• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසාවියටත් වැඩේ දීලා මිනිසුන්වත් ගණන් නොගෙන ඒකා අධිපතියෙක් වෙන්න ගිය නෙතන්යාහු කෙළවගත්ත හැටි I Sri Lanka Latest News

January 11, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාට කාටත් හොඳ පාඩමක්…

‘ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට අධිකරණ බලය සීමා කරන, මතභේදයට තුඩුදී ඇති, මෑතකදී එරට රජය විසින් සම්මත කරගත් නීති සංශෝධන පනත ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් ලබාදී ඇත. ඊශ්‍රායලයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ උපදේශනය සහ අධීක්ෂණය මත එරට පාලක දක්ෂිණාංශික ආණ්ඩුව විසින් මෙම නව නීති පනත පසුගිය 2023 ජූලි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලදී.(Sri Lanka Latest News)

යට කී මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණ පනත ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී ඡන්ද 64ක බහුතරයක් ලබාගනිමින් සම්මත කෙරුණු අතර, එහිදී එරට විපක්ෂය ඡන්දය වර්ජනය කර සිටියේය. එකල මෙවැනි පනතක් රජය විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කරන විටදී රට තුළ මාස 06ක පමණ කාලයක් ජනතාව ඉතා දැඩි උද්ඝෝෂණ පවා පැවැත්වූහ. එහිදී පුද්ගල ඝාතනයන් රැසක්ද වාර්තා වී තිබුණු අතර, මෙම උද්ඝෝෂණ සඳහා ජනතාව ලක්ෂ ගණනින් සහභාගි වූහ. එහෙත් එම විරෝධතා කිසිවක් මායිම් නොකර රජය පනත සම්මත කළේය.’

කුමක්ද මෙම කතාන්දරය? මෙම වගතුග මෙයට දින කිහිපයකට පෙරදී වාර්තා කර තිබුණේ විදේශ මාධ්‍ය රැසක් විසිනි. එනම් ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද මෙම තීන්දුව ඓතිහාසික එකක් බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. ලොව සිටින ප්‍රකට නීති විශ්ලේෂකයන් සහ දේශපාලන විචාරකයන්ද ප්‍රකාශ කර ඇත්තේ එම අධිකරණ තීන්දුව වාර්තාගත එකක් බවය. එනම් ඊශ්‍රායලයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු තම දරදඬු ප්‍රතිපත්ති අනුගමනය කරමින් ඉහත අධිකරණ නීති සංශෝධන පනත සම්මත කරගත්තේය.

මෙම නීති ප්‍රතිසංස්කරණ පනත අගමැති නෙතන්යාහු සහ ඔහුගේ ආගමික සහ ජාතිකවාදී දේශපාලනික හවුල්කරුවන්ගේ සන්ධානයක් විසින් යෝජනා කරන ලද පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණ කොටසක් ලෙස කරුණු ප්‍රකාශ වෙයි. එසේම එම පනත හරහා අගමැති බෙන්ජමින් නෙතන්යාහු හට තම රාජ්‍ය පාලනය හිතුවක්කාර අයුරින් සිදුකිරීමට හැකි වන පරිසරයක්ද නිර්මාණය කෙරෙනු ඇත. තවද මෙලෙස සම්මත කරගත් නව පනත හරහා ආණ්ඩුවේ අගමැතිගේ සහ ඇමැතිවරුන්ගේද විවිධ තීන්දු තීරණ අවලංගු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සතුව තිබුණු බොහෝ බලතල ඉවත් කිරීමක්ද සිදුව ඇත. මෙම තත්ත්වය ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලු කිරීමකටද පත්ව තිබෙයි.

මෙවැනි වටපිටාවකදී පසුගිය වසරේදී පැවැති ජනතා උද්ඝෝාෂණවලදී ජනතාව එක හඬින් කියා සිටියේ එම නව පනත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත් අගමැති බෙන්ජමින් නෙතන්යාහු වහා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත්ය. එහෙත් එම කිසිවක් සිදු නොවූ අතර, නව පනත පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි. එය තවත් පහසු වූයේ පාර්ලිමේන්තුවේ බහුතරය රජය සතුවීම හේතුවෙනි.

