• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හුස්ම ගන්න ඔක්සිජන් වෙනුවට මැරෙන්න කාබන්ඩයොක්සයිඩ් දීපු කතාව ඇත්තක්ද? I Sri Lanka Latest News

January 11, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නෝනාවරුනි, මහත්වරුනි, පරණ අවුරුද්දේ කතාවක් අලුත් අවුරුද්දේ ලියන්නට සිදුවීම ගැන මා ඔබෙන් මුලින්ම සමාව ඉල්ලනවා. කොහොම නමුත් පරණ අවුරුද්දේ වුවද, අලුත් අවුරුද්දේ වුවද කුමන අවුරුද්දක වුවද මෙවැනි දේ සිදුවෙනවා නම් ඒවා ලියන එක තමයි පත්තරකාරයන් වෙච්ච අපේ වගකීම. ඒ නිසයි මේ කතාව මේ විදියට ලියන්නේ. කොළඹ ජාතික රෝහලේදී රෝගියකුට ඔක්සිජන් වෙනුවට කාබන් ඩයොක්සයිඩ් දීලා එම රෝගියා මියගිය බවට ප්‍රවෘත්තියක් පළවෙමින් තියෙනවා.(Sri Lanka Latest News)

වාර්තාවල සඳහන් වෙන ආකාරයට මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ පදිංචිව සිටි නුආලා තේවතාසන් නමැති 61 හැවිරිදි අවිවාහක කාන්තාවක්. ඇය වෙරිටේ කියන ආයතනයේ විධායක අධ්‍යක්ෂවරියක් ලෙසත් කටයුතු කරලා තියෙනවා. පියයුරු ආශ්‍රිත ශල්‍යකර්මයක් වෙනුවෙන් තමයි ඈව මේ රෝහලට ඇතුළත් කරලා තියෙන්නේ. ශල්‍යගාර ‘බී’ වෙත ඈව ඇතුළත් කරලා එහිදී ඇගේ ශල්‍යකර්මය සිදුකිරීමෙන් අනතුරුවයි ඈ මියගොස් තිබෙන්නේ.

නමුත් මරණයට හේතුව ලෙස සඳහන් වෙලා තියෙන බවට අප හොයාගත් කරුණු දැනගන්න ලැබුණේ ඔක්සිජන් අඩුවීම කියන රෝගී තතත්වය නිසා ඈ මියගිය බව. මේක අනපේක්ෂිත වූ අසාමාන්‍ය සිදුවීමක් බව කිසිම තැනක සඳහන් වෙලා නෑ කියන එක සමහර මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඇගේ මෘත ශරීරය බොරැල්ලේ රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇති බව තමයි දැනගන්න ලැබෙන්නේ. 31 වැනිදා ඇගේ අවසන් කටයුතු සිද්ධ වුණා.

මේ අතරතුරේ සෞඛ්‍ය ඇමැතිවරයා කියනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අතපසුවීම් ගැන වාර්ෂිකව පැමණිලි 600ක් විතර ලැබෙනවා කියලා. එතකොට මේ සියල්ලත් එක්ක අපිට අලුත් අවුරුද්දේ දකින්න ලැබුණා ජාතික රෝහලට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ගිහිල්ලා එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ලොකු ලොක්කන් හමුවූ බව. ඒ ලොකු ලොක්කන් අතර සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ ඇතුළු පිරිසක් සහභාගි වෙලා හිටියා.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ ඒ අවස්ථාවට සහභාගි වෙලා තිබුණා. ඉතින් මෙහෙම කට්ටිය එකතු වෙලා සාමාචීයෙන් පස්සේ අලුත් අවුරුද්දට ගෙදර ගියා කියලා ප්‍රශ්නෙ විසඳෙන්නේ නෑ. එක්කෝ මේ අය ඔක්කොම එකතු වෙලා ඔක්සිජන් දිය යුතුව තියෙද්දී කාබන්ඩයොක්සයිඩ් දීලා මියගිය කාන්තාවට පණ දෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙවැනි වැරැදි යළි සිදු නොවන ආකාරයට, එම වැරැද්ද සිදුකළ කෙනාට විරුද්ධව 100%ක් පියවර ගන්න ඕනේ.

