• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිළිකාවට විස්මිත ප්‍රතිකාරයක් එංගලන්තයෙන් සොයාගනී…

December 21, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
පිළිකාවට විස්මිත ප්‍රතිකාරයක් එංගලන්තයෙන් සොයාගනී…
Share on WhatsAppShare on Facebook

ලොව අතිශය ඉපැරැණි මනුෂ්‍ය ශිෂ්ටාචාරයක් ලෙස සැලකෙන්නේ, වසර 3,000ක් පැරැණි ඊජිප්තුවේ (මිසරයේ) ශිෂ්ටාචාරයයි. ඊජිප්තුවේදී අදටත් දැකිය හැකි මහා යෝධ පිරමීඩ සහ අනෙකුත් පුරාවස්තූන් මගින් ඒ බව මනාව පැහැදිලි කරයි. මෙම පිරමීඩයන් ඇතුළත තිබී පුරාවිද්‍යාඥයන් සොයාගන්න ලද මනුෂ්‍ය ‘මමී’ (ගල් වූ මියගිය සිරුරු) දකින විට සැබැවින්ම ඇතිවන්නේ විස්මය දනවන හැඟීම්ය. වසර දහස් ගණනක් ඉපැරැණි වූ එම මිනිස් ශරීර ඡේදනය (කැපීම) කරමින් වෛද්‍ය පර්යේෂකයන්ද පසුකාලීනව පර්යේෂණ පවත්වන්නට විය. එහිදී දැකගන්නට ලැබුණු දසුනක් නම් සමහර මමීවල තිබුණු සෛල කොටස් විනාශ වී තිබීමේ ලක්ෂණයන්ය. නූතන ලෝකයේ වෛද්‍ය පර්යේෂකයන් මේ තත්ත්වයන් අවබෝධයට ගෙන නිගමනයකට පැමිණියේය. එනම් මෙලෙස මමී තුළ ඇත්තේ ලොව දරුණුතම රෝගයක් ලෙස සැලකෙන පිළිකා රෝගයට අදාළ වන ලක්ෂණයන් බවය. තවත් අයුරකින් ප්‍රකාශ කළ හැක්කේ එකල පිළිකා රෝගය හේතුවෙන් මියගිය මිනිසුන් බවය. මේ අනුව අපට පෙනීයන්නේ කුමක්ද? වසර 3,500ක ඈත ඉතිහාසයකටත් පෙර සිට ලොව පිළිකා රෝගය ව්‍යාප්තව තිබුණු බව නොවේද? එහෙත් මෙහිදී යම් සුවිශේෂත්වයක් වන්නේ එම ඉපැරැණි මමී රාශියක් අතරින් මෙම රෝග ලක්ෂණ සොයාගන්නට හැකිවී තිබෙන්නේ මමී කිහිපයකින් පමණක් වීමය. එහිදී නිගමනය කළ අනෙක් කරුණ නම් එම පැරැණි සමයේදී පිළිකා රෝගය වැලඳී ඇත්තේ ඉතා අල්ප පිරිසකට පමණක් බවය.