පසුගිය කාලයේ පැවැති එම විරෝධතා සඳහා පොදු මහජනතාවට අමතරව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ දේශපාලන ප්‍රතිවාදීන්, ඊශ්‍රායල හමුදාවල හිටපු බුද්ධි අංශ සහ ආරක්ෂක නිලධාරීන්, විද්වතුන්, හිටපු අගවිනිසුරුවරුන්, ප්‍රමුඛ පෙළේ නීති විශාරදයන් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයන්ද තම සහාය දැක්වූයේය. මේ හෙයින් එම අවස්ථාවේදී නව පනත සම්මත කරගත්තද එම ප්‍රශ්නය අළු යට ගිනි මෙන් සැඟව තිබුණේය. ඒ අනුව මාස 05ක් යන්නට මත්තෙන් එය පුපුරා ගිය අතර, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත තීරණය ලබාදුන්නේ ඒ අනුවය.

මෙම නව පනත හරහා ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය සහ අනෙකුත් පහළ උසාවි සඳහාද රජයේ බලපෑම් එල්ල කරනු ලබන වාතාවරණයක් උද්ගත කළේය. එම තත්ත්වය යටතේ ඉදිරියේදී අගමැති බෙන්ජමින් නෙතන්යාහුට තම පාලන බලය අසීමිත ආකාරයකින් හසුරුවා ගැනීමේ වාතාවරණයක් බිහිව තිබිණි. දැනට ඉතා ඛේදනීය ආකාරයෙන් සිදුකෙරී ගෙන යන ඊශ්‍රායල – පලස්තීන යුද්ධයද මෙවැනි තත්ත්වයක් යටතේ බොහෝ කතාබහට ලක්ව ඇත. එහිදී දැනට ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කරනු ලබන ප්‍රහාරයන් ඉතා ම්ලේච්ඡ මට්ටමක පවතින අතර, මෙම යුදමය තීන්දු තීරණ බොහොමයක්ම ගනු ලබන්නේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ තනී ඒකමතික තීරණයට බව පැවැසෙයි.

එවැනි වටපිටාවකදී මෙලෙස පසුගියදා ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඉහත තීන්දුව ඉතා ඓතිහාසික, වාර්තාගත එකක් යැයි බොහෝ පාර්ශ්ව සඳහන් කර ඇත. මේ අනුව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නව අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවේ නැංවීම වහාම අත්හිටුවනු ඇත. මෙම පනත හේතුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් පහරක් එල්ල වුණු බවද විද්වත් පාර්ශ්ව සඳහන් කළේය.

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය විවේචනය කරන්නන් ප්‍රකාශ කරන්නේ නව අධිකරණ ප්‍රතිසංස්කරණ පනත හරහා අගමැතිවරයා ඉදිරියේදී ඒකාධිපති පාලනයක් කරා තල්ලු කරනු ලබන බවයි. එසේම රජය සිය බලතල අසීමිත අයුරින් භාවිත කිරීම නිසා අධිකරණ පද්ධතිය දුර්වල තත්ත්වයකට පත්කරනු ලබන බවත් නීති විශ්ලේෂකයන් කියා සිටියි. පසුගියදා ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගනු ලැබුවේ විනිසුරුවරුන් 15කින් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේය.

මෙහිදී එම විනිසුරුවරුන් 15 දෙනාගෙන් 12 දෙනෙකුම පනත අහෝසි කිරීමට තම තීන්දුව ලබාදුන්නේය. ඒ හෙයින් වැඩි බහුතරයක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගනු ලැබුවේය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලයේ මූලික ලක්ෂණවලට දැඩි හා පෙර නොවූ හානියක් සිදුකරන්නේ යැයි අවසන් අධිකරණ තීන්දුවෙන් ප්‍රකාශ කෙරී තිබිණි.

