ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මුදල් ඇමැතිවරයා විදියට පසුගියදා අයවැය ඉදිරිපත් කළේ රට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණදීලා තියෙන අවස්ථාවක. ජනතාව බලාපොරොත්තුවෙන් හිටියේ අයවැයෙන් ඔවුන්ට යම් සහනයක් ලැබේවි කියලා. ජීවන බර ටිකක් හෝ අඩුකරගන්න කරපු යෝජනාවක් අයවැය කතාවේ තියේවි කියලා. නමුත් ඒ සියල්ලක්ම බොරු බවට පත්වුණේ ඒ කතාව තුළ සාමාන්‍ය ජනතාවගේ සාක්කුවට දැනෙන කිසිදු යෝජනාවක් ගැබ් නොවුණු හින්දයි.
අයවැය උණුසුම යම් තරමකට පහව ගිහින් තිබුණත් ඒ ගැන ගොඩනැගුණු කතිකා නම් තවමත් සමාජ මාධ්‍යවල දකින්නට අහන්නට ලැබෙනවා. මෙවර අයවැයේදී ජනාධිපතිවරයා කිව්වා බොහෝ කරුණු කාරණා සාවද්‍යයි කියලා දෙස් විදෙස් අත්දැකීම් ඇති ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකයකු වන මංජු නිශ්ශංක මහතා පවසනවා. ලොව පිළිගත් ආර්ථික න්‍යායන් අනුව ගළපමින් ඔහු ඉදිරිපත් කරන කරුණු තර්කානුකූල බව ඒ සාකච්ඡාව ශ්‍රවණය කරන ඕනෑම කෙනකුට වටහාගැනීම අපහසු නැහැ. මෙවර අයවැය කතාවේ ඉදිරිපත් කෙරුණු බව කියන ඒ සාවද්‍ය කරුණු පිළිබඳ සිදුකරන මේ සාකච්ඡාව අපි උපුටා ගත්තේ SLVLOG POD TALKS යූටියුබ් චැනලයෙන්.
අයවැයේදී කෙරුණු බොරුව සහ මේක ලෙහාගන්න තමයි අපි අද මේ වැඩසටහන කරන්නේ. අයවැයේ බොරු ගොඩක් තියෙනවා. අපි ලොකුම බොරුවත් තෝරමු. ජනාධිපතිතුමා අයවැය කතාවේදී කියනවා රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා කියලා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
ඇත්තටම මහබැංකුවත් එකතු කරගෙන කියන මේ බොරුව අපි කලින් දැනගෙන හිටියා. අපි කීප වතාවක්ම මේ ගැන කතාකරලත් තියෙනවා. නමුත් මේක රනිල් වික්‍රමසිංහ ඔෆීෂියලි කියනකන්ම බලාගෙන හිටියේ මේ ගැන ජනතාවට පැහැදිලි කරන්න. පහුගිය මාස 6 ඇතුළත කොටස් වෙළෙඳපළ සහ ඕල්ටර්නේටිව් ඉන්වෙස්ට්මන්ට්ස් කියන හැම පැත්තකම වෙළෙඳපළ වොලටයිල් වුණා. ඒකත් එක්ක ඒවායේ ආයෝජන ඉතා ශීඝ්‍රයෙන් ගැලවිලා ගියා. ඒකත් එක්කම ඇමෙරිකා එක්සත් ජනපදයේ මහබැංකුව පොලී අනුපාත වැඩිකරන්න ගත්තා. මේක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඒ විදියට ගිහිල්ලා බැඳුම්කරවල තමයි මිනිස්සු මුදල් තැන්පත් කරන්නේ. ඒකට හේතුව තමයි එතැන වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා කොටස් වෙළෙඳපළට වඩා. ඒ වගේ දෙයක් වෙනකොට සිදුවන පළමු දේ තමයි ඒ මුදල් ඒකකය ශක්තිමත් වෙනවා. යුරෝ එක සහ ස්ටර්ලින් පවුම ශක්තිමත් වෙනවා. මොකද ආයෝජන වැඩි වශයෙන් එන නිසා. ඒක තමයි ටේරන්ඩ් එක. ලෝකෙ පුරාම සිදුවෙන දේ. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අනිත් මුදල් ඒකක දුර්වල වෙන්න ඕනෙ පහුගිය මාස 06 ඇතුළත.
