිත ගොඩක් මම බේරගෙන තියෙනවා. එක ක්‍රීඩකයෙක් හිටියා ජාතික තලය නියෝජනය කරන්න ඔන්න මෙන්න හිටපු කෙනෙක්. ඔහු මගේ ළඟට මුලින්ම ආවේ සෙරෙප්පු දෙකක්වත් නැතුව. ඒ තරම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. ඊට අමතරව නළු නිළියෝ, ගායක ගායිකාවෝ විතරක් නෙවෙයි, වෙන වෙන වෘත්තීන්වල නිරත කට්ටියත් ඉන්නවා. සමහරු වෛද්‍යවරු. ආරක්ෂක අංශවල අය ඉන්නවා. ඒ අයට ප්‍රතිකාර කරලා තියෙනවා මම. අවාසනාවකට ඒ අයගේ නම් ගම් කියන්න හැකියාවක් නැහැ මේ වෙලාවේ.

මත්පැන් සහ දුම්වැටි කියන දෙකට එහා යන මත්ද්‍රව්‍ය තමයි අද ඉතා බහුලව තරුණ ප්‍රජාව අතර පැතිරෙමින් යන්නේ. ඒ සඳහා ගොඩක් බලපානවා මානසික ආතතිය කියන එක. විශේෂයෙන්ම පාසල් දරුවන්ට, තරුණයන්ට. ඒ මානසික ආතතියට හේතුව අපි වෙනම හොයලා බලන්න ඕනේ. අධික මානසික ආතතිය තියෙන අයට සිගරට් සහ ඇල්කොහොල් කියන දේවල් මදි.

ඒවායෙන් ලැබෙන ප්‍රතිඵලය ඒ අයට මදි. ඒක නිසා ප්‍රධාන වශයෙන් ලංකාවේ පාසල් දරුවෝ භාවිත කරන මත්ද්‍රව්‍ය වර්ග තමයි කැනබීස් (ගංජා), දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සහ අයිස්. අයිස් කියන්නේ කෘත්‍රිම මත්ද්‍රව්‍යයක්. හෙරොයින්, ගංජා, කොකේන් කියන්නේ ශාකවලින් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය. නමුත් අයිස් කියන්නේ පර්යේෂණාගාරයක නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යයක්. ඒක මානසික රෝගීන්ට දෙන ඇම්පෙටෆොමීන් කියන ඖෂධ ඇසුරෙන් තමයි හදලා තියෙන්නේ. මේක පළමු සහ දෙවැනි ලෝක යුද්ධ කාලේ හිට්ලර් සහ ජපන් හමුදාව හරහා තමයි වෙළෙඳපළට ආවේ. අද වෙනකොට අයිස් මත්ද්‍රව්‍ය සුළි කුණාටුවක් වගේ පැතිරෙනවා.

මගේ ළඟට ප්‍රතිකාර ගන්න ආපු අයගෙන් 99.999%ක්ම අත්හදා බලන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නවත්ත ගන්න බැරුව හිටපු අය. යාළුවෙක් මේක කරනවා, පවුලේ කෙනෙක් මේක කරනවා, ගෙදර තාත්තා කරන හින්දා ඇතිවෙන කුතුහලය නිසා අත්හදා බලන්න ඔවුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. අත්හදා බැලීමට යෑම තමයි මේකට ඇබ්බැහි වෙන්න තියෙන ප්‍රධානම භයානක හේතුව.

මත්ද්‍රව්‍ය භාවිත කරන කෙනෙක් තමන්ගේ ගෙදර ඉන්නවා කියලා කොහොමද ගෙදර අය හඳුනා ගන්නේ? ඔහුව කොහොමද ප්‍රතිකාර සඳහා යොමුකරන්නේ?

