• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හූල් බෙදුනට දේශප්‍රිය ඡන්ද තිබ්බා ඇයි අමතකද? මතක් කරගන්න මෙන්න සාක්ෂි…

January 18, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
හූල් බෙදුනට දේශප්‍රිය ඡන්ද තිබ්බා ඇයි අමතකද? මතක් කරගන්න මෙන්න සාක්ෂි…
Share on WhatsAppShare on Facebook

මැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබේ. වෙනදා මෙවන් කාලයට ආතතිය හැදෙන්නේ දේශපාලන උණ තදට තියනා ඇත්තන්ටය. අනෙක් අයට එහෙව් රෝගයක් හැදෙන්නේ නැත. එහෙත් මෙවර තත්ත්වය වෙනස්ය. ඡන්ද බලය නැති පොඩි උන් තුළ යම් තරමකට මැතිවරණ ආතතියක් ගොඩනැගෙමින් පවතී. ඒ කවුරුන් දිනයිද කවුරුන් පරදීද කියා නොව ආණ්ඩුව ඡන්දය තියයිද නොතියයිද කියාය.

ඡන්දයක් ප්‍රකාශයට පත්කළ පසු එය නොතියා ඉන්නට බැරියයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් දැන් දැන් මේ රටේ සිදුවන්නේ ඔබ අප හිතන දේ නොව කොයි කාටවත් හීනෙකින්වත් හිතන්නටවත් බැරි දේය. ආණ්ඩුව ඡන්දය කල් දාන්නට උත්සාහ ගනිමින් සිටී. මැතිවරණ කොමිසම ඡන්දය තියන්නට උත්සාහ ගනිමින් සිටී. ලොකුම තරගය ඇත්තේ ඡන්දය ඉල්ලන පක්ෂ අතර නොව ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම අතර යයි විටෙක සිතෙනා තරමට වැඩේ දුරදිග ගොස්ය. අවශේෂ ඡන්ද දායකයා බලාන ඉන්නේ ඡන්දය දිනා ගම්සභාවේ බලය අල්ලන්නේ පොහොට්ටුවද සජබද කියා නොව මැතිවරණ කොමිසමට ඡන්දය තියන්න හැකිවේද නැද්ද කියාය.

ඡන්දය වළකන්නට ආණ්ඩුව එක එක ටූල් ගෙනනවාය. එ අතර අම්මා මුත්තා කාලේ අසා නැති අමුතුම තර්කද නැත්තේ නොවේ. පසුගිය සතියක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ කොමිසම බෙදී ඇතැයි කියමින් ඡන්දය කල් දමන්නට ගත් උත්සාහය ඒ ආකාරයේ අමුතු එකකි. ලංකාවේ නොව ලෝකයේ වෙනයම් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යකවත් මැතිවරණ කොමිසම බෙදී ඇතැයි කියා ඡන්දය කල්දැමූ බවට ගූගල් සෙවුම් යන්ත්‍රයේවත් සඳහනක් හමු නොවේ. ඒ අනුව ඒ තක්කඩි තර්කය හාපුරා ගෙනවිත් ඇත්තේ ලංකාවේ ගම්සභා ඡන්දය ඉලක්ක කර බව පැවසීම සාධාරණය.

ශ්‍රී ලංකාවේ ක්‍රියත්මක මැතිවරණ කොමිසමේ සංයුතිය පස්දෙනෙකුගෙන් යුක්තය. එක් අයෙක් සභාපතිවරයා වන අතර සෙස්සෝ සාමාජිකයෝය. වර්තමාන මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවාය. එස්.බී. දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී. පතිරණ, පී.එස්.එම්. චාල්ස් යන මහත්ම මහත්මීහු එම කොමිසමේ සාමාජිකයෝ වෙති. සහාපතිවරයෙක් සිටියාට සමස්ත මැතිවරණ ක්‍රියාන්විතයම සිදුවන්නේ මෙකී පංචපුද්ගල කමිටුවේ එකඟතාවයකට අනුවය. අදාළ ගැසට් නිවේදනයන්ට පවා සභාපති පමණක් නොව සෙසු සාමාජිකයන්ද අත්සන් තැබිය යුතුය. ආණ්ඩුව ඡන්දය කල් දමන්නට “ටූල්” එකක් කරගන්නට යන්නේ මෙන්න මේ සාමූහිකත්වයේ පදනමය. තවත් පැහැදිලි කරන්නේ නම් මැතිවරණය සම්බන්ධව කොමිසම එක මතයක නැත්තේය යන සාවද්‍ය මතය පෙරට දමා කොමිසමේ බෙදීම නිසා සාධාරණව මැතිවරණය පැවැත්විය නොහැකි බවට මතයක් සමාජගත කර ඒ මගින් මැතිවරණය කල් දැමීමය.