මේක තමයි රනිල්ගේ සෙල්ලම. පැහැදිලිවම දැකගන්න පුළුවන්. කබ්රාල් කියන මහා ප්‍රාඥයා විසින් ඩොලර් එක රුපියල් 200ට අල්ලගෙන හිටියනේ. ඊට පස්සේ මේ වෙනකොටත් ඇත්තටම තියෙන්නේ මහ බැංකුවෙන් සොෆ්ට් පෙග් එකක් තියාගෙන ඉන්නවා. ඒක නිසා තමයි රුපියල් 365 තියෙන්නේ. මේක මෙහෙම වෙන්න විදියක් නෑ. රනිල් පැහැදිලිව බොරුවක් කිව්වනේ. කිසිම කැතැක් නැතුව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවනේ රුපියල් ශක්තිමත් වෙලා තියෙනවා කියලා. ලෝකෙ තියෙන ආර්ථික විද්‍යාවට අනුම මේක පැහැදිලිවම බොරුවක්. ඩොලර් එක ශක්තිමත් වෙනවත් එක්කම රුපියල දුර්වල වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක වෙන්නෙ නැති හේතුව තමයි ඒගොල්ලෝ සොෆ්ට් පෙග් එකක් තියාගෙන ඉන්න නිසා.
රනිල් මීට කලිනුත් ඔය වගේ බොරු කියලා තියෙනවා නේද?
ඔව් සිංහලෙන් බොරු කියනවා. මේ වෙලාවෙ මහබැංකු අධිපති විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන්න ඕනෙ ඇත්තටම රුපියල ශක්තිමත් වෙලා නෑ, තියෙන්නේ සොෆ්ට් පෙග් එකක් කියලා.
ඔබ කියන්නේ සාමාන්‍ය විදියට පවතින්න ඉඩ හැරියා නම් ඩොලරය රුපියල් 500 – 600 පවතින්න තිබුණා කියන එකද?
පැහැදිලිවම. 500 – 600ට නැවතුණොත් ලොකු දෙයක්. අපි දන්නවනේ අපේ මුදල් ඒකකය අතිශය දුර්වල වෙලා ඉවරයි කියලා. එහෙම තියෙද්දී ඩොලරය වේගයෙන් ශක්තිමත් වෙනකොට මේ දෙක අතර තියෙන ගැප් එක ගොඩක් වැඩිවෙන්න ඕනෙ.
මම මේ අයවැයේ දැකපු සමස්ත පණිවුඩය තමයි මේක රටටවත්, ජාත්‍යන්තරයටවත් කියපු අයවැයක් නෙවෙයි තනිකරම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කියපු අයවැයක් කියන එක. ඒ තරම් ලේසියි මිනිස්සු අන්දගන්න. පව්.
7%ක 8%ක තරම් ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙනවා කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. ඒකෙ පොඩි සුරංගනා කතාවක් වගේ එකක් නේද මංජු?
