ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.Sri Lanka Latest News
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි. ඒ අනුව රුපියල් 175කින් ගෑස් මිල අඩු කිරීමට කටයුතු කොට ඇත.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.










