රට කැළඹූ ප්‍රධාන පෙළේ අපරාධ 5ක පරීක්ෂණ කටයුතු අවසන් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් ප්‍රකාශ කිරීමට නොහැකි තරමට සංකීර්ණ වී ඇති බව දැනගන්නට ඇත.
ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන්, මුතූර් සහන සේවකයන් 17 දෙනකු සහ කොළඹදී දමිල සිසුන් 11ක් ඝාතනය කිරීම සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම මෙම අපරාධ බව වාර්තා වේ.
මේවාට අදාළ යම් යම් සාක්ෂි මතුව ඇතත් ඉතිරි වැදගත් සාක්ෂි මතුකර ගැනීම ඉතා අසීරු වී ඇති බව පැවසේ.
කෙසේවෙතත් කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමට අදාළ විමර්ශනය තවත් මාස 2කින් අවසන් කිරීමට හැකි බව දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.