• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතේ සතේ නැතිව පටන් අරන් සැලූන්කාරයෝ එකපාරටම කෝටිපතියෝ වෙන්නේ කොහොමද?

November 24, 2021
in Exclusive, News
Reading Time: 2 mins read
A A
අතේ සතේ නැතිව පටන් අරන් සැලූන්කාරයෝ එකපාරටම කෝටිපතියෝ වෙන්නේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

දැන් ලංකාවෙ ව්‍යාපාරිකයන්ගෙ කතන්දර ඉස්සරට වඩා වෙනස්. ඥානම් මුදලාලිලා, සිද්ධාලේප වෙදමහත්තයලා සතේ දෙක සාක්කුවෙ දාගෙන කොළඹ ඇවිල්ලා දැවැන්තයො වෙච්ච කතන්දර අපි කියවලා තියෙනවා. හැබැයි දැන් ඊට වඩා වෙනස් විදියටයි අපට කතන්දර අහන්න ලැබෙන්නේ. ඉස්සර කතන්දර කියෙව්වට දැන් කියවන්නෙ නෑ. දැන් කතන්දර බලනවා සම්මුඛ සාකච්ඡා විදියට. ඒවා තියෙන්නේ යූටියුබ් එකේ. යූටියුබ් එකේ තියෙන මේ සමහර කයි කතන්දර අපි ආසාවෙන් අහගෙන ඉන්නවා. ඒ මොකද, මිනිහෙක් හැදෙන දිහා බලාගෙන ඒක ඔවුන්ට ආශීර්වාද කරන්න දැන් අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා. පහුගිය දවසක අපි එහෙම කතාවක් දැක්කා. ඒ තමයි ලංකාවෙ සැලුන් හිමියෙක් විදියට ජීවිතය ජයග්‍රහණය කරපු අහිංසක කොල්ලෙක්ගෙ කතාවක්. ඒ නම, ගම සහ ඒ වැඩි විස්තරය අපි නොලියා හිටියට ඔබ දන්නවා.
මේ ලිපිය ලියන මොහොත වෙනකොට ඔහු ජීවතුන් අතර නෑ. ජීවතුන් අතර නැති නිසා මේ කතාව ලියනව නෙවෙයි. මේ කතාව ඔබ දන්න නිසයි අපි මෙහෙ කියන්නේ. ඔහු කෝටිපතියෙක් බවට පත්වෙලා තමන්ගෙ පෙම්වතියට බෙන්ස් වර්ගයේ කෝටි ගණනක් වටිනා මෝටර් රථයක් තෑගි දීපු එක තමයි සමාජ මාධ්‍යවල එක කාලයක් නැගලම ගියේ. ඔහු එතැනට ආපු විදිය ඔහු සවිස්තරව සඳහන් කරලා තිබුණා. හැබැයි මේ ඔහුගේ ජීවිතයේ ජයග්‍රහණය ගැන කතා කරන වෙලාව නෙවෙයි. මේ ඔහුගෙ ජීවිතයේ පරාජයන් ගැන කතා කරන වෙලාව.

