• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි හෙව්වා ගංජාවලින් ගොඩගිය රටක් මෙන්න හම්බවුණා අපිට හොඳ උත්තරයක්…

November 29, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
අපි හෙව්වා ගංජාවලින් ගොඩගිය රටක් මෙන්න හම්බවුණා අපිට හොඳ උත්තරයක්…
Share on WhatsAppShare on Facebook

අදින් වසර 12,000කට ඔබ්බෙන් අප්‍රිකාවෙන් දකුණු දෙසට සංක්‍රමණය වීම ඇරඹූ නූතන මානවයා චීනයේ අල්තායි කඳුවැටිය බඳ නිම්නයනට සපැමිණි අවස්ථාවෙදී හඳුනාගත් සුවිශේෂ ශාකයක් වර්තමානයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කලඹවමින් තිබේ. ගැලවිය නොහැකි ණය උගුලක සිරවී සිටින ශ්‍රී ලංකාවේ අප ඉන් ගොඩ ඒමට හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටින කාලයක කොහේවත් නැති ගසක් අල්ලාගෙන පාර්ලිමේන්තුව නටන්නේ අහවල් නාඩගමක්දැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් වතමන් පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් මැති ඇමැතිවරු සිතන්නේ ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම සැඟව ඇත්තේ මේ ශාකයේ බවයි. ඒ ශාකය අන් කිසිවක් නොව කංසා ශාකයයි.

ඉතා දිගු කලක් ලංකාවේ තහනම් ශාකයක්ව පවතින කංසා ශාකය නීත්‍යානුකූලව වගාකළ යුතු බවට මතයක් සමාජගත වන්නේ 2015 හෝ ඊට ආසන්න කාලසීමාවේ සිටය. සැබැවින්ම කංසා වගාව පිළිබඳ සමාජ අවධානය යොමුකිරීමේ ගෞරවය වර්තමානයේ පාලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේට ලබාදීමට ඇතැමුන් උත්සාහ කළද එහි සැබෑ හිමිකරුවා විය යුත්තේ ස්වාධීන පර්යේෂකයෙක් වන ආචාර්ය වසන්ත සේන වැලිඅංගේය. ඊට හේතුව ‘ත්‍රෛලෝක්‍යවිජයා’ නමින් කංසා පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථය සිංහල බසින් පළකරමින් කංසා දෙබරයට මුල්ම ගල ගැසුවේ ඔහු නිසාය. ඊට සමගාමීව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරාත්නද කංසා වගාව වෙනුවෙන් පෙනීසිටි මුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විරෝධය හමුවේ රාජිතගේ කංසා පුනරුදය දියවී ගියේය. එදා එලෙස රාජිත අතින් ගිලිහුණු කංසා යෂ්ටිය ඊළඟට අතට ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේය. ඇය කංසා නීතිගත කිරීම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන එන්නීය. ‘අපේ රටට ඩොලර් බිලියන ගානක විදේශ විනිමයක් ගෙන ඒමට පුළුවන්. අපි කාගෙවත් ළඟට හිඟා කන්න යන්න ඕන නෑ. කාගෙවත් ළඟට දෙකට නැමෙන්න යන්න ඕන නෑ. අපිට මේ කියන IMF ලෝන් ගන්න යන්න ඕන නෑ. ස්වභාවධර්මය දීලා තියෙන මේ සම්පත පාවිච්චි කරලා, නීතිගත කරලා, රාජ්‍ය අනුග්‍රහයෙන් මේක අපනයනය කරලා විදේශ විනිමය උපයාගත යුතුයි’ ඇය පාර්ලිමේන්තුව අමතමින් පැවැසූවාය. ඒ අනුව ඩයනාගෙන් කංසා යෂ්ටිය හිමිවනුයේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිටය.

කොරෝනා සුවකරනවා යැයි කියූ කෑගල්ලේ පැණි ධම්මික කරළියට ගෙන ආ දේශීය වෛද්‍ය ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පසුගිය වසරේ බී.බී.සී.ය වෙත ප්‍රකාශ කර තිබුණේ ඉදිරි වසර දෙක තුළ කංසා අපනයනයෙන් ඩොලර් බිලියන තුනක ආදායමක් ඉපැයීමට බලාපොරොත්තු වන බවය. එමතුදු නොව කංසා අපනයනය කිරීම සඳහා පමණක් නීතිමය අනුමැතිය ලබාගැනීමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බවද ඔහු පවසා සිටියේය. ඇමැතිවරයකු විසින් අරඹා, මන්ත්‍රීවරියක් විසින් උත්කර්ෂයට නැංවූ, රාජ්‍ය අමාත්‍යවරයෙක් විසින් ඉදිරියට ගෙන ගිය කංසා යෂ්ටිය දැන් භාරගෙන ඇත්තේ රටේ ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහය.

