• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

බිබික්කං විකුණන අපෙ වාහේ හැම දෙවියනේ රකෝ රකෝ! Sri Lanka Latest News

April 2, 2024
in News
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

මා කුඩා කාලයේ අපේ ගමට මිනිහෙක් අල්ලපු ගමක සිට ආවගියේය. වයස පනහ පැන්න තරමේ සිටි ඔහු බොක්සිං ගැහුවාද නැද්ද යන්න ගැන කියන්න හරිහමං නිච්චියක් ගමේ කාට හෝ නොවුණත් ඇඳ සිටියේ නං බොක්සිං බැනියමක් සහ සරං කබලකි. ඒ සරං මාල්ල නිතර කැසපොට ගසාගෙන තිබිණි. මිනිහා කර තියාගෙන ආවේ හීන් වෙන්නට ලණුවක් සේ ඇඹරූ රෙදි පටියක් බයිසිකල් රිම් එකක් වටා ඔතා එසේම කුඩා රෝදයක්ද සවිකළ සිටවනුවකි.:ීඒබා*
ඔන්න ඔය හුචක්කුව කරගහගත් හෙතෙම “කතුරු මුවාත්, පිහිය මුවාත්” යැයි හඬනඟා කියමින් ගම වටා ගියේය. ඒත් ඒ හඬ ඒ තරම් දුරට ඇසුණේ නැත. ඔහුට තිබුණේ හීන් කට හඬක් බැවිනි. හරියටම ගහැනියකගේ වගේය. (Sri Lanka Latest News)

ඇතැම් දවසක මේ මනුස්සයා ආවේ කුඩා මල්ලකුත් එල්ලා ගෙන මිරිස් ගල් කොටනවා කැඩුණු සපත්තු සෙරෙප්පු මහනවා කියමිනි. තවත් දිනෙක රෙදි වළල්ලක් උරහිසේ දමාගෙන පොල් කඩනවා යැයි කියමින්ද පාර දිගේ ගියේය. තවත් fදාහක (දවසක) ඒ තෙමේ පුංචි පහේ තලකොළ වට පෙට්ටියක් ඉහේ තියාගෙන ගම වටේ යමින් “ආප්ප ආප්ප උණු උණු ආප්ප” කියමින් කඩයප්පං විකුණුවේය.

මුලදි මුලදී අපේ බලවත් ඉල්ලීම (ඇඬිල්ල) අනුව අම්මා ඔහුගෙන් ආප්ප ගත්තත් ඒ ගැනීම නැවැත්තුවේ එසේ ගත් ආප්පයක මැද ගෑනියකගේ යැයි අනුමාන කළ හැකි (දිග ගස් සහිත කෙස්) ගුළියක් හමුවූදා සිටය.

උන්නැහේ කාර්යබහුල කෙනකු නොවුණත් ඔන්න ඔය දේවල් අනුව බහුකාර්යයෙහි නිරත පුද්ගලයකු හැටියට නම් රූපයක් මගේ හිතේ ඒ කාලයේ පටන්ම ඇඳී තිබුණේය. (තව තවත් මොන මොන සෑත්තර ධර්ම උන්නැහේ දන්නේ දැයි කියන්නට නං මම හරිහැටි නොදත්තෙමි).

උදේ ඉඳිකඩේ ඉනි ටික ගලවා ඉවත් කළ හැටියේම හැන්දෑවේ සිට ගාල්කර සිටි (කොටුවට) මීහරක් හත් අට දෙනාගෙන් සවිශක්තිය ඇති නාම්බා (තරුණ එකා) අනිත් උන් පෙරළාගෙන පැන එන පරිද්දෙන්ම මේ මනුස්සයා මගේ හිතට පැනගෙන පැනගෙන ආවේ අපේ ජනාධිපතිතුමා ගාල්ල පැත්තේ සතුටු උද්‍යනයක් විවෘත කිරීමේ උත්සවයේදී කළ කතාව ගෙදර රූප පෙට්ටියෙන් ඇසුණු විටය. මොකද යථෝක්ත ගමේ ඇවිද්ද මනුස්සයාටද දාහක් වැඩය. අපේ ලොක්කාටත් ඊට හත්කූරුය. අහරෙ යන්නේය. මෙහෙයන්නේය. කෙල්ලන්ට පොරොන්දු වූ අන්දමට ස්වාධීනව ලව්කරන්නට ස්ථාන හදන්නට සැලසුම් කරන්නේය. අයි.එම්.එෆ්. යන්නේය. ඔය අවුඅස්සේ අපේ රටේ උන් කනවාදැයි අසන්නේය. සංවර්ධනේට වෙහෙසෙන්නේය. වැඩ කීවට යමරෙට වැඩය.