කොමිසමේ සාමූහිකත්වය පදනම් කරගෙන ඡන්දය කල් දානා සැලැස්ම ආණ්ඩුවේ කලක සිට තිබුණද බළලා මල්ලෙන් එළියට පැන්නේ ජනාධිපතිවරයා පසුගියදා මැතිවරණ කොමිසම කැඳවූ අවස්ථාවේදීය. ඡන්දය පිළිබඳ කොමිසම එකම මතයක් දරන්නේ දැයි ජනාධිපතිවරයා එහිදී විමසා තිබේ. මේ වූ කලී විමසිය යුතු පැනයක් නොවේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු ක්‍රමය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙළපැමිණියෙකු මෙන්ම දශක පහකට වඩා අත්දැකීම් සහිත නීතිවේදියෙකු වන රනිල් වික්‍රමසිංහ වැන්නෙකු එවැන්නක් විමසීම සදාචාරසම්පන්න නොවේ. මතිවරණයේ නාමයෝජනා කැඳවීමේ සිට සෙසු සියලු නිවේදන සහ ගැසට් සඳහා කොමිසමේ සියලු‍ දෙනා අත්සන් තබා ඇති බව දැන දැනත් ජනාධිපතිවරයා එසේ විමසීම සුදුසු නැත. මැතිවරණය සම්බන්ධව කොමිසම එකම මතයක් දරනා බව එකී සභාපතිවරයා පවසා සිටියද ඊට පසු දින සියලු පුවත්පත්වල පළවූයේ “ඡන්දය සම්බන්ධයෙන් කොමිසම එකම මතයක නැති” බවය. මේ වූ කලී එකම තැනකින් ලියා සියලු‍ මාධ්‍යවෙත බෙදාහරින ලද පුවතක් බව එය කියවූ සාමාන්‍ය ජනයා පවා වටහා ගන්න ලදි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගත් තීරණයේ බෙදීමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පසුගිය 11 වෙනිදා දෙවෙනි වරටද මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ කීම නිසා “කොමිසම බෙදී ඇති” බවට පළවූ පුවත ගෙඩිය පිටින් අතේ රෝලක් බව රටටම තහවුරුව තිබේ.

එහෙත් දැන් තවත් ලොකු ප්‍රශ්නයක් ඉතිරිව තිබේ . එනම් කොමිසම බෙදී ඇති විට ඡන්දය පවත්වන්නට බැරිද යන්නය. නීති පොතේ කුමක් තිබුණද 2019 සහ 2020 වසරවල අප ලබා ඇති අත්දැකීම්වලට අනුව නම් එහෙම බැරිකමක් නැත.

ලියුම්කරු එසේ කියන්නේ 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ඇත්තටම එවකට පැවති මැතිවරණ කොමිසම දෙකට බෙදුණා පමණක් නොව මාධ්‍යයට පුවත් මවමින් පස මිතුරු නිවේදන නිකුත් කරමින් කටයුතු කරන්නටද පටන්ගත් නිසාය.

