• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දානිගල කන්දට පිටසක්වළ ජීවීන් ඇත්තටම ආවද? I Sri Lanka Latest News

October 20, 2023
in Exclusive, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි ජීවත්වෙන සක්වළ පිළිබඳ විශ්වාසයක් තියාගෙන ඉන්න බොහෝදෙනකුට අවබෝධ වෙන්නේ ඒ රාමුවේ තොරතුරු විතරයි. නමුත් බුදුහාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙනවා වෙනත් සක්වළවල් තියෙනවා කියලා. මේක සාපේක්ෂව බැලුවොත් හිතාගන්න බැහැ.(Sri Lanka Latest News)

නමුත් බුද්ධියේ තරංග ඈතට විහිදුවලා කිසියම් ශක්තියක් උත්පාදනය කරලා බැලුවොත් ඒක මනසින් දකින්න පුළුවන්. මේ ස්ථානය ‘දානිගල’. ඇයි දානිගල කියන නම කියන්න කලින් ඔබට ඒ ගැන කෙටි විස්තරයක් කළේ. මේ ස්ථානය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ The Alien Mountain (ද ඒලියන් මවුන්ටන්) කියලා. ලංකාවේ පිටසක්වළ ජීවීන් එනවා යැයි කියා විශ්වාස කරන එකම තැන තමයි දානිගල. දානිගල දිඹුලාගල කියන දෙක හරියට අයියයි මල්ලියි වගේ. අපි අද යන්නේ දානිගල.

අතිශය දුෂ්කර ගමනක්. ඒ විතරක් නෙවෙයි ගුප්ත ශක්තියක් මෙතැන තියෙනවා. සමහර වෙලාවට සිදුවෙන දේවල් පිළිබඳවත් අපට හිතාගන්න බෑ. ඒ තරම් විශේෂ තැනක් තමයි දානිගල. කිලෝමීටරයකට ආසන්න දුරක් අපි කන්දට ආවා. මේ කන්ද ඉතා පැහැදිලිවම දළ බෑවුමක්. මහන්සිය කියන එක 1000%ක්ම දැනෙනවා. නමුත් හරිත උඩු වියනක් තියෙන නිසා සූර්යාගේ ආලෝකය පොළොවට පතිත වෙන්නේ අඩුවෙන්. ඒ නිසාම අපිව ඉර එළියට පිච්චෙන්නෙ නෑ. අපිත් එක්ක දැන් ඉන්නවා අසන්ත. අසන්ත කියන්නේ ගමේ තරුණයෙක්. අසන්තට මේ කන්දේ ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. අසන්තලා මේ කන්දට නිතර යන එන අය.

අසන්ත, මේ වගේ කටාරම් කොටපු ගල් ලෙන් කීයක් විතර හඳුනාගෙන තියෙනවද?

ගල් ලෙන් 50ක් 60ක් විතර නම්කරලා තියෙනවා. ඊට අමතරව තව ගල් ලෙන් ගොඩක් තියෙනවා. අපි හිතනවා ඒ ගල් ලෙන් පුරාවිද්‍යා අංශවලට හමුවෙලා නෑ කියලා. කටාරම් කොටපුවත් තියෙනවා, කොටපු නැති ඒවත් තියෙනවා. සාමාන්‍යයෙන් පුරාවිද්‍යාවට මුණගැහෙන ගල් ලෙන් ඒ අය ලකුණු කරනවා. නමුත් අපට හමුවෙච්ච ඒවා ලකුණු කරලා නෑ, 100කට එහා ගල් ලෙන් අපි වෙනම දැකලා තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා.

මේ භූමියෙන් හොයාගත්ත සිරි පතුල් ගල් කිහිපයක් පහළ පන්සලේ තියලා තියෙනවා. ඒ ඔක්කොම මේ කැලෙන් හොයාගත්ත ඒවද?

ඔව්. ඊට අමතරව පැරැණි වළං, මැටි හට්ටි වගේ ගොඩක් දේවල් කන්ද ඇතුළෙන් හොයාගෙන තියෙනවා. ඒවා තියෙන්නේ ගල් ගුහා ඇතුළේ. ලෙන්වල සඟවලා තියෙනවා කියලා තමයි අපට හිතෙන්නේ.