“දැං මෙහේ ආප්පයක් විකුණන්නෙ රුපියල් හැටට හැත්තෑවට. ඒ වුණාට ඒ එකක් සුද්දන්ට ඩොලර් දහයකට (රුපියල් තුන් දාහකට) විතර විකුණන්න පුළුවං කියලා මට කෙනෙක් කිව්වා” යැයි එතුමා නව වාණිජ කර්මාන්ත ආයෝජන ව්‍යාපෘතියක් පිළිබඳ සංකල්පයක් ප්‍රසූත කළ අන්දම ගැන විස්තර එසේ කියන විටදීය.

දේශ දේශාන්තරවල පහුගිය fදාහේ (දවස්වල) කරක්ගසා ලද අත්දැකීම්වලින් පරිපූර්ණ, පරිචයෙන් කප්ගැසූ එතුමා අපේ රටට උචිත, ගැළපෙන, වැඩ සිද්ධ කෙරෙන හොඳ දේ එහෙං දැකබලා අහුලාගෙන අවුත් පෙකෙණි වැල පිටින්ම රෝපණය කළ යුතු බවට දෙසා බෑවා වන්නටද බැරි නැත. මොකද එතුමා සමග පිංතූරවල සිටියේ පුංචි පහේ බඩු නොවන නිසාය. අතට අතදී තිබුණේද හොඳ හොඳ හයේ හතරේ පොරවල් බැවින්ය.

හැබැයි අපේ මෛත්‍රී ලොක්කා නමෝ විත්තියෙං ජනාධිපති පුටුවේ පස්ස ඇනගත් හැටියේම ගැසූ එංගලන්ත සවාරියේදී එහෙ ලොක්කි (රැජින) අතට අත දුන්නී අත්මේස් ගලවාගෙන බව පස්වනක් ප්‍රීතියෙන් පම්ප් කරකර පෝරිය (සිදත් සඟරාවේ දැක්වෙන පූරාක්‍ෂර ලොප්කර පම්ප් – පෝරි) ගැහුවත් අපේ රනිල් ලොක්කාට නම් ඒ ජාතියේ චාන්ස් එකක් ලැබුණු බවක් නම් මෙතෙක් අසන්නට නැත.

එක එක දේ ඔළුවට එද්දී තව පොඩ්ඩෙන් බොසාගේ ආප්ප වාණිජ කර්මාන්ත ව්‍යාපෘතිය අමතක වෙන්නට ගියේය. වැඩේ නං ටොපේ ටොප්ය. ඔය සංකල්පයේ පුංචි පහේ අඩුව මේකය. ඔය උයනේ හෝ පඳුරු ආසන්නයේ හෝ සිට සුද්දන්ට වළඳන්නට විකිණිය යුත්තේ කොයි ආප්ප දැයි හරිහමං අන්දමට බොසා පැහැදිලි නොකර භරණ ගණිතයාගේ දුෂ්කර බන්ධනයකින් කීවා දැයි හිතෙන නිසාය.

