• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයෝජකයො වගේ ඇවිල්ලා… නීතිත් කඩලා… කම්කරුවන්ටත් වධ දීලා… වංචාවලුත් කරලා… චීන සෙට් එකක්ම එළවලා දාපු මෙයා තමයි නියම ජනාධිපති I Sri Lanka Latest News

September 8, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ විශාලතම මහා ජන සංහාරය සිදුකළේ ජර්මනියේ හිටපු ම්ලේච්ඡ ඒකාධිපති පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් යැයි ඉතිහාසය කරුණු කියයි. ලෝකයේ කලින් කලට විවිධ ජන සංහාරයන් රැසක් සිදුව ඇත. දැන් එසේ නම් හිට්ලර් සිදුකළ ජන සංහාරයට පසුව ලෝකයේ දෙවැනි ස්ථානයට පත් ජන සංහාරය කුමක්ද? එයද අපට ඇසෙන්නේ ලෝකයේ අපට වඩා බොහෝ දුරබැහැර තිබෙන දේශයකිනි. එය කුමක්ද? මේ දේශය නම් අප්‍රිකානු රාජ්‍යයක් වන රුවන්ඩාවයි.(Sri Lanka Latest News)

මෙය නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි යම් පමණකින් කුඩා රටක් වන අතර, එහි වත්මන් ජනගහනය එක්කෝටි විසිලක්ෂයක් වෙයි. බහුතරය කළු ජාතීන් වෙසෙන මෙම රටෙහි මෙම මහා විනාශය සිදුවන්නේ 1994 අප්‍රේල් 06 වැනිදාය. සැබෑ ලෙසම එදින එහි ආරම්භය පමණි. එදින ඇරැඹි ජන ඝාතනය තවත් දින 100ක් පුරා ඉදිරියට ගෙන යෑමට කටයුතු සැලසුණු අතර, එහි නිමාවක් දක්නට හැකිවූයේ 1994 ජූලි මාසය මැදදීය. මෙම කුරිරු ජන සංහාරය නිසා රුවන්ඩාවේ මියගිය අහිංසක වැසියන්ගේ ප්‍රමාණය ලක්ෂ 11ක් පමණ යැයි නිල දත්ත සඳහන් කරයි. අප මෙම වගතුග කෙටියෙන් සොයා බලමු.

මෙම ගැටුම සිදුවූයේ රුවන්ඩාවේ ජීවත්වන සාම්ප්‍රදායික ජනගෝත්‍ර දෙකක් වන බහුතරයක් වන හුටූ (Hutus) ගෝත්‍රිකයන් සහ සුළුතරයක් වන ටුට්සි (Tutsies) ගෝත්‍රිකයන් අතරය. මෙම ජන සංහාරය සිදුවීමට පෙර 1990 වසරේ සිටම මෙම ගෝත්‍රික දෙපාර්ශ්වය අතර සිවිල් යුද්ධයක්ද ඇතිවී තිබිණි. ලෝක ඉතිහාසයට නොමැකෙන කළු ලපයක් එකතු කළ රුවන්ඩා ජන ඝාතනය (Rwandan genocide) නිසා දින 100ක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී ටුට්සි ගෝත්‍රිකයන් ලක්ෂ 08ක් පමණ සහ හුටූ ගෝත්‍රිකයන් ලක්ෂ 03ක් පමණ ඝාතනයට ලක්විය.

තරුණ කාන්තාවන් ලක්ෂ 02ක් පමණ කුරිරු ලිංගික වධ හිංසා සහ දූෂණයටද ලක්වූ බව නිල දත්ත වාර්තා පෙන්වා දෙයි. ජීවිතය බේරාත් බහුතරයක් සදාකාලික ආබාධිත සහ මානසික රෝගීන් බවටද පත්වූහ. මෙම මහා අපරාධය සිදුකිරීමට එකල ප්‍රධාන වූයේ බහුතර බලය හමිව තිබූ හුටූ ගෝත්‍රික රාජ්‍ය පාලනයයි. එකල රුවන්ඩා යුද හමුදා නායකයා වූ තියෝනෙස්ට් බගොසොරා (Theoneste Bagosora) විසින් මෙම ජන සංහාරය මෙහෙවන ලදී.