මැටි භාණ්ඩ භාවිත කරපු පිරිසක් මේ ගල් ලෙන් තුළ වාසය කරලා තියෙනවා. සිරිපතුල් ගල් පිහිටන්නේ ස්ථිරවම මේ ගල් ලෙන් ඇතුළේ අරිහතුන් වහන්සේලා වැඩවාසය කරන්න ඇති. මඟපල ලබපු හෝ නොලබපු ගිහි හෝ පැවිදි පිරිසක් ස්ථිරවම මේවායේ වාසය කරලා තියෙනවා. නැත්නම් මේ විදියට කටාරම් කොටපු ගල් ලෙන් අපට දකින්න ලැබෙන්නේ නෑ. මේ භූමිය පුරාම එවැනි ගල් ලෙන් රාශියක් තියෙනවා.

දැන් අපි මේ ඉන්න ස්ථානයේ තියෙනවා කිසියම් ඉදිකිරීමක්. හැබැයි ඒ ඉදිකිරීම මීට වසර සියයකට විතර පෙරදී කැඩිලා බිඳිලා ගිහින් තියෙන්නේ. අසන්ත මෙතැන සමහර විට කුටියක් තියෙන්න ඇති නේද?

අපි හිතනවා දෙපැත්තෙන් බිත්ති බැඳලා තියෙන්න ඇති කියලා. කාලයාගේ ඇවෑමෙන් මේක ටික ටික විනාශ වෙලා තියෙනවා. මෑත කාලයේ නිදන් හොරු ඇවිල්ලා ගොඩක් දේවල් කඩලා බිඳලා දාලා තියෙනවා. මේ වගේ ඒවා ගල් ලෙන් කිහිපයකම දකින්න ලැබෙනවා.

දැන් අපි කන්ද උඩට යන්න සූදානම් වෙන්නේ. තවත් කිලෝමීටර් දෙකකට ආසන්න දුරක් යා යුතුයි. දළ බෑවුමක ඉතා පැහැදිලිව දණහිස නිකටේ ඇනෙන තරමට බෑවුම දළයි. නමුත් ඉතින් මේ ගමන අතිශය වැදගත්.

බොහෝ විට කොළඹින් වගේම වෙනත් ප්‍රදේශවලින් දේශීය සංචාරකයෝ සහ විදේශීය සංචාරකයෝ දානිගල කන්ද බලන්න එනවා. හැබැයි සීමිත පිරිසක්. මේ තැන ගැන දන්න අය හොයාගෙන එනවා. වැහි කාලෙට ඔවුන් එන එක වළක්වනවා. ඒකට හේතුව තමයි වැස්ස කාලෙට කන්දට යන එක අනතුරුදායක නිසයි. වඩා වැදගත් වෙන්නේ ඒක නෙවෙයි. අපි දානිගල ගල උඩට නගින මේ මහ ගල් පර්වතය අසලට ආවා. පහළ ඉඳන් කිලෝමීටර් 2ක් දෙහකමාරක් විතර උඩට නැගගෙන අපි එනවා. අපි දැන් ඉන්නේ මහ ගල පාමුල.

මෙතැනින් එහාට යන්න තියෙන්නේ කොහෙටද අසන්ත?

අපි යන්න ඕනේ මහ ගල අයින දිගේ පහළට ගිහින්. ඊට පස්සේ උඩට නගින්න ඕනේ. ඒ විදියට තමයි ගල උඩට යන්න පුළුවන් වෙන්නේ.

මේ ගල පාමුල තියෙනවා මීටර් 200කට වඩා දිග ගල් ලෙනක්. මේ ගල් ලෙන ඇතුළේ තියෙනවා සැතපෙන පිළිම වහන්සේ නමක්. පිරිනිවන් මංචකයක්ද සැතපෙන පිළිමයක්ද කියලා අපට හරියටම හොයාගන්න බෑ. මේ සියල්ල කැඩිලා විනාශ වෙලා. මම මීට මාස හයකට කලින් මෙතැනට එනකොට මේ පිළිම වහන්සේගේ හිස සම්පූර්ණයෙන්ම කඩලා විනාශ කර ලා තිබුණේ. ඒ වගේම පිළිමයේ උදරය සහ පපු පෙදෙස සම්පූර්ණයෙන් කඩලා විනාශ කරලා.

