නිරිතදිග සුළං ප්‍රවාහයන් දිවයින හරහා ස්ථාපිත වනවිට එනම් මෙම මැයි මස තුන්වැනි සතිය වනවිට දැනට පවතින උණුසුම් තත්ත්වය පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය.
ඒ සමගම දිවයිනේ නිරිතදිග ප්‍රදේශය වන සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත් සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට ප්‍රධාන වශයෙන් වැසි තත්ත්වයන් ඇතිවන බවයි ඔහු සඳහන් කළේ.
බෙංගාල බොක්ක ආශ්‍රිතව නිරිතදිග මෝසම් කාලයේදී අඩු පීඩන තත්ත්වයක් වුවද ඇතිවිය හැකි බවත්, එසේ වුවහොත් අනෙකුත් ප්‍රදේශවලටද වැසි ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
මැයි තුන්වැනි සතිය එළඹෙන තෙක් ඉදිරි දින කිහිපය තුළ සවස් කාලයේ ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ස්වල්ප වශයෙන් ඇතිවිය හැකි බවද සඳහන්ය.
එම දින කිහිපය තුළද අකුණුසරවලින් ප්‍රවේශම් විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම නිලධාරියා පෙන්වා දුන්නේ.
ප්‍රේමලාල් විජේරත්න