මෘත ශරීරයක් බවට පත්වෙනවාට බයේ, අකැමැත්තෙන් යම් හේතුවක් නිසා රෝහල්ගත වෙන මනුස්සයෙක්ව මෘත ශරීරයක් කරලා ගෙදර යවන එක නෙවෙයි රෝහලේ කාර්යභාරය වෙන්නේ. හුස්ම ගන්න අපහසු ලෙඩෙකුට හුස්ම ගන්න බැරි වෙන කාබන්ඩයොක්සයිඩ් දෙන එක නෙවෙයි රෝහලෙන් කරන්න ඕනේ. ඒවා පොඩි වැරැදි, අතපසුවීම් විදියට නම් කරනවා නම් මේ රෝහල් ක්ෂේත්‍රය තවදුරටත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් යැපුම් ලබලා වැඩක් නෑ.

මේ රෝහලේ සේවකයන්ට තවදුරටත් රජයේ මිනිස්සුන්ගේ බදු මුදලින් පඩි ගෙවලා වැඩක් නෑ. අනිත් එක මතක තියාගන්න මේ හරියට බදු අයකරන කාලයක් තමයි පටන් අරගෙන තියෙන්නේ. වැට් එක 18% දක්වා වැඩිවෙලා. හැම පාරිභෝගික ද්‍රව්‍යයකටම බදු ගහලා, උපයන විට බද්දකුත් අයකරන්න පටන් අරගෙන. එතකොට දැන් තුන් හතර පැත්තකින් බදු අයකරන තැනකට රට පත්වෙලා තියෙද්දී මේ විදියට රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන මූලික දේවල් ටිකවත් දෙන්න රජය අපොහොසත් වෙලා තියෙනවා.

රෝහල්වල බලධාරීන්ට අපි චෝදනවා කරනවා හැමදාම. හෙද කාර්ය මණ්ඩලයට, වෛද්‍යවරුන්ට. ඒක දැන් අපිට පුරුද්දට ගිහිල්ලා. හැබැයි අපි දන්නවා මේ මිනිස්සු කොච්චර මහන්සි වෙනවද කියන එකත්. ඇතැම් වෙලාවට කරදරයක් වුණාම කලබලයක් වුණාම රටේ ව්‍යසනයක් වුණාම අපේ වෛද්‍යවරු ගෙදරට ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම බේත් කරනවා අපි දැකලා තියෙනවා. ඇත්තටම කොහේ හරි තැනක ආපදාවක් වුණාම රෝහල් කාර්ය මණ්ඩලය එන්නේ ඉන්න තැනක ඉඳලා.

සමහර රෝහල්වල වාහන නවත්තන්න ඉඩ මදි. ඒකට හේතුව සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ඉන්න නිලධාරීන් තමන්ගේ රාජකාරියක් නොවුණත් ඉන්න තැන ඉඳන් දුවගෙන එනවා. ඒක ඔය බස් පෙරළනකොට, සුනාමි ව්‍යසන කාලේ, පාස්කු ප්‍රහාර කාලේ, තවදුරටත් සිදුවෙන ආපදා අවස්ථාවලදී අපි දැකලා තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අපි ඉතා ගරු කරනවා. අපි ඉතා ආදරේ කරනවා. ඒගොල්ලේ දෙවිවරු වගේ. එහෙම නෑ කියන්නේ නෑ.

හැබැයි මෙහෙම අතපසු කිරීම් කරන්න ඒ අයට අයිතියක් නෑ. එහෙම අතපසු වීම් වෙන්න ගියාම සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ඇති වැඩක් නෑ. ඊළඟ වැදගත්ම කාරණය වෙන්නේ අතපසු වීම් කරන්න කරන්න ‘නෑ ඔන්න ඔහේ කමක් නෑ’ කියන තැනට රටේ යම් ක්ෂේත්‍රයක් පත්වෙනවා නම් ඒ ක්ෂේත්‍රයේ අයම හිතනවා ‘ඇයි අපි අතපසු වීම් නොකරන්නේ’ කියලා.