ලෝකයේ දෙවැනි විශාලතම ජන සංහාරය වන රුවන්ඩා ජන ඝාතනය ගැන ලියන්නට බොහෝ දේ ඇතත්, එහි කෙටි වගතුගක් පමණක් ඔබට ලියා තබන්නේ අද ඔබට ලියා තබන කතාවට පෙර ගමනක් ගන්නටය. එදා සිදුවූ එම කුරිරු අපරාධයට තිතක් තැබුණේ කෙසේද? එකල 1990 සිවිල් යුද්ධය ඇරැඹි විටදී යාබද දේශයක් වන උගන්ඩාවට පලාගොස් රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ නමින් ආයුධ සන්නද්ධ සංවිධානයක් බිහිකළ සුවිශේෂ තරුණයකු විය.

උගන්ඩාවේ හමුදාවේ සහාය ඇතිව බිහිකළ මෙම සංවිධානයේ නායකයා වූයේ එවක 33 වැනි වියෙහි පසුවූ පෝල් කගාමේ (Paul Kagame) නමැති රුවන්ඩා යුද හමුදාවේ සිටි නිලධාරියකු විය. ඔහු එකල උගන්ඩා හමුදාව සමග එක්ව රාජ්‍ය පාලනයෙහි සිටි හුටූ ජන සංහාරකයන්ට පහරදී ක්‍රමයෙන් රුවන්ඩාව තම පාලනයට ගත්තේය.

එදා මහා ජන සංහාරයෙන් රුවන්ඩාව ගලවාගත් එඩිතර මිනිසා වූ පෝල් කගාමේ යනු කවුද? මේ සුවිශේෂ මිනිසා නම් රුවන්ඩාවේ වත්මන් ජනාධිපතිවරයාය. ජන ඝාතනයෙන් පසුව කිසිදු ආකාරයකින් ගොඩ ගැනීමට නොහැකිව මහා අගාධයකට ඇදවැටුණු රුවන්ඩාව මේ වන විට මහත් සාමයකට, සෞභාග්‍යයකට සහ දියුණුවකට පැමිණ ඇත. ගෝත්‍ර දෙකෙහිම ජීවිත හැකි පමණින් උපරිමව ආරක්ෂා කරගනිමින්, රුවන්ඩාව බේරාගැනීමට මැදිහත් වූ එකම නායකයා වූයේ පෝල් කගාමේය.

මෙම තරුණ දේශපාලකයා එකල සිටම ජාතිවාදය ඉතා තදින් ප්‍රතික්ෂේප කළ නායකයකු වූ අතර, ඔහු බලය අල්ලා ගැනීමෙන් පසුව ඔහු මුලින් රුවන්ඩාවේ අගමැති ධුරයට පත්වූයේය. ඉන් ටික දිනෙකට පසුව ඔහු රුවන්ඩාවේ ජනාධිපති ධුරයේද ව්‍යවස්ථානුකූලව දිවුරුම් දුන්නේය. එදින සිට මේ දක්වා පසුගිය අවුරුදු 27ක කාලයක් පුරා නොකඩවා ඔහු ජනාධිපති ධුරය උසුලන අතර, ඔහු මෙම තනතුර සඳහා පත්වූයේ තෙවරක්ම මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීම මගින්ය. එනම් ප්‍රජාතන්ත්‍රවාදීවය.

