තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට පෙරාතුව ප්‍රකාශ කළ ආකාරයටම මැතිවරණ ජයග්‍රහණයට පසු මහ ඇමැති ධුරයට පත් තලපති විජේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය පළමු ලිපිය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.
මෙම ලිපිය මගින් තමිල්නාඩු මහ ඇමැති විජේ අවධාරණය කොට ඇත්තේ මීට දින කීපයකට ඉහතදී ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධීවරයන් හයදෙනා සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස් කරගැනීමට ඉන්දීය මධ්‍යම රජය වහාම කටයුතු කළ යුතු බවකි.
එමෙන්ම ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන තවත් ධීවරයන් 54ක් සහ බෝට්ටු 264ක් නිදහස් කරගත යුතු බවද තමිල්නාඩු මහඇමැතිවරයා සිය ලිපිය මගින් අවධාරණය කොට තිබේ.
මේ ආකාරයට තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජේ ජයගතහොත් අනිවාර්යයෙන්ම ලංකාවට බලපෑම් කරන බවට ‘මව්රට’ පුවත්පත පසුගිය සතියේ මුල් පිටුව මගින්ම වාර්තා කොට තිබිණි.
අප කළ එම අනාවරණය මේ වනවිට 100%ක්ම තහවුරු වී ඇත්තේ තලපති විජේ ඉන්දීය මධ්‍යම රජයට යොමුකළ පළමු ලිපිය මගින්ම ලංකාව ඉලක්ක කොට තිබීම හරහාය.