මනුස්සයෙක් මියයන තරමට සිද්ධ කරන දෙයක් පොඩි වැරැද්දක්, අතපසු වීමක්, නොදන්නාකමට කරපු දෙයක් වගේ සිල්ලර විදියට ගන්නවා නම් තවදුරටත් මේ රටේ ජීවත් වෙන්න බෑ. ඒ නිසා රමේෂ් පතිරණ ඇමැතිතුමා, ඔබතුමාට තියෙන්නේ බලලා එන්න, කතා කරලා එන්න නෙවෙයි. පළමු සතිය ඇතුළේ අදාළ පුද්ගලයෝ අත්අඩංගුවට අරගෙන, ඔවුන් මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් බවට හඳුනාගෙන, ඇතැම් විට එය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ලෙස හෝ හඳුනාගෙන ඔවුන්ට නිසි දඬුවම් ලබාදිය යුතුයි. එහෙම නැතුව එහෙන් ගහලා, මෙහෙන් ගහලා, පැනලා යන්න නම් ඉඩ තියන්න එපා. මොකද අපි හොඳටම දන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරැදි සිද්ධ වුණාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනා එකතු වෙලා ඔවුන්ව ආරක්ෂා කරනවා. මේක පළමු අවස්ථාව නෙවෙයි. කීප අවස්ථාවකදීම මේ කාරණාව වෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් සෞඛ්‍ය බලධාරීන්ට රෝහල් කාර්ය මණ්ඩලවලට දඬුවම් කරන එක ලේසි නෑ. හැබැයි අපි දන්නවා ඔවුන්ට හෘදය සාක්ෂියෙන් ලැබෙන දඬුවම්වලින් බේරෙන්න බෑ කියන එක. ඒ රෝගියා අවසාන මොහොතේ වින්ද වේදනාව ඔබට පේන බව අපි දන්නවා. ඒ නිසා අධිකරණයෙන් නඩු දාන්න බැරි වුණත් මේ වගේ වැරැදිවලින් නම් බේරෙන්න බෑ. ඒ වුණාට රටක නීතියක් තියෙනවා නම් සවිමත්ව යම් තරමකට හෝ මෙවැනි කරුණුවලදී ඒ මිනිස්සුන්ව ආරක්ෂා වෙන්න ඒ මිනිස්සුන්ව බේරගන්න සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න යන්තම් හරි අපිට හිතන්න පුළුවන් අපිට තව කාලයක් අල්ලගෙන ඉන්න පුළුවන් කියලා.

හැබැයි රටේ නීතිය තියෙන්නේ වැරැදිකාරයෝ බේරගන්න නම් වැරැදිකාරයන්ව රකින්න නම් එහෙම නීතියක් රටකට වැඩක් නෑ. ඒක නිසා මේ ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීම කියන චෝදනාව ඓතිහාසිකයි. ඉතාම භයානකයි. වහාම පියවර ගත යුතුයි. අපි ඉන්නේ උනන්දුවෙන්. ඇස් අරගෙන බලාගෙන. අපි හොයනවා හෙට ඉඳලා මේ වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් කළේ මොනවද කියලා. අපි ඉදිරි දවසකදී මේ කාරණාවේදී සෞඛ්‍ය බලධාරීන් ඇඳුම් ඇඳගෙන පාරේ බැහැලා යන්න පුළුවන් විදියට පාරේ බැහැලා යන්න පුළුවන් විදියට හැසිරුණාද, රෙදි ඇඳගෙන යන්න බැරි විදියට ලැජ්ජා නැති විදියට හැසිරුණාද කියන එක ඔබට කියන්නම්. මොකද මේ මියයන්නේ අපි වගේ මිනිස්සු නිසා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

උසාවියටත් වැඩේ දීලා මිනිසුන්වත් ගණන් නොගෙන ඒකා අධිපතියෙක් වෙන්න ගිය නෙතන්යාහු කෙළවගත්ත හැටි I Sri Lanka Latest News

Next Post

මීළඟ ජනාධිපතිවරණයට රනිල් අනිවාර්යයෙන් එනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.