කෙසේ හෝ එකල ඊජිප්තු ශිෂ්ටාචාරයේ මමී දහස් ගණනක් පරීක්ෂා කර ඇති අතර පිළිකා රෝගය සම්බන්ධ සාක්ෂි අනාවරණ වී ඇත්තේ මමී ඉතා අතලොස්සකින් පමණි. එයින් පෙනෙන පැහැදිලි කරුණ නම් මෙම භයානක රෝගය පැරැණි මුතුන්මිත්තන්ට බහුලව නොවැලඳුණු බවයි. එහෙත් අද ලෝකයේ තත්ත්වය කුමක්ද? අද දවසේ මෙම භයානක පිළිකා රෝගය ව්‍යාප්තව පවතින රටක් රාජ්‍යයක් නොමැති තරම්ය. අද ලොව ඕනෑම ජන වර්ගයකට මෙම රෝගය වැලඳෙන ආකාරය දක්නට හැකිය. එසේම එයට වයස තරාතිරමක්ද නැත. ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පිළිකා රෝගය දැනටමත් බොහෝ දෙනකුට මරණයේ දොරටු විවර කර හමාරය. වාර්ෂිකව මිලියන 10කට අධික නව රෝගීන් පිරිසක් ඇතිවන අතර, ඉන් මිලියන 07ක පමණ රෝගීන් බහුතරයක් මරණයට පත්වෙති. මෙවැනි තත්ත්වයක් යටතේ පිළිකාවෙන් ගැලවෙන්නට ක්‍රමයක් නැත්තේ ඒ සඳහා කිසිදු ඖෂධයක් හෝ වෙනත් වෛද්‍ය ප්‍රතිකාරයක් නොමැති හෙයිනි. මෙවැනි තත්ත්වයක් යටතේ පිළිකා රෝගය මූලිකව හඳුනාගත යුතු අතර නිසි අයුරින් ප්‍රතිකර්ම සිදුකළ යුතුය. එහෙත් එහිදී ප්‍රධාන ප්‍රශ්නය ලෙස පැනනඟින්නේ කිසිදු සාර්ථක ඖෂධයක් නොමැති වීමය.

අද ඔබට මෙම ශෝචනීය වටපිටාව ගැන මෙලෙස ලියා තැබුවෙ ඇයි? එයට හේතු වූයේ එක්තරා සුවිශේෂ වගතුගකි. එනම් මෙයට දින කිහිපයකට පෙරදී අසන්නට ලැබුණු අලුත්ම කතාන්දරයකි. මෙම කතාන්දරය ඇසෙන්නේ මහා බි්‍රතාන්‍යය නොහොත් එංගලන්තයෙනි. දරුණු, මාරක පිළිකා රෝගය සඳහා ඉතා සාර්ථක වෛද්‍ය ප්‍රතිකාරයක් සොයාගැනීම එම වගතුගයි. පිළිකා රෝගය සඳහා දැනට නිසි ඖෂධයක් හෝ වෛද්‍ය ප්‍රතිකාරයක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂකයන් විශාල ප්‍රමාණයක් දශක ගණනාවක් පුරා පර්යේෂණ පැවැත්වූයේය. සමහර අවස්ථාවලදී ප්‍රකාශයට පත්වූයේ යම් මට්ටමකට සාර්ථක වන ඖෂධ ප්‍රතිකාර සොයාගත් බවයි. එහෙත් ඒ කිසිවකින්වත් නිසි ප්‍රතිඵල ලැබුණේ නැත. ඒ අනුව දිනෙන් දින පිළිකාව පමණක් ජයග්‍රහණය කළේය. මෙවැනි වටපිටාවක් යටතේ එංගලන්තය තුළද පසුගිය කාලය පුරා විවිධ වෛද්‍ය පර්යේෂණයන් සිදුකෙරිණි. ඒ අනුව දැනට වසරක පමණ කාලයකට පෙරදී වෛද්‍ය පර්යේෂකයන් කිහිප දෙනකු සිදුකළ පුළුල් වෛද්‍ය පර්යේෂණයක් විය. එනම් පිළිකා රෝගය නිට්ටාවටම සුවකිරීමට හැකි ඖෂධයක් හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් හෝ සොයාගැනීම එහි පරමාර්ථය විය. මෙය අතිශයින්ම සංකීර්ණ වූ පර්යේෂණයක් විය. එම වෛද්‍ය විශේෂඥයන් පසුගිය කාලය පුරා දිවා රාත්‍රී නොබලා එම පර්යේෂණ කටයුතු සිදුකළේය. දැන් එසේ නම් සිදුවී ඇත්තේ කුමක්ද? මෙයට දින කිහිපයකට ඉහතදී හෙළිකෙරුණු ප්‍රතිඵලය කුමක්ද? මෙම වගතුග අද ලොව මවිත කරවන සුවිශේෂ වගතුගක් වී හමාරය. ඒ ගැන සොයා බලමු.

