2023 වසර තුළ මෙරට උපන් දරුවන් ප්‍රමාණය සැලකිය යුතු ආකාරයට පහළ ගොස් ඇති අතර, මියගොස් ඇති දරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීමක්ද, විවාහ වීම් ක්‍රමයෙන් පහළ යෑමක්ද පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යෘලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
2011දී උපත් ප්‍රමාණය 3,19,010ක් වූ අතර, 2023 වනවිට එය 2,47,900 දක්වා පහළ ගොස් ඇත.
ඒ අනුව වසර පහ තුළදී උපත් ප්‍රමාණය 71,110කින් හෙවත් 22%කින් පමණ පහළ යෑමක් පෙන්නුම් කෙරේ.
2022 වසර සහ සසඳන විට උපත් ප්‍රමාණය 27,421කින් හෙවත් 9%කින් 2023 වසරේදී පහළ ගොස් තිබේ.
අදාළ වසර පහක කාලය තුළදී මියයන ප්‍රමාණය 24%කින් ඉහළ ගොස් ඇත.
එමෙන්ම 2019ට සාපේක්ෂව සලකා බලන විට 2023 වසරේ විවාහ වූ ප්‍රමාණය 12,022කින් හෙවත් 7%කින් පහළ ගොස් ඇත.
2022 හා සසඳන විට 2023දී විවාහයන් 19,784කින් පහළ ගොස් ඇති අතර, එය එම වසරේ 11%ක පහළ යෑමකි.
ජන සංක්‍රාන්තියේ පිළිවෙළ වෙනස් වීම මත මෙන්ම පැැවති ආර්ථික අර්බුදයද මෙවැනි තත්ත්වයන්ට බලපෑමේ හැකියාව ඇති බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දත්ත පදනම් කරගෙන මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
ප්‍රේමලාල් විජේරත්න