• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක එක කාලෙට මතුවෙන එක එක සෙල්ලම් අන්තිමේදී හුඟක් ඒවා වෙලාලු ලෙල්ලම්…

December 20, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
එක එක කාලෙට මතුවෙන එක එක සෙල්ලම් අන්තිමේදී හුඟක් ඒවා වෙලාලු ලෙල්ලම්…
Share on WhatsAppShare on Facebook

ලංකාවෙ එක එක කාලෙට එක එක මැජික්කාරයෝ හැදෙනවා. ඒගොල්ලො ඇවිල්ලා මිනිස්සුන්ව රවට්ටලා, මිනිස්සුන්ට එක එක ආතල් දීලා, එක එක සෙල්ලම් දානවා. අපිත් හරක් වගේ පස්සෙන් යනවා. මේක පටන්ගත්තේ කවදාද, කොහොමද කියන එක ගැන එච්චර අවබෝධයක් නැති වුණාට, ඔබට මතකද දන්නේ නෑ එක කාලයක් සුදු බෝධියක් පස්සේ ගියා. තව කාලයක් දොළුකන්දේ ගියා. දොළුකන්දේ වැවම එක පාර පිරිත් කරලා, මිනිස්සුන්ට පිරිත් වතුර දුන්නු කතන්දරේකුත් අපි අහලා තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ එක එක සෙල්ලම් අස්සේ ධම්මික පැණියක් පස්සේ ගියා පිස්සු හැදිලා වගේ. මතකද දන්නෙ නෑ ඒ කාලෙ ධම්මික පැණි බොන්න මිනිස්සු පෝලිමේ හිටපු හැටි. මේ වගේ එක එක සෙල්ලම් ඇවිල්ලා අපි දේශපාලනික වශයෙන් ගොනාට ඇන්දවීම තමයි වැඩිපුරම තියෙන්නේ. ඇත්තටම අපිව රවට්ටන්න හරි ලේසියි. ඒ නිසා තමයි තැන් තැන්වල ඉන්න කපුවෝ අපට නිතරම ආතල් දෙන්නේ. ලංකාවෙ වැඩිපුරම සල්ලි තියෙන මිනිස්සුන්ගෙන් බොහෝ දෙනෙක් කපුවෝ. කපුවෝ පස්සේ කපෝති වෙනවා. ඒක ඇත්ත. ඒත් රත්තරන් පුරෝගෙන ඒගොල්ලො පුදුම සැපයක් ගන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන මෝඩකම හින්දා. ඒ මෝඩකම අස්සේ විද්‍යාවයි අවිද්‍යාවයි එහෙන් මෙහෙන් එහෙට මෙහෙට සෙල්ලම් කරන කාලයක මේ වගේ දෙයක් තමයි මුතුගල සර්ගෙ කතාවත්. මුතුගල සර් අපේ රටේ මිනිස්සුන්ව ගොනාට ඇන්දුවා කියලා නම් අපි කිසිසේත්ම කියන්නේ නෑ. හැබැයි අපේ රටේ මිනිස්සුන් අල්ලගන්න ලේසි නිසා, අපේ රටේ මිනිස්සුන්ගෙ භාෂාව හරියට තේරුම් ගත්තොත් කිසි ප්‍රශ්නයක් නෑ. අපට ඒ මිනිස්සුන් දහස් ගානක් වුණත් එක පාර අන්දවන්න පුළුවන්. මුතුගල සර්ගෙ කතන්දර ඇතුළේ බුද්ධාගම, අරවා මේවා හැම එකම පටලව ගත්තම තවත් ලේසියි. අපේ රටේ භික්ෂුන්වහන්සේලා වැඩිදෙනකුත් කරන්නේ ඒ වැඩේ. ඒගොල්ලෝ ප්‍රසිද්ධ බණ කියනවා. හෝල්සේල් බණ කියලා දහස් ගණන් මිනිස්සු තමන්ගේ ගාවට කැඳවාගෙන, පොඩි ගානකුත් අයකරලා, සරල සුගම සුන්දර සෙල්ලමක් දානවා. මේ වගේ සෙල්ලම් අපේ රටේ ඕනෙ තරම් සිද්ධ වෙනවා.

අපි කාලයක් තිස්සේ එක දිගටම විවිධ වීරයෝ හදාගන්නවා. ඒ වීරයෝ අපට අතේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු කරලා පැනලා යනකන්, නැත්නම් ඒ වීරයා බොරුකාරයෙක් කියලා ඔප්පු වෙනකන් අපි ඒ වීරයට ආදරේ කරනවා. ඒකට හේතුව තමයි දැන් අපේ වීරයෝ මැරිලා. අපට වීරයෝ නෑ. අපි රටක් විදියට වීරයෝ හොයාගෙන යන ජාතියක්. අපි අපිව පාලනය කරන දේශපාලකයෝ අපේ වීරයෝ කියලා හිතාගෙන හිටපු කාලයක් තිබුණා. ඒක අපට ආයෙත් ඡන්දයක් ළං වෙද්දී සමහර විට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒගොල්ලෝ වීරයෝ නෙවෙයි. ඒක අපට තේරෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ. මතකද දන්නේ නෑ පහුගිය කාලෙ එක්තරා වෙලාවක හදිසියේම මතුවෙච්ච වීරයෙක් හිටියා උතුරේ අරුන් සිද්ධාර්තන් කියලා. අපි කිව්වා ඔය ‘අරුං මුං කියන කතාවලට රැවැටෙන්න එපා’ කියලා. එහෙම කියද්දී ගොඩක් අය අපට ඇඟිල්ල දික්කළා. ඒත් ඇත්තම කතාව වුණේ අරුං මුං අස්සේ රැවැටිච්ච අපට අරුන් සිද්ධාර්තන් කියලා කියන්නේ නිකන්ම නිකන් පුස් වෙඩිල්ලක් කියලා තේරිච්ච එක. ඊට පස්සේ අපි දේශපාලකයෝ කරේ තියාගෙන ජනාධිපති කෙනෙක්ව හදාගත්තා. ඒ හදාගත්ත ජනාධිපතිලා වීරයෝ බවට පත්වුණාට, පස්සේ තේරුණා ඇත්තටම ඒගොල්ලෝ වීරයෝ නෙවෙයි කියලා.