මෙම වගතුග අසන්නට ලැබෙන්නේ දැනට කාලයක සිට බටහිර වෛද්‍ය විද්‍යාවේදී සිදුකරනු ලබන ‘ජාන චිකිත්සාව’ නොහොත් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනු ලබන Gene Therapy (ජීන් තෙරපි) නමැති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය හරහාය. එනම් ප්‍රධාන වශයෙන් මිනිස් ශරීරයෙහි ඇති DNA ජාන ආශ්‍රිත කරගනිමින් මෙම ප්‍රතිකාරයන් සිදුකරනු ලබයි. දැනටද විවිධ රෝගාබාධයන් කිහිපයක් සඳහා මෙම වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර කරනු ලබන අතර පිළිකා රෝගය සඳහාද මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිත කරන ලදී. එහෙත් එය පසුගිය කාලයක් පුරා නිසි සාර්ථකත්වයක් පෙන්නුම් නොකරන ලද අතර පිළිකා රෝගීන්ට නිසි සුවයක්ද නොලැබුණේය. එහෙත් දැනට වසරක පමණ සිට බි්‍රතාන්‍ය වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම ප්‍රතිකාර ක්‍රමය තුළ තවත් සංකීර්ණ පර්යේෂණයක් සිදුකරන්නට ගත්තේය. අද මෙම අතිශය සාර්ථක පර්යේණය සහ ප්‍රතිකාර ක්‍රමය ‘විප්ලවීය ජාන චිකිත්සාවක්’ ලෙස නූතන වෛද්‍ය විද්‍යාව විසින් හඳුන්වා දී ඇත. අද ලෝකය විස්මයට පත්කර ඇති මෙම වෛද්‍ය විප්ලවයේ වගතුග සොයා බලමු.

සාර්ථක වෛද්‍ය පර්යේෂණයේ කතාන්දරය ඇසෙන්නේ එංගලන්තයේ ලන්ඩන් අගනුවර පිහිටා තිබෙන ‘ග්‍රේට් ඔර්මන්ඩ් ස්ටී්‍රට් රෝහල’ (Great Ormond Street Hospital) නමැති ප්‍රධාන පෙළේ රෝහලක් තුළිනි. මෙය සම්පූර්ණයෙන්ම දරුවන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහලක් වන අතර එය ආරම්භ කර ඇත්තේ 1852 වසරේදීය. එනම් මෙම රෝහල දැනට වසර 170ක් පැරැණි බොහෝ අත්දැකීම් ඇති ළමා රෝහලක් වෙයි. අඳන් 400ක පමණ ප්‍රමාණයකින් සමන්විත මෙම රෝහල තූළ සියලු නවීන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අන්තර්ගතය. මෙම රෝහලෙහි අනෙක් විශේෂත්වය වන්නේ එංගලන්තයේ කීර්තිමත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන ලන්ඩන් විශ්වවිද්‍යාලයටද අනුබද්ධව තිබීමය. එනම් විවිධ පර්යේෂණ කටයුතු සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වී තිබීමය. මෙවැනි උසස් විද්වත් වටපිටාවක් හරහා වෛද්‍ය පර්යේෂණ කටයුතු සිදුකෙරෙයි. ඒ අනුව ඉහත සිදුකළ නව ජාන චිකිත්සා පර්යේෂණයද සාර්ථකව සිදුකරනු ලබයි. එසේම මෙම රෝහල දරුවන්ගේ ඉතා සංකීර්ණ හදවත් රෝග සඳහාද ප්‍රතිකාර කරනු ලබන ලෝකයේ ප්‍රධානතම පෙළේ රෝහලක් වන අතර සාර්ථක ළමා හදවත් බද්ධයන්ද සිදුකරනු ලැබූ වාර්තාගත රෝහලක්ද වෙයි.