මේ තරුණ ව්‍යාපාරිකයා අවුරුදු 38දී ජීවිතයෙන් යන්න ගිහිල්ලා. ඔහු මියයන්නේ 35 හැවිරිදි තරුණයකු එල්ල කරන ලද මන්නා පහරකින්. ඒ, 24 හැවිරිදි අවිවාහක තරුණියක් බලහත්කාරයෙන් රැගෙන එන්නට තමන්ගෙ සහචරයන් සමග ගොස් සිටි අවස්ථාවේදී කියලයි අපට අහන්න ලැබෙන්නේ. මේ වෙනකොට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාව ඇලයාපත්තුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අවසන්. හැබැයි මේ කතාවෙ අපට නොතේරෙන හිස්තැනක් තියෙනවා. ඒ තමයි මේ සැලෝන් එකේ අයිතිකරු කොහොමද තම පෙම්වතියට කෝටි දෙකක තෑග්ගක් දෙන්න තරම් දියුණු වුණේ. ඒ දියුණුව ගැන හිතමින් ඉන්න අතරතුර තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මේ තරුණියව එක වතාවක් කොළඹට රැගෙන ඇවිල්ලා, නැවත ඇය ආපසු ගිහින් තියෙනවා. ඒ අතර ඇයට මුහුණ දෙන්න සිදුවුණු අභාග්‍යසම්පන්න සිදුවීම් ගැන තමන්ගෙ සහෝදරයට කිව්වට පස්සේ මේ විදියට ඔහු පැතුම් නමැත්තාට පහරදීලා තමන්ගෙ නැගණියව බේරාගත්තා කියලයි ඒ කතාවෙන් අපි දන්නා තරමට කියැවෙන්නේ. ඒ විදියට මේ කොළඹට රැගෙන එන්නෙත් පුංචි කාලෙ ඉඳන් දන්න, එක පවුලේ කෙනෙක් විදියට ජීවත් වෙච්ච තරුණියක්ව කියලයි අහන්න ලැබෙන්නේ. සහෝදරියක් වගේ හිටපු කෙනාව කොළඹට එක්කගෙන ඇවිල්ලා, සම්බාහන සේවයේ යොදවනවා නම් මේ සැලුන් කතන්දර ඇතුළේ තියෙන අපි නොදන්නා රහස ඒකද කියලා අපට හිතෙනවා.

මොකද ලංකාවෙ මේ විදියට දැවැන්ත මුදල් සම්භාරයක් උපයමින් අතිසුඛෝපභෝගී ජීවත ගතකරන එකම සැලෝන් හිමිකරු ඔහු නෙවෙයි. මීටත් වඩා සුඛෝපභෝගී ජීවත ගතකරන, හරියට රජවරු වගේ උපන් දින සාද පවත්වන, ඒ උපන්දින සාදයට එන අයට ලක්ෂ ගණන්වල ඇපල් වර්ගයේ ජංගම දුරකතන තෑගි දෙන සැලෝන් හිමිකරුවන් ගැන අපි අහල තියෙනවා. මේ සැලෝන් හිමිකරුවන් ගතකරන ලක්ෂරි ජීවිත පිටිපස්සේ නිවාස, සම්බාහන මධ්‍යස්ථානද කියලා දැන් අපට හිතෙනවා. බොහෝ විට මේ සැලෝන් ආශ්‍රිතව සිදුවෙන එක වැඩක් තමයි සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම. ඒවා පවත්වාගෙන යන්නේ නියමින් නොවෙයි අනියමින්. අනියමින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානවලට පිරස්තර තරුණියන් රැගෙන ඇවිල්ලා ඔවුන්ව බලහත්කාරයෙන් ඒවායෙ සේවයෙ යොදවන එක. මේ විදියට මුදල් සම්භාරයක් උපයාගන්න සැලෝන් හිමිකරුවො බොහෝ දෙනෙක් මේ වැඩේ කරනවද කියලා අද මේ වෙද්දි සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි එතැනදිම ඔබට කියන්න අවශ්‍ය වැදගත් කාරණයක් තියෙනවා. ලංකාවෙ ඉන්න සියලු සැලෝන් හිමිකරුවො අපරාධකාරයොවත්, නරක මිනිසුන්වත්, සම්බාහන සහ ගණිකා නිවාස පවත්වාගෙන යන අයවත් නෙවෙයි. හොඳ අය කවුද, නරක අය කවුද කියන එක තෝරා බේරාගන්න එක ඔබේ වැඩක්. හැබැයි මේ ව්‍යාපාරය පිටිපස්සේ තියෙන කූට සහ අප්‍රසන්න හැඩය ගැන මේ වෙද්දි සමාජය ප්‍රශ්න කරන තැනට පත්වෙලා.