දැන් මේ වෙලාවේ සඳකත් වීරයෙක් බවට පත්වෙලා ඉන්නවා. සඳකත් කියලා කියන්නේ දක්ෂ තරුණයෙක්. ඔහුගේ තාත්තා ජයන්ත චන්ද්‍රසිරි. ඒක නිසා සඳකත්ට මුලක්, මැදක්, අගක් තියෙනවා. සඳකත් හෙට මොනවා කරයිද කියලා අපි දන්නේ නෑ. සඳකත් මේ කියන දේවල් ඇතුළේ තියෙන වටිනා හරයක් තියෙන දේවල් ටික අපි ගන්න ඕනෙ. හැබැයි ඒ ගන්නේ මුතුගල සර් නරකයි කියන චේතනාවෙන්වත්, බුද්ධාගමට වඩා ඩාවින් හොඳයි කියන චේතනාවෙන්වත් නෙවෙයි. ඒක තර්කානුකූලව විසඳාගන්න එක ඔබේ වැඩක්. ඒත් සඳකත්ව වීරයෙක් කරගන්න එපා. සඳකත් වීරයෙක් කරලා, සඳකත්ව කරේ තියාගත්තම මුලින්ම ඒ වීරත්වය දරාගන්න බැරුව යන්නේ සඳකත්ට. සඳකත් ඔබෙන් ඉල්ලන්නේ නෑ ඔහුව වීරයෙක් කරගන්න කියලා. ඔබ සඳකත්ගේ අනුගාමිකයෙක් වෙන්න අවශ්‍ය නෑ. හැබැයි ඔබට සඳහකත් කියන එක ඇතුළේ යම් සත්‍යයක් දැනෙනවා නම් ඔබ ඒ සත්‍යය සතුටින් භාරගන්න. ආදරෙන් වැලඳගන්න. ඒකෙ ප්‍රශ්නයක් නෑ. හැබැයි සඳකත්ව කරතියාගෙන ගිහිල්ලා කොහෙවත් අතහරින්න හදන්න එපා. ඉන් පස්සේ සඳකත්ටත් රිදෙනවා. ඔබටත් රිදෙනවා. ඔබට අවශ්‍ය වෙන්නේ මේ මොහොතේ වීරයෙක්ව නම්, ඒ වීරයා සඳකත් නම් ප්‍රශ්නයක් නෑ, ඔබ ඔහුව හදවතේ තියාගන්න. ඒත් අවාසනාවකට අපේ රටේ මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන්නේ ලංකාවෙ ඇතිවෙච්ච මේ විද්‍යා ප්‍රබෝධය ඇරිස්ටෝටල්ට, සොක්‍රටීස්ට වඩා උතුම් යැයි සලකන්න පුරුදු වෙන්න. අපි කියන්නේ නෑ ඇරිස්ටෝටල්ලා, සොක්‍රටීස්ලා උතුම් කියලා. හැබැයි ඇරිස්ටෝටල්ලා, සොක්‍රටීස්ලා අපේ රටේ හදන්න බලාපොරොත්තු වෙන්න එපා. අපේ රටේ මේ පොළොවේ වැවෙන දේවල් ටික වැවුණාවේ. අපි මේකෙ ඇපල් හදන්න ගියාට පස්සේ තමයි අපට කෙළවෙන්නේ. මොකද මේ පොළොවේ ඇපල් හිටවනවට වඩා අපට හිටවන්න දේවල් තියෙනවා. ලේසියෙන් පැළවෙන, ලේසියෙන් හැදෙන කොස් පොළොස් ටික මාර්කට් කරගන්නේ නැතුව, අපි ඇපල් හිටවලා ඒවා ජනාධිපතිතුමාට දීලා, ඒ සම්බන්ධ වීඩියෝ දානකොට අපට දැනෙන්නේ මේක ගොං පාට් එකක් කියලා. ඒක නිසා වීරයෝ හදාගත්තට කමක් නෑ, වීරයෝ කරේ තියාගෙන යන්න එපා. වීරයන්ට ඉන්න දෙන්න. මොකද හේතුව, එහෙම නොවුණාම හැමදාමත් අපේ වීරයෝ මැරිලා කියලයි අපට කියන්න සිද්ධ වෙන්නේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

උන් කියපු මහ බැංකු හොරුයි මුන් කියපු රට කාපු හොරුයි දෙගොල්ලාම එකතු වෙලා සන්ධානයක් හැදුවොත් රටට මොනවා වෙයිද?

Next Post

පිළිකාවට විස්මිත ප්‍රතිකාරයක් එංගලන්තයෙන් සොයාගනී…

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.