ජනාධිපතිවරණයක් කැදවීමට පෙර ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමක් පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථානුකූලවල එහි 9 :1 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් කැදවීමෙන් අනතුරුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් නාමයෝජනා කමිටුවක් පත්කර එම කමිටුව හරහා අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීම සිදුකළ යුතු බව නීතීඥ නිශ්ශංක නානායක්කාර පැහැදිලි කර සිටී.
ඒ් අනුව බොහෝදුරට එජාප අපේක්ෂකයා ජනාධිපතිවරණය කැදවීමෙන් පසු, එනම් සැප්තැම්බර් මැද භාගයේදී ප්‍රකාශයට පත්වනු ඇති බවක් දැනගන්නට ඇත.