දැන් ඔබට රුවන්ඩාව සහ එහි රාජ්‍ය නායකයා වන පෝල් කගාමේ ගැන මෙලෙස වගතුග ලියා තැබුවේ ඇයි? එයට හේතු වූයේ පසුගිය කාලයේදී රුවන්ඩාව තුළ සිදුවූ සුවිශේෂ කතාන්දරයකි. පසුගිය කාලයක් පුරාම රුවන්ඩාව තුළ ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක්ම තම ව්‍යාපාර අයෝජනයන් සිදුකර ඇත. එම ක්‍රියාවලිය සිදුකළ ප්‍රධානතම රටක් වන්නේ චීනයයි. එනම් චීනය පසුගිය වසර 15ක කාලයක සිට චීනය තුළ විවිධ කර්මාන්ත ආයෝජනයන් රැසක්ම සිදුකර ඇත. ඒවා විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක් පුරා විහිදී යයි.

රුවන්ඩාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගෙන්නේ 1971 නොවැම්බර් 12 වැනිදාය. මේ අනුව අද වන විට එම ඉතිහාසයට වසර 52ක් සපිරී ඇත. කාලයක් පුරා දෙරටට අදාළ තානාපති කාර්යාලද දෙරට තුළ පිහිටුවා ඇත. මෙසේ දෙරට අතර තදබල සබඳතාවක් පැවැති අතර, දශක කිහිපයක් පුරා චීනය රුවන්ඩාව තුළ අයෝජනයන් සිදුකළේය. දැන් එසේ නම් මෙම සබඳතාවට පසුගිය කාලයේදී සිදුවූයේ කුමක්ද? මෙය මුළුමහත් ලෝකය පුරාම මහත් ආන්දෝලනයක් ඇතිකළ පුවතක් විය.

මෙම සුවිශේෂ පුවතින් ප්‍රකාශ වූයේ රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ විසින් තම රටෙහි ආයෝජනයන් සිදුකර සිටි චීන ජාතිකයන් 18 දෙනකු වහාම පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බවය. එසේම පසුගිය කාලය තුළදී එම නියෝගයට අනුව චීන ආයෝජකයන් 18 දෙනකු රුවන්ඩාවෙන් පිටුවහල් කරනු ලැබීය.

ජනාධිපති කගාමේ මේ පිළිබඳ ප්‍රකාශ කර ඇත්තේ එම චීන ජාතිකයන් තමන්ගේ රටේ ව්‍යාපාරවල නිරතව සිටි සේවකයන්ට අයුතු ලෙස සැලකූ හෙයින් එම තීරණය ගත් බවයි. මෙම චීන ආයෝජනයන්හි සේවය කරන අති බහුතර පිරිස රුවන්ඩා ජාතිකයන්ය. ‘රුවන්ඩාවේ කම්කරුවන්ට අයුතු ලෙස සැලකීම සහ ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ඉඩම් බලයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන්ද ආයෝජකයන් 18 දෙනා වරදකරුවන් වී ඇතැ’යි පෝල් කගාමේ පිටුවහල් කිරීමේ නියෝගය ලබාදෙන විටදී පැවැසූ බව වාර්තා විය.

‘චීන ආයෝජකයෝ රුවන්ඩා ජනතාව සූරුකෑමකට ලක්කළ අතර, ඔවුන්ට වහලුන් මෙන් අසාමාන්‍ය පැය ගණනක් වැඩ කිරීමට සලස්වා ඔවුන්ගෙන් ප්‍රයෝජන ගත්හ. අප්‍රිකාව ඇත්තේ අප්‍රිකානුවන් සඳහාය. අපට අප්‍රිකාව තුළ වහලුන් වන්නට බැරිය. අප මෙම වෙනස්කම් සහ අසාධාරණකම් ඉවසන්නේ නැහැ’ යැයිද ජනාධිපති පෝල් කගාමේ අවධාරණය කර ඇත. මෙම චීන ආයෝජකයන් 18 දෙනාට වහාම රුවන්ඩාවෙන් පිටව යන ලෙසත්, කිසි විටෙකත් ආපසු නොඑන ලෙසත් ජනාධිපතිවරයා තම නියෝගය නිකුත් කර ඇත.