ලංකාවේ වඩාත්ම අභියෝගත්මක අයවැය පාර්ලිමේන්තුවට ගෙන ආවේ පසුගිය සතියේ බව ආණ්ඩුව පවසයි. එහි තිබූ එක් යෝජනාවක් වූයේ ත්‍රෛලෝක්‍යවිජයා පත්‍ර අපනයනය සඳහා වගා කළ යුතු බවයි. ත්‍රෛලෝක්‍යවිජයා යනු අන් දෙයක් නොව කංසා ශාකයේ සංස්කෘත නාමයයි. වෙනදා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් පාර්ලිමේන්තුව අමතන රනිල්ගේ අයවැයට සංස්කෘත වචනයක් එක්වීම හුදු අහම්බයක් නොව සැලසුම්සහගත ක්‍රියාවකි. කංසා සඳහා භාවිත කරන නම් බොහෝය. හෙම්ප්, හෂීස්, හෑෂ්, පොට්, මරිජුවානා, ගංජා ඉන් කිහිපයකි. මේ නම් එකක්වත් නොකියා අයවැයේදී රනිල් කියන්නේ එහි සංස්කෘත නාමයයි. ඊට හේතුව මේ සියලු නම් සමාජයට සිහිකරනුයේ මත්ද්‍රව්‍යයක් විනා අන් කිසි දෙයක් නොවීමය. කංසා නම යෝජනා කිරීමෙන් පවා සමාජ කැලඹීමක් ඇතිවන බව ජනාධිපතිවරයා හොඳින් දනී. ඔහු ඊට සංස්කෘත නාමයක් යොදා සැර බාල කරනට යන්නේ එබැවිනි. කුමන භාෂාවෙන් කීවද කංසා යනු මත්ද්‍රව්‍යයකි. එහෙයින් කංසා වවන්නට ආණ්ඩුව ගෙන එන යෝජනාව දැළි පිහියෙන් කිරි කෑමට දෙවැනි නොවන්නකි.

කංසා මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින්වුවද එය බහුවිධ ප්‍රයෝජන සහිත ශාකයකි. ලෝකයේ ඒ පිළිබඳ ඇත්තේ විවිධාකාර මතවාදයන්ය. ලෝකයෙ බහුතර රටවල් ප්‍රමාණයක තවමත් කංසා තහනම්ය. ඇතැම් රටවල් ඖෂධ සඳහා පමණක් කංසා වවයි. තවත් රටවල් ගණනාවක් කංසා ගැන අනුගමනය කරනුයේ ලිහිල් නීතිරීතිය. ඊට නෛතික අවසරය ලබාදී ඇත්තේ සීමිත රටවල් ගණනකි. මේ අනුව බලන කල කංසා ආර්ථික භෝගයක් ලෙස පිළිගන්නට ලෝකය තවමත් තීරණය කර නැති බව පැවසිය හැක. කංසා වගා කිරීම සහ පුද්ගලික භාවිතය නීතිගත කළ පළමු යුරෝපා සංගම් රට බවට මෝල්ටාව පත්ව තිබේ.

දැන් එරට වයස අවුරුදු 18 ඉක්මවූ වැඩිහිටි පුද්ගලයන්ට ගංජා ග්‍රෑම් හතක් දක්වා ළඟ තබා ගැනීමට අවසර ලැබෙන අතර නිවෙසේ උපරිම වශයෙන් පැළ හතරක් වැවීමට ඉඩ ලැබේ. නමුත් ප්‍රසිද්ධ ස්ථානවල සහ දරුවන් ඉදිරියේ ගංජා දුම් පානය කිරීම එහි නීති විරෝධී ක්‍රියාවකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කංසා චිකිත්සක භාවිතයට ගත හැකි ද්‍රව්‍යයක් ලෙස යළි වර්ගීකරණය කිරීමෙන් පසු, යුරෝපා සංගමයේ කුඩාම සාමාජික රාජ්‍යය වන මෝල්ටාව මෙම තීරණය ගෙන තිබේ.

ජර්මනිය, ලක්සම්බර්ග් සහ ස්විට්සර්ලන්තය වැනි තවත් රටවල් කිහිපයක්ද කංසා සම්බන්ධ නීති නොදුරේදීම ලිහිල් කිරීමට සූදානමින් සිටියි. ‘කංසා අවන්හල්’ සඳහා ප්‍රසිද්ධ නෙදර්ලන්තයේත් කංසා තවමත් නීති විරෝධී වන නමුත් කෝපි කඩවල කංසා මත්ද්‍රව්‍ය විකිණීම සඳහා යම් ලිහිල් බවක් තිබේ. දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, ජැමෙයිකාව, පෘතුගාලය සහ එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණනාවකම දැනටමත් කංසා භාවිතයට අවසර දී තිබේ. එහෙත් පුද්ගලික භාවිතය සඳහා කංසා නීතිගත කළ ලොව ප්‍රථම රට බවට, 2013 දී උරුගුවේ පත් වූ අතර, කැනඩාව දෙවැනි රට බවට පත් වූයේ 2018 දීය. මේ අනුව ලෝකයේ කංසා නීතිගත කර ඇති රටවලට සාපේක්ෂව එය නීති විරෝධී ලෙස සලකන රටවල් ගණන අති මහත් බව පැවැසිය හැකිය.

