රුපියල් බිලියන 31ක පාඩුවක් මගහරවා ගන්න සියයට 22කින් විදුලි බිල වැඩි කරනවා යන පදනම මත මහජන උපදේශනයක් පවා කැදවා ඇති මොහොතක කිසිදු දත්තයක් නොසොයා විදුලි බිල සියයට 22 නොව 18 කින් වැඩි කිරීමට සූදානම් බවට රජය පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මෙසේ විදුලි බිල වැඩි කිරිමට අවශ්‍යතාවක් නොමැති බවත් පවතින මිලට පවා විදුලි බල මණ්ඩලය ලාභ ලබන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ වසරකට දෙපාරක් පමණක් විදුලි බිල වැඩි කිරීමට පනත් සම්මතව තිබිය දි රජය හතර වතාවක් විදුලි බිල වැඩි කිරීමේ සූදානමක් ඇති බවයි.
මෙසේ 4 වැනි වරටත් විදුලිය වැඩි කිරීමට හැකි බවට විශේෂ පරිච්ඡේදයක් යොදා ගනිමින් මහජන උපයොගීතා කොමිසම අනීතිකව ඔවුන්ගේ පනත් පවා උල්ලංඝනය කරමින් විදුලි බිල වැඩි කිරීමට සූදානම් බවත් මේ සම්බන්ධයෙන් කිහිප වරක් ප්‍රශ්න කර සිටියත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට විදුලි බල ඇමතිවරයා පර්ලිමේන්තුවේවත් නොමැති බවත් මෙය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. එබැවින් මෙසේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නියෝගයක් ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.