‘‘විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා රාජපක්ෂවරුන්ට සහ වික්‍රමසිංහලාට විශාල අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිරූපයට හානි කරන දේවල් මේ දිනවල සමාජ මාධ්‍ය මගින් දිගින් දිගටම සිදුකරනවා. සියලු දෙනාගේ පොදු හතුරා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා පත්වෙලා තිබෙනවා. ජාතික ජනබලයේගයේ , රාජපක්ෂ වික්‍රමසිංහ කණ්ඩායමේ පොදු සතුරා සජිත් ප්‍රේමදාස මහත්තයා. වෙන කවුරුත් නෑ. ඒ නිසා මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිරූපයට ඔවුන් විශාල හානියක් සිදුකරනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සුදුසුකම් ගැන කතා කරන්නේ දේශපාලනිකව බංකොලොත් වුණ පිරිසක්. එල්ල කරන මඩ ප්‍රහාරවලින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා සැලෙන්නෙත් නෑ. සමගි ජනබලවේගය සැලෙන්නෙත් නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා සමඟ දක්ෂ ශක්තිමත් කණ්ඩායමක් සිටිනවා. එවැනි කණ්ඩායමක් අනිත් පක්ෂවලට නෑ.‘‘Sri Lanka Latest News
අද (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.