පැහැදිලිවම. ඕනෙම දෙයක් පුරෝකථන කරන්න කලින් අපි අපේ ආර්ථික ඉතිහාසයේ තියෙන රටාවන් සහ දත්ත ගැන සැලකිලිමත් වෙනවා. එතකොට අපි මේ අලුතෙන්ම දෙයක් පටන්ගන්නවා නෙවෙයි. අපේ ඉතිහාසයත් එක්ක ආපු දෙයක් ඉදිරියට ගෙනියන්නේ. මම හිතන්නේ 2021 ඉඳලා 2022 වෙනකොට ලෝක බැංකුවේ පුරෝකථනය තමයි අපේ ආර්ථිකය 9.2%ක් විතර සංකෝචනය වෙනවා කියන එක. එතකොට 2021 මම දන්න විදියට ජී.ඩී.පී. එක ඩොලර් බිලියන 78ක් වගේ ලංකාවේ. එතකොට ඕකෙන් 10%ක් විතර සංකෝචනය වෙනවා කියන්නේ ඩොලර් බිලියන 7ක් විතර අඩුවෙනවනේ. එතකොට ඩොලර් බිලියන 72ක් විතර තමයි ඇත්තටම මේ අවුරුද්දේ ජී.ඩී.පී. එක වෙන්න පුළුවන්. එතකොට මම කියන්නේ මේක තමයි ආර්ථික අර්බුදයක් හරහා යන ගමනක් මේ තියෙන්නේ. ඒක ඇතුළේ කොහොමද 7%ක 8%ක ආර්ථික වර්ධනයක් වෙන්නේ. විශේෂයෙන්ම මේක ලෝකය පුරා තියෙන ආර්ථික දත්තයන් බැලුවාම 7%ක 8%ක ආර්ථික වර්ධන වේගයක් තියාගන්න පුළුවන් එකම රට ඉන්දියාව විතරයි.
2023 – 2032 දක්වා නව අපනයන තුළින් ඩොලර් බිලියන 3ක වාර්ෂික වර්ධනයක් ගේනවා කියනවා. මේ වචන වැඩක් නෑ. කොහොමද මේවා කෙරෙන්නෙ කියන එකයි අපට පැහැදිලිව පෙන්වන්න ඕනෙ. මේ වචන ටිකක් විතරක් දාලා කාවද අවසානයේ රවට්ටන්නේ. 7%ක 8% ආර්ථික වර්ධනයක් මම හිතන්නේ නෑ ලෝකෙ කොයි රටකවත් ඇතිකරගන්න පුළුවන් කියලා. මම මැක්රෝ ඉකොනොමික්ස් ගැන ලොකු අවධානයකින් ඉන්න කෙනෙක්. නමුත් ඒ කිසිම රටක මම දැක්කේ නෑ 7%ක 8%ක ආර්ථික වර්ධන වේගයක්.
තවත් දෙයක් ඇමුණුමක තිබුණා, රාජ්‍ය ණය ගැනීම හැර මුළු ලැබීම් තියෙන්නේ 3.4 ට්‍රිලියන් කියලා. ණය ආපසු ගෙවීම් අතුළු මුළු ගෙවීම් ප්‍රමාණය 7.8 ට්‍රිලියන්. එතකොට ඒ දෙකේ ලොකු ගැප් එකක් තියෙනවා. මේ අනුව අපට ණය ගන්න සිදුවෙනවා නේද?
ඇත්තටම මේ දෙවැනි ඇමුණුමෙන් දෙන පණිවුඩය තමයි ඊළඟ මැයි මාසෙ ඉඳලම ලෝකෙ වටේ දුවන්න පටන්ගන්නවා හිඟාකන්න. මේකෙ තියෙන ලොකුම ඉලක්කම් ටික තමයි රාජ්‍ය ගිණුම් අනුව මුළු ණයගැනීමේ අවශ්‍යතාව. ඒ කියන්නේ ට්‍රිලියන 5ක්.
ට්‍රිලියන 5ක් ණය ගැනීමේ අවශ්‍යතාව තිබුණට ණය වෙළෙඳපළේ කොහෙවත් අපට විවෘත නෑ?
අපේ රාජ්‍ය බැංකුත් මේ වෙලාවේ බොහොම අමාරුවෙන් ඇදගෙන යන්නේ. අපේ වෙළෙඳපළ ඇතුළු ඔවුන්ගේ ද්‍රවශීලීතාව ඉතා දැවැන්ත ලෙස අභියෝගයට ලක්වෙමින් යනවා මේ වෙනකොට. බැරි වෙලා හරි මේ ට්‍රිලියන 5ක් සපුරාගන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම බැංකු කඩාවැටෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ද්‍රවශීලතාව වියළිලා ගිහිල්ලා බැංකු වහලා දාන්න වෙනවා. ඒ වගේ තත්ත්වයක් යටතේ මේ ලියන 5 කියන එක ඉතාම ප්‍රශ්නසහගතයි.