ඉතා දිගුකලක් කංසා මෙන්ම පොපි ශාකයද වැවූ ලෝකයේ අංක එකේ කංසා සැපයුම්කරු වූ ඇෆ්ගනිස්තානය දෙස බැලීමේදී කංසා සිහින බිඳ වැටෙන අයුරු නිරීක්ෂණය වනු ඇත. කලකට පෙර තලෙයිබාන් ප්‍රමුඛ ඇෆ්ගන් ගරිල්ලා සංවිධානවල ප්‍රධාන ආදායම් වූ කංසා වගාව අද වන විට ඔවුනට එපා වී ඇති බව එම රටවලින් ලැබෙන වාර්තා පවසයි. මේ වන විට ඇෆ්ගනිස්තානයේ බාල වයස්කාර දරුවන් අතර පවා බරපතළ ලෙස කංසා භාවිතය ඉහළ ගොස් ඇතිබව වාර්තා වේ. ඊට අමතරව කංසා වගාව නිසා එරට විශාල පිරිසක් රටේ නීතියට පිටින් වැඩකරන තත්ත්වයට පත්ව ඇති අතර අද වන විට ඇෆ්ගනිස්තානයට කංසා යනු පිළිලයක් වී තිබේ. ඇෆ්ගනිස්තානයේ කංසා වගාවට රාජ්‍ය අනුග්‍රහය අනියමින් ලැබීම නිසා 2008 වසරේ සිට එරට කංසා වගාව පොපි වගාව පරයා ඉහළ යන ලදී. කංසා අපනයනය ඔවුන්ගේ බලාපොරොත්තුව වූ මුත් අද වන විට සිදුව ඇත්තේ දේශීය පරිභෝජනය බරපතළ ලෙස ඉහළ යාමය. මේ නිසා එරට බරපතළ සංස්කෘතික සහ සාමාජීය අර්බුදයකට මුහුණ දෙමින් සිටී. සාමාන්‍ය නීතිය නොව ගිනි අවි බලයෙන් රට කරනා තලෙයිබාන්වරුනට පවා කංසා ව්‍යසනයට මුහුණදීමට නොහැකි වීම නිසා එරට දැවැන්ත අර්බුදයක් ඇතිවෙමින් තිබේ. එයට මුහුණදීමට අන් ක්‍රමයක් නොමැති නිසා ඇෆ්ගනිස්තානයේ තලේබාන් නායක හයිබතුල්ලා අකුන්සාඩා අප්‍රේල් මාසයේදී කංසා වගා කිරීම තහනම් කිරීමට නියෝග කළේය. දැන් තලේබාන් නිලධාරීන් කංසා පමණක් නොව පොපි වගාවන්ද විනාශ කිරීමට පටන් ගෙන තිබේ. ඔවුන් කංසා වගාවන් ගලවා පුලුස්සන දසුන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. ශ්‍රී ලංකාව කංසා වවා ගොඩයන්නට සිහින දකින විට දශක ගණනාවක්ම එකී සිහිනය දුටු ඇෆ්ගනිස්තානය නින්දෙන් පිබිදී කංසා වගාවන් ගිනිලමින් සිටී.

ශ්‍රී ලංකාවේද කංසා යනු පසල් දරුවන් අතර පවා පැතිරෙමින් ඇති මත්ද්‍රව්‍යකි. එමෙන්ම රට පුරා වේගයෙන්ම පැතිරෙන මත්ද්‍රව්‍ය වනුයේද කංසාය. කංසා නීතිගත කිරීමෙන් පසු ලංකාවේ එය භාවිතය තව තවත් ඉහළ යනු ඇත. එමගින් සෞඛ්‍ය සහ සමාජයීය ප්‍රශ්න රැසක් ඇති වීම අනිවාර්ය වෙයි. එහෙයින් ලංකාවේ අප කංසා නීතිගත කිරීමට පෙර සිතා බැලිය යුතු තවත් කරුණු කාරණා බොහෝය. ඖෂධ සඳහා කංසා අවශ්‍ය බව සැබෑය. මිනිසුන්ට වැළඳෙන ප්‍රධාන රෝග 70කට පමණ කංසා යොදා සාදන ඔසු භාවිත වේ. එහෙයින් දැනටද කංසා යොදා සාදන ඖෂධ ශ්‍රී ලංකාවේ ඇත. ආයුර්වේද දෙපාර්තමේන්තුව ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කංසා ලියාපදිංචි වෛද්‍යවරුනට සහ නිෂ්පාදකයන්ට ලබා දේ. එම ක්‍රමයම ඉදිරියටද ක්‍රියාත්මක කිරීමට හැකි අතර ඒ සඳහා අප රටක් ලෙස කංසා වැවිය යුතු නොවේ.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

ඒකත් බොරු! ඒකත් බොරු! ඒකත් බොරු! අයවැය ගැන ආර්ථික විශ්ලේෂකයෙක් කරන විග්‍රහය…!

Next Post

ආණ්ඩුවට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් 176ක් උසාවි යයි!

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.