රුවන්ඩා ජනතාව ඔවුන්ගේ රට තුළ ඔවුන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳිය යුතු බවත්, මෙම තීරණය රට තුළ සිටින ඉතිරි චීන ආයෝජකයන්ටත් පාඩමක් විය යුතු යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත. මෙම සිදුවීමේදී හෙළිවන අනෙක් සුවිශේෂ කරුණ නම්, ජනාධිපතිවරයා මෙම තීන්දුව දීමට පෙර වැරැදිකරුවන් වූ චීන ආයෝජකයන් කිහිප දෙනකුටම චීන මහාධිකරණය විසින්ද විවිධ දඬුවම් පමුණුවා තිබීමය. ඒ ගැනද පුවත් වාර්තා වී තිබිණි.

රුවන්ඩාව පතල් කර්මාන්තයට බොහෝ ප්‍රකට රටක් වන අතර, එරට තුළ විවිධ විදේශීය සමාගම් එම කර්මාන්තයෙහි නිරතව සිටියි. ඒ අනුව එම රටවල් අතරින් ප්‍රධානතම ස්ථානයක සිටින්නේ චීනයයි. චීනය විසින් පවත්වාගෙන යනු ලබන මෙම කර්මාන්තයන්හි සම්පූර්ණයෙන්ම සේවය කරනු ලබන්නේ රුවන්ඩා ජාතිකයන්ය. මේ අනුව මෙවැනි පතලක් භාරව මෙහෙයුම් කටයුතු කළ ප්‍රධාන චීන ජාතික කළමනාකරුවකුට පසුගියදා රුවන්ඩා අධිකරණය විසින් ඉතා ප්‍රබල දඬුවමක් ලබාදුන්නේය.

මෙම චීන ජාතිකයා තමාගේ පතලේ සේවකයකු කණුවක බැඳ කසයක් භාවිත කරමින් ඔහුට පහර දෙන ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලයෙහි පළවී තිබිණි. මෙම සිදුවීම රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළ අතර, යට කී චීන ජාතිකයාට එරෙහිව රාජ්‍ය ආරක්ෂක සහ නීති අංශ වහා පියවර ගත්තේය. ඒ අනුව ඔහුට එරෙහිව රුවන්ඩා අධිකරණයෙහි නඩු පැවරිණි.

මහාධිකරණය මෙම සන් පුජුන් නමැති චීන කළමනාකරුට එරෙහිව ඉතා ප්‍රබල දඬුවමක් පමුණුවනු ලැබීය. එනම් බරපතළ වැඩ සහිතව වසර 20ක දීර්ඝ සිර දඬුවමක් නියම කළේය. මෙම අධිකරණ තීන්දුවත් සමග චීනය මහත් අර්බුදයකට පත්විය. රුවන්ඩාවේ තිබෙන චීන තානාපති කාර්යාලයට කරකියා ගන්නා දෙයක් නැති විය. මේ අනුව දැනට එම චීන ජාතිකයා සිරගත කර ඇත.

රුවන්ඩා මහාධිකරණ ප්‍රධාන විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් කියා සිටියේ, ‘රුවන්ඩා කම්කරු වින්දිතයන්ට දැඩි ලෙස වධ හිංසා පමුණුවා ද්වේෂසහගත චේතනාවෙන් ශාරීරික දඬුවම් ලබාදී ඇති බව මෙහිදී හොඳින්ම පැහැදිලි වී තිබේ. මෙය ඉතා බරපතළ අපරාධයක්. එහෙයින් සිර දඬුවම් ලබාදිය යුතුයි’ යනුවෙනි.

චීන කළමනාකරුවා තමන් කම්කරුවන්ට පහර දුන් බව පිළිගත් අතර, අධිකරණයට කියා සිටියේ මෙම කම්කරුවන් පතලෙහි ඛනිජ වර්ග සොරකම් කිරීම නිසා තමන් එසේ පහර දීම සිදුකළ බවයි. මෙහිදී මෙම දඬුවම් නියම වූ චීන කළමනාකරු මෙයට පෙරද කිහිප වතාවක් මෙසේ රුවන්ඩා කම්කරුවන්ට පහරදීම් සිදුකර ඇත. එලෙස ඔහු එම දිනවලදී කම්කරුවන් හතර දෙනකුට පහර දුන් බවද හෙළිව ඇත.

