• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාධාරණ සැකය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් I Sri Lanka Latest News

June 8, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සාධාරණ සැකයක්’ මත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය වෙත බලය පැවරී තිබුණද මතුවී තිබෙන සැකය සාධාරණ ද යන්න තහවුරු කර ගැනීමට පොලිසිය කටයුතු කළ යුතු බවත් එම බලය අත්තනෝමතික ලෙස පරිහරණය කරමින් පුද්ගල නිදහස අහිමි නොකිරීමට පොලිස් නිලධාරීන් වගබලා ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.(Sri Lanka Latest News)

‘සාධාරණ සැකය’ නිවැරැදි මෙන්ම යුක්තිසහගත විය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

2016 වසරේ නිසි බලපත්‍රයක් නොමැතිව පෝය දිනයේ එළු මස් ප්‍රවාහනය කළේ යැයි චෝදනා කරමින් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම තුළින් මාරවිල පොලිසියේ නිලධාරීන් දෙදෙනකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නිගමනය ප්‍රකාශයට පත්කර ඇත.

විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මීගමුව ප්‍රදේශයේ පදිංචි සංජීව තිසේරා සහ සෙබස්තියන් ජූඩ් ශේක්ස්පියර් යන පුද්ගලයන් දෙදෙනා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව නිගමනය කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, එම පොලිසියේ සැරයන්වරයකු සහ නීතිපතිවරයා නම්කර තිබිණි.

පෙත්සම්කරුවන්ගේ පැමිණිල්ල

පෙත්සම්කරුවන් පවසන්නේ 2016 වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා තමන් මිහින්තලය ප්‍රදේශයෙන් එළු මස් කිලෝග්‍රෑම් 300ක් මිලදීගෙන ලොරි රථයක පටවාගෙන මීගමුව ප්‍රදේශයට රැගෙන ඒම සඳහා පිටත් වූ බවයි.

එදින පෝය දිනයක් බවත් පෙත්සමේ සඳහන්ය. මෙම මස් තොගය ප්‍රවාහනය කිරීම සඳහා තමන් මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් බලපත්‍රයක් ලබාගත් බවත් පෙත්සම්කරුවන් සඳහන් කර තිබිණි.

මෙම මස් තොගය මීගමුව බලා ප්‍රවාහනය කරමින් සිටියදී මහවැව ප්‍රදේශයේ දී පොලිසිය විසින් ලොරි රථය නවතනු ලැබ තිබේ. ලොරි රථය පරීක්ෂා කළ අවස්ථාවේදී ඒ තුළ මස් තිබෙන බව වටහාගත් පොලිසිය ඒවා ප්‍රවාහනය කිරීම සඳහා ලබාදී තිබූ බලපත්‍ර ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කරුවන්ට නියම කර තිබේ.

එහිදී අදාළ මස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර අවශ්‍ය නොවන බවත්, ඒවා මිලදීගත් ලදුපත් සහ ප්‍රවාහනය කිරීම සඳහා මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා නිකුත් කළ බලපත්‍රය පෙත්සම්කරුවන් විසින් පොලිසියට ඉදිරිපත් කර ඇත. ඒ කෙරෙහි සෑහීමකට පත් නොවූ පොලිස් සැරයන්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම පෙත්සම්කරුවන්ව අත්අඩංගුවට ගෙන තිබේ. පසුව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තම මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත්කර තිබිණි.

වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය…

වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබුණේ බලපත්‍රයක් නොමැතිව මස් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත මෙම පෙත්සම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවය. ඔවුන් පෙන්වා දුන්නේ එම මස් තොගය ප්‍රවාහනය කිරීම සඳහා පෙත්සම්කරුවන් සතුව බලපත්‍රයක් නොතිබූ බවය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අදාළ මස් තොගය මත තැබූ මුද්‍රාද පැහැදිලිව දර්ශනය නොවූ බවත් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ පැවැසීය.

නිසි බල පත්‍රයක් නොමැතිව පෝය දිනයේ විශාල මස් තොගයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ සාධාරණ සැකය මත පෙත්සම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණයට දන්වා තිබිණි.

ශ්‍රේෂ්ඨාකරණයේ තීන්දුව

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරයා සඳහන් කළේ ‘සාධාරණ සැකයක් මත මෙම පෙත්සම්කරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරන බව’ය.

