එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට නොලැබෙන බවට ලකුණු පහළ වෙද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල්-රවි පාර්ශ්වයට පහර දීම සදහා යළි බැදුම්කර සිද්ධිය කරළියට ගෙන ඒමට සැලසුම් කර ඇත.
සජිත්ට අපේක්ෂකත්වය ලබා දීමට විරෝධය පළ කරන්නන් අතර රවි ඉදිරියෙන්ම සිටීම ඊට හේතු වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ඊයේ (28) දිනයේදී එහි විමර්ශන නිලධාරීන් කැදවූ ජනාධිපතිවරයා එහි පරීක්ෂණ කඩිනම් කරන ලෙසට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව රවි කරුණානායක මහතාට ඉදිරි දින කිහිපය ඇතුළත රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දැනුම්දීමක් දර ඇත.