‘විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා බස්නාහිර පළාත, වයඹ පළාත, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව නව ආර්ථික කලාපයන් ඇතිකිරීමට යෝජනා කරනවා. මේ ආර්ථික කලාපයක් අඩු වශයෙන් අක්කර 1000ක්. නිෂ්පාදනයන් පමණක් නෙවෙයි, සංචාරක සහ කෘෂිකර්මයනුත් මේකට එකතු වෙනවා…’ කියලා රනිල් වික්‍රමසිංහ අයවැය කතාවෙදි කියනවා. මොනවද මේ ඔහු කියන කලාප ටික?
ඇයි.එම්.එෆ්. එකට යන්න කලින් තියෙන කොන්දේසියක් තමයි ඇමෙරිකාව, චීනය, ඉන්දියාව සමග කෙරෙන සාකච්ඡාවල ප්‍රගතිය පෙන්වන්න ඕනෙ කියන එක. අපේ ද්විපාර්ශ්වික ණයවල තියෙන්නෙ ගෝලීය දේශපාලනමය ගනුදෙනුවක්. ඕක තමයි මේ වෙළෙඳ හා ආයෝජන යටතේ නව ආර්ථික කලාප කියලා පෙන්වාදීලා තියෙන්නේ. ඒක මගේ කියැවීම. ප්‍රධාන වශයෙන් ගත්තොත් වයඹ පළාත, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය. මේ වෙලාවේ ලොකු කතිකාවක් ගොඩනැගිලා තියෙනවා අදානිගේ සමාගමට වයඹ පළාතේ වටිනාම භූමියේ කොටස් ටිකක් දෙන්න යනවා කියලා බලශක්ති ක්ෂේත්රයට. අදානිට ඒවා ගියා කියන එක අපට ගැටලුවක් නෙවෙයි. අපි ආයෝජනයන් වෙනුවෙන් පෙනී සිටිනවා. අපට තියෙන ප්රශ්නය තමයි ආයෝජන අරගෙන එන ක්‍රමවේදය සහ ඒ ඇතුළේ අපිව ආර්ථිකයක් විදියට කුඩා කරගන්න එක. එතැනයි ප්රශ්නය තියෙන්නේ. හම්බන්තොට ආයෝජනය සම්බන්ධයෙන් චීනයෙන් දැවැන්ත බලපෑමක් එන්න ඉඩ තිබෙනවා. ත්‍රිකුණාමලය ඉන්දියාවට. එතකොට මෙතැන දාල තියෙන්නේ ඔය කෑලි තුන මේ රටවල් තුනට ඕනෙ විදියට හදලා දෙනවා කියන එක. මේක ඇමෙරිකා එක්සත් ජනපදය වගේ විශාල රටක් නෙවෙයි. වර්ග කිලෝමීටර් 65,000යි තියෙන්නේ. මුළු රටේම තියෙන්නේ එකම ආර්ථික කලාපයක්. රටේ තියෙන භූ විෂමතා සහ සම්පත් අනුව වෙන වෙනම යටිතල පහසුකම් සංවර්ධනය කරන එක වෙනම දෙයක්. නමුත් මෙතැන පැහැදිලිවම ‘ආර්ථික කලාප’ කියලා සඳහන් කරලා තියෙන්නේ අරගොල්ලන්නට වෙන් කරලා, කොටු ගහලා වෙන්කරලා දෙන්නයි. ඒකත් එක්ක තවත් දෙයක් තියෙනවා ‘ජාතික ඵලදායිතා කොමිෂන් සභා’ කියලා එකක් පිහිටුවන බව. මේ කොමිෂන් සභාවේ කරනවා කියන්නේ ‘ක්ෂුද්‍ර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ රජයට උපදෙස් දීම, සාමාජීය හා පරිසර ගැටලු පිළිබඳ දනට ඇති රෙගුලාසි අධ්‍යයනය කර සංශෝධනය කිරීම, කර්මාන්ත ශාලා වැසී යෑම පිළිබඳ උපදෙස් දීම’ ආදී දැවැන්ත ලෙස නැවත වතාවක් රටේ ආර්ථිකය ප්‍රසාරණය නැවැත්වීමට සිදුකරන වැඩක් තමයි මේක. මොකද මේ වගේ කොමිෂන් පිහිටුවනකොට සිදුවෙන්නේ තව දුරටත් රෙගුලාසි වැඩිවෙනවා. රටේ ආර්ථික ප්‍රසාරණය සිද්ධවේගෙන යනකොට ඕකෙ කෑලි කෑලි අමුණගන්න රජය මොනව හරි කොමිසමක් දානවා කියන්නේ ආපහු ඒකටත් අවසර ගැනීමකට යන්න වෙනවා කියන එකයි.