හස්තයේ කොටසක් කඩලා විනාශ කරලා. පාද විනාශ කරලා. නමුත් අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය ප්‍රතිසංස්කරණය කරන්න පටන් අරගෙන. මේ ඉදිකිරීම් වසර සිය ගණනක් පැරැණි බව ස්ථිරයි. මේ ගල් බිත්ති පැරැණි මැටිවලින් හදපු ගල්වලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඔබ දන්නවද මේ පිළිම කීයක් ලංකාවේ තියෙනවද කියලා? ඔබ ගිහින් තියෙනවද පිදුරංගල? පිදුරංගල තියෙනවා මෙවැනිම පිළිමයක්.

ඒ පිළිමයත් මේ තරම්ම පැරැණි ඇති කියලා අපට හිතන්න පුළුවන්. ඒ වගේම දිඹුලාගල කොස්ගහඋල්පත මේ වගේ පිළිමයක් තියෙනවා. බැලූ බැල්මට පොළොන්නරුවෙත් මෙවැනිම පිළිමයක් තියෙනවා. මේ වගේ පිළිම කිහිපයක් ලංකාවේ තියෙනවා. සමහර විට එක කාලයක නිර්මාණය වූ පිළිම වෙන්න ඇති. නමුත් එන අයට වැඳපුදා ගන්න අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය ප්‍රතිනිර්මාණය කරමින් තියෙනවා.

මම කල්පනා කළේ අතීතයේ සොබාදහමත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු මේ පරිසරය කොච්චර විඳින්න ඇද්ද කියලා. ඒ මිනිස්සුන්ගේ මුළු ජීවිතේම සොබාදහමට කැපකරලා තියෙන්න ඇති. අපි දැන් ඉන්නේ ගල මුදුනේ. මේ ස්ථානයෙන් තමයි වැහි කාලෙට විශාල ජල කඳක් පහළට වැටෙන්නේ. ඒ දිය කඳ තමයි දියඇළි විදියට පහළට ගලාගෙන යන්නේ. උඩ තාමත් වතුර රැඳිලා තියෙනවා. ඒ වගේම පහළ තියෙනවා විශාල ගල් කුට්ටි. ඒවත් මේ ගල මුදුනේ තිබිලා කාලයත් සමග කැඩිලා බිඳිලා පහළට වැටුණාද කියන ප්‍රශ්නාර්ථයත් තියෙනවා.

පිටසක්වළ ජීවීන් මෙහි එනවා කියලා කතාවක් තියෙනවා. ඈතින් පේන දිඹුලාගල කන්දේ අහස් මාලිගාව පැත්තෙන් එළි එනවා කියලා මිනිස්සු කියනවා. නමුත් ඒ එළි එන්නේ පිටසක්වළ ජීවීන්ද කියන එක පිළිබඳ ලොකු ගවේෂණයක් නැහැ. යම් යම් දෙනා මත පළකළාට. ඒ වුණාට මේ ස්ථානයේ තියෙන සුදු ගල් වළලු දෙක නිසා අපට කිසියම් නිශ්චයකට එන්න පුළුවන් රාත්‍රියට ‘ලෑන්ඩින් පොයින්ට්’ එකට අවශ්‍ය ආලෝකය ගන්න ඒ විදියේ ගල් වළලු දෙකක් නිර්මාණය කළා කියලා. මොකද තිරිවානා ගල් හෝ චන්ද්‍රකාන්ත පාෂාණ මේ ගල මත පිහිටන්න විදියක් නෑ, කවුරුන් හෝ ඒවා මෙහි ගෙනැවිත් දැම්මේ නැත්නම්.

වළල්ලක හැඩයට ඒවා පිහිටන්න තියෙන සම්භාවිත ඉතා අඩුයි. ඇත්තටම අපිට යම් මට්ටමකට හිතන්න පුළුවන් වෙනවා රාවණ රජතුමාගේ යුගයට කිසියම් සම්බන්ධයක් මෙහි තිබ්බාද කියලා. මොකද ඒ යානාවල් රාත්‍රියට මේ භූමියට ගොඩබස්වා ගැනීමට ආලෝකය ගත්ත තැනක් වෙන්න පුළුවන්. මේක උඩ සම්පූර්ණයෙන්ම පිට්ටනියක් වගේ. දැන් තැනින් තැන ගස් වැවිලා තියෙනවා. නමුත් තනි ගල මත ගල් පෘෂ්ඨයක්. කිසියම් විශ්වාසයක් තියන්න පුළුවන්. එක්කෝ පිටසක්වළ, එක්කෝ රාවණාගේ යානාවල් මේ ස්ථානයට ආවා කියන එක සම්බන්ධයෙන්. හැබැයි මේ දේවල් 100%ක්ම අපට මෙහෙමයි වුණේ කියලා කියන්න පුළුවන්කමක් නෑ. ඒක තීරණය කිරීම ඔබට බාරයි.