ආප්ප වර්ග බොහෝය. බිත්තර ආප්ප තිබේ. පැණි ආප්ප තිබේ. හකුරු ආප්ප තිබේ. වණ්ඩු ආප්පද තිබේ. වණ්ඩු කියන්නේ ඒවා “වණ්ඩුවේ” තම්බන හෙයිනි. අපේ නවීන සූපවේදිනියන් “වණ්ඩුව” අය්එ යැයි අසන්නට බැරි කමක් නැත. ඒ නිසා ඒ ගැන ආධුනික සූපවේදිනියන් ටිකක් හෝ දැනගත්තොත් නරක නැත.
වණ්ඩුව යන්නට “පිම්ම” යන්නද පරියාය (සමාන) වචනයකි. “කඩ පිම්ම” යන්නද ඊටම යෙදෙන වෘද්ධියයි. මෙහි කඩ යන්න වාණිජ (වෙළෙඳ ශාලා) යන අර්ථයෙන් ගැනෙන්නකි. එතැන කඩ වනාහි පරණ රෙදි කැබැල්ලකි. හැළියකට (මුට්ටියකට අඩක් පමණ පිරෙන්නට වතුර දමා අර රෙදි කඩෙන් එහි කට වසා බැඳ ඒ මත ඇනූ පිටි පිඬ (බුත්සරණේ පිණ්ඩ යන පදය) තබා හැළියත් ලිප් ගල් තුන මත මස්තකප්‍රාප්ත කර හොඳට ලිප ඇවිල වූ කල්හි නැගෙන හුමාලයෙන් වණ්ඩුව පදමට ීඑැ්ප වේ. සංෂිප්තාර්තයෙන් කියන කල්හි නවීන සූප ශාස්ත්‍රයේ ීඑැ්ප කිරීමට පැරැන්නන් භාවිත කළ ශාස්ත්‍රානුකූල ක්‍රමවේදය වේ.

ඒ අන්දමට කඩපිම්මේ තම්බාගත් ආප්ප පුස්නාප්පය. ඒවාට සමහරු පුස්නාම්බු යැයිද කියති. ගමේ ඇතැම්හු ඒවායේ පිටි පිපෙන්නට (පදම ගන්නට) කිතුල් රා මණ්ඩිද ්ාා කරති. ඒ ආණ්ඩුව වැලිව් ඇඩඩ් ටැක්ස් :ඪ්කමැ ්ාාැා ඕං* වගෙ නෙවේය.)

අපේ ගමේ “fදාංත බබක්කාගේ” කඩේ පුස්නාප්පවලට කියන්නේ “බිබික්කං”ය. පුස්නාම්බුව, පුස්නාප්පය, බිබික්කම යන කවර වචනයෙන් කීවද ඔය සුකුරුත්තම ලිපේ තබා ගානට පිපීගෙන එන විට (රාමණ්ඩි සුවඳ පැතිරෙන විට ඉහිළුම් නැත) මැදින් ඉස්සේ. හොඳින් පිපුණු විට මැදින් පැළීයයි. මැද පැලිච්ච ආප්ප යැයි ඇතැමුන් කියනු ද කලාතුරකින් අසන්නට ලැබේ.

අපට හිතෙන අන්දමට අපේ ජනාධිපතිතුමා සුද්දන්ට ඩොලර් දහයට විකුණන්නට අරඅඳින්නේ ඔන්න ඔය පුස්නාප්ප විය හැකිය. මැද පැළිච්චි ඒවාය. කොපමණ වයසට ගියත් බොහෝ දෙනා පුස්නාප්පවලට ප්‍රිය මනාපය. අගේ දන්න එකාට රන් පවුම් කෝටියකි. නොදන්න බූරුවාට සුදු ආප්ප වාටියකි.
පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එන fදාංත බබක්කාගේ ආප්ප බුටික් එකට ආරම්භක මුල් අවධියේ (fදාංත බබක්කාගෙ ආච්චි කෙල්ල කාලෙ) එහි පැමිණි සුද්දකු වණ්ඩු නොහොත් බිබික්කං ස්ටීම් කර තැම්බීමේ සිස්ටම් එක දෙස බලා එහි සිද්ධාන්තය අධ්‍යයනය කර එංගලන්තයට ගොස් නොසෑහෙන කාලයක් තිස්සේ දිවා රාත්‍රී පරීක්‍ෂණ පිට පරීක්‍ෂණ පවත්වා අනභිභවනීය යන්ත්‍රයක් නිෂ්පාදනය කළ බව ඉතිහාසයේ ද සඳහනි. සුද්දගේ නම ජෝර්ජ් ස්ටීවන්සන්ය. වන්සන් යන්න යෙදුණේ ඔහුගේ පියාට සිටියේ එකම පුතෙකු බව පැහැදිලි කිරීමටය. අපේ මයිනාගේ බාලම වන්සන් මෙහේ සිටම චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කෙළේය. මේ වන්සන් ඒ වන්සන් වගේ නෙමේය. අපේ සන් වැඩියෙන්ම කැමැති වනසන්ටය. මිනිහගේ ලක්‍ෂ ගානක් වටිනා බළල් නාට්ටා අතුරුදන් වූ පසු මිනිහා අඬන විට කඳුළු වැක්කෙරුණා කියන්නේ රුසියාව යුක්රේනයට බෝම්බ දාන ගානටය.