ඉහත සිදුකරන ලද පිළිකා රෝගය සඳහා වන ජාන චිකිත්සා පර්යේෂණයේ ප්‍රධානියා වන්නේ එංගලන්තයේ සිටින කීර්තිමත් විද්වත් වෛද්‍ය මහාචාර්යවරයකු වන මහාචාර්ය වාසිම් ක්වාසිම් (Prof. Waseem Qasim) ය. ඔහු දැනට වසර 15ක සිට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන අතර ඉහත ග්‍රේට් ඔර්මන්ඩ් ළමා රෝහලේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥයකු ලෙසද කටයුතු කරයි. මහාචාර්ය වාසිම් ක්වාසිම් යනු ළමා ප්‍රතිශක්තිකරණ සහ ප්‍රතිදේහ විද්‍යාව (Pediatric Immunology) පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන අතර, සෛල හා ජාන චිකිත්සාව (Cell and Gene therapy) පිළිබඳ ප්‍රවීණ මහාචාර්යවරයකු වෙයි. එසේම ඔහු මෙම පර්යේෂණ ක්ෂේත්‍රයෙහි නියැළී සිටින්නේ ප්‍රධාන වශයෙන් ළමා පිළිකා රෝග ආශ්‍රිත ක්‍රියාකාරකම් තුළය. මෙම විද්වත් වෛද්‍ය විශේෂඥයා පසුගිය කාලය පුරා ‘ජාන සංස්කරණය සහ ජාන පදනම් වූ ප්‍රතිකාර ක්‍රම භාවිත කිරීම සහ පර්යේෂණ කිරීමේ’ (Genome editing and gene based therapies) කටයුතුවල නිරත විය. ඒ අනුව ඉහත නවතම පිළිකා රෝග පර්යේෂණයද සිදුකෙරෙන්නේය. මහචාර්ය වාසිම් ක්වාසිම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පර්යේෂණය සිදුකරනු ලැබූ අතර එයට තවත් වෛද්‍ය පර්යේෂඛයන් කිහිප දෙනෙක්ද සහභාගි වූහ. ඒ අනුව පසුගිය වසරකට ආසන්න කාලයක් යට කී පර්යේෂණය සිදුකෙරිණි.

පර්යේෂණය හරහා සොයාගනු ලැබූ මෙම නව ප්‍රතිකාරය භාවිත කරනු ලබන්නේ ලියුකේමියාව නොහොත් ලේ පිළිකාව ලෙසින් හඳුන්වනු ලබන රෝගී තත්ත්වය උදෙසාය. ලේ පිළිකාව ලෝකය පුරා පුද්ගලයන් ලක්ෂ ගණනාවකට වැලඳෙන බහුල පිළිකා රෝගයක් වන අතර ඉන් බහුතරයක් වන්නේ කුඩා දරුවන්ය. ඒ හෙයින් එම තත්ත්වය මත දරුවෝ අතිශය ශෝචනීය තත්ත්වයන්ට මුහුණ දෙති. මෙම ඇතැම් ලේ පිළිකාවන් සඳහා යම් අයුරකින් පාලනය කළ හැකි ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම තිබුණද එම රෝගය නිට්ටාවට සුවකළ නොහැකිය. කෙසේ හෝ මෙම දරුවන් අති බහුතරයක් කාලීනව මරණයට පත්වෙයි. දැනට වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන පරිදි ලියුකේමියා රෝග වර්ගයන්ද කිහිපයක් ඇති අතර එහිදී ප්‍රධාන වශයෙන් පෙන්වා දී ඇත්තේ කිසිදු ආකාරයකින් සුව කළ නොහැකි ටී-සෙල් ලියුකේමියා (T-Cell Leukemia) රෝගී තත්ත්වයයි. මෙම තත්ත්වයට පත්වන්නේ බහුතරයක් කුඩා දරුවන්ය. මෙම අතිශය මාරක රෝගී තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ සම්පූර්ණ නාමයක් ලෙස හඳුන්වා ඇත්තේ T-Cell acute lymphoblastic leukemia ලෙසිනි. කෙසේ හෝ දැනට කාලයක සිට මෙම රෝගී තත්ත්වය උදෙසා රෝගීන් වෙනුවෙන් විවිධ ඖෂධ, එන්නත් වර්ග, කිරණ ප්‍රතිකාර සහ ඇටමිදුලු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආදියද සිදුකරනු ලබයි. එහෙත් ඒ කිසිවකින්වත් නිසි සුවයක් ලැබී නොමැත. මෙම පිළිකා රෝගය වැලඳුණු විට සිදුවන්නේ එම රෝගියාගේ සුදු රුධිරාණු විනාශයට පත්වීමයි. මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට උපකාර වන්නේ සුදු රුධිරාණු වන අතර මෙම රෝගය හරහා එම පද්ධතිය අකර්මණ්‍ය වෙයි. සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ ශරීරයෙහි පිළිකාවක් ඇතිවන්නේ ඔවුන්ගේ සෛලවල ඇති DNA ජානවල විකෘති වීම හේතුවෙනි. මේ නිසා ශරීරය තුළ අසාමාන්‍ය සෛල වර්ධනය වෙයි. එවිට ශරීරය තුළ පිළිකාවක් වර්ධනය වන බව වෛද්‍ය පර්යේෂණ හරහා හඳුනාගත හැකිය.