ජාතික ඵලදායීතා කොමිසමක් ගැන කතා කරනවා, ජාතික මෙහෙයුම් මැදිරියක් ගැනත් කතා කරනවා රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ මුදල් අමාත්‍යාංශය රටේ ආර්ථිකය පිළිබඳ සියලු ව්‍යාපෘතීන් නියාමනය කරන්න, ඒ පිළිබඳ අනුමැතිය දීම සඳහා. බැසිල් කරපු දේම වෙනත් නමකින් කරනවා. ජාතික සංවර්ධන කමිටුවක් කියලා එකක් ගැනත් කියනවා. මේ හැම තැනකදීම සිද්ධ වෙන්නේ අලුතෙන් රෙගුලාසි ගොඩක් එකතු වෙන එකනේ. ඒක තමයි මෙතැන බොටම් ලයින් එක. එතකොට මේගොල්ලෝ කියන දේ මේගොල්ලෝ විසින්ම ආයෙත් සැරයක් ප්‍රතික්ෂේප කරගන්නවා.
ඒ වගේම කියනවා නේද විදේශ කටයුතු අමාත්‍යාංශය ජාත්‍යන්තර වෙළෙඳාමට එකතු වෙන කතාවක්?
ඒගොල්ලෝ කතා කරනවානේ ආයෝන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව මේවා ඔක්කොම එකතු කරලා එකක් හදනවා කියලා. ඒක කමක් නෑ කියමුකෝ. ඒක වෙන්න පුළුවන්. ඊට පස්සේ හිනායන කතාව තමයි රනිල් වික්‍රමසිංහ කියනවා ‘ගෝලීය වෙළෙඳපළ ප්‍රවේශ වැඩිදියුණු කරගන්න සියලු ජාත්‍යන්තර වෙළෙඳ සාකච්ඡා සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කරනවා, මෙම මුල් අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කරන අතර, පසුව එය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඒකාබද්ධ කෙරෙනු ඇත. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු හා ජාත්‍යන්තර ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය ලෙස නම්කෙරෙනු ඇත….’ කියලා. බලන්න මේවා මොන තරම් විහිළුද කියලා? රටක විදේශ අමාත්‍යාංශය තියෙන්න ඕනෙ ජාත්‍යන්තර වෙළෙඳාම ගැන කතා කරන්න නෙවෙයි. G to G ගනුදෙනු පැහැදිලිවම වෙනයි. එතැනදී වෙන්නේ වෙළෙඳ ගනුදෙනුවකට වඩා භූගෝලීය දේශපාලනික ගනුදෙනුවක්. ඒ භූගෝලීය ගනුදෙනුව සිද්ධ කරගන්න අවශ්‍ය පසුබිම හදාගන්න තමයි ඒ අවශ්‍ය කරන G to G වෙළෙඳ ගිවිසුමට යන්නේ. ඒ වගේ දේවල් ලෝකෙ ඕනෙ තරම් වෙලා තියෙනවා. මේගොල්ලෝ ඇමෙරිකාව දිහා බලාගෙන ඉන්නවා නම් ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙන රටවල් එක්ක භූගෝලීය දේශපාලනික කටයුතු සාකච්ඡා කරද්දී මේ වගේ වෙළෙඳ ගිවිසුම්වලට යන හැටි දැකගන්න ලැබෙනවා. නමුත් ඒක පැහැදිලිවම ඔවුන් ඒ රටේ වෙළෙඳ ගනුදෙනු වර්ධනය කරගැනීමටත්, එහෙම නැත්නම් රටේ ජී.ඩී.පී, වර්ධනය කරගැනීමටවත් නෙවෙයි. නමුත් අපේ රටේ කියන්නේ වෙළෙඳ කටයුතු සඳහා මේක පවත්වාගෙන යනවා කියලා. මේක හිනායන කතාවක්.
