• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්ලයින් පනත ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට ගේන්න පොලිස් ඇමැති ලෑස්ති වෙයි! කිසිම බලපෑමකට මම යටත් වෙන්නේ නෑ! අඩියක්වත් පස්සට තියන්නේ නෑ! PHOTOS I Sri Lanka Latest News

January 4, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
ඔන්ලයින් පනත ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට ගේන්න පොලිස් ඇමැති ලෑස්ති වෙයි! කිසිම බලපෑමකට මම යටත් වෙන්නේ නෑ! අඩියක්වත් පස්සට තියන්නේ නෑ! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පැය 24 පුරා ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන අංක 109 සහ [email protected] වෙබ් අඩවියත් 0112 444 444 දුරකථන අංකයත් ඇතුලත් මහජන පැමිණිලි අංශය අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ යටතේ නිල වශයෙන් එළිදැක්විනි.

මෙම කවුළුව තුලින් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි අපරාධ සහ ඔවුන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ හිංසනය, ළමා අනාරක්ෂිතභාවය, ළමා ශ්‍රමිකත්වය, ළමයින්ට කෲරත්වය යනාදිය විමර්ශනය කිරීම සිදුවේ.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සෘජුවම පොලිස් ස්ථාන වෙත යාමට මැලිකමක් දක්වන නව යොවුන් වියේ දරුවන්ට හානියක් නොවන පරිදි මෙම විද්‍යුත් තැපැල් ලිපිනය සහ ක්ෂණික දුරකථන අංක හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්‍ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන මහජන පැමිණිලි මැදිරිය අදාළ පොලිස් ස්ථාන සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පියවර ගැනීම කඩිනමින් සිදු කරයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
පවතින තත්වය පිලිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව ළමා කාන්තා හිංසනය පිටු දැකීම පිළිබඳ මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. මෙම විශේෂ ක්‌ෂණික දුරකථන අංකය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව මේ සටන අද සිට ආරම්භ කරනු ලබනවා.

යුක්තිය මෙහෙම යටතේත් මේ වන විට විශාල කාර්ය භාරයක් සිදුකර තිබෙන බව මුළු රටේම ජනතාව දැනුවත් වී සිටිනවා. නමුත් ඇතැම් පිරිස් තවමත් ඊට විරුද්ධව මඩ ප්‍රචාරයන් සිදු කරමින් පවතිනවා. ඒ ආකාරයටම මේ වැඩපිළිවෙලටත් බාධාවන්ට මුහුණ දීමට සිදුවණු ඇති. නමුත් ගමේ හෝ නගරයේ වෙනසකින් තොරව දරුවන් හෝ කාන්තාවන් යම්කිසි හේතුවක් මත හිංසනයට හෝ අසරණභාවයට පත් වූ විට පොලිසියෙන් පවා නිසි පිහිටක් නොලැබුණු අවස්ථාවන් මීට පෙර පැවතී තිබෙනවා. නමුත් මෙම ඇමතුම් මධ්‍යස්ථානයේ ඇමතුම් ලබා ගැනීම සඳහා පොලිස් කාන්තා නිලධාරියන් පමණක් සේවය යෙදවීමට අප තීරණය කර තිබෙනවා. ඊට හේතුව කාන්තාවකට පවතින ගැටලුවක් පිළිබඳව ඇමතුමක් ලබාදීමේදී ඊට පිළිතුරු ලබා දෙන්නේ පිරිමි නිලධාරියෙකු නම් ඔවුන් ඒ පිළිබඳව විවෘතව කරුණු දැක්වීමට මැලිකමක් දැක්වීමට හැකියාව තිබෙනවා. මේ පිළිබඳව පණිවිඩය හැකි තාක් ජනගත කරන ලෙස ඊට සම්බන්ධව කටයුතු කරන විවිධ සංවිධානවලින් මා විශේෂ ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ වෙනුවෙන් වැඩි බරක් යොමු කරන ලෙස මා මාධ්‍යයෙන්ද ඉල්ලීමක් කරනවා. මේ සියලු මෙහෙයුම්වල අරමුණ රටේ දරුවන් ආරක්ෂා කරගැනීමයි. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි. කිසිදු බලපෑමකට යටත් නොවී මේ සටනද අප ඉදිරියට අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. එවැනි අපරාධවලට සම්බන්ධ වන කිසිවෙකුට කිසිදු සමාවක් හිමි වන්නේ නැහැ.

ගෙවුණු වසරේ පමණක් මෙවැනි පැමිණිලි 8000ක්‌ පමණ ඉදිරිපත්වී තිබෙනවා. ඒ අතරින් තුන්දහසක් පමණ සමාජ මාධ්‍ය සම්බන්ධ පැමිණිලි. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා ජාත්‍යන්තර සංවිධාන, තානාපති කාර්යාල ආදී විශාල පිරිසක් ඊට විරුද්ධව මත පල කරනවා. ඒ කිසිදු බලපෑමකට යටත් නොවී ජනවාරි 23 වෙනිදා මේ යෝජනාව ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. ඒ පිළිබඳව ඕනෑම යෝජනාවක් හෝ අදහසක්‌ ජනවාරි අටවෙනිදා දක්වා ලබාදීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව ඒවාද මීට ඇතුළත් කිරීමේ හැකි හැකියාව පිළිබඳව සොයා බලනවා. මේ සියලු දේ සිදුකිරීමේ අරමුණ රටේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමයි. නමුත් අවාසනාවකට රටේ ඇතැම් දේශපාලනඥයින් සහ ජනකොටස් ඒවාට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා. නමුත් මේ ඉදිරියට තැබූ පියවර නැවත ආපස්සට ගන්නට අප කටයුතු කරන්නේ නැහැ. ජනතාව සෑම අවස්ථාවකම අප සමග සිටින බව මට විශ්වාසයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා,වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ළමා හා කාන්තා අපයෝජන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය,ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරජීව මහතා, රාජ්‍ය සහ පෞද්ගලික ස්වේච්ඡා සංවිධාන වල නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
මහජන ආරක්‍ෂක අමාත්‍යංශය

SendShareShare
Previous Post

කන්න නෑ… බොන්න නෑ… බෙහෙත් නෑ… සල්ලි නෑ… ඉන්න නෑ… රටට වෙච්ච දෙයක් I Sri Lanka Latest News

Next Post

අග්ගල කං ඩෝං පුතා… හෙළේ නගින් ඩෝං පුතා I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News
Exclusive

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

G7 සමුළුව අමතමින් මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, අමෙරිකානු - ඉරාන අවබෝධතා ගිවිසුම අවසන් තීරණාත්මක...

Read more
මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.