හරි, අපේ ජනාධිපතිතුමා මොන ක්‍රමයකින් හෝ 2048 රට ස්වයංපෝෂිත කිරීමට මේ අන්දමේ ඩොලර් උණවන ව්‍යාපෘති හඳුන්වාදීම නම් මහජනයාගේ පහන් (පොල්තෙල් ගණං නිසා) කෙසේ වෙතත් ඉටිපන්දම් සංවේගයට නම් හිතකරය.

අපේ ලොකුතුමා සුද්දන්ට ආප්ප හෙවත් බිබික්කං විකුණා ඩොලර් පොම්ප කරවා ගැනීමේ තැතට සමාන අන්දමේ තැතක් අපේ ගලිබවුසර් ආචාරිලාගේ පඩික්කංවතී නෝනාද නුදුරු අතීතයේදී ඩොලර් ඉපැයීමට භසටයඑ ඊ්“්ර ආරම්භ කළ යුතු බවට පාර්ලිමේන්තුවේදී බෙරිහං තැළුවාය. එමතුද නොව ඕ තොමෝ ත්‍රෛලෝක විජය පත්‍රම් නමැති මහා බලගතු ඖෂධය ලක් දෙරෙණ් වවා සුද්දන්ට බොන්නට විදේශයට යැවීමෙන් හොඳට ඩොලර් උපයාගත හැකිබව රෙද්දක් ඇඳගෙනම පාර්ලිමේන්තුවට දැන්නුවාය.

ලොක්කා ආප්පයක් සුද්දන්ට ඩොලර් දහයකට විකිණිය හැකි කතාව කීවේ නිකංම නිකං නොවන්නටද බැරි නැත. ආප්පවලට ඇති හොඳ ඉතිහාසය ගැන හදාරලාම විය හැකිය.

ටොරින්ටන් චතුරස්‍රයේ ඉස්සර විගණකාධිපති දෙපාර්තමේන්තුව තිබුණු ගොඩනැගිල්ලේ පසුව රාජයියලා විසින් ස්ථාපනය කරන ලද ආකේඩියාවේ ඉහළ මට්ටමේ හොඳ ආප්ප කඩයක් පවත්වාගෙන ගිය ජැකලින් ෆර්ඩිනැන්ඩස් නිළි බඩ්ඩගේ බිස්නස් එක ගැන හොඳ වැටහීමක් තිබූ හින්දාද වෙන්නට පිළිවන. ඇය ආප්පයක් වික්කේ රුපියල් හාරසිය පනහකටය.

හැබැයි ඒවා කිකිළියකගේ නොවන්නටද ඉඩ තිබිණි. ඔය නිළිය ඇතැම් විට කෙකරගාන හඬ ඇසුණු බව කියන ඇත්තන්ද සිටින නියායෙනි. හැබැයි දැන් ඔය ෆර්ඩිනැන්ඩස් ඇත්තී මේ වනවිට ඉන්දියාවේ හිරගේක බිත්තර රකින බවද අසන්නට ලැබේ. ඒ මුදල් විශුද්ධි කිරීමේ සිද්ධියක් හේතුවෙන්ලු.
අනිත් බිත්තර කතාව මෛත්‍රී ලොක්කා මයිනාගෙන් ඈත්වූයේ බිත්තර ආප්ප කෑමෙන් පසුව බව ලොක්කා දන්නා හෙයිනි. හැබැයි බොසා ඔය කතාව නොකියන්නේ බඩේ බිත්තර හෙවත් බිජු තියාගෙන නිසා විය හැකිය.