හිතාගන්න බැරි සලකුණු සහ සංකේත ගලක සිතුවම් කරලා තියෙන ගුහාව ළඟ තමයි දැන් අපි ඉන්නේ. මෙහි පළල අඩි තුනක් පමණ ඇති. නමුත් මෙහි යට පළල හරියටම අඩියකට වඩා නෑ. මෙතැනට බහිනවා කියන එක හරිම දුෂ්කරයි. උඩ ඉඳලා එන්නෙත් හරිම අමාරුවෙන්. නමුත් මෙතැනින් බහිනවා කියන එක අන්තිම අසීරු කාර්යයක්. මොකද අඩි 15ක් විතර පහළට බහින්න තියෙනවා. මේ එක ගල් බිත්තියක සිතුවම් ඇඳලා තියෙනවා. එතකොට මතුවෙන ප්‍රශ්නය තමයි ඉතා කුඩා ඉඩක ඉඳගෙන මේ වගේ ගලක සිතුවම් ඇන්දේ කියන එක.

දානිගල මුදුනටම ආවම අපට පේන්නේ සානුවක හැඩය ගත්ත භූ විෂමතාවක්. ඒ කියන්නේ උඩ තැනිතලාවක් තියෙන්නේ. තනිකරම ගල් තැනිතලාවක්. ඒ ගල් මත තමයි විවිධ ශාක හැදිලා තියෙන්නේ. ඒ ශාක සියල්ලම කුරු ශාක. මේ ගල අයිනේ විශාල අලි වගේ කළු ගල් ගුළි රඳවලා තියෙනවා. ඒවා සොබාදහම රැඳෙව්වද, කිසියම් පිරිසක් විසින් රැඳෙව්වද කියන්න අපි දන්නේ නෑ. නමුත් ස්වභාවික පිහිටීමක් කියන එක නම් ස්ථිරවම වෙන්න බෑ. තනිකර තැනිතලා ගලක් මත මේ විදියට ස්භාවිකව පිහිටන්න තියෙන සම්භාවිත ඉතා අඩුයි.

අසන්ත, මේ වගේ ගල් තැනිත් තැන තියලා තියෙන එක ගැන ගමේ අයගේ විශ්වාසය මොකක්ද?

ගමේ අයටත් හිතාගන්න බෑ ඒ ගැන. එයාලා කියන්නේ පිහිටි ගල් නෙවෙයි, කවුරුන් හරි කරපු නිර්මාණයක් කියලයි. මේ වගේ ගලක් පිහිටන්න හැකියාවක් නෑ ස්වභාවිකව.

අසන්න ඉස්සර කතාවක් තිබුණා, දැකපු අයත් හිටියා. දිඹුලාගල අහස් මාලිගාව පැත්තෙන් පාවෙන එළි මේ පැත්තට එනවා කියලා?

මේ දානිගල කන්දට තමයි ඒ එළි වැඩිපුරම එනවා කියලා ගම්මු කියන්නේ. අපි මෑතක දැක්කා ඒ වගේ එළියක්. ඒක ටිකක් විශාලයි.

මීට වසර කිහිපයකට පෙර පත්තරවල පවා පළවුණා, දිඹුලාගල මිනිස්සු පිටසක්වළ ජීවීන් දැක්කා කියලා. ඒක ලංකාවේ උණුසුම් ප්‍රවෘත්තියක් හැටියට බොහෝ තැන්වල කතාබහ කළා. එතකොට පිටසක්වළ ජීවීන් දිඹුලාගලට ආවේ කොහොමද? කොයි ස්ථානයටද ආවේ. දානිගලට එහි කිසියම් සම්බන්ධයක් තියෙනවද? හැබැයි ඒ එළි දැකපු, ශබ්ද අහපු අය අදටත් මේ ගම්මානවල ඉන්නවා. ඒගොල්ලෝ හරි ලස්සනට මේ දේවල් විස්තර කරනවා.