ලංකාවෙ මේ වෙනකොට නිල වශයෙන් පවත්වාගෙන යන, අන්තර්ජාලයෙ දැන්වීම පළකරන ලද සම්බාහන ආයතන ප්‍රමාණය ඉතා විශාලයි. ඒ වගේම අන්තර්ජාලයෙ දැන්වීම් පළ කරලා ගණිකා සේවයේ යෙදෙන තරුණියන් සංඛ්‍යාවත් විශාලයි. මේ තරුණියන් බොහෝ දෙනෙක් වට්ස් ඇප් සහ අන්තර්ජාල සේවා හරහා තමන්ගෙ නිරුවත අලෙවි කරන අය බවට පත්වෙලා තියෙනවා. මේ අලෙවි කරන බොහෝ දෙනෙක් සම්බාහන මධ්‍යස්ථානවල රැකියාවල නිරත වෙලා ඉඳලා ඒ රැකියා අහිමි වීම නිසා මේ තත්ත්වයට පත්ව ඇති බව අපි නිල නොවන මාර්ගවලින් දැනගෙන තියෙනවා. එහෙම නම් කොළඹ තියෙන නිල නොලත් සම්බාහන මධ්‍යස්ථාන වෙච්ච බොහෝ තැන්වල පිටිපස්සේ ඉන්න බලධාරියා කවුද? පිටිපස්සේ ඉන්න ඇති හැකි මනුස්සයා කවුද? මේ තරුණියන්ට සම්බාහන මධ්‍යස්ථානවල සේවයෙ යෙදෙන අයට ලැබෙන්නේ සොච්චම් වැටුපක්. ටිප් එකට අමතරව ලැබෙන වැටුප ඉතාම අඩුයි.

හැබැයි මේවායෙ එහෙට මෙහෙට විසිවෙන විශාල මුදල් සම්භාරය කාගෙ සාක්කුවටද වැටෙන්නේ? ඒ සල්ලිවලින්ද මේ කෝටි ගණන්වල ධන නිධාන එහෙන් මෙහෙන් මතුවෙන්නේ? ඒක නිසා අපට අන්තිමට හිතෙනවා සැලෝන් එකක් කියන්නේ කොණ්ඩෙ විතරක් කපන තැනක් නෙවෙයි. තව තව වැඩ කෙරෙන තැනක්ද කියලා. හැබැයි ලංකාවෙ ඉන්න දක්ෂ, ගුණයහපත්, හොඳින් තමන්ගෙ ව්‍යාපාරය කරගෙන යන කොල්ලො කෙල්ලො සිය දහස් ගානක් ඉන්නවා. සැලෝන් එකක් කරගෙන යන අහිංසක කොල්ලෙක්ට කෙල්ලෙක්ට මේ ලිපිය නිසා හිත රිදුණා නම් සමාවෙන්න. අපි කියන්නේ ඔබ ගැන නෙවෙයි. ඔබට වඩා වෙනස්, ඔබටත් අපහාසයක්, අගෞරවයක් වෙන සමහර කතන්දර දැන් අපේ රටෙන් අහන්න දකින්න ලැබෙනවා. මේ ගල්කඩවල කතාවත් එහෙම එකක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කින්නියා පාරුව ගැන ලන්සා අද පාර්ලිමේන්තුවේ කිව්වේ අලි බොරුවක් බව හෙළිවෙයි! එදා ලන්සා කියපු කතාවයි අද ලන්සා කියන කතාවයි අහලම බලන්න! (VIDEO)

Next Post

එක එක ඒවා ඉල්ලද්දී ටිකක් ප්‍රවේශමෙන් ඉල්ලන්න! අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා! ඒකටත් අපි ලෑස්තියි! ජනාධිපතිවරයාගෙන් තවත් තද කතාවක්! (VIDEO)

MORE NEWS

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.