• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදහස් උත්සවය නැවැත්වූ ජනපති දරුවන් වෙනුවෙන් තීන්දුවක් ගනී… (ලංකාවේ නෙමේ…)

February 6, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
නිදහස් උත්සවය නැවැත්වූ ජනපති දරුවන් වෙනුවෙන් තීන්දුවක් ගනී… (ලංකාවේ නෙමේ…)
Share on WhatsAppShare on Facebook

අපි මේ වතාවේ ලියන්න තීරණය කළේ ටැන්සානියාවේ කතාවක්. මේක ශ්‍රී ලංකාවට පටලවාගෙන අමනාපකම් ඇතිකර නොගන්නවා නම් වඩාත් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි මේක ටැන්සානියාවේ ජාතික නිදහස් උත්සවය සම්බන්ධ කතාවක්. ටැන්සානියාව කියලා කියන්නේ ලංකාව වගේම විදෙස් රටවල බලපෑම්වලට යටත් වෙලා හිටපු රටක්. ටැන්සානියාව නිදහස දිනාගන්නේ අපටත් පස්සේ. ඒ, මීට අවුරුදු 61කට කලින්. අපි මේ සමරන්න සූදානමින් ඉන්නේ 75 වැනි නිදහසනේ. අපි නිදහස දිනාගෙන අවුරුදු 14ක් ගියාට පස්සේ තමයි ටැන්සානියාවට නිදහස ලැබෙන්නේ. ඒ, 1962 අවුරුද්දේ. 1962 නිදහස දිනාගත්තු ටැන්සානියාවට පහුගිය කාලේ දිගින් දිගටම ආර්ථික අර්බුදවලට මුහුණ දෙන්න සිදුවුණා. ඔවුන්ට විවිධාකාරයේ ප්‍රශ්න ඇවිල්ලා ඔවුන් දැන් ඉන්නේ යම්කිසි ආර්ථික අර්බුදයක් සහ රට තුළ විශාල ප්‍රශ්න ඇතිවෙන වාතාවරණයක. ඒ අතරතුර තමයි ටැන්සානියාවට නිදහස් උළෙල සැමරීමේ දිනය උදාවෙන්නේ. ඒ දිනය දෙසැම්බර් මාසේ 09 වැනිදා.

සාමාන්‍යයෙන් ටැන්සානියාවෙත් අනෙක් රටවල වගේම තමන් නිදහස දිනාගත්තු දිනය උත්සවාකාරයෙන් සැමරීමේ සිරිතක් තියෙනවා. නමුත් පහුගිය දෙසැම්බර් මාසේ 09 වැනිදා ටැන්සානියාව අපූරු තීරණයකට ආවා. ඒකට හේතුව තමයි ටැන්සානියාවේ නිදහස් දින උත්සවය සඳහා ඩොලර් 4,45,000ක මුදලක් ඒ අයට වෙන්කරන්නට සිදුවීම. මේ ඩොලර් 4,45,000ක මුදල රුපියල්වලට පරිවර්තනය කළොත් එය, ආසන්න වශයෙන් රුපියල් මිලියන 160.2ක විතර මුදලක්. ඒ නිසා ටැන්සානියාව මේ නිදහස් උත්සවය නතර කරන්න තීරණය කරලා තිබුණා. ඒ තීරණය අරගෙන තිබුණේ ටැන්සානියාවේ ජනාධිපතිනිය වන සමියා සුලුහු හසන් මහත්මිය. මේ තීරණය ගන්න හේතුව විදියට ඒ අය කියලා තියෙන්නේ රට මේ වගේ ආර්ථික අර්බුදයක ඉන්නකොට නිදහස් උත්සවයක් සඳහා මේසා විශාල මුදලක් වියදම් කිරීම තම රටට දරාගන්න බැරිවේවි කියන එක. හැබැයි ඔවුන්ටත් තිබුණා මේ නිදහස් උත්සවය සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ හැකියාව. ඔවුන් ඇත්තටම මේ රුපියල් මිලියන 160.2ක මුදල වෙන්කරගෙනත් තිබුණා. ඔවුන් එහෙම වෙන්කර ගත්ත මුදල, තමන්ගේ රට ඇතුළේ තියෙන ප්‍රාථමික පාසල්වලට අවශ්‍ය නේවාසිකාගාර 08ක් ඉදිකිරීම සඳහා වෙන්කරලා තිබුණා. නිදහස් උත්සවය නැති වුණත් ඒ දරුවන්ට තමන්ට අවශ්‍ය කරන නිදහස උදාකර දීමට ටැන්සානියාවේ ජනාධිපතිනිය සමියා සුලුහු හසන් මහත්මිය කටයුතු කරලා තිබුණා. මේකේ විශේෂත්වය වෙන්නේ මේ විදියට තම රටේ නිදහස් දිනය අවලංගු කරලා, ඒ මුදල රටේ සංවර්ධනයට, රටේ ආර්ථික අවශ්‍යතාව සඳහා ඔවුන් යෙදවූ පළමු අවස්ථාව එය නොවීය.