එළියට නොකීවත් අපේ ලොක්කාට අපේ රටට ඩොලර් ගෙන්නා ගැනීමේ ක්‍රමවේදයේ පොඩි හුටප්පරයක් ඇතිවී තිබෙන බව නම් පැහැදිලිය. ජනාධිපතිකමේ වැඩ ඇල්ලීමට සූජානම් වෙද්දී ඩොලර් මිලියන හාරසියයක් ලැබෙන බව කීවත් තවමත් ලැබුණේ නැතත් හෙට අනිද්දා ලැබෙතැයි යන්න නං ෂුවර් ඇන්ඩ් ෂොට්ය. දැන් අපට තෙල් ටික ගෑස් ටික ලැබෙන්නේ අප ජාත්‍යන්තරයට ගෙවනු ලැබිය යුතු ඩොලර් බිලියන අනූවක් නොගෙවා සිටින නිසාමය.
ඒ ටික ගෙව්වොත් අපට ඉතිං හුප්පේය. දැන් ලොක්කා ආප්ප විකුණන්ඩ යන්නේ ණය ගෙවන්නට ඩොලර් හොයාගන්නට විය හැකිය. ඉස්සර ඔය වාගෙ අවස්ථාවලදී කවි කියූ කිවිඳියක් උන්නාය. ඇය රංචාගොඩ පැංචාය. ඇය කී එක් කවියක් මෙසේය.

‘අනේ සුසානෝ මම කොළඹ යනකොට,
බල්ලොත් නොකන වැල වරකා ගල්කිස්සේ,
කොළොං තොටට මං දීලා ඉලව්වේ,
හැමදෙයියනේ මගෙ වාහේ රකෝ රකෝ’

ආයෝජකයන් අර රටින් මේ රටින් එනවා කීවද මෙතෙක් නොඑන්නට හේතුව ප්ලේන්වලට ගහන්නට ඉන්ධන නැතිකම බව අපේ තානාපතිවරු කියති. රොයිටර් වාර්තා කරන්නේ සුද්දෝ ප්ලේන් පිට්ටනියේ තබාගත් බෑග් මලු උඩ ඉඳගෙන බලා සිටින බවලු. ඒ අයට ඇවිත් කර්මාන්ත ආරම්භ කිරීමට අවස්ථාව සැලසීමේ අරමුණින් දැන් මෙහි සිටින උන් යන්නම යනවාලු.

එතකුදු වුවත් මෙතුමා රටේ (මහජනයාගේ) කීර්තිය සුරක්‍ෂා කරදීමට ගන්නා තැතට අප දෙකොනෙන්ම සතුට ප්‍රකාශ කළ යුතුය.

එතුමා ප්‍රථම වතාවට සතුරන් පොලු ගසන්නට දෙකේ දෙකේ පොලු පිරවූ නැවක් රතු මුහුදට යැව්වේය. රටේ සියයට හැත්තෑවක් වූ දරුවන් මන්ද පෝෂණයෙන් පෙළුණත් ඊශ්‍රායලයේ දරුවන්ට කෑම යැව්වේය. මැතිවරණ උන්නැහේගේ රාජකාරිය භාරගෙන කටයුතු කරන සේ පෙනෙන මයිනලා, කාක්කලා මැතිවරණය තියන්නේ කවදා දැයි ගනං හදමින් සිටින එක ගැන ලොක්කාට අවබෝධයක් නැතුවා වාගේද පෙනේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සේනක බටගොඩට ගීත 7ක් ගායනා කිරීම අත්හිටුවයි! Sri Lanka Latest News

Next Post

මෙන්න භයානක ඔත්තුවක්! මහා විනාශයකින් පුළුවන් නම් රට බේරගන්න! නැගෙනහිර ඉන්න කරුණා-පිල්ලෙයාන්ලගේ සංවිධානය අතේ අවිආයුධ තියෙනවලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.