එවකට මැතිවරණ කොමිසමේ සභාපති ධුරය දැරුවේ රටේ ජනප්‍රියම රාජ්‍ය සේවකයා වූ මහින්ද දේශප්‍රියය. 2015 ජනාධිපතිවරණයේදී නීති විරෝධී බැනර් සහ කටවුට් ඉවත් කිරීමේදී දැක්වූ අපක්ෂපාතීභාවය සහ මැතිවරණ නීති කඩන්නන්ට දණහිසෙන් පහතට නොව ඔළුවටම වෙඩි තියන්න යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා කාගේත් ප්‍රසාදය දිනාගන්නට සමත්ව සිටි ඔහු එදා පමණක් නොව අදටත් රටම හඳුනන්නේ “මැකෝ” නමිනි. මහින්ද දේශප්‍රිය සභාපතීත්වය දැරූ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වූ මහාචාර්යා රත්නජීවන් හූල් එකල නිරන්තරයෙන් කොමිසමේ පොදු නිගමනයන් සහ සභාපතිවරයා සමග ගැටුණේය.

වර්ෂ 2019 පැවැති ජනාධිපතිවරණයෙදී තීරණාත්මක සුලභව සාකච්ඡාවකට බඳුන්වූ මාතෘකාවක් වූයේ ජනාධිපති ධූර අපේක්ෂක ඝෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමය. එය කරගැනීමට ඉතා අසීරු කර්තව්‍යයක් ලෙස පිළිගැනුණු අතර ඒ සඳහා දිගු කලක් ගතවිය හැකි බවද ප්‍රකාශ විය. එහෙත් නාමයෝජනා බාරදෙන අවස්ථාවේදී ඔහුගේ පුරවැසි බව ඉවත්කර ගැනීම විධිමත්ව පරීක්ෂා නොකළ බවට මහාචාර්ය රත්නජීවන් හූල් ප්‍රකාශ කිරීමත් සමග තත්ත්වය උණුසුම් විය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ සම්බන්ධව උනන්දුවක් නොගත් බව හූල් පැවසීය. පසු කලක නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ජනාධිපතිවරණයේදී එවක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ක්‍රියා කළ ආකාරයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකිවූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මැන්ඩාමුස් ආඥාවක් ඉල්ලා පෙත්සමක් ගොනුකරන ලදී. එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණයට කරුණු දැක්වූ මහාචාර් රත්නජීවන් හූල් පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාළ සහතික කිසිදු අවස්ථාවක මැතිවරණ කොමිසමට ඉදිරිපත් නොකළ බව පැවැසීම ඔහු සහ මැතිවරණ කොමිසම අතර පැවැති අනවරත අරගලයට උදාහරණයකි.

මහාචාර්ය හූල් සහ මැතිවරණ කොමිසම අතර අර්බුදය පුපුරා ගිය අවස්ථාවක් ලෙස 2020 මහ මැතිවරණය දැක් වියහැක. එම වසරේ අප්‍රේල් මස 25 වනදාට පැවැත්වීමට නියමිතව තිබූ මහා මැතිවරණය කොරෝනා වසංගත තත්ත්වය නිසා කල් දැමීමට කොමිසමට සිදු විය. එම අවස්ථාවේ මහාචාර්ය රත්නජීවන් හූල් සිටියේ ජනතා ආරක්ෂාවට මුල්තැන දෙමින් විද්‍යාත්මක පදනමකින් ආරක්ෂාව තහවුරු කරනා තෙක් මැතිවරණය නොපැවත්විය යුතු බවය. ඔහු ඒ බව ලිඛිතව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත දන්වා සිටින්නටද කටයුතු කළේය. එහෙත් ඒ වන විටත් කොමිසම සිටියේ ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතුය යන ස්ථාවරයේය. ජාතික නිදහස් පෙරෙමුණේ නායක විමල් වීරවංශ ඡන්ද පත්‍රිකා තාච්චියක් ලිපතබා එහිලා ජීවානුහරණය කරන්නට යෝජනා කරන්නේ ඒ අවස්ථාවේය. අවසානයේ සෞඛ්‍ය අංශ සහ හමුදාවේ අදහස්ද විමසා මැතිවරණය එම වසරේ අගෝස්තුවේ පවත්වන්නට තීරණය කරන ලද අතර රත්නජීවන් හූල් එම අවස්ථාවේද ඊට එකඟ වූයේ නැත. ඔහුගේ මතය වූයේ වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයකට කොරෝනාවලින් ආරක්ෂිත බව තහවුරු කර ගත යුතු බවය.

