• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාතලේ-දඹුල්ලේ රැස්වීම් අවසන් කොට සජිත් රත්තොටට එයි! රත්තොට දියුණු කරන ‘සම්පත් පැතිකඩ’ වැඩසටහන පළමුවරට ජනගත කරයි! VIDEO & PHOTOS

February 6, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
මාතලේ-දඹුල්ලේ රැස්වීම් අවසන් කොට සජිත් රත්තොටට එයි! රත්තොට දියුණු කරන ‘සම්පත් පැතිකඩ’ වැඩසටහන පළමුවරට ජනගත කරයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

පවතින පළාත් පාලන ආයතන සංකල්පය වෙනස් කිරීමට සමගි ජන බලවේගය විසින් විවිධ යෝජනා සහ වැඩපිළිවෙළ සංවිධානය කරන විට කිසිදු වැඩක් නොකර විවිධ දේශපාලන පක්ෂ සමඟ ඩීල් දමමින් කයිවාරු ගසන සමහර දේශපාලන පක්ෂ විසින් සමාජ මාධ්‍ය හරහා  අපහාස උපහාස සිදු කරන බවත් එසේ අපහාස උපහාස සිදු කළත් රටේ මුදල් නොමැති අවස්ථාවක වුවත් නෑ බෑ නොකියා ජනතාවට සේවය කිරීමට ඒ සියලු වැඩසටහන් සංවිධානය කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්තොට පැවැති ජන හමුවකට එක් වෙමින් පැවසීය.

මැතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරු ජනතාවගේ දෙපතුළ ළඟට ගොස් සේවය කළ යුතු බවට තමා පැවසූ විට සමාජ මාධ්‍ය හරහා සුළු පිරිසක් විහිළු කරන බවත් 2019 ජනාධිපතිවරණයේ දීද එසේ පැවසූ විට එවක ද විහිළු කළ බවත් එම විහිළුවේ ප්‍රතිඵල මේ වන විට රටම විඳින බවත් රට බංකොලොත් වී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

නමුත් මෙම ජංගම සේවාවේ අරමුණ වන්නේ ජනතා ඡන්දයෙන් පත්වූ සභාපති, උපසභාපති සහ මන්ත්‍රීවරු ජනතාව හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු සොයා බලා විශිෂ්ඨ සේවාවක් ලබා දීම බවත් විපක්ෂ නායකතුමා අවධාරණය කළේය.

අදාළ පළාත් පාලන ආයතනයන් හි ප්‍රශ්න ඒ ඒ පළාත් පාලන ආයතන තුළ ම විසඳන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවත් දත්ත හා තොරතුරු මත පදනම්ව අදාළ ප්‍රශ්න විසඳන වැඩසටහනක් කිසිදු පක්ෂයකට හෝ රජයට පවා නොමැති අවස්ථාවක සමගි ජන බලවේගය එවැනි සංකල්පයක් ක්‍රියාත්මක කරන බවත් එවැනි ජනතා හිතකාමී වැඩසටහනක් ක්‍රියාත්මක වන විට සමහර ප්‍රශ්න බොරු කතා කියමින් ජනතාව ඇන්දවීමට කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාවට අවශ්‍ය ලස්සන වචන, මිරිගු පස්සේ යන්න නම් සමගි ජන බලවේගය ඊට සූදානම් නොමැති බව ද පැවසීය.

රට විනාශ කළ කල්ලි එකට එකතු වී ඇති බවත් ඔවුන්ට විටින් විට කඩේ ගිය රතු මල්ලිලා එකම විසඳුම යනුවෙන් කියා ගන්නා බවත් පැවසූ විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ මේ රටට ඇති එකම විසඳුම වන්නේ මුදල් සෙවිය හැකි නායකත්වයක් සහ කණ්ඩායමක් සහිත දේශපාලන පක්ෂය කුමක්ද? කියා ජනතාව මේ අවස්ථාවේ නිවැරදිව තීරණය කිරීම බවයි. 

එසේ ම ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජය ගත් පසු මේ රටේ පරිවර්තනාත්මක සංවර්ධන යුගයක් ආරම්භ කර ජන හිතකාමී පාලනයක් ගෙන යන බවත් ඒ සඳහා බුද්ධිමත් ඡන්ද දායකයන්ගේ සහාය අවශ්‍ය බවත් අවසාන වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

නිදහස් උත්සවය නැවැත්වූ ජනපති දරුවන් වෙනුවෙන් තීන්දුවක් ගනී… (ලංකාවේ නෙමේ…)

Next Post

කෝටිපති SHADES හිමිකරු මරා ඇත්තේ හිස පිටුපසට මුගුරකින් ගහලා! වැදුණු පහරින් ව්‍යාපාරිකයා පූල් එකට වැටිලා! වෛද්‍ය වාර්තාව තහවුරු කරයි!

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.