• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තොණ්ඩමාන්ගෙන් පස්සේ වියලේන්ද්‍රන්… ඇමැති පිස්සු නැටිල්ල දිගටම I Sri Lanka Latest News

September 7, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ මැති ඇමැතිවරු සලකන්නේ රජවරු වගේනේ. මහජනතාව රජවෙන්නේ ඡන්දෙ කාලෙට විතරයි. මනාප ටික ගත්තට පස්සේ ඒගොල්ලෝ රජවෙනවා.(Sri Lanka Latest News)

බොඩිගාඩ්ලා එහෙම අරන් ඇවිල්ලා ඕනෙ කෙනකුට සද්දයක් දාලා ඕනෙ දෙයක් රටේ කරන්න පුළුවන් තැනට පත්වෙනවා. මේක ඇතිකරලා තියෙන්නෙත් ඉතිං මහජනතාවම තමයි. ජනතාවට මහ කියලා කිව්වට මහ ජනතාවක් ලංකාවෙ නෑ. ඕනෙ නම් මෙහෙම කියන්න පුළුවන්. මහ ගොං ජනතාවක් ලංකාවෙ ඉන්නවා කියලා කිව්වා නම් ඔන්න හරි. ලංකාවේ ඉන්නේ මහ ජනතාවක් නෙවෙයි, හරි පොඩි ජනතාවක්. හරි පුංචි ජනතාවක්. ඒගොල්ලෝ කාටවත්ම ලොකු නෑ.

මේ වැඩේ ඊට වඩා වෙනස්. පහුගිය දවසක ජීවන් තොණ්ඩමාන් මහත්තයා හෙන සද්දයක් දාලා, ටවුන් එකක් මැද්දේ ලොකු නාඩගමක් නැටුවා. ඒ ගැන අපි පහුගිය සතියක ලිපියකුත් ලිව්වා. ඒ ලිපිය ලියන්න කලින් අපි දැක්කා තවත් ඇමැති මහත්තයෙක් එයාගේ ආයතනයක රාජකාරි කරපු මහත්තයෙක්ට ‘මේකව එළවන්න තියෙන්නේ, මේකට ගහන්න තියෙන්නේ’ කියලා ලොකු සද්දයක් දැම්මා. ඒවායේ තියෙන දේශපාලනික කාරණාව අපට අදාළ නෑ. ඇත්තටම ඒ මනුස්සයා එතැන ඇතුළේ වැරැදි කරලා තියෙනවද කියලා අපි දන්නෙ නෑ. හැබැයි පාරේ චණ්ඩි වගේ මිනිස්සුන්ට ගහන්න මේගොල්ලන්ට බලය දුන්නේ කවුද කියන එක විතරක් අපට දැනගන්න පුළුවන් නම් අපි හරි කැමැතියි.

දැන් මේ සතාසිවම් වියලේන්ද්‍රන් කියන රාජ්‍ය ඇමැතිතුමා කොන්ත්‍රාත්කරුවෙක් යැයි පවසන පුද්ගලයෙක්ට ප්‍රසිද්ධියේම ගහන්න යනවා. ඒ දෙගොල්ලෝ අතර ගැටුමක් තමයි සිදුවෙන්නේ. මේක මේ පස් කැපීම සම්බන්ධ අර්බුදයක් කියලත් කියනවා. පස් කියන්නේ මහ පොළොව. මහ පොළොව විනාශ කිරීම කාට හරි කරන්න බලයක් දීලා තියෙනවා නම් ඒ බලය දුන්නු අය සහ බලය ලබාගත්ත අය අතර ඇතිවෙන ගැටුමක් වෙන්න ඇති මේ සිද්ධිය.

ඒ සිද්ධියට අදාළ අටුවා ටීකා කියන්න අපි දන්නේ නෑ. කොහොම නමුත් සතාසිවම් වියලේන්ද්‍රන් මේ වෙලාවේ පාරේ චණ්ඩියෙක් බවට පත්වෙලා තියෙනවා. ජීවන් තොණ්ඩමාන්ගේ පාරේ චණ්ඩිකම දැකලා ඒකට මාධ්‍ය විසින් විවේචන එල්ල කරලා, සතියක් හමාරක් යද්දීම තව චණ්ඩියෙක් බිහිවෙන එකෙන් අපට පේන්නේ මේ මහත්තුරු මේවා වැරැදි විදියට දකින්න ඇති කියලා. ඇත්තටම මේවා ලොකු වැරැදිනේ.