රත්නජීවන් හූල් සහ මැතිවරණ කොමිසමේ තවත් ගැටීමක් 2020 වසරේ මැයි මස අගදී වාර්තා විය. එම අවස්ථාව වන විට මැතිවරණ කොමිසම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට බාරදුන් බව වාර්තා විය . මහාචාර්ය හූල් එම අවස්ථාවේදී පවසා සිටියේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය පිළිබඳ තමා දැනුවත් කිරීමට කොමිසම කටයුතු කර නැති බවය. එමෙන්ම ඡන්ද පත්‍රික මුද්‍රණය කිරීමට මැතිවරණය පැවැත්වෙන දිනය නිශ්චිත කරගත යුතු බව පැවසූ ඔහු මහා මැතිවරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුව නිම වන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කළයුතු බව පැවසීය.

ලියුම්කරු සඳහන් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් අතර පැවැති තීරණාත්මක බෙදීම් සහ මත ගැටුම්වලින් කිහිපයකි. ඊට අමතරව කොමිසම සහ මහාචාර්ය හූල් ගැටුණු අවස්ථා බොහෝය. 2019 වසරේ නොවැම්බර් මස මුල් සතියේ මාධ්‍ය හමුවකට එක්වූ මහාචාර්ය හූල් ලංකාවේ මැතිවරණ ක්‍රමය යල්පැන ගිය එකක් ලෙස හැඳින්වූයේය. විනාඩි කිහිපයක් තුළ එම මේසයේම අනෙක් කෙළවරේ සිටි සභාපති මහින්ද දේශප්‍රිය ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.

ජනාධිපති ධූරාපේක්ෂක ඝෝඨාභය රාජපක්ෂගේ පුරවැසි බව පිළිබඳ තමා මහින්ද දේශප්‍රියට පැවසූ බවත්, ඔහු එය විමසා බලනු වෙනුවට “‍එකම ප්‍රශ්නය”‍ තමන් යයි ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වයට දැනුම් දී සිය ජීවිතය අනතුරේ හෙලූ බවත් වරක් මහාචාර්ය හූල් බී.බී.සී සිංහල වෙබ් අඩවියට පවසා තිබුණි. මේ චෝදනා පිළිබඳ විමසූ අවස්ථාවේ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ, මහාචාර්ය හූල් එල්ල කරන චෝදනාවලට තමන් ප්‍රතිචාර නොදක්වන බවකි. සැකැවින් පවසන්නේ නම් එදවස මහාචාර්ය රත්නජීවන් හූල් සහ මහින්ද දේශප්‍රිය අතර පැවතියේ නැන්දා ලේලී නෝක්කඩුවට සමාන නොරුස්නා බවකි. දෙන්නා හැමදාමත් සිටියේ දෙපැත්තේය. ඡන්දය තියන්නට කොමිසමේ සාමාජිකයන් එකඟ වනතෙක් හිටියානම් තවමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.

මින් ගම්‍ය වනුයේ මහින්ද දේශප්‍රිය සහ මහාචාර්ය හූල් අතර පැවති විරසකයේ තරමය. කොතරම් නොහොඳ නෝක්කාඩු පැවතියද ඒ යුගයේ එකදු මැතිවරණයක්වත් කල් ගියේ නැත. සාමාජිකයන් බෙදී සිටියාට මැතිවරණය පවත්වන්නට ඒවා බාධා වෙන්නේ නැත. මේ අතීත උදාහරණ ඊට ඕනෑවටත් වඩා සාක්ෂි සපයයි. දැන් මේ ආණ්ඩුවට මැතිවරණය කල් දමන්නට වෙනයම් ක්‍රමයක් ඇත්තේම නැත. අන්න ඒ නිසා කොමිසම දෙකඩ කර හෝ ඡන්දය කල් දමා ගැනීම ආණ්ඩුවේ උත්සාහයය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වසන්ත මුදලිගේ-සිරිධම්ම හිමිගේ නඩුවේ විනිසුරුවරියට ‌නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ චෝදනාවන්ට එරෙහිව නීතීඥවරු අද පාරට බහී! PHOTOS

Next Post

මිලියන 200ක් වියදම් කරලා තියන්න යන නිදහස් උත්සවේට එරෙහිව ජනතාව පාරට බසී! VIDEO

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.