• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න භයානක ඔත්තුවක්! මහා විනාශයකින් පුළුවන් නම් රට බේරගන්න! නැගෙනහිර ඉන්න කරුණා-පිල්ලෙයාන්ලගේ සංවිධානය අතේ අවිආයුධ තියෙනවලු! VIDEO I Sri Lanka Latest News

April 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක පිල්ලෙයාන්ගේ කණ්ඩායම් සතුව නීති විරෝධී ආයුධ තොග පවතින බවත් එම ආයුධ තොග සොයා දීමට තමාට හැකි බවත් ඊරොස් (ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංගමය) සංවිධානයේ නායක ආර්. ප්‍රභා පැවසීය.Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක බව කියන අල්ෆතා, අබුජියාද් හා ජීයාද් යන කණ්ඩායම් සතුව පවතින නීති විරෝධී ආයුධ තොග ද තමන්ට සොයා දිය හැකි බව ඔහු සඳහන් කළේ ය.

ඊරොස් නායකයා පැවසුවේ, තම කණ්ඩායමට රජයෙන් පිස්තෝල 10ක් සපයන්නේ නම් එම ආයුධ සොයා දිය හැකි බව ය. මඩකළපුවේදී පෙරේදා (මාර්තු 31) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම ඉල්ලීම සිදු කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේ ද කීය.

“නැගෙනහිර පළාතේ නීති විරෝධී ආයුධ තිබෙනවා. මේ ආයුධ සියල්ල සොයා දෙන්න අවශ්‍ය නම් ඊරොස් සංවිධානය වන අපේ සංවිධානයේ සාමාජිකයන් 10 දෙනෙකුට පිස්තෝල 10ක් සපයා දෙන්න. එවිට මම මේ ආයුධ සියල්ල සොයා දෙනවා. අල්ෆතා, අබු ජියාද්, ජීයාද් හා පිල්ලෙයාන් කණ්ඩායම යන මේ සියලු කණ්ඩායම් සඟවාගෙන සිටින ආයුධ මට හොයලා දෙන්න පුළුවන්.

පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් දැන් පොතක් ලියා තිබෙනවා. ඔහු එම පොත ලියා ඇත්තේ ඔහුගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන ඥානම් නමැත්තා ලවා විය හැකියි. පිල්ලෙයාන් ගැන තොරතුරු රැසක් දැන් හෙළි වෙමින් තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයටත් පිල්ලෙයාන්ටත් සම්බන්ධයක් තිබෙන මම දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. පිල්ලෙයාන් මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන මඩකළපුව බන්ධනාගාරයේ සිරගත කර සිටියා. ඒ බන්ධනාගාරයේදී රැවුල වවාගත් දෙදෙනෙකු එනම් සහරාන්ගේ ඥාතීන් යැයි කියන දෙදෙනෙකු ඇසුරු කළා යැයි පිල්ලෙයාන් ම ප්‍රකාශ කළා. එම පුද්ගලයන් දෙදෙනාට අයි.එස්.අයි.එස්. සංවිධානය සමග සම්බන්ධයක් තිබෙනවා විය හැකි යැයි ඔහු සැක කළ බවත් පවසා තිබුණා. එහෙනම් මෙතෙක් කාලයක් පිල්ලෙයාන් කෝමාවෙන් නිදාගෙන සිටියා ද? අද නැගෙනහිර පළාතේ ජනතාව කන්න නැතිව අව්වේ නියඟයෙන් දුක් විඳිනවා. නමුත් පාලකයො සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. මේ හැමෝටම ඉදිරියේදී පාඩම් තිබෙනවා ජනතාවගෙන් ඉගෙන ගන්න.

රනිල් වික්‍රමසිංහ අද මේ රටට ලැබිලා තිබෙන වරප්‍රසාදයක්. ඔහු තවත් වසර පහක කාලයක් මේ රටේ ජනාධිපති ධුරය හොබවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මේ රට සංවර්ධනය කරන්න පුළුවන් ඔහුට පමණයි. ඔහුට මේ රටේ ජාතිවාදය තුරන් කරන්න පුළුවන්. ජාත්‍යන්තර සබඳතා මත මේ රට ගොඩනගන්න පුළුවන් හැකියාවක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විතරයි.

යුද්ධයෙන් පීඩාවට පත් පළාතක් වන නැගෙනහිර පළාතට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ ආණ්ඩුකාරවරයෙක් වශයෙන් සෙන්දිල් තොණ්ඩමන් පත් කර තිබෙනවා. ඉන්දියාවට නෑදෑකම් ඇති ඔහු වැනි අයෙක් අපේ පළාතට පත් කිරීම ගැන අපි සතුටු වුණා. එහෙත් කොහෙ ද මේ පළාත දියුණු වුණේ. වත්මන් ආණ්ඩුකාරවරයා කරන වැඩ ඔබලා දන්නවා ද? 1940 කඳුකරයේ ලංකා කම්කරු කොංග්‍රසය වෘත්තීය සමිතිය පිහිටුවනු ලැබුවා. කඳුකරයේ සීතලේ, වැස්සේ කූඩැල්ලන්ගෙන් පීඩා විඳිමින් වතුකරයේ වැඩ කරන ජනතාව මේ වෘත්තීය සමිතියට මාසයෙන් මාසයට අරමුදල් ලබා දුන්නා.

අදටත් මේ වෘත්තීය සමිතියට අරමුදල් මේ විධියට සැපයෙනවා. එහෙනම් හිතන්න අද මේ වෘත්තීය සමිතියේ ගිණුම්වල කොපමණ විශාල මුදලක් තිබෙනවා ඇද්ද? කෝටි දහස් ගණනක් මුදල් එම ගිණුම්වල ඇති. එවැනි මුදල් ගිණුම් සමග ගනුදෙනු කළ සෙන්දිල් තොණ්ඩමන් වැන්නකු මේ පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් කර තිබෙනවා… යනුවෙන් මව්බිම පුවත්පත වාර්තා කොට ඇත.

SendShareShare
Previous Post

බිබික්කං විකුණන අපෙ වාහේ හැම දෙවියනේ රකෝ රකෝ! Sri Lanka Latest News

Next Post

සතොසෙන් බඩු අරන් තියෙනවද? නෑ..! සෝ සෑඩ්…! සතොසෙන් බඩු ගත්තා නම් ආස හිතෙයි! අඩුවට ගන්න පුලුවන් නිසා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.