හැබැයි මේගොල්ලෝ මේවා වැරැදි විදියට දකින්නෙ නෑ. මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේවා හරි කියලා. මේවට මිනිස්සු උත්තර දෙන්නේ නෑ කියලා. හරි නම් ඉතින් මිනිස්සු තමයි මේවට උත්තර දෙන්න ඕනේ. ඒ කියන්නේ අහුවෙච්ච තැන ඒ මිනිහට ගහන්න බණින්න ඕනෙ කියන එක නෙවෙයි. මිනිස්සු දෙන්න ඕනෙ උත්තරය වෙන එකක්. ඒක මනාපෙන් දෙන්න ඕනෙ උත්තරයක්.

හැබැයි ඉතින් මේ සිද්ධිය ගැන දේශපාලනයට සම්බන්ධ එක මහත්මයෙක් එක්ක කතා කරද්දී ඔහු කිව්වේ ‘එක කොනක ශිව කියලා තිබ්බට, තව කොනක සතා කියලා තියෙනවා නේද’ කියලා. ඒවා කොහොම වෙතත් දේශපාලකයන්ගේ චණ්ඩි බවට පත්වෙන්න බලය දීලා තියෙන්නේ කවුද කියන එක ගැන අපි දිගින් දිගටම ප්‍රශ්න කරන්නේ රටක් විදියට අපට එහෙම දේශපාලකයන්ට ඕනෑවට වඩා බලයක් දෙන්න අවශ්‍යතාවක් නැති නිසා.

දේශපාලකයා කියලා කියන්නේ දේශය පාලනය කිරීම සඳහා පත්කරනු ලබන්නෙක්. ඒක රස්සාවක්. මීට වසර ගණනාවකට කලින් මේක තිබුණේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය විදියට. ඒක තිබුණේ සාමාන්‍ය මහජනතාවට. සාමාන්‍ය මහජනතාව අතේ තිබුණු බලය රටක පුරවැසියන් වැඩිවීම නිසා නගර රාජ්‍ය කියන ඒවා අහෝසි වෙලා ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ඉවර වෙලා වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයට මේ ක්‍රමය හැඩගැහිලා තියෙනවා.

වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට. අපි වෙනුවෙන් අපේ නියෝජිතයෙක්ව පාර්ලිමේන්තු යවන එකට. අපි ඔක්කොම එකතු වෙලා එක්කෙනෙක්ව පත්කරලා කියනවා ගිහිල්ලා අපේ වැඩේ කරලා එන්න, අපේ යෝජනා ටික කරලා එන්න, අපි කියන ටික ගිහිල්ලා කියලා එන්න කියලා. හැබැයි මේ ගොල්ලෝ අපේ නියෝජිතයා බවට පත්වෙන එක පැත්තකට දාලා ඒගොල්ලන්ගේ තාත්තගෙ, බාප්පගෙ, හිතවතුන්ගේ, යාළුවන්ගේ, දරුවන්ගේ, ඡන්දෙට උදව් කරපු අයගේ පාලකයා බවට පත්වෙන එක. මෙහෙම වෙන්න නෙවෙයි රටක දේශපාලකයන්ව අපි පත්කරන්නේ කියන එක බොහොම කරුණාවෙන් මේ මහත්තුරු සිහියේ තබාගන්න ඕනේ.

ඒ නිසා සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ කුමන ජාතියක හෝ කුමන ආගමක හෝ වේවා දේශපාලකයන්ට අපි කෙළින්ම ඇඟිල්ල දික්කරලා කියන්නේ පාරේ චණ්ඩි වෙන්න එපා. ඔයාලගේ චණ්ඩිකම්වලට උත්තර දෙන්න අපිට දවසක් එනවා. එදාට තමයි කටයි අනිත් ඒවයි වහගෙන ගෙදරට වෙලා නිදාගන්න වෙන්නේ. මොකද ඔයිට වඩා චණ්ඩි අපේ රටේ හිටියා. ඒගොල්ලන්ට රටත් අතහැරලා දාලා යන්න සිද්ධ වුණා. ඇවිල්ලා කිව්වේ කරන්න බැරි නම්, බලෙන් හරි කරවනවා කියලා. යකෙකුටවත් බය නෑ කියලා තමයි ආවේ. ත්‍රස්තවාදීන් පරාජය කරපු මහා වීරවරු අපේ රටේ ඇවිල්ලා චණ්ඩි පාට් දැම්ම කාලයක් අපට තිබුණා. හැබැයි ඔයිට වඩා චණ්ඩි නොණ්ඩි වුණා නම්, මේ චණ්ඩිත්, චණ්ඩිද අපිට කියලා තමයි කියන්න තියෙන්නේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බොරු කියන්න එපා! චැනල් ෆෝට විරුද්ධව හිමිවරු ඇතුලු පිරිසක් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට පැමිණෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අයෝජකයො වගේ ඇවිල්ලා… නීතිත් කඩලා… කම්කරුවන්ටත් වධ දීලා… වංචාවලුත් කරලා… චීන සෙට් එකක්ම එළවලා දාපු මෙයා තමයි නියම ජනාධිපති I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.