මේ අතර, ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව තවත් දැඩි දෝෂාරෝපණයක්ද එල්ලවී ඇත. එය නම් පසුගිය 2023 ඔක්තෝබර් 07 වැනිදා රාත්‍රියේ පලස්තීන හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාරය ගැන යම් රහසිගත තොරතුරු අගමැතිවරයා විසින් වේලාසසින් දැන සිටි බවත්, එහෙත් ඒ පිළිබඳ නිසි පියවරක් නොගත් බවත්ය. මෙම ප්‍රහාරයට වසරකට පෙරදී සිට සහ එම ප්‍රහාර දිනයට දින 03කට පෙරදීද යම් පාර්ශ්ව විසින් අගමැතිවරයාට තොරතුරු ලබාදුන්නේ යැයි කරුණු ප්‍රකාශ වී තිබිණි. එහෙත් එම තත්ත්වය දැන දැනත් අගමැතිවරයා තම බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වෙත නියෝගයක් ලබා නොදුන්නේ යැයි චෝදනා එල්ලවී තිබිණි. අවසානයේදී ප්‍රහාරය එල්ල වන තෙක්ම පියවරක් නොගෙන තිබිණි.

මෙලෙස පසුගියදා තමන්ට එරෙහිව නැගුණු චෝදනා අගමැතිවරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. එලෙස කිසිදු කාලයක මෙවැනි ප්‍රහාරයන් ගැන තමන්ට කිසිවකුත් තොරතුරු ලබා දුන්නේ නැතැයි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. මෙය තමන්ගේ විරුද්ධවාදීන් ගොතන ලද්දක් යැයි බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත. මෙම චෝදනාවලදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එවැනි ප්‍රහාරයක තොරතුරු තමන් වෙත ලැබුණේ ඔක්තෝබර් 07දා සවස 6.29ට පමණ බවය. එනම් ප්‍රහාරය ආරම්භ වන වෙලාව වන විටදීය. එම තොරතුරුත් සමග ඔහු වහාම එරට ටෙල් අවිව් අගනුවර පිහිටා ඇති හමුදා මූලස්ථානය වෙත ගොස් අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත්, ඉන් පසුව හමාස් සටන්කාමීන්ගේ මූලස්ථානය වන ගාසා තීරයට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත්ය.

මෙම ඊශ්‍රායල-පලස්තීන යුද්ධය මෙවර ආරම්භ කෙරී දනට දින 100ක කාලයක් ගතව ඇත. දැනට ඊශ්‍රායලයේ වැසියන් 1500ක් පමණ සහ ගාසා තීරයේ වැසියන් 20,000ක් පමණ ඝාතනය වී ඇත. කුඩා දරුවන්ද අතිවිශාල පිරිසක් ඊශ්‍රායල ප්‍රහාර නිසා මරණයට පත්ව ඇත. මෙම යුද්ධය මේ වන විට ඉතා ම්ලේච්ඡ ආකාරයෙන් මෙහෙයවන්නේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් යැයි ජාත්‍යන්තරය චෝදනා කර ඇත.

ඔහු සිදුකරන්නේ මිනිස් සංහාරයක් යැයි මෙම පාර්ශ්ව කියා සිටියි. මෙවැනි වටපිටාවකදී පසුගියදා ආරංචි වූයේ තවත් අපූරු පුවතකි. එනම් මෙලෙස සිදුකෙරෙන වාර්ගික සංහාරයට එරෙහිව දකුණු අප්‍රිකාව විසින් ලෝක අධිකරණයට සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයටද නඩු පවරා ඇත. ඉදිරි දින කිහිපයේදී මෙම නඩු විභාග කිරීමට නියමිතව ඇත. මෙය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එල්ල වූ මරු පහරකි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

රන් මාල කඩන ජෝඩුවකට ගමක්ම එකතු වෙලා සුපිරි සංග්‍රහයක් දීලා! VIDEO I Sri Lanka Latest News

Next Post

හුස්ම ගන්න ඔක්සිජන් වෙනුවට මැරෙන්න කාබන්ඩයොක්සයිඩ් දීපු කතාව ඇත්තක්ද? I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.