ලංකාවේ අතීතයේ පටන් භාවිත කරපු මත්ද්‍රව්‍ය තමයි සිගරට් සහ මත්පැන් කියන්නේ. සාමාන්‍යයෙන් ගෙදරට මත්පැන් හෝ සිගරට් බීපු කෙනෙක් ආවාම අපට ඒකෙ ගඳ දැනෙනවා. නමුත් දැන් තියෙන අනෙක් මත්ද්‍රව්‍ය වර්ග එකකවත් එහෙම හඳක් එන්නෙ නෑ. ඒ නිසා පවුලේ කෙනෙක් ඒ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා මාස කිහිපයක් යනතුරු ගෙදර අයටවත් හොයාගන්න බෑ. නමුත් එහෙම මත්ද්‍රව්‍ය භාවිත කරන අයට අධික ලෙස කේන්ති යනවා, හැම දේම එපාවෙන ස්වභාවයට පත්වීම, විශාදයේ ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා.

තවත් ලක්ෂණයක් තමයි අධි ක්‍රියාශීලීත්වය. ඒ කියන්නේ හැම වැඩක්ම කරනවා, නමුත් එක වැඩක්වත් ඉවර කරන්නේ නෑ. පොඩි පොඩි දේවල් ගොඩක් කරන්න යනවා. එක කාර්යයකට අවධානය දීගෙන ගොඩක් වෙලා ඉන්න අමාරුයි. අනවශ්‍ය වෙලාවට නිදාගන්නවා. අනවශ්‍ය වෙලාවට නිවෙසින් පිටව යනවා. ඒත් සමග ඔහුගේ හැසිරීම වෙනස් වෙනවා. පවුලේ අයත් එක්ක තියෙන සම්බන්ධතාව වෙනස් වෙනවා. පාසල් දරුවෙක් නම් ඔහුගේ අධ්‍යාපන කටයුතු අඩාළ වෙනවා. අවාසනාවකට අපේ රටේ මේ තත්ත්වය හඳුනා ගන්නේ වැරැදි විදියට. එක්කෝ ළමයා දඟයි, මුරණ්ඩුයි, ඒ නිසා ඉගෙනීමට දුර්වලයි කියලා හිතනවා. ඒ නිසා ගහලා බැණලා දඬුවම් කරන්න හදනවා. එහෙම නැත්නම් අවවාද කරනවා. නමුත් මේ එකකින්වත් මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නවත්තන්න බෑ.

එහෙනම් කොහොමද මේ ව්‍යසනයෙන් කෙනෙක්ව බේරගන්නේ?

මුලින්ම අපි එයාට පෙන්නන්න ඕනේ අපිට ඔහුට උදව් කරන්න පුළුවන් කියන එක. බොන්න එපා බොන්න එපා කියලා කොච්චර කිව්වත් වැඩක් නෑ. නමුත් අපිට පුළුවන් කියන්න ‘අපි දන්නවා ඔයා මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන බව’ ‘අපිට පුළුවන් ඔයාට උදව් කරන්න’ කියලා. යම් වෙලාවක එයා ඇවිල්ලා කියනවා ‘ඔව්, මට ප්‍රතිකාර ඕනේ’ කියලා. එතැනදී එයාව විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් ළඟට අරගෙන යා යුතුයි. සාමාන්‍ය වෛද්‍යවරුන්ට වඩා විශේෂඥ මනෝ වෛද්‍යවරු විතරයි දන්නේ ඒ සඳහා හරියටම ගැළපෙන ප්‍රතිකාර ක්‍රමවේදය මොකක්ද කියන එක. ඒකට එයාව නම්මගන්න එක අමාරුයි. ලංකාවේ ගොඩක් අය කැමැත්තෙන් එන්නෙ නෑ ප්‍රතිකාර ගන්න. ඒකට අපි මනෝවිද්‍යාත්මක උපදේශන ක්‍රමය දැනගන්න ඕනේ.

මගේ ළඟට එන ගොඩක් දරුවෝ එන්නේ කාගෙ හරි බලපෑමක් මත. නමුත් පැයක් දෙකක් යනකොට එයාම තීරණය කරනවා ප්‍රතිකාර ගන්න දිගටම එන්න ඕනෙ කියලා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් මේ ලිපිය කියෙව්වොත්, ඔහුට තනිවම හිතලා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙනවද?