අසන්ත, මීට අවුරුදු කිහිපයකට කලින් සිදුවුණු ඒ විශේෂ සිදුවීම ගැන කියන්න පුළුවන්ද?

අපි ඒ එළි දැක්කේ 2019 ජනවාරි පෙබරවාරි අතර කාලේ. අපි එක දවසක් මේ කන්දේ රාත්‍රියක් ගතකරන්න ආවා. අපි තව හතර දෙනෙක් එක්ක ආවේ. දානිගල කන්දේ එහා පැත්තේ තමයි අපි හිටියේ. එළි වැටෙන හින්දා ඉන්න අපි ටිකක් බයයි. එදා හවස 6.30ට වගේ තමයි ඔය එළිය ආවේ. ඒක විශාල එළියක්. වෙනදා දකින පොඩි පොඩි එළි නෙවෙයි. විශාල එළියක්. ඒක වැටුණේ හරියටම දානිගල කන්දේ මැදට. ඒ එළියේ තිබුණා දේදුන්නක පාට.

දිගට පෙට්ටියක් හැඩයට තමයි ඒ එළිය තිබුණේ. අපි ඒ වෙලාවේ ටිකක් බයවෙලා යන්නත් හැදුවා. නමුත් මේ සිදුවීම මොකක්ද කියලා දැනගන්න ඕනෙ නිසා පහුවදා උදේ වෙනකල්ම අපි ඉඳලා ඒ එළිය වැටුණු තැනට ගිහින් බැලුවා. එතකොට ඒ ස්ථානයේ කිසිම සාක්ෂියක් හමුවුණේ නෑ. ගහක් පොඩිවෙලාවත්, පොළොවේ වෙනසක් සිදුවෙලාවත් තිබුණේ නෑ. අපට හිතාගන්න බෑ ඒ එළිය මොකක්ද කියලා. ඒක දේවතා එළියක්ද, පිටසක්වළ යානාවක එළියක්ද කියන එක අදටත් අපට හිතාගන්න බැරි දෙයක්.

පිටසක්වළ ජීවීන් එන්නේ කොහොමද, ආලෝක වර්ෂ කීයක් යනවද ඒ ජීවීන්ට එන්න, ඒගොල්ලෝ ආහාරයට ගන්න ඒවා එච්චර කල් තියාගන්න පුළුවන්ද, ඒ එන යානාවලට ඉන්ධන කොයින්ද? මේවා සාපේක්ෂව බලන එක වැරැදියි. අපි බලන්නේ ඒවා අපට සාපේක්ෂව. අපි මේ පෘථිවි තලයේ ජීවත් වෙන එක ජීවීන් කොටසක් විතරයි. නමුත් අපට එහා සක්වළවල අපට වඩා සංවර්ධනය වෙච්ච ජීවීන් ඉන්න බැරිද? බුදුහාමුදුරුවෝ පවා දේශනා කරනවා එහෙම ජීවීන් සිටිය හැකියි කියලා. ඒ නිසා අපි සාපේක්ෂව බලලා එහෙම ජීවීන් නෑ කියලා ප්‍රතික්ෂේප කරන එක වැරැදියි. නමුත් කිසියම් අවස්ථාවක මේ කරුණු සත්‍ය යැයි මතුකරගන්න පුළුවන් සාක්ෂි සාධක ලෝකයෙන් හමුවෙන්න පුළුවන්. ඔබ දන්නවා ඇති රොස්වෙල් සිදුවීම, ජපානයේ ගොවිපළක සිදුවූ සිදුවීම. ඔබ දන්නවා ‘ඒරියා 51’ හි ඇමෙරිකානු ක්‍රියාන්විතය.

මේ එළි ගැන ගම්මු මොනවද කියන්නේ?

ගම්මු ඒ කාලේ ගොඩක් විශ්වාස කළා ඒ දේවතා එළි කියලා. සමහර අය කියනවා පිටසක්වළ ජීවීන්ගේ යානාවක් හෝ දෙයක් කියලා. නමුත් හරියටම මොකක්ද මේ කියන එක අදටත් රහසක්. පොඩි එළි ලොකු එළි නිතරම එනවා. පෝය දවස්වලට තමයි ඒ එළි නිතරම වැටෙන්නේ. පෝය දවසට නම් එළියක් දෙකක් බලාගන්නම පුළුවන්.