ඉහත කණුවක බැඳ දැඩි ලෙස පහර දුන් කම්කරුවාට එම සිද්ධිය වසං කිරීමේ පොරොන්දුව මත ලිපියක් අස්සන් කරවාගෙන ඇමෙරිකානු ඩොලර් 1000ක (රුවන්ඩා ෆ්‍රෑන්ක් මිලියනයක්) මුදලක් චීන කළමනාකරු විසින් ලබාදී ඇත. එහෙත් මෙම පහරදීමේ වීඩියෝව පළවීමෙන් පසුව මෙම තත්ත්වය වෙනත් අතකට හැරුණු අතර, ආරක්ෂක අංශ වහා චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවේය. මේ අතර මෙම පහරදීම්වලට සම්බන්ධ වූ තවත් චීන ජාතිකයකුටද අධිකරණය වසර 12ක සිර දඬුවමක්ද නියම කළේය. රුවන්ඩා – චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 52ක් පිරුණු කාලයේදී මෙම සිදුවීම් ඇතිවීම එක්තරා විශේෂත්වයක් විය.

අද රුවන්ඩාව යනු ජාති, කුලමල, ආගම් භේද නැති සාමයේ තෝතැන්නකි. අද එහි මිනිසුන් කිසිවකුත් තමන්ගේ ජාති ආගම් ප්‍රශ්න කතා කරන්නේ නැත. එමෙන්ම එය රුවන්ඩාවට තහනම් මාතෘකාවක්ද වෙයි. ජනාධිපති පෝල් කගාමේගේ දූරදර්ශී පාලනය යටතේ අද එම රාජ්‍යය ආර්ථික ස්ථාවරත්වය අතින්ද ඉතා ඉහළ ස්ථානයකට පත්ව ඇත. අප්‍රිකාවට රටවල් 64ක් අයත් අතර, ඉන් ඉහළම ස්ථානයේ වැජඹෙන රටවල් කිහිපයක් අතරට රුවන්ඩාවද අයත් වෙයි.

එසේම නැගෙනහිර අප්‍රිකාවට අයත් රටවල් අතර ඉහළින්ම සිටින්නේද රුවන්ඩාවයි. ඉතා කෙටි කාලයක් තුළදී ජාතීන් අතර ඇති ප්‍රශ්න විසඳා ගනිමින් එක ජාතියක් ලෙස සමාජයීය සහ ආර්ථික වශයෙන්ද ඉදිරියට ඒමට රුවන්ඩාවට හැකි විය. අද එම දේශය මහා ජන සංහාරයක් සිදුවනු රටක් ලෙස හඳුනාගැනීමට පවා නොහැකිය. එම අපරාධය සිදුවූ බව සාක්ෂි පෙන්වන කෞතුකාගාර කිහිපයක් රුවන්ඩාවේ ඇති අතර ඒවායෙහි ප්‍රදර්ශනයට තබා ඇති මිනිස් ඇටසැකිලි සහ අනෙකුත් දේ මගින් පමණක් අද එම ජන ඝාතනයට සාක්සි දරයි. අද රුවන්ඩාවේ ජනතාව අතර සාමය සහ සබැඳියාව උපරිම යහපත් තත්ත්වයට පත්ව ඇත. යහපත් බුද්ධිමත් නායකයන් රටකට සම්පතකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

තොණ්ඩමාන්ගෙන් පස්සේ වියලේන්ද්‍රන්… ඇමැති පිස්සු නැටිල්ල දිගටම I Sri Lanka Latest News

Next Post

මෛත්‍රී ශ්‍රීලනිපයෙන් එළවපු දයාසිරි පාර්ලිමේන්තුවේදී ශ්‍රීලනිපය වෙනුවෙන් තනි සටනක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.