ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අධිකරණය මගින් අහෝසි කිරීමත් සමග ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූ බරපතළ අපහසුතාව මග හරවා ගැනීම සදහා ආණ්ඩුව පැත්තෙන් සමගි ජන බලවේගය ඉලක්ක කර ගෙනගිය ප්‍රචාරයක් මේ වනවිට සම්පූර්ණ අසත්‍යයක් බවට පත්ව තිබේ.Sri Lanka Latest News
ඊයේ දින ආණ්ඩුව පැත්තෙන් පාර්ලිමේන්තුව ඇතුළදීත්, ඉන් පිටතදීත් ගෙන ගිය ප්‍රචාරයකින් කියවුණේ ඩයනා ගමගේට මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග සජබයද ඇය සතුව තිබූ නිසා සජබ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර සම්බන්ධයෙන්ද යම් අවිනිශ්චිතතාවක් මතුව ඇති බවකි.
එම පුවත සදහා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය මෙන්ම ඇතැම් වෙබ් අඩවිද පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබූ බවක් දැකගත හැකි විය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වුවද ඉන් සජබ මන්ත්‍රීවරුන්ගේ ධුරයන් සදහා කිසිදු බලපෑමක් නොමැති බවකි.
එමෙන්ම විදෙස් ප්රරවැසියකුට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළ නොහැකි බවට නීතියක් කිසිදු ස්ථානයක නොමැති බව පෙන්වා දී ඇති හිටපු මැතිවරණ කොමසාරිස්වරයා, නීතියේ ඇත්තේ ද්විත්ව පුරවැසියකුට හෝ විදෙස් පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය නොහැකි බවද පෙන්වා දී තිබේ.
එමෙන්ම ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ නාමයෝජනා පත්‍රයට හෝ අත්සන් තබා නොමැති බව පෙන්වා දී ඇති මහින්ද දේශප්‍රිය මහතා ඩයනා ගමගේ මහත්මිය අවම වශයෙන් අපේ ජාතික පෙරමුණේ හෝ මහලේකම්වරිය ලෙස කටයුතු කොට නොමැති බවද කියා සිටියේය.
අපේ ජාතික පෙරමුණ හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර සහ ශ්‍රීපති සූරියආරච්චි යන මහත්වරුන් විසින් ලියාපදිංචි කොට ඇති අතර ඒ අවස්ථාවේදී එහි මහලේකම්වරයා ලෙස කටයුතු කොට ඇත්තේ රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා බවද, පසුව එම පක්ෂයේ මහලේකම් ධූරය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා විසින් හිමිකරගෙන ඇති බවද මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී තිබේ.
ලංකාදීප පුවත!
ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජබෙටත් වැඩ වරදීද?
පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා ඒ තීන්දුව අභියෝගයට ලක් කරන්නේ නැති නමුත් ඒ සමග තවත් ප්‍රශ්නයක් පැන නගින බව කීය.
ඩයනා ගමගේ මහත්මියට පුරවැසි භාවය නැතැයි කියමින් අදාල තීන්දුව ලබාදී තිබෙන බව කී අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මන්ත්‍රී පිරිසකගේ පක්ෂය ලියාපදිංචි කර තිබෙන්නේ එලෙස පුරවැසිභාවය නැති ඩයනා ගමගේ බව පැවසීය.
ඒ අනුව සමගි ජන බලවේගය ඇත්තටම නීත්‍යානුකූලව වලංගු දැයි ප්‍රශ්නයක් එන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.
සී නිව්ස් පුවත!
ඩයනාගේ තීන්දුවෙන් සියළු SJB මන්ත්‍රී ධුර අහෝසි වීමේ තත්වයක්…
ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමත් සමඟ සමග ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර ඉහළ අවධානමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී ඇති ලේඛනවල ඇය පක්ෂයේ උපලේකම් ලෙස සඳහන් කර තිබීම මත එම පක්ෂයේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් ඇතිවෙයි.
බි්රතාන්ය පුරවැසියෙක් ලෙස සිටියදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වීම හේතුවෙන් ඇයගේ මන්ත්‍රී ධුරය අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරන ලදී.
පවතින තත්ත්වය මත ඇය උප ලේකම් ධුරය දරද්දී බාර දී ඇති නාම යෝජනා පත්‍ර අවලංගු වීමේ ඉහළ ඉඩකඩක් ඇති බවද වාර්තා වෙයි.