ඔබට දැන් එම රෝගී තත්ත්වය කුමක්දැයි හොඳින් පැහැදිලි වනවා ඇත. දැන් එසේ නම් මෙම කතාවේ ඉහත සඳහන් කළ වෛද්‍ය මහාචාර්යවරයා සිදුකළ සාර්ථක පර්යේෂණය කුමක්ද? එනම් එයDNA ජාන චිකිත්සාව ආශ්‍රිතවය. ‘ජාන චිකිත්සාව’ වෛද්‍ය විද්‍යාවේ තිබුණු ප්‍රතිකාර ක්‍රමයක් වුවද මෙහිදී යට කී මහාචාර්යවරයා ප්‍රධාන පර්යේෂණ කණ්ඩායම සිදුකරනු ලබන්නේ DNA ජාන හරහා පිළිකා රෝගයකුගේ ශරීරය තුළ ඇති පිළිකා සෛල විනාශ කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමය. මෙම ක්‍රමවේදයේදී නිරෝගී පරිත්‍යාගශිලියකුගෙන් T සෛල ලබාගෙන ඒවා රෝගියාගේ ශරීරයට එකතු කර පිළිකා සෛල විනාශ කිරීමට කටයුතු කරනු ලබයි. මෙහිදී ප්‍රතිනිර්මාණය කරනු ලබන නව සුදු රුධිරාණු (T සෛල) මගින් ලියුකේමියා පිළිකා සෛලවලට පහරදී විනාශ කරනු ලබයි. මහාචාර්ය වාසිම් ක්වාසිම් ප්‍රධාන කණ්ඩායම පසුගිය වසරකට අධික කාලයක් පුරා මෙම පර්යේෂණ කටයුතු පර්යේෂණාගාරයන් තුළදී සිදුකරනු ලැබූ අතර ඉතා සාර්ථක ප්‍රතිඵල පෙනෙන්නට ගත්තේය. පෙර තිබූ ෘභ් ජාන ප්‍රතිකාර ක්‍රමය හරහා මුලින්ම ළමා පිළිකාර රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා තීරණය කරන ලදී. ඒ අනුව ඉත සඳහන් කළ ‘ග්‍රේට් ඔර්මන්ඩ්’ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ 13 හැවිරිදි ඇලීසා නමැති බි්‍රතාන්‍ය ජාතික දැරිය තෝරාගන්නා ලදී. 2021 වසරේ මැයි මාසයේදී ඇයට ඉතා දරුණු ලියුකේමියා රෝගී තත්ත්වයක් තිබෙන බව අනාවරණ කරගත් අතර මෙම 2022 මැයි මාසය දක්වා සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම ඇයට සිදුකරනු ලැබුවේය. එහෙත් ඒ කිසිවකින්වත් ඇය සුවපත් නොවූ අතර වෛද්‍ය පර්යේෂකයන් තීරණය කළේ මෙම 2022 ජුනි මාසයේ සිට ඉහත අලුතින් සොයාගනු ලැබූ ජාන චිකිත්සා ප්‍රතිකාර ක්‍රමය ඇයට සිදුකිරීමටය. ඒ අනුව පසුගිය මාස 05කට අධික කාලයක් ප්‍රතිකාරය සිදුකරන ලදී. සිදුවන්නට ගත්තේ මහත් විස්මයකි.