පළමු දේ තමයි ඔහු තේරුම් ගන්න ඕනේ මේ ව්‍යසනයෙන් මට බේරෙන්න පුළුවන් කියන එක. හැබැයි පුළුවන් කියන ආකල්පය විතරක් මදි. මේක සාමූහික වැඩපිළිවෙළක්. ඔහුගේ පවුලේ අය ඔහුව විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් හෝ අඩුම තරමින් මනෝ උපදේශකවරයකු හෝ මුණගැහිලා මේ වැඩසටහනට ඇතුළු වෙන්නේ කොහොමද කියන එක අහගන්න ඕනේ. එහෙම නැත්නම් ආගමික නායකයකුට හරි, ගුරුවරයකුට හරි, විදුහල්පතිතුමාට හරි රාජ්‍ය ආයතනයකට හරි කතා කරලා අහන්න ඕනේ මොකක්ද මේකට කරන්න පුළුවන් කියලා.

අපේ පවුලේ ළඟම හිතවතෙක් මේ තත්ත්වයට පත්වෙලා ඉන්නවා නම් අපිට මොකක්ද කරන්න පුළුවන් ඔහු වෙනුවෙන්?

පවුලේ අයට පුළුවන් මනෝ වෛද්‍යවරයෙක් මුණගැහිලා හරි ආගමික නායකයෙක් හමුවෙලා හරි මේ සඳහා වැඩසටහනක් හදාගන්න. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච කෙනා ප්‍රතිකාරවලට කැමැත්ත ප්‍රකාශ කරන්න කලින් ඒ මූලික සැලැස්ම ඒගොල්ලෝ හදාගන්න ඕනේ. සමහර වෙලාවට පවුලේ අය තමන්ට උදව් කරන්න සැලැස්මක් හදලා තියෙනවා කියලා තේරුණාම ප්‍රතිකාරවලට එන ළමයි ගොඩක් ඉන්නවා. පවුලේ කට්ටිය මෙතැනදී සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුයි. ගහලා බැණලා කොන් කරලා ගෙදරින් එළවලා නෙවෙයි. වෘත්තීමය පළපුරුද්දක් තියෙන කෙනකු මගින් ප්‍රතිකාර සැලැස්මක් හදලා, ඒ සැලැස්මට ඔහුව යොමුකළ යුතුයි. ඒ සඳහා ඔහුගේ පවුලේ අයත් යම් කැපකිරීමක් කරන්න ඕනේ. මොකද කෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්නේ මුළු සමාජයේම තියෙන වරදක් නිසා. තනි පුද්ගලයකුගේ වරදක් නිසා නෙවෙයි. ඒ සඳහා මුළු සමාජයම වගකියන්න ඕනේ.

අවසාන වශයෙන් ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් සම්බන්ධයෙන්?

මත්ද්‍රව්‍ය භාවිත කරන අයව කොන් කරන්න එපා. මම දකිනවා විද්‍යුත් මාධ්‍ය, පුවත්පත්වල ඒ අයව කුඩ්ඩෝ, බේබද්දෝ වගේ නම්වලින් හඳුන්වනවා. ඔවුන් යම් වරදක් නිසා මේ තත්ත්වයට පත්වුණු පිරිසක්. ඔවුන්ව ඒ විදියට ලේබල් කිරීම වැරැදියි. එහෙම කරන තාක් ඔවුන් ප්‍රතිකාරවලින් ඈත් වෙනවා.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ජනපති ගැන ඥානාර්ථ ප්‍රදීපයේ කතුවැකියෙන් කියපු කතාවට ජනපති මාධ්‍ය ඒකකයෙනුත් නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

රටේ බුද්ධිමතුන්-වෘත්තිකයන් පිටරට යාමේ වාර්තාව සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! වෙන රටවල සාමාන්‍ය අගය 5.42යි! ලං‌කාවේ 8.4යි! ලංකාවේ බුද්ධිගලනයෙන් වාර්තාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.