මෙම සිද්ධියේදී පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් හමුවේ ‘සාධාරණ සැකයක්’ මතුවී තිබේද? යන්න මුලින්ම පරීක්ෂා කළ යුතුය. පෙත්සම්කරුවන් මිහින්තලේ ප්‍රදේශයේ මස් තොගයක් මිලදීගෙන එය මීගමුව කරා ප්‍රවාහනය කරන බව පොලිසිය වෙත ප්‍රකාශ කර තිබේ. ඒ බව තහවුරු කිරීම සඳහා පෙත්සම්කරුවන් මස් තොගය මිලදී ගත් රිසිට් පත සහ ඒවා ප්‍රවාහනය කිරීම සඳහා මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා නිකුත් කළ ලේඛනයද වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබේ.

‘අදාළ මස් තොගය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලේඛන පෙත්සම්කරුවන් ඉදිරිපත් කර තිබියදී පොලිසියට ‘සාධාරණ සැකයක්’ මතු වන්නේ කෙසේද යන්න ගැටලුකාරී තත්ත්වයකි. මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ සහතිකය පිරික්සීමේ දී අදාළ මස් තොගය වෙනුවෙන් සතුන් ඝාතනය කර ඇත්තේ පෝය දිනයට පෙර දිනයක බවත් පැහැදිලි වෙයි. මෙම කරුණු පිරික්සීමේදී පෙත්සම්කරුවන්ව අත්අඩංගුවට ගැනීම සඳහා සාධාරණ සැකයක් මතු වූ බවට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඉදිරිපත් කරන තර්කය පිළිගත නොහැකිය’ යනුවෙන් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සිය තීන්දුවෙන් ප්‍රකාශ කර තිබේ.

වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා ‘සාධාරණ සැකයක් මතුවූ කල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට බලය තිබේ. එම බලය නිවැරදි ආකාරයෙන් භාවිත කිරීමට පොලිසිය වගබලාගත යුතුය. සාධාරණ සැකයක් ඇති වූ විට එය වැරදි නොවන බවට තහවුරු කරගැනීමට නිලධාරීන් වගබලාගත යුතුය.

සාධාරණ සැකය යුක්තිසහගත විය යුතුය. සාධාරණ සැකයට මුවාවී පොලිසිය වෙත පැවරී තිබෙන බලය අත්තනෝමතික ලෙස භාවිත කිරීමට හැකියාවක් නොමැත.

පුද්ගලික නිදහස අහිමි කිරීමට නොහැකිය’ යනුවෙන් ප්‍රකාශ කළ විනිසුරුවරයා මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සාධාරණ සැකයක් උද්ගත නොවන බවත් ඒ තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව වගඋත්තරකාර මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා රුපියල් 25,000 බැගින් ද, එම පොලිසියේ සැරයන්වරයා රුපියල් 10,000 බැගින් ද වන්දි වශයෙන් පෙත්සම්කරුවන් දෙදෙනාට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය. එම වන්දි මුදල වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවටත් නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

මෙය පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා යොදාගන්නා ‘සාධාරණ සැකය’ පිළිබඳ මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්කළ නවතම අර්ථකථනයක් ලෙස හැඳින්විය හැකි බව නීතිවේදීහූ පෙන්වා දෙති.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

‘ඇයි ඉන්නේ සද්දෙ වහලා..! ඡන්දෙ දෙන්නෙ නැද්ද ඔහෙලා…!’ ජවිපෙ මැතිවරණ කොමිසම වටලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පස්ස දොරෙන් බලයට ඇවිත් අයුතු බලතල පාවිච්චි කරලා මිනිසුන්ගේ නිදහස සීමා කරලා ඒකාධිපති පාලනයකට යන්න ඉඩ ‌දෙන්න බෑ! අපි ඉඩදෙන්නේ නෑ! මේවා අසික්කිත වැඩ! ඒ වගේ අය එළවා දැමීමට ලෑස්ති ‌විය යුතුයි! ජනතා මතය විමසන්න වහාම ඡන්දයක් තියන්න! යළි සටන අරඹමින් කාදිනල් හිමියෝ විශේෂ පණිවුඩයක් රටටම දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.