එම නව විප්ලවීය ජාන ප්‍රතිකාර ක්‍රමය හරහා ඇලීසා දැරියගේ රෝගී තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් යහපත් අතට හැරෙන ආකාරය වෛද්‍ය පර්යේෂකයන්ට දක්නට හැකි විය. එහෙත් ඔවුන් තීරණය කළේ එම ප්‍රතිඵල එක්වරම ලොවට හෙළි නොකිරීමටය. වෛද්‍ය මහාචාර්යවරයා ප්‍රකාශ කර සිටියේ එම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවපත් වූ විට එම වගතුග සමාජයට ප්‍රකාශ කරන බවය. කෙසේ හෝ කාලය ගෙවී යත්ම නිසි සන්ධිස්ථානයකට පැමිණ කූටප්‍රාප්තියටද පැමිණියේය. එනම් මෙයට දින කිහිපයකට පෙර ලොවම කණපිට හරවන පුවත ආරංචි වන්නට ගත්තේය. එම පුවතින් කියා සිටියේ ඇලීසා දැරියගේ මාරක ලියුකේමියා රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවවී ඇති බවය. එනම් පියවරෙන් පියවර ගත් වෛද්‍ය වාර්තා මගින් එය සනාථ වී තිබිණි. එම තත්ත්වය යටතේ මෙයට දින කිහිපයකට ඉහතදී ඉහත මහාචාර්යවරයා විසින් මෙම විස්මයජනක, සතුටුදායක පුවත ලොවට නිල වශයෙන් හෙළිකර සිටියේය. මෙම තත්ත්වය මුළුමහත් ලොවටම සහ විශේෂයෙන්ම පිළිකා රෝගීන් හට අතිශය සුවිශේෂ පුවතක් වනු ඇත. ඉහත ඇලීසා දැරිය දැන් ඇයගේ පිළිකා රෝගී තත්ත්වයෙන් සම්පූර්ණයෙන් සුවපත්වී ඉතා සතුටින් නිරෝගීව කල් ගෙවන බව පැවසෙයි.

මෙම විප්ලවීය ජාන චිකිත්සාව මගින් පිළිකා රෝග මර්දනය සඳහා විශාල විභවයක් ඇතිකරනු ලබන අතර ඒ මගින් රෝගියා තුළ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථා තත්ත්වයට පත්වෙයි. නිරෝගී මිනිස් ශරීරයේ ඇති ඇඩිනීන්, සයිටොසින්, ගුවානීන් සහ තයිමීන් නමැති ජාන කේතය (Genetic Code) නැවත ගොඩනැගීම මෙම නවතම ප්‍රතිකාරය මගින් සිදුකෙරයි. මෙය පියවර 05ක් හරහා සිදුකෙරෙන සංකීර්ණ ප්‍රතිකාර ක්‍රමයකි. මෙහිදී හෙළිවන තවත් අපූරු කතාවක් නම් ඇලීසා දැරිය කිරණ චිකිත්සාව මුලින් සිදුකරන විටදී ඇයගේ හිසකෙස් කපා ප්‍රදානය කිරීමය. එම පැරැණි ප්‍රතිකාරයේදී හිසකෙල් ගැලවී යයි. එහෙත් අද ඇය නිරෝගී දැරියක බවට පත්ව සිටින්නීය. මහත් විස්මයකි.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

එක එක කාලෙට මතුවෙන එක එක සෙල්ලම් අන්තිමේදී හුඟක් ඒවා වෙලාලු ලෙල්ලම්…

Next Post

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.