මේ කතාව ඩයනා ගමගේ කියනකොට හිනා වෙන්නයි, රනිල් කියනකොට ‘වාව්’ කියන්නත් තේරුමක් නෑනේ. ඩයනා කිව්වෙත් මේකම තමයි.
කරනවා නම් කරන්න තිබුණේ මේක ආයෝජන මණ්ඩලයත් එක්ක දාන එක. ඒක ඒගොල්ලන්ට අදාළයි. නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණතාව තියෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා සම්බන්ධයෙන්ද? මොන විහිළුද මේ ?
මේ අයවැය ඇතුළෙත් ආණ්ඩුව කුඩාවෙනවා පේන්නේ නැහැ. මේ රටේ ලොකු ප්රශ්නය තියෙන්නේ ආණ්ඩුව විශාල වීමයි?
අපේ රටේ රාජ්‍ය අංශය 100%ක් අසාර්ථකයි. වෙළෙඳ, අයෝජන සහ ආර්ථික ප්රසාරණවලට කරන්න තියෙන්නේ මේකට පෞද්ගලික අංශයට ඉඩ දීලා, ප්‍රතිපත්ති සම්පාදනය කරලා, යටිතල පහසුකම් සපයා දීමයි වෙන්න ඕනෙ. එහෙම තියෙද්දී විදේශ කටයුතු අමාත්‍යාංශයට ජාත්‍යන්තර වෙළෙඳාම භාරදීම ගැන අපි හිනාවෙන්නේ කොහෙන්ද කියන්නකො.
රනිල් කියනවා නිදහස් හා තරගකාරී වෙළෙඳපළක් වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. ඒ කියලා ඔක්කොටම රාජ්‍ය අංශය ඔබනවා?
රනිල් කියන්නේ බොරුකාරයෙක් කියන්න තියෙන හොඳම උදාහරණය තමයි එයා මුල කියන එකයි අග කියන එකයි අතර තියෙන පරස්පරතාව. ඔහුට ඒ ගැන අවබෝධයක් නෑ වගේම තමයි වෙළෙඳපළවල් පිළිබඳවත් අවබෝධයක් නෑ කියලා තේරෙනවා. සූර්ය බලශක්තිය, විද්‍යුත් මෝටර් කාර් නිෂ්පාදන පහසුකම ගැන කතා කරනවනේ. විද්‍යුත් මෝටර් කාර් එකලස් කිරීම මෙන්ම දේශීය භාවිතය ප්රචිත කිරීම ගැන. ආයෙත් සැරයක් මේ එන්නේ අර වොක්ස්වැගන් පිස්සුව. අපි තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි අද වෙද්දී එකලස් කිරීම කියන්නේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව සිදුවෙන දෙයක්. චීනය, ඉන්දියාව, වියට්නාමය වගේ රටවල ශ්‍රම බළකාය වැඩි නිසා ඔවුන් අපට වඩා අවුරුදු 30ක් විතර ඉස්සරහින් ඉන්නේ. අපට ඔවුන් එක්ක තරග කරන්න බෑ. කරන්න ඕනෙ විද්‍යුත් සහ ස්වයංක්‍රීය වාහනවලට මෘදුකාංගවලට නිර්මාණය කරන පැත්තට ගියොත් එහෙම අපට ලොකු වෙළෙඳපළක් හදාගන්න පුළුවන් වේවි.