ටැන්සානියාව ගැන හොයා බලද්දී අපට දැනගන්න ලැබෙන තවත් විශේෂ දෙයක් තමයි 2020 අවුරුද්දෙදිත් ඔවුන් මේ විදියටම තම රටේ නිදහස් උත්සවය සඳහා වෙන්කර තිබූ මුදල් රටේ වෙනත් සංවර්ධන කටයුත්තක් සඳහා යොදවා තිබීම. 2020 අවුරුද්දේ නිදහස් උත්සවයට වෙන්කර තිබූ ප්‍රතිපාදන, තම රටේ වෛද්‍ය පහසුකම් සංවර්ධනය සඳහා යෙදවීමට ඔවුන් කටයුතු කළ බව ටැන්සානියානු වාර්තාවල සඳහන් වෙනවා. මීට අමතරව 2015දීත් ඔවුන් මේ විදියටම ටැන්සානියානු නිදහස් උත්සවය අවලංගු කරලා තියෙනවා. විශේෂත්වය වන්නේ එදා ජනාධිපති ලෙස හිටියේ දැන් ඉන්න හසන් මහත්මිය නොවීම. වත්මන් ජනාධිපතිනිය වන හසන්, එරට ප්‍රථම කාන්තා රාජ්‍ය නායිකාවයි. ඔවුන් 2015දී එවක ජනාධිපති ජෝන් මගුෆුලිගේ ප්‍රධානත්වයෙන් මේ විදියටම ඔවුන්ගේ නිදහස් සැමරුම අවලංගු කරලා තියෙනවා. එහිදී ඔවුන් තමන්ගේ වාණිජ අගනුවර වුණු ඩානෙස් සලාම්හි මාර්ගයක් ඉදිකිරීම සඳහා මේ මුදල් ආයෝජනය කළා කියලා ඉතිහාසයේ සඳහන්ව තිබෙනවා.

ටැන්සානියාව කියලා කියන්නේ මේ වෙනකොට ලංකාව තරම්ම විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින රටක් නොවේ කියලයි අපි විශ්වාස කරන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් ටැන්සානියාවට ලංකාව තරම්ම විශාල ආර්ථික අර්බුද නෑ. නමුත් ඔවුන් තීරණය කරනවා නිතරම මේ විදියට තමන්ගේ රටේ මුදල් නාස්ති කරන එක ඉතා දරුණු අපරාධයක් කියලා. ඒ අපරාධය සිද්ධ වෙන්නේ රටේ පාලකයන්ට නොවන බවත් ඔවුන් දන්නවා. මේ විදියට මුදල් නාස්ති කිරීමෙන් හානි වෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවට. ඔවුන් හැම වෙලාවකම උත්සාහ කරන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා මේ මුදල් යෙදවීමට. එක වෙලාවක ඔවුන් ඒ මුදල් සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට යොදවනවා. තවත් වෙලාවක දරුවන්ට අවශ්‍ය නේවාසිකාගාර සඳහා යොදවනවා. තවත් වෙලාවක ඔවුන් මාර්ග ඉදිකිරීමට ඒ මුදල් යොදවනවා. අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම නතර කරන්න සිදුවෙලා තියෙනවා. ඒ වගේම රෝහල්වල බෙහෙත් හිඟය විශාල අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා. පාසල් දරුවන්ගේ පොත්පත් පිළිබඳ ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. වෙන එකක් තියා අලුත උපන් දරුවාගේ නම ලියාපදිංචි කරද්දී ඒ සඳහා උප්පැන්න සහතික අයැදුම්පත් නොමැති නිසා, මරණ සහතික අයැදුම්පත්වල මේවා පුරවන තැනට අපි පත්වෙලා තියෙද්දිත් අපි අපේ ආර්ථික අර්බුදය පැත්තකට දාලා කිසි දෙයක් නොවුණා වගේ නිදහස් දවසේ අහසට මිග් නග්ගන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම ආචාර පෙළපාළි පවත්වන්නත් සූදානමින් ඉන්නවා. පීඨිකාව මත ඉඳලා ඒවා නරඹන්න අපි සූදානමින් ඉන්නවා. විශාල මුදලක් ඒ වෙනුවෙන් වියදම් කරන අතරතුරේ අපට ඇත්තටම ටැන්සානියාව වගේ වෙන්න, නැත්නම් ටැන්සානියාව වගේ හිතන පාලකයෝ පහළ වෙන්න අපි කියන්න ඕනෙ මොන දෙයියන්නටද, වඳින්න ඕනෙ කොයි දේවාලෙටද, යන්න ඕනෙ කොයි පන්සලටද, කොයි පල්ලියටද කියලා අපි හන්නේ කාගෙන්ද කියලයි මට තියෙන ප්‍රශ්නය. කොහොම නමුත් අපි ගැන හිතන පාලකයෝ පහළවෙච්ච දවසක කවදා හරි ටැන්සානියාව වගේ අපේ රටෙත් ජාතික නිදහස් දිනය අවලංගු කරලා දාලා අපි වෙනුවෙන් මුදල් වියදම් කරයි. එහෙම දවසක් අපේ ජීවිත කාලේ උදාවේවිද කියන එකයි ඇත්තටම තියෙන ප්‍රශ්නෙ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහ සෙනගක් එක්ක සජිත් පිළියන්දලට එයි! මෙන්න සජීවී වීඩියෝව! LIVE VIDEO

Next Post

මාතලේ-දඹුල්ලේ රැස්වීම් අවසන් කොට සජිත් රත්තොටට එයි! රත්තොට දියුණු කරන ‘සම්පත් පැතිකඩ’ වැඩසටහන පළමුවරට ජනගත කරයි! VIDEO & PHOTOS

MORE NEWS

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.