ආලෝක විතරද දකින්න ලැබෙන්නේ? ශබ්ද අහන්න ලැබෙන්නේ නැද්ද?

අපි එළිය දැකපු දවසේ ඒ අලෝකය නැතිවෙලා යනවත් එක්කම ශබ්දයකුත් ආවා. ඒ ශබ්දයත් එක්කම තමයි අපට බය හිතුණේ. ඒ ශබ්දය හැම එළියක් සමගම නිකුත් වෙන්නේ නෑ. කලාතුරකින් එන ලොකු එළිත් එක්ක තමයි ශබ්දය එන්නේ.

දානිගල කන්දේ ජනප්‍රවාද විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි රාවණා රජතුමා හා සම්බන්ධ වුණු ජනප්‍රවාදය. මිනිස්සු කියනවා රාවණා රජතුමාට ගුවන් යානා 26ක් තිබ්බා කියලා. ඉන්දියාවේ විද්වත් කමිටුවේ සභාපති කියනවා රාවණා රජතුමාට ලංකාවේ ගුවන් යානා 26ක් තිබ්බා කියලා. ඒක අපේ අය පිළිගන්නවද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ජනප්‍රවාදවල කියනවා එතුමන්ගේ යානා මේ ස්ථානයට පතිත කළා කියලා. මේවා ගැන කවුරුත් ගවේෂනය කරලා නෑ. කවුරුත් මේවා ගැන හොයලා නෑ. නිකන්ම නිකන් ගලක් මත සුදුපාට ගල් වළලු දෙකක් පිහිටන්න හේතුවක් නෑනේ.

අසන්ත, ඒ ගල් වළලු තියෙන්නෙ මොකක් සඳහා කියලද ගමේ පැරැන්නො කියන්නේ?

එයාලා කියන්නේ තිරිවානාවලින් රාත්‍රියට ආකර්ෂණයක් තියෙනවා කියලා. උඩක ඉඳලා බැලුවාම රාත්‍රියට පේනවා ඒ ගල් දිළිසෙන ගතියක්. අපි වෙන උස කන්දකට ගිහින් රාත්‍රියකට බැලුවොත් පේනවා ඒ තිරිවානා ගල්වල දිළිසෙන ආලෝකයක්. අපි දැන් මේ ඉන්න දානිගල කන්ද ඇතුළේ රාවණා රජතුමාගේ මාලිගාවක් තියෙනවා කියලා පැරැණි අය කියනවා. ඒවා දැකපු කෙනෙක් නෑ. එයාලා කියනවා කොහෙ හරි තැනක මාලිගාවට ඇතුළු වෙන දොරටුවක් ඇති කියලා. ඊට අමතරව විශාල ජල ප්‍රවාහයක් මේ කන්ද මැද රැඳිලා තියෙනවා කියලත් කියනවා. කන්ද වටේටම පායන කාලෙටත් උඩින් පහළට වතුර උල්පත් එනවා. පැරැන්නෝ කියනවා ගල මැද කොහේ හරි මැද විශාල ජල තටාක තියෙනවා කියලා. අදටත් බලන්න පුළුවන් කන්ද වටේටම කවදාවත් හිඳෙන්නෙ නැති උල්පත් තියෙනවා.

අතිශය සුන්දර පරිසරයක් මේක. ඊට එහා ගියපු වසර දහස් ගණනක ඉතිහාසයක් සඟවාගෙන සිටින ගුප්ත තැනක් මේ දානිගල කියලා කියන්නේ. පිරිසිදු සිතින් ආවොත් ඒ වගේ ගොඩක් දේවල් ඔබටත් දැකබලා ගන්න ලැබේවි.

ITN Sri Lanka යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

රහතන්වහන්සේ නමක් වැඩසිටි අදටත් හාස්කම් ඇති මාතලේ අබිරහස් යෝධ වෘක්ෂය I Sri Lanka Latest News

Next Post

ලයිට් බිල වැඩි කරන්න ඕන නෑ! දැනුත් මණ්ඩලය ලාබයි! ඊයෙ මහජන උපදෙස් ගත්තා කියලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අද වැඩි කරලා! ලයිට් බිලට සජිත් කතානායකගෙන් නියෝගයක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.