අපේ මේ සාකච්ඡාව සාරාංශයක් විදියට අවසන් කරන්න හොඳ වාක්‍යයක් තියෙනවා. මේ ඔක්කොම හදන්න නම් රටේ ව්‍යවසායකයෝ ඉන්න ඕනනේ. ව්‍යවසායකයෙක් කියන්නේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමට ශ්‍රමය, ප්රාග්ධනය, වෙළෙඳපළ කියන සියල්ල තමන් විසින්ම හඳුනාගෙන ඒවා වෙළෙඳපළ තුළට අරගෙන ගිහින් සාර්ථකත්වයට පත්වෙන මනුස්සෙයක්. නමුත් රනිල් කතාකරනවා, ‘කෘෂිකර්මාන්තයට තරුණ ව්‍යවසායකයන් බඳවාගන්න දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් දැනට රැකියා විරහිත තරුණ තරුණියන් 204 දෙනකු තෝරාගැනීමට නියමිත අතර, ඔවුන් කෘෂි ව්‍යවසායකයන් ලෙස බලගැන්වීමට නියමිතයි’ කියලා. මම කියන්නේ මෙතැන මූලධර්මයම වැරැදියි. ව්‍යවසායකයෙක් මොකටද ආණ්ඩුවට ඇවිල්ලා පඩියට වැඩ කරන්නේ? ඉතින් කාටද මේවා කියන්නේ? රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔක්කොටම කියන්නේ ඔය පොඩි අකුරුවලින් කියලා තියෙන දේවල් පවා මුල සිට අග දක්වාම කියවන පිරිස් දැන් ලංකාවේ ඉන්නවා. ඒ වචනෙන් වචනේ අපි බලනවා. ඒ නිසා පොහොට්ටුවේ සාමාජිකයන්ට කියන්න ඕනෙ කතා තවදුරටත් අපට කියන්න එපා.
ආයෙත් සැරයක් මතක් කරගන්න කියමු. අයවැයේ තාක්ෂණය පැත්තෙන් කියපු ඔක්කොම බොරු ටික ගත්තට පස්සේ රුපියලේ අගය ස්ථාවර වෙලා කියන එක සම්පූර්ණ බොරුවක්. ජී.ඩී.පී. වර්ධනය 7%ක් 8%ක් පවත්වාගෙන යන්න පුළුවන් කියන එක පට්ටපල් බොරුවක්. පැහැදිලි ප්‍රතිපත්තියක් සහ ක්‍රමවේදයක් නැතිකම ඒකට හේතුවක්. එස්.එම්.ඊ. අංශය, බැංකු ක්ෂේත්රය, මත්ද්‍රව්‍ය උවදුර වගේ රටේ තියෙන සැබෑ ප්‍රශ්න මේ අයවැයේදී සාකච්ඡා කරලා නෑ. පෞද්ගලික දත්ත ආරක්ෂණය නියාමනය කරන්න ගේන්න යන දේ පැහැදිලිවම අපේ පෞද්ගලිකත්වයට තර්ජනයක් වේවි. ඒ දේවල් ගැනත් අපි අවධානයෙන් ඉන්න ඕනෙ. ඔවුන්ගේ බලය පවත්වාගෙන යන්න ඉදිරිපත් කරපු අයවැයක් විදියට තමයි මේ අයවැය හඳුන්වන්න පුළුවන්. මහජනතාව හෝ රට වෙනුවෙන් ඉදිරිපත් කරපු අයවැයක් නෙවෙයි